IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මාස අටකට පෙර අතුරදන්වූ දැරිය සොයා ගනී

ක්‍රිෂාන් ජීවක ජයරුක් 
 
මීට මාස අටකට ඉහත දී අතුරුදන් වු බව කියන ගාල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ 16 හැවිරිදි දියණිය හෝමාගම කුඩා නිවසක බලහත්කාරයෙන් සිර කර තබා ගෙන සිටිය දී සොයා ගත් බව මාතර පොලිසිය කියයි.
 
ඊට සම්බන්ධ සැකකරුද සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට  ගෙන ඇත.
 
එම ස්ථානයෙන් පැන ගියහොත් අදාල දැරියගේ මව හා පියා මරා දමන බවට තර්ජනය කරමින් ඇය රදවා තබා ගෙන සිට ඇති බව මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
 
මෙම අපරාධය සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගත් සැකකරු දැරියගේ පියා යටතේ සේවය කළ ඔහුගේ රියදුරකු බව පොලීසිය කියයි. ඔහු රැකියාව කිරිමේදී අවනත නොවීම මත සේවයෙන් ඉවත් කර තිබෙන බව කියති.



අදහස් (29)

මාස අටකට පෙර අතුරදන්වූ දැරිය සොයා ගනී

පිටිගල මිලානෝ Thursday, 07 December 2017 12:10 PM

අමනුස්සයෝ ඉන්නේ පොරකාගෙන බණ කියන සහ අසන ලංකාවේය. මනුෂ්‍යයෝ සහ දෙවිවරු ඉන්නේ බණ නැති යුරෝපයේ දියුණු රටවල් කිහිපයේය.

:       28288       70887

PerakumThursday, 07 December 2017 01:37 PM

පෞද්ගලිකව නොහඳුනන නමුත්... ඔබේ අදහස් අගයමි.

:       5347       10670

sarathThursday, 07 December 2017 03:26 PM

මහත්තයෝ, අපිත් යුරෝපයේ පුවත් කියවනවා. එවා වල මෙයිට වඩා භයානක දේවල් අපි දකිනවා. බොරුවට තප්පුලන්න එපා. අමනුස්සයෝ කොහෙත් ඉන්නවා. මෙහෙන් කාලා, මෙහෙන් ඉගෙනගෙන ඉතාලියට ගිහින් එහෙට ආවඩනවා.

:       2480       6440

sahanFriday, 08 December 2017 01:28 AM

සරතුත් සිංහල ,බෞද්ධ කියන ලේබලේට හැංගිලා හොර වැඩ කරන පොරක් වගේ ,

:       66       2298

dakune api Thursday, 07 December 2017 08:59 PM

අපේ විනය නැති වුණේ පෘතුගීසි ආක්‍රමණයෙන් පසුවය. රජ සමයේ සිටියා නම් පිටිගල සහ මිලානෝ නැහැ. රට, ජාතිය, අගම පාවා නුදුන් සිහලුනි, නුඹලාට අවමන් කරන අය මුතුන් මිත්තන්ගේ නාමයෙන් හෙළා දකිව්...

:       19       101

appuva Thursday, 07 December 2017 09:18 PM

හත් වලාමේ.. වැරදිච්ච හැටි..!!! ඕක වුනේ අපේ ගමේ... ඔය කියන පවුල් දෙකම ආගමේ නොවැ. මෙතන චින්තනය තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ...

