IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ගය හම්බන්තොට දක්වා දීර්ඝ කරන්න යයි


(ඩයනා උදයංගනී)

දැනට මාතර සිට බෙලිඅත්ත දක්වා ඉදිකර ඇති දුම්රිය මාර්ගය හම්බන්තොට දක්වාම දීර්ඝ කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රවාහන සේවා කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

පැයට කිලෝමීටර 100 වඩා වේගයෙන් දුම්රිය ගමන් කළ හැකි පරිදි ඉදිකිරීමට නියමිත මෙම දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීම සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනය හා ඉඩම් අත්පත් කර ගැනිමේ කටයුතු මෙම වසර තුළ අවසන් කෙරෙන බව කී අමාත්‍යවරයා එහි ඉදිරිකිරීම් ලබන වසර මුලදී ආරම්භ කරන බව ද කීවේය.

මෙම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය 2023 දී ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ද ඇමතිවරයා ප්‍රකාශ කළේය.

මාතර සිට හම්බන්තොට දක්වා ඉදිකෙරෙන මෙම දුම්රිය මාර්ගය මගීන් මෙන්ම භාණ්ඩ ප්‍රවාහනය සඳහාත් යොදාගත හැකි බව කී ඇමතිවරයා එමගින් මාර්ග තදබදය අඩුකර ගැනීමත් අපේක්ෂා කරන අතර, රටට විශාල මුදලක් ඉතිරිකර ගැනීමට අවස්ථාව ලැබෙන බවද පැවසීය.

එමෙන්ම මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමේ දී හැකිතාක් දුරට දේශීය ඉංජිනේරුවරුන් හා තාක්ෂණය යොදා ගැනීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා කීවේය.



අදහස් (15)

මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ගය හම්බන්තොට දක්වා දීර්ඝ කරන්න යයි

දිම්තු Friday, 31 July 2020 10:46 AM

මාතර ඉඳන් හම්බන්තොටට සෑහෙන මාර්ග තදබදයක් ඇති නේද?

:       406       549

samFriday, 31 July 2020 01:33 PM

කුහක නොවන්න. ලෝකයේ අනික් රටවල් දියුණුවුණු හැටිත් බලන්න...

:       307       299

ranaSaturday, 01 August 2020 04:14 AM

දැනට පවතින සේවාව පළමුව වැඩි දියුණුකර දෙවනුව ඉදිරියට යාම නේද සාර්ථකත්වය? මෙ මනුස්සයාගේ දැනීමේ වරදක්ද? නැතහොත් බොරුවක්ද? මෙතන කුහකකමක් නැහැ. රට තවත් ණය කොට විනාශ කරන්න එපා.

:       1       76

සමිත සේනක අලුත්ගමගේ. Friday, 31 July 2020 11:07 AM

සත්‍ය වශයෙන්ම ප්‍රශංසා කළ යුතු ඉතාමත් අගනා ක්‍රියාවක්. මාතර සිට බෙලිඅත්ත දක්වා ඉදිකළ දුම්රිය මාර්ගය නිසා බස්වල තැලී පොඩිවී මිරිකී ගිය මඟී ජනතාව කිසියම් අභිමානයක් ඇතිව දුම්රිය දුම්රියෙහි ගමන් කරනවා පෙනේ. එය හම්බන්තොට දක්වා දීර්ඝ කිරීමෙන් කතරගම දක්වා යනඑන මගී ජනතාවට සැලසෙනුයේ ඉමහත් සේවයකි.

:       52       320

Nandalal DE SILVA - France Friday, 31 July 2020 11:43 AM

එහෙම වුණොත් ඔය වැඩකට නැති ‘‘සුදුඅලියා..‘‘ හෙවත් මත්තල ගුවන් තොටුපළ වහලා දමන්න හැකිවේවි...!!! චීන්නු රොත්ත පිටින් සල්ලි මලු අරන් රේල්පාර හදන්න ගිනිපොලියට ණය දෙන්න ඒවි.

:       195       244

samFriday, 31 July 2020 01:35 PM

ඔන්න අනාගත තැන... ප්‍රංශයේ හිටියත් තාමත් මනස යන්නේ තූත්තුකුඩිය පැත්තේ... මේවා සියලු දේවල් දියුණු කර රට එකට යාකරන්න ඕනෑ..

:       248       63

Bandula Saturday, 01 August 2020 01:33 PM

ඔයගොල්ලෝ හදන්නේ අපි චීනෙට යාකරන්නනේ.

:       0       44

parakkrama Friday, 31 July 2020 01:31 PM

ඡන්ද කටේ ඔන්න තවත් ලොකු ලස්සන කැරට් අලයක්... 5වැනිදාට හම්බන්තොට පැත්තේ උදවිය බාගන්න එකයි ඇත්තේ...

:       100       231

ලුම්බිණි Saturday, 01 August 2020 12:52 AM

කොහොමත් මේක හම්බන්තොට නොවෙයි කතරගම දක්වා හදන්න සැලසුම් හදල නේද තිබුනේ...? දැන් මේ මොනවද කියන්නේ..?

:       0       0

Sadin bayiya Saturday, 01 August 2020 01:17 AM

හම්බන්තොට ජනතාවට පානීය