IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධියේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

(සමන් විජය බණ්ඩාර)
මාවනැල්ලේ බුදු පිළිම හතරකට වැඩි ප‍්‍රමාණයකට හානි සිදු කරන සිද්ධියේ නඩුව අද (13 ) මාවනැල්ල දිසා මහෙස්ත‍්‍රාත් අධිකරණයේදි විභාගයට ගත් අතර සැකකරුවන් ජුනි 27  දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත‍්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කළේය.
 
අද දිනයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප‍්‍රශ්න කරමින් සිටින සැකකරුවන් 15 දෙනෙකු මහෙස්ත‍්‍රාත් නිරික්ෂණය වෙනුවෙන් මාවනැල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර සිටි අතර ඔවුන් සියලූ දෙනා නැවත සැප්තැම්බර් 12 වැනිදා මහෙස්ත‍්‍රාත් නිරික්ෂණය වෙනුවෙන් යොමු කරන ලෙසද නියෝග නිකුත් කරනු ලැබිය.
 
මෙම නඩුව සඳහා මාවනැල්ල අධිකරණය වෙත සැකකරුවන් 13 ක් ඉදිරිපත් කර අතර පසුගිය ජුනි 03 වැනිදා නඩුව පැවැති අවස්ථාවේ තවත් සැකකරුවෙක් මාවනැල්ල පොලිසිය විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් කි‍්‍රයා සිටියේ මාවනැල්ල බුදු පිළිම කැඩිමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරුවන් වන මාවනැල්ලේ දනාගම පදිංචි එකම නිවසේ අයියා සහ මල්ලි වන මොහොමඞ් ඉබ‍්‍රාහිම් සාහිඞ් අබ්දුල් හක් සහ මොහොමඞ් සාදික් අබ්දුල්ලා යන සැකකරුවන් සමග මාවනැල්ල පෞද්ගලික බැංකුවකින් මුදල් ගණු දෙනු කිරිමේ වරද සම්බන්ධයෙන් එම සැකකරු ඉදිරිපත් කර බවයි.
 
ඔහු මුදල් ගණූ දෙනු කරන ලැබ පෞද්ගලික බැංකුව හරහා ලබා ගත් එම වාර්තාවන්ද අධිකරණ නියෝග මත මාවනැල්ල පොලිසියෙන් ලබා ගෙන මාවනැල්ල පොලිසියේ උප පොලිස් පරික්ෂක රණසිංහ මහතා විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදි. ඔහුද නැවත 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත විය.එම සැකකරු අලූත් නුවර, හිගුල ප‍්‍රදේශයේ පදිංචි අවිවාහක අවුරුදු 24 ක් වන හස්බුල්ලා ඛාන් හම්දි අහමඞ් නම් වෙති.
 
නඩුව පැවැති අද (13)  බන්ධනාගාරයේ සිට විශේෂ ආරක්ෂාවක් යටතේ සැකකරුවන් බන්ධනාගාර බස් රථයකින් මාවනැල්ල දිසා මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත රැගෙන පැමිණි අතර එම දිනයේ මහෙස්ත‍්‍රාත් අධිකරණයේ ආරක්ෂාව වෙනුවෙන් යුද හමුදාවද යොදවා තිබුණි.



අදහස් (6)

මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධියේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

sarath Thursday, 13 June 2019 07:37 AM

බුදුපිළිම කැඩූ අන්තවාදියෝ පළමුවෙන්ම අල්ලගත්තු මාවනැල්ලේ කොල්ලෝ දෙන්නා නිසා සෑහෙන විපතක් අඩු කරගන්න පුළුවන් වුනා .

:       0       56

kap Thursday, 13 June 2019 07:55 AM

උඹලට බුදු සිරස කඩන්න ලජ්ජා නැහැ . උබලගේ මුණ පෙන්නන්න ලජ්ජියි .

:       0       1527

janis Thursday, 13 June 2019 10:56 AM

බුදුපිළිම කඩපු මේ අයට හිරෙන් නිදහස් වෙලා එන්න දෙන්න එපා .

:       0       146

Anuradha. Thursday, 13 June 2019 11:09 AM

උඹලගේ අන්තිම මනුෂ්‍ය ආත්මය ඔය.

:       0       61

Nimal Thursday, 13 June 2019 12:23 PM

මේ නොමග ගිය තරුණයින් ගැන ඉතා කණගාටු වෙමු. මිනිස් ආත්මයක් ලැබෙන්නේ කලාතුරකින්. ඒ ආත්මය මෙලෙස විනාස කර ගැනීම ඉතාම අපරාධයකි.

:       1       124

rasika Thursday, 13 June 2019 05:31 PM

ඇෆ්ගනිස්තානේ බුදු පිළිම කඩපු තලේබාන්වරුන්ට මොකද වුනේ.. ඒකට උපදෙස් දුන්න ඔසාමා බින් ලාඩන්ට මොකද වුනේ.. මේ භවයෙදීම ඒවා පල දුන්නා.. මේවා පෙනී පෙනී මේවගේ අපරාද කරන අය ගැන කණගාටුයි. බුදුපිළිම කියන්නේ නිකන් පිළිම නොවෙයි. බුදු හාමුදුරුවන්ගේ අපමණ ගුණයන් හැකිතාක් අන්දමට පිලිඹිබු වෙන විදියට හදන්නේ. බුදු පිළිම දිහා බලලා බෞද්ධයන් ඒ බුදු ගුණ මෙනෙහි කරනවා, ඒ ගුණ වලින් ස්වල්පයක් හෝ අපේ ජීවිතයට ඇතුළු කරගන්න. ඒ නිසා බෞද්ධයන් බුදුපිළිම තුලින් බුදුන්ගේ ගුණ ධර්මය මෙනෙහි කිරීම කරන්නේ. ඒ වගේම මනුෂ්‍ය ලෝකෙට සමීප දෙවිවරුත් මේ දේම කරනවා.. ඒ නිසා ඔවුන් බෞද්ධයන් වගේම මේ බුදු පිළිම රැකගන්නවා. සුනාමි ව්‍යසනයේදී බුදුපිළිම ආරක්ෂා වීම අහබුවක් නොවේ. සමහර මනුෂ්‍යන් ආරක්ෂා උනා වගේම විනාශ උනා.. ඒ උනේ ඔවුන්ගේ කර්මයන් පලදීමක් වශයෙන්. දෙවිවරුන්ටවත් අපි කරන කර්මයන් වල පල විපාක නවත්වන්නැ බැහැ. අපි කරන දේවල්වල වගකීම අපිටම තමයි තියෙන්නේ. එහෙම නැතුව බිලිපූජා වලින් ඒවා සතුන්ටවත්, දෙවියන්ට කියල සමාව ගෙනාවත්, ගුරුවරුන්ට හෝ පූජකයන්ටවත් වලක්වන්න බැහැ. අපි කරන ක්‍රියාවේ හොද වගේම නරකත් අපිටම තමා ලැබෙන්නේ.

:       0       304

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 94 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 46 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 442 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 535 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1007 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 943 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site