:       0       2

සජින් - මොදේනා - ඉතාලියFriday, 08 December 2017 02:28 AM

වෙන රටවල් ඕනේ නෑ. ඉතාලියෙන්ම පටන්ගමු. සංවිධානාත්මක අපරාධ අතරින් ලොව අංක එකේ රටක් ඉතාලිය. පල්මෙරෝ, මර්සාලා, කටානියා, මෙසීනා, ට්‍රොපීයා නගර කේන්ද්‍ර කර ගනිමින් සමස්ථ දකුණුදිග ඉතාලිය පුරා ක්‍රියාත්මක අති ප්‍රභල මා‍ෆියා කල්ලි එම පළාත්වල ව්‍යාපාර සහ සාමාන්‍ය ජනතාවට ජීවත් වී සිටීමට නම් කප්පම් ගෙවිය යුතුය (එය පික්ෂො ලෙස හඳුන්වයි). මේ කල්ලි කරන මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ, මත්ද්‍රව්‍ය ජාවාරම් ඒකේ මිනිස්සුන්ට සාමාන්‍ය දෙයක් වෙලා. එහෙව් අමනයො ඉන්න රටක අමනයන්ට දෙවියෝ කියනවනම් ඉතින් අපිට කියන්න තියෙන්නේ පව් කියල තමා.

:       0       135

ජයන්ත මිලානෝ Thursday, 07 December 2017 01:12 PM

පිටිගල මහත්මා ඔබ හරි, ඒ ජෙසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවෙන් හා ප්‍රේමයෙන් පිරි ජනතාවක් සිටින නිසා...

:       14279       1150

පිටිගල මිලානෝ Thursday, 07 December 2017 03:09 PM

ජයන්ත, ඔබ ඔය කියන ලංකාවේ ඉන්න කොටසත් ඔච්චරම තමයි. බුදුන්ටත් ජෙසුතුමාටත් ගරහන කොටස ඉන්නේ ලංකාවේ. දේශපාලනය කරන, ඩීල් දාන, මව් ඇතින්න මරා පැටියා හොරකම් කරනවා. ත්‍රස්තයන්ට උදව්දුන්නා ඇතැම් ලෝගු පොරවාගත්තු අයත්.

:       1048       710

janatha anuraThursday, 07 December 2017 09:11 PM

කවුද මේ කළු සුද්දා....? දෙදහස් පන්සිය වසරක ශිෂ්ඨාචාරයට නිගරු නොකරනු... නුඹත් 1815 ට පෙර නුඹලාගේ මුතුන් මිත්තන් වගේම, සත්‍ය කිරි දරුවන් පස් දෙනෙකු මරා දැම්මට... මව්වරු පසුව තම දරුවන් බේරා ගැනීමට අාගම වෙනස් කල එක පාපයක් නොවේ. අප එම අම්මලට අදත් ගරු කරනවා. නැති නම් සිහලුන් මේ පොළවේ නැහැ. ඉතිහාසය නොදැන අදහස් පල කිරීමෙන් තමන් අවමානයට ලක්වෙනවා. වේලු නමැති සෙනෙවියා නුඹලාගේ උරුමය කිරි දරුවන් සමග විනාශ කළේය.

:       0       0

ජයරත්න Thursday, 07 December 2017 03:20 PM

බටහිර අපරාධ වෙන්නේ නැහැ කියලද ඔයා කියන්නේ? පල්ලියේ අපචාර ගැන මොනතරම් ප්‍රශ්න තියෙනවද? මේ රියදුරා ක්‍රිස්තියානි නෙමෙයි කියලා ඔබ දන්නවද? මම නම් කිසිම ආගමක් අදහන කෙනෙක් නෙමෙයි. ඒත් ඔබ ඉන්නේ මවා දීපු හීන ලෝකෙක නේ....

:       295       5873

Ahmed FarhanThursday, 07 December 2017 04:45 PM

ඒකද ඉරාකයේ මුස්ලිම් මිනිස්සු ලක්ෂ 10ක් මැරුවේ? සිරියාව පොලවට සමතලා කරේ? ඇෆ්ගනිස්ථානයේ කී දාහක් මැරුවද? නිකන් ගොන් කතා කියන්න එපා.

