IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මීගහජදුරේ හමුදා ට්‍රක් රථයක් පෙරළී සෙබළු 11 ක් රෝහලේ

(දිලීප් ජයසේකර)

අනුරාධපුර ගල්කුළම යුද හමුදා කඳවුරට අයත් හමුදා ට්‍රක් රථයක් සූරියවැව මීගහජදුර ගොවිජන සේවා මධ්‍යස්ථානය අසළදී අද (24) මාර්ගය හරහා පෙරළී යාමෙන් සෙබළුන් 11 දෙනෙකු තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇතැයි සූරියවැව පොලීසිය පවසයි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ රියදුරු පුහුණුවේ යෙදුණු යුද හමුදා ට්‍රක් රථයකි. ට්‍රක් රථය අනතුරට පත්වන අවස්ථාවේ රියදුරු උපදේශකවරුන් ලෙස කටයුතු කළ නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු හමුදා නිලධාරීන් 13 දෙනෙකු ගමන් කර තිබේ. 

ට්‍රක් රථය සූරියවැව ගොන්නෝරුව මාර්ගයේ ගමන් කරමින් තිබියදී එකවරම මාර්ගයේ ලිස්සා ගොස් පෙරළී අනතුරට පත්ව තිබේ.

අනතුරින් තුවාල ලැබු සෙබළුන් 11 දෙනෙකු ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් තිදෙනෙකුගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 



අදහස් (6)

මීගහජදුරේ හමුදා ට්‍රක් රථයක් පෙරළී සෙබළු 11 ක් රෝහලේ

චුටි පුතා Wednesday, 24 July 2019 08:33 AM

මෑතකාලිනව යුධ හමුදා වාහන රිය අනතුරු වල වර්ධනයක් පෙන්නනවා. මම හිතන්නේ ඒ රියදුරන් තමුන් හමුදාවේ නිසා අපරික්ෂා කාරීව රිය පැදීම වැඩි කියල. එකෙන් අනතුරේ වැටෙන්නේ ඔහු විතරක් නෙමෙයි ඔහු සමග යන අනිත් සහෝදර සෙබළුනුත්

:       1       9

සුමේධWednesday, 24 July 2019 10:17 AM

ඔබ වැරදි අපරික්‍ෂාකාරීව රිය පැදවීමේන් විතරකින් පමණක් රිය අනතුරු සිදුවන්නේ නැහැ. ඔබ කල්පනා කරන්න පැය 08ක් නොවේ පැය 24ක රාජකාරියක් ඉටුකරන්නේ කියලා.

:       0       0

චුටි පුතා Wednesday, 24 July 2019 11:20 AM

පුහුණුව ලබා දෙන අතරතුර බව දැක්කා. එකත් කොතරම් අවදානම් දෙයක්ද.. පුහුණු වෙන රියදුරෙකුට සෙබළුන් 11 දෙනෙකුගේ ජීවිත වල අවදානම බර දීම.. සාමාන්‍යයෙන් විය යුත්තේ පුහුණු වීමක් නම් අනික් සෙබළුන්ට ගමන් කිරීමට වෙනම වහනයක් ලබා දීම. පුහුණුව සිදු කරන සහ පරික්ෂා කරන නිලධාරිය පමණක් ඒ වාහනයේ ගමන් කල යුත්තේ..

:       0       0

සුමේධWednesday, 24 July 2019 10:18 AM

අනික මෙම රිය අනතුර සිදුවී ඇත්තෙත් පුහුණු වීමකින් බව අප දැනගත යුතුයි.

:       0       0

de silva Wednesday, 24 July 2019 08:39 AM

යුධයක් නැති වුනත් හැම සතියකම හමුදා වහනයක් ලොකු අනතුරකට ලක්වෙනවා , මාසෙකට අඩුම තරමෙන් 10 වත් මැරෙනවා , කොටි ගණනක පොදු දේපල විනාශ වනවා , මේක කවදද නවතින්නේ ?

:       0       8

ප්‍රියදර්ශන -කටාර් Wednesday, 24 July 2019 12:13 PM

අපි හමුදාවට ගොඩක් ආදරෙයි. හදවතින්ම ගරු කරනවා. නමුත් හමුදා රියදුරන් ඉතා වේගයෙන්, අවනීතිව වාහන පදවනවා. එ්කයි මේ අනතුරුවලට මුල. රිය පුහුණුවකදී මේ වගේ පෙරලෙන්නේ නැත. අධික වේගය තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 378 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 376 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 118 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1274 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 334 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 384 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1703 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site