IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


මුදල් මංකොල්ල කා පුද්ගලයකු ඝාතනය කරයි

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

 නුවරඑළිය ප්‍රදේශයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන ආ අයෙකුගේ මුදල් මංකොල්ල කා ඝාතනය කිරීමේ සිද්ධියක්  සම්බන්ධයෙන් දඹුල්ල මූලස්ථාන පොලිසිය අද (21) දින අලුයම සිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස පිහිටි තාප්පයක් ආසන්නයේ තුවාල සහිත පුද්ගලයෙකුගේ මළ සිරුරක් පවතින බවට පොලීසියට ලද තොරතුරක් අනුව පරීක්ෂණ ආරම්භ කර ඇත.  

පසුව දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.පී එදිරිසිංහ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් අලුයම කාලයේ සිටම මෙම ඝාතනය වූ පුද්ගලයා සහ සිද්ධිය පිළිබඳව දැඩි විමර්ශනයක් ආරම්භක කළහ.

වෙළඳසැල්වල පිහිටි ආරක්ෂිත කැමරා පද්ධති පිළිබඳව සොයා බැලීමේදී කැමරා පද්ධති කිහිපයකම මියගොස් සිටින පුද්ගලයා ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සැල් කීපයකට ඇවිදිමින් වෙළඳසැලක්  සොයා යන ආකාරය දර්ශනය වූ බවත් ඒ සමගම ඔහු පිටුපස තවත් තරුණයන් දෙදෙනකු ඉතා සූක්ෂම ලෙස ඔහුට නොදැනෙන්න ලුහුබඳින බවද ආරක්ෂිත කැමරා වලින් සොයාගැනීමට හැකිවූ බව දඹුල්ල පොලීසිය කියයි.

පසුව තවත් පුද්ගලක්   එක වැරම මියගොස් සිටින පුද්ගලයාගේ මුදල් පසුම්බියක් හෝ එවැනි දෙයක් රැගෙන දිව යන දර්ශනයක් එම තරුණයන් පිටුපස මිය ගිය පුද්ගලයාද දිවයන දර්ශන පොලීසිය සොයාගෙන තිබේ.

ඒ අනුව දිගින් දිගටම සිදුකරන ලද පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ මෙසේ මියගොස් තිබෙන පුද්ගලයා පතන රාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඩී. එම්. උක්කුබණ්ඩා රත්නායක නැමැත්තකු බවත් ඔහු අලුයම 1.00 ට පමණ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ ලොරි රථයකින් කැරට් රැගෙනවිත් තිබෙන බව පොලිසිය කියයි. ආර්ථික මධ්‍යස්ථානය පිටතදී කැරට් පැටවූ ලොරි රථ නවතා ඔහු  එළවළු ලබාදෙන වෙළඳසැල සොයා ආර්ථික මධ්‍යස්ථානය තුළට පැමිණෙන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

ලොරි රථය සොයා ගැනීමෙන් පසුව එහි පැමිණි රිය සහායකයා ගෙන් පොලීසිය කරුණු විමසීමේ දී හෙළි වී ඇත්තේ වෙන දිනවලත් ප්‍රධාන මාර්ගයේ වාහනය නවතා වෙළඳසැලට  ගොස් නිදා ගන්නා බවත් අළුයම ආර්ථික මධ්‍යස්ථානයේ ගේට්ටු විවෘත කිරීමෙන් පසුව එලවළු ලොරිය ඇතුළු කරන බවත්ය. එහෙත් උදේ තම රියදුරු මහතා නොපැමිණි නිසා වෙනත් අයෙකුගේ සහාය ඇතිව කැරට් සහිත ලොරිය වෙළඳසැලට දැමූ බව ඔහු පොලිසියට ප්‍රකාශ කොට තිබේ.



අදහස් (8)

මුදල් මංකොල්ල කා පුද්ගලයකු ඝාතනය කරයි

Amara Saturday, 21 September 2019 06:37 AM

දඹුල්ල දාමරිකයන්ගේ රජ දහනක් වන්නේ කාගේ දුර්වලතාවකින්ද?

:       0       100

pura wasiya Saturday, 21 September 2019 07:05 AM

225 පමණක් නොවයි මොවුන්ගෙනුත් රට ගලවා ගන්න ඕනෑ.

:       0       120

abaran Saturday, 21 September 2019 09:45 AM

අහිංසක ගොවියෙක්.. මොහුගේ දරු පවුලට යන කල කිමදෝ.. ඉන්ට හිතෙන රටක්..!!!

:       0       208

nanada Saturday, 21 September 2019 11:55 AM

අද රටේ සිදුවන අපරාධ වැළැක්වීමට පොලිසිය හෝ රටේ අනිකුත් ආරක්ෂක අංශ අසමත් බව ඕනෑම කෙනෙකුට පැහැදිලි වන දෙයක්. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වැනි නිතර මිනිසුන් විශාල ප්‍රමාණයක් ගැවසෙන ස්ථාන වල ආරක්ෂාව සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යෙදවිය යුතුයි. පොලිසියේ ඒ සඳහා නිලධාරීන් නොමැති නම්, ඒ සඳහා අනිකුත් ආරක්ෂක අංශ වලින් නිලධාරීන් අනුයුක්ත කළ යුතුයි.

:       0       177

Chanak los angelesSaturday, 21 September 2019 09:56 PM

ඒ වුනාට මේ ළඟදී පොලිසියේ බර ගානකට උසස්වීම් දීලා තිබෙන්නේ එහෙනම් මොනවා කරනවටද? මම හිතන්නේ සූදු පොළවල් වලට පැනලා එතන තිබෙන සල්ලි වලට මාටියා ගහන එකට වෙන්න ඇති?

:       0       30

Chanak los angelesSaturday, 21 September 2019 09:56 PM

ඒ වුනාට මේ ළඟදී පොලිසියේ බරගානකට උසස්වීම් දීල තිබෙන්නේ එහෙනම් මොනවා කරනවටද ? මම හිතන්නේ සූදු පොළවල් වලට පැනලා එතන තිබෙන සල්ලි වලට මාටියා ගහන එකට වෙන්න ඇති ?

:       0       2

පිටිගල මිලානෝ Saturday, 21 September 2019 09:54 PM

ජාතික ආරක්ෂාව තියා රටේ සාමාන්‍ය ආරක්ෂාවවත් නැතිව ගිය රටක් මේක. වරෙල්ලකෝ ඡන්දේ ඉල්ලගෙන ආයෙත්...

:       0       0

Chanak los angeles Saturday, 21 September 2019 10:05 PM

දේශපාලකයෝ නම් කියනවා පිටරට සිටින විදේශිකයන්ට නැවත ලංකාවට එන්නලු රටට සේවය කරන්නලු . මේ වෙන ඒවා දුටුවාම එම රටවල තිබෙන සුරක්ෂිතභාවය පසෙක ලා දුවගෙනම ඒවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 1240 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 470 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 912 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 874 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 341 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 521 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site