:       0       1

KanakanarayanamThursday, 07 December 2017 04:55 PM

උතුරේ ප්‍රභාකරන්, ඇන්ටන් බාලසිංහම්, චාල්ස් ඇන්තනී, පොට්‍ටු අම්මාන්, නඩේසන් සහ වර්තමානයේ රට බෙදන්න වලි කන ටී එන් ඒ පිටිපස්සේ ඉන්නේ උතුරේ බිෂොප්ලා. දන්නේ නැද්ද ඒක?

:       0       7

janatha anura Thursday, 07 December 2017 09:16 PM

අනේ, ඉතිහාසය පොත අල්ලලාවත් නැති හැටි.. ඔය කියන කරුණාබර මිනිසුන් මේ පොලවේ දස දහස් ගාණනක් වයස 17ට වැඩි සියල්ලෝම ඝාතනය කල වෙල්ලස්සේ හිටපු මීමුත්තා, කිරිකිත්තා කෝ....

:       0       21

duminda Thursday, 07 December 2017 01:52 PM

ගම්වලට ගියාම තමයි පේන්නේ.... ඒ අය අමනුස්සයෝ කියලා.

:       2975       44

Bambarawana Thursday, 07 December 2017 01:52 PM

පිටිගල, වැද්දාගෙන් බණ අහලා ඉගෙනගෙන වගේ. ලංකාවේ හිටි මනුස්සයින්ට අමනුස්සකම් කරලා ඒවට හුරුකෙරුවේ ඔය දියුණුයි කියන රටවල ඉන්න අමනුස්සයෝ බව අපිටනම් පැහැදිලිව පෙනෙනවා.

:       2439       5451

wasantha Thursday, 07 December 2017 06:04 PM

පිටිගලගේ අදහස යම් තරමකට හරි. ලංකාවෙන් වැඩි දෙනෙක් අමානුෂ ගණයට අයිතියි.

:       16       1

සෙනෙවි Thursday, 07 December 2017 06:47 PM

අර මේ දවස්වල එක්තරා චැනලයක් හේමමාලා, දන්ත කුමාරයන්ගේ පැටිකිරිය හොයන්නේ මොකටද? ඒකට ප්‍රවෘත්තිවල ඉඩක්‍ දෙන්නේ ඒක ප්‍රවෘත්තියක්ද? අනෙක ඔක හොයලා මොකටද ? හොයන්නේ කොහොමද? ඩී එන් ඒ තාක්ෂණයෙන්ද? ඔය විදියට ගියොත් තවත් අය පැටිකිරි හදාගනීවි අපි අහවලාගේ පරපුරේ කියලා? හාැබැයි අර සිංහයාගෙන් පැවතෙන එකට නම් වදිනවා. මේකෙන් අනේ මේ චැනල් කාරයින්ගේ මොලේ කවද හරියාද?

:       0       0

kavantissa Thursday, 07 December 2017 07:13 PM

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කර, වෙනත් අපරාධවලට පනවා තියෙන දඬුවම් තදකර දැමුවොත් අපරාද කරන එක සෙල්ලමක් නොවන බව තේරුම් ගනීවි.

:       0       8

janatha anura Thursday, 07 December 2017 09:02 PM

වෙල්ලස්සේ දස දහස් ගණනක් දු දරුවන් පිරිමින් මරා දැමුවේ ඔබලාගේ ඔය කියන උසස් යුරෝපයේ මහත්වරුයි. ඔබලාගේ මව්බිම යටත් කර ඔබලාගේ උරුමය සහ ජීවිත කළු සුද්දන් බවට පත් කලේ ඔය කියන අංක එකේ අයට මුට්ටිය අල්ලා තම කුස පුරවා ගැනීමයි.

:       0       1

janatha anura Thursday, 07 December 2017 09:24 PM

තම අාගම, ජාතිය පවා දුන්න අය මනුස්සයෝ නොවෙති. අමනුස්සයෝම වෙති. නමුත් බහුතර බෞද්ධයෝ අනෙකුත් අයගේ විශ්වාසයන්ට ගරු කරයි. ඒ සත්‍යයට වඩා තම විශ්වාසය තහවුරු කිරීමට මනුෂ්‍ය වර්ගයා දැඩි නැඹුරුවක් ඇති බව උගන්වෙන නිසාවෙනි.

