සිතුම් චතුරංග
මිනිස් අස්ථි කොටස් හමුවූ මන්නාරම සතොස ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ වැඩිදුරටත් සිදුකළ කැණීම් වලදී මිනිස් හිස්කබල් 38 කට අයත් අස්ථි කොටස් විශාල ප්‍රමාණයක් සොයාගත් බව කැණීම් සිදුකරන නිලධාරීහු පවසති.
මන්නාරම මහෙස්ත්‍රාත් එම්.ප්රභාකරන් මහතාගේ අධීක්ෂණය යටතේ 32 වැනි දිනයටත් අද (12) සතොස ගොඩනැගිල්ල පිහිටි ස්ථානය කැණීම් සිදුකරනු ලැබීය.
පසුගිය මාර්තු 25 වැනි දා කොන්ත්‍රාත්කරුවන් පිරිසක් මන්නාරම නගරයේ පැරණි සතොස ගොඩනැගිල්ල කඩා දමා එහි නව ගොඩනැගිල්ලට අත්තිවාරම් කපමින් සිටියදී පස් සමඟ මිනිස් අස්ථි කොටස් මතුවී තිබූ බව පොලිසිය කියයි.
අත්තිවාරම කපන විට එහි තිබූ පස් ඉවත් කිරීම සඳහා මන්නාරම එමිල්නගර් හි පදිංචිවැසියකු තම නිවස වෙත ටිපර් රථ යොදාගෙන ගෙන පස් රැගෙන ගොස් තිබු අතර එහි තිබූ අස්ථි කොටස් දැක මන්නාරම පොලිසිය වෙත කළ දැනුම් දීමක් අනුව පරීක්ෂණ ආරම්භ කෙරිණි.
ඒ අනුව හමුවූ අස්ථි සම්බන්ධයෙන් පසුගිය මැයි 28 දා සිට හිටපු මන්නාරම මහෙස්ත්‍රාත් ඒ.ඩී ඇලෙක්ස් රාජා මහතාගේ අධීක්ෂණ යටතේ මන්නාරම අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමක් හා පුරාවිද්‍යා නිලධාරීන් , පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් ද එක්ව කැණීම් සිදුකරනු ලැබීය.
හමුවූ අස්ථි කොටස් අධිකරණ නියෝග මත මන්නාරම රෝහලේ විශේෂ ඒකකයක තැන්පත් කර ඇති අතර මිනිස් අස්ථි කොටස් හමුවූ ස්ථානයේ ආරක්ෂාව ද මේ වන විට තරකර ඇති බව මන්නාරම පොලිසිය පවසයි.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මිනිස් හිස්කබල් 38 ක අස්ථි කොටස් හමුවෙයි
කුමාර් (ගල්ෆ්) Thursday, 12 July 2018 11:12 AM
මේ අර ආණ්ඩුවේ කීමට කොටින්ට යටත්වෙලා අමානුෂික ලෙස වද හිංසාදීලා මරපු අපේ පොලිස් නිලධාරීන්ගේ මළසිරුරුද දන්නේ නෑ.
Tharushi Thursday, 26 July 2018 06:10 AM
හිතන්න යමක් පමණි, විවාදයකට පල නොකරෙමි . ලෝක දහමට අනුව ඔබ සහ මම මේ වෙලාවේ පය ගහන ඉන්න තැනත් සංසාරේ අපිව කී පාරක් ඔය විදිහට නම් වල දමා ඇතිද !!!!