IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මාධ්‍යයට පහර දීමට වෙනමම කල්ලියක් සිටි බවට සරත් ෆොන්සේකා හෙළිකරයි

(ෂෙහාන් චාමික සිල්වා)

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධව හිටපු බුද්ධි අංශ අධ්‍යක්ෂක කපිල හෙන්දවිතාරණගේ මෙහෙයවීම යටතේ  මාධ්‍යයට  පහරදීම සඳහා  විශේෂ කල්ලියක් තිබු බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා  මහතා විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද ප්‍රකාශය  මගින් අනාවරණය වු බව සීඅයිඩීය අද (20)  අධිකරණයට  පැවසීය.

කොළඹ හා අවට  ප්‍රදේශවල ආරක්ෂාව සම්බන්ධව තමන් දැනුවත් නොවු බවත් ඒ සඳහා වෙනත් නිලධාරියෙක් යොදවා තිබු බව සිඅයිඩිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වේ.

මේ සම්බන්ධව දැනට විශ්‍රාමික මේජර් ජනරාල් අජිත්න් පෙරේරාගෙන් ද ප්‍රකාශයක් ලබා ගත් බවත් ඔහු ද ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන නොදන්නා බවත් කියැවිණි.

දෙවැනි පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවේ තියුණු ආයුධයකින්  හිසට සිදු කළ පහර දීමකින්  මොළයට  හානි  වීමෙන් මරණයට පත්වී ඇති බව සඳහන් වේ.

නඩුව ජුනි මස 19 වැනි දා දක්වා කල් තැබීමට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් නිහාර් මහතා නියෝග කළේය.



අදහස් (9)

මාධ්‍යයට පහර දීමට වෙනමම කල්ලියක් සිටි බවට සරත් ෆොන්සේකා හෙළිකරයි

සෙනෙවි Monday, 20 March 2017 01:25 PM

යුද්ධෙ දිනීමේ කීර්තිය තනියෙන් ගන්න ගිය ෆොන්සෙකා මහතා දැන් කියන කතා වගකීම විරහිතව කරන ප්‍රකාශ කියලයි අපට හිතෙන්නෙ . බැරිවෙලාවත් හයිබ්‍රිඩ් අධිකරණයක් තියල හමුදා නිලධාරීන්ට දඬුවම් පමුණුවන්න ගියොත් යුද්ධය කලෙත් වෙනම කල්ලියක් කියල මොහු කියන්න බැරි නෑ

:       78       504

Chanak Los angeles Monday, 20 March 2017 02:41 PM

බලයේ හිටපු පාලකයෝ අපරාධ කප්පරක් කරලා ඒවාට නිසි පරීක්ෂණ කර රටට හෙළි නොකර දැං බෝට්ටුවෙන් පෙරළිලා ගිහින් බෝ පැල වගේ කථා කියනවා. මහා පරිමාන අපරාධ මිනී මැරුම් ඒවා රටට හෙලි නොවී සැහවී යනවානම් ඒවා දේශපාලන බලයෙන් සිදුවුනු අපරාධ බව කීමට කරුණු අවශ්‍ය නොවේ.දෙනෝ දාහක් ඉදිරිපිට සිදු කෙරු මේ ම්නීමැරුමට කප්පරක් ශාක්‍ෂි තිබියදීන් අදටත් නොවිසඳී ඇදී දැදී යාමට සලස්වා ලන්නේ දේශපාලන බලයමයි.මොනනරම් අවනීතිය රජ යන දේශයත්ද අපේ රට.

:       437       272

senarath Monday, 20 March 2017 03:36 PM

යුද්ධේ කලේ ෆොන්සේකා නොවන බව ඔහු විසින්ම ඔප්පුකර හමාරඊ. දැන් ඔහු ඩොලර් වෙනුවෙන් සහ ඔහුගේම වැරදි වසා ගැනීමට රූකඩයක් we la

:       0       0

udaya Monday, 20 March 2017 03:52 PM

සරත් ෆොන්සේකා රාජපක්ෂ භීතියෙන් පෙලෙන මානසික රෝගියෙක්. වහාම ප්‍රතිකාර ලබා දෙන්න. දැන් අර බෙන්ස් කාර් එකත් ලැබුන , පින් ඇමති කමත් ලැබුන තව මොනවද ඕන.

:       0       0

ධම්ම Monday, 20 March 2017 05:19 PM

මෙතුමා කතා නොකර ඉන්නවා නම් හොඳයි.

:       0       0

siri Monday, 20 March 2017 10:15 PM

ඒ කාලේ මෙයා නිදාගෙනද හිටියේ. ෆොන්සේකා බලයෙන් උමතු වෙලා. තමුන් නායකත්වය දරු හමුදාවත්, තමුන්ට අත දීපු නායකත්වයත් පවා දීමේ කටයුතු කිරීම කිසිම කෙලෙහි ගුණයක් නැති තිරිසෙනෙකුටත් නොවටින දෙයක්. මෙයා නොදන්නවා වුනාට කිරි සප්පයෙකුටත් තේරෙනවා මේවා කාගේ කොන්ත්‍රාත්ද කියල. ඡන්ද 5000ක් ගන්න බැරි මිනිහ පින් ඇමතියෙක් වෙලා මහජන මුදල් කෝටි 7ක වාහනයක් ලබාගෙන

:       0       113

sanjeewa Tuesday, 21 March 2017 02:51 AM

මෙයා කරන්නේ උඩ බලාගෙන කෙල ගහගන්නවා වගේ වැඩක්. ලොකු කුට්ටියක් කොහෙන් හරි හම්බ වෙන්න ඇති. කොහොම නම්බුකාර ව්දිහට හිටපු මනුස්සයෙක්ද?

:       0       64

සත්‍ය සෞන්දර්ය Tuesday, 21 March 2017 04:51 AM

එතකොට හිටපු හමුදාපතිවරයා හැටියට ෆොන්සේකා මහත්මයා මොකුත් දන්නෙ නෑ. අර කිව්ව වාගෙ හයිබ්‍රිඩ් අධිකරණයක් තියල හමුදා නිලධාරීන්ට දඬුවම් පමුණුවන්න ගියොත් යුද්ධය කළෙත් වෙනම පිරිසක් මම ඕවට නෑ කියල කියන්න බැරි නෑ. පව්! බබා!

:       0       8

tharanga Tuesday, 21 March 2017 06:27 AM

ඉතාම නින්දිතයි . කැතයි . තම ගැලවීම උදෙසා ඕනෑම පහත් දෙයක් කරන කියන ගානට ඉතාමත් පිළිකුල් සහගත ක්‍රියාවලියක සිටින මොහුට මුළු රටම වුවද පාවා දෙන්න හැකියාවක් පවතින බවයි පෙනෙන්න්නේ .30 වසරක යුද්දය නිම කිරීමේදී පොතේ නැති ක්‍රමත් ඕන තරම් යොදාගන්න ඇති . එ්ත් ඒවා කළේ රට වෙනේනුවෙන් ජනතාව වෙනුවෙන් බව අමතක කරන එක සහගහනවා .

:       0       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 602 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 114 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 835 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 858 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1236 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1121 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1534 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1428 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site