:       0       15

Nuwan Thursday, 07 December 2017 10:39 PM

පිටිගල ඇත්තටම ඉන්නේ මිලානෝද? ලඟපාත ඔස්ට්‍රියාවේ දැරියක් පහරගෙන ගොස් රඳවා තබා ගෙන ඇය සොයා ගත්තේ වසර 8 කට පස්සේ...

:       0       21

Sujee Friday, 08 December 2017 03:25 AM

අපේ රටේ මිනිස්සු තමයි බණ අහලත් හැදෙන්නේ නෑනේ..................

:       0       3

sanathFriday, 08 December 2017 05:41 AM

මේ මිනිස්සුන්ට කොච්චර බණ කිව්වත් ඒවා තේරෙන්නේ නැහැ.

:       0       12

emerson Friday, 08 December 2017 03:56 AM

ලෝකේ ඕනෑම තැනක හොද මිනිස්සුත් ඉන්නවා නරක මිනිස්සුත් ඉන්නවා .යුරෝපා රටවල වගේම ඇමෙරිකාවෙත් මිනිස්සුන්ව හොද කරලා තියෙන්නේ දැඩි නීති මගින්. අපේ රටේ මිනිස්සු හැසිරීම හදා ගත්තේ අපිට උරුම වෙලා තිබුන හොද සදාචාර පද්දතිය නිසා අපේ සදාචාර පද්දතිය අපිට උරුම උනේ බුද්ධාගමෙන් ලැබුන අබාශය නිසා .බුදුන් වහන්සේ වැඩ ඉන්න කාලෙම තමයි දේව දත්ත හිටියෙත් ජේසුස් වහ්සේගේ ගොලොයෝ අතරේම තමයි ජුදාස් හිටියෙත් තමන් ඉපදුනු රට අමතක වෙච්ච මිලනොලත් ලත් ඔය ඕන තරම් ඉන්නේ මේ කතා කරන මමත් උපතින් ක්‍ර්ස්තියනි මොකද යුරෝපෙන් අපු පරංගි අපේ මුතුන් මිත්තන්ගේ බෙලි කපල අපිව බලෙන් ක්‍රිස්තියානි කරපු නිසා

:       0       56

PA-RA Friday, 08 December 2017 05:57 AM

අපේ උන් අපිටම ගහගන්නවා......ඒකනේ ලංකාවට කවදාවත් ඔලුව උස්සන්න බැරි...කවදා හෝ ලංකාවට අවංක පරමාදර්ශී මිනිස්සු හමුවනතුරු ශ්‍රී ලංකාව බලා සිටී...

:       0       20

lokaya Friday, 08 December 2017 06:19 AM

මෙතන වෙනත් කෙස් එකක් තියනවා වගේ පෙනෙන්නේ..................

:       11       14

kamaniesa Friday, 08 December 2017 10:20 AM

ඉන්නේ මිලානෝද? නම මිලානෝද?

:       0       12

rocky Saturday, 09 December 2017 01:02 PM

මේ මිනිස්සුන්ට අම්මපා පිස්සුද? ඉතිහාසේ ගැන කියා කියා වන්සේ කබල් ගගා පුරාජේරු කෙලිනවා! මහා ලොක්කෝ කියලයි හිතාගන ඉන්නේ. ඒ වුණාට පරම්පරා ගාණකටවත් ගෙවන්න බැරි තරම් ලෝකෙට ණය වෙලා අපි විලි ලැජ්ජාවක් නැති හිඟන ජාතියක් බවට පත් වෙලා ඉන්න බව... මේ මෝඩ වාහෙලාට පේන්නේ නැද්ද?

:       0       12

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 45 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 131 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 649 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 61 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 229 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 215 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1707 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site