IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මිහින්තලේ ප්‍රා. සබේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

(දයාරත්න ඇඹෝගම)
 
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කරමින් බැණ වැදී තර්ජනය කළ බව කියන මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු අද(18)දින අත්අඩංගුවට ගත් බව මිහින්තලය පොලිසිය කියයි.
 
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ ඉන්දික රුක්ෂාන් රාජපක්ෂ නැමති එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයාය.
 
පසුගිය 15දා මිහින්තලේ පුද බිමේ රාජකාරියේ නිරතව සිටි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කරමින් ඔහුට බැණවැදී තර්ජනය කළේ යැයි මන්ත්‍රීවරයා චෝදනා ලැබ සිටී.
 
මිහින්තලය පුද බිමට පිවිසෙන පිවිසුම් පඩිපෙළ ආසන්නයේ පවත්වා ගෙනගිය තාවකාලික වෙළඳකුටි ඉටි රෙදිවලින් ආවරණය නොකරන ලෙසට පුරාවිද්‍යා නිලධාරිවරයා වෙළඳුන්ට උපදෙස් දුන් අවස්ථාවක සැකකාර මන්ත්‍රීවරයා එම ස්ථානයට පැමිණ නිලධාරිවරයාට බැණවැදී තර්ජනය තර්ජනය කර ඇත.
 
එම නිලධාරියා පොලිසියට කළ පැමිණිල්ල අනුව මන්ත්‍රීවරයාව අත් අඩංගුවට ගෙන තිබේ.
 
සැකකාර මන්ත්‍රිවරයා අද(18) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය  පරීක්ෂණ පවත්වයි.



අදහස් (2)

මිහින්තලේ ප්‍රා. සබේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

Raveendra Tuesday, 18 June 2019 11:32 AM

උපරිමයෙන් දඩුවම් ලැබේවා යන්න අපගේ එකම ප්‍රාර්ථනය.

:       0       1

MaheeWednesday, 19 June 2019 06:10 AM

රවී මහතාණෙනි, ඔව් අපි එහෙම පතමු. හැබැයි, ඔබ තුමා එහෙම පැතුවේ අර පුරා විද්‍යා නිලධාරියාට උපරිම දඬුවමක් ලැබෙන්න කියල නෙමෙයි නේද? අන්න එහෙම පැතුවා නම් වැඩේ හරි යයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 129 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 685 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 418 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1212 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 67 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2422 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 229 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site