IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මාලදිවයිනේ ජනාධිපති ඇතුළු කැබිනට් මණ්ඩලය ශ්‍රී ලංකාවේ සංචාරයක

(අංජුල මහීක වීරරත්න)
 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනාවකට අනුව මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා ඇතුළු මුළු කැබිනට් මණ්ඩලයම ශ්‍රී ලංකාවේ  සංචාරයක නිරත වෙති.
 
මාලදිවයින් ජනාධිපතිවරයෙක් සමස්ථ කැබිනට් මණ්ඩලය සමගම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නේ ප්‍රථම වතාවටය.
 
ඊට අමතරව ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ද ලබන සතියේදී ශ්‍රී ලංකාවේ නිලසංචාරයක නිරතවේ. ඒ සමගම ජපාන අග්‍රාමාත්‍ය ෂින්සියෝ අබේ මහතාගේ විශේෂ නියෝජිතයෙක්ද ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණේ.
 
මේ සියලුදෙනා මෙරට සංචාරය කරන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමකට අනුවය. රටේ ආරක්ෂාව තහවුරු වී ඇති බව අගමැතිවරයා පසුගියදා මෙරට සියලු තානාපතිවරුන් කැදවා ප්‍රකාශ කළේය.



අදහස් (15)

මාලදිවයිනේ ජනාධිපති ඇතුළු කැබිනට් මණ්ඩලය ශ්‍රී ලංකාවේ සංචාරයක

Nandalal DE SILVA - France Wednesday, 12 June 2019 10:41 AM

මාලදිවයින් කැබිනට් මණ්ඩලය ඇමතිවරු කීදෙනෙකුගෙන් සමන්විතද කියා කිවුවානම් හොඳයි නේද? එහි, අපේ සකල සිරින් පිරි සිරි ලංකාවේ ඇමති මණ්ඩලයට වැඩි ගණනක් ඉන්න පුළුවන් කියලා මගේ සීයා කියනවා, එරට දූපත් ගණන අපේ එක දුපතට වඩා වැඩි නිසා! ඔච්චර ඇමති මණ්ඩලයකට කෑම වේල් ගණනක් දෙන්න ගියොත් අපේ රට හාමතේ වැටෙනවා නියතයි....

:       2       29

wedage Wednesday, 12 June 2019 11:38 AM

පුදුම වැඩේ කියන්නේ මේ පිරිසට ආරාධනා කරලා එයා පිටරට යනවා

:       1       14

chandima Wednesday, 12 June 2019 12:20 PM

බලපුවම එහෙත් මෙහෙ වගේමයි. රොත්ත පිටින්ම යනවා.

:       0       16

Hafeel Wednesday, 12 June 2019 03:09 PM

අපේ ලොක්කලාගෙන් ඉගෙන ගෙන වගේ.

:       0       7

chandima Wednesday, 12 June 2019 12:22 PM

කවුද දන්නේ එහෙත් කියන කියන විදියට අත උස්සලා ඉන්නවට අවුරුද්දකට වතාවක් විදේශ සංචාරයක්, තීරු බදු රහිත වාහනයක්, එහෙම දෙන්න පොරොන්දුවෙලද කියලා?

:       0       27

චන්දන Wednesday, 12 June 2019 01:09 PM

මාලදිවයිනේ කැබිනට් එකවත් මෙහෙ පවත් වන්න කියමු.

:       0       23

maheshika Wednesday, 12 June 2019 01:17 PM

යුද හමුදාව සීරුවෙන් හිටියොත් තමයි හොඳ. මේ ඔක්කොම එකපාර කඩා වැටෙන්නේ මොන එහෙකටද දන්නේ නැහැ.

:       40       119

විජිත් Wednesday, 12 June 2019 02:05 PM

ඔය ඇමතිලා එහෙන්.. කරවල, උම්බලකඩ එහෙම හංගගෙන අරන් එ්වි... මෙහෙ බ්ලැක් මාර්කට් එකේ විකුණන්න. එ්ත් කස්ටම් එකේ මහත්වරුන්ට මොකුත් කරන්න බැහැ. මොකද කරවල ගෙනාවත් මේ අය වී.අයි.පී. ලානේ...

:       0       23

kamaniWednesday, 12 June 2019 05:19 PM

හැබැයි මාලේ බල කරවල හරි රසයි විජිත්.

:       0       37

nimalka Thursday, 13 June 2019 12:21 AM

කවුද බිල් ගෙවන්නේ?

:       0       0

sumith Thursday, 13 June 2019 03:03 AM

මට මතක හැටියට එහෙ හිටපු ජනාධිපති එක සැරයක් කියල තිබුන එයා අසනීපෙට බෙහෙත් ගන්නෙත් ලංකාවෙන් කියල, මගේ හිතේ එයාල එන්නේ බෙහෙත් ගන්න වෙන්න ඇති නැති බැරිකම් කියන රෝගෙට

:       0       0

Bandula. Thursday, 13 June 2019 04:23 AM

අපේ ලොකු අය කරන දුෂණ, වංචා පළිබදව ඉගෙනගන්න වෙන්න ඇති නේද මෙහෙට එන්නේ.

:       73       15

kap Thursday, 13 June 2019 08:00 AM

ඇයි මේ අයට හද පතුලෙන්ම සතුටු වෙන්න බැරි මේ වගේ උසස් වැදගත් රාජ්‍ය නායකයෝ , බලවත් රටවල නියෝජිතයෝ මේ පොඩි දුපතට එන එක ගැන. ලෝක සිතියමේ පුංචි තිතක් වගේ තීයෙන මේ ලස්සන රට ලෝකෙට පෙන්නන්න තියෙන අවස්ථාවල් මේ. හැම දේ ගැනම වපර ඇහෙන් බලන්න එපා. හැම දේකම හොද පැත්තකුත් තියෙනවා.

:       9       227

sharm warnThursday, 13 June 2019 09:24 AM

එතකොට මාලදිවයින උසස් වැදගත් රටක්, අපි ලෝක සිතියමේ පුංචි තිතක්. අඩු ගානේ දේශපාලනය නෙමෙයි නම් භූගෝලයවත් චුට්ටක්වත් ඉගෙන ගන්නකො. නිකමට සිතියම බලලා පෙන්වන්නකෝ මාලදිවයින් කොයි හරියේද කියලා මෙහෙමත් කතා..

:       0       0

kapThursday, 13 June 2019 05:11 PM

ඔයාගෙ දැනුම තේරෙනව කොමෙන්ට් එකෙන්. මාල දිවයින දැකලා තියෙන්නෙ ෆොටෝ වලින් සහ උම්බලකඩ හින්දා විතරක් වගේ.. මාල දිවයින් රුපියල ඩොලරය එක්ක අපිට වඩා බලවත්. රුපියා 15ත් 16 ත් විතර එක ඩොලරයකට. සංචාරකයෝ වැහි වැහැලා. දුප්පත් සංචාරකයෝ එහෙ නැ. හෝටල් ලංකාවෙ වගේ සිය ගුණයක් ලස්සනයි. මම ලංකාව පහත් කරලා කතා කරන්නෙ නැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 60 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 36 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 415 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 508 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 993 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 928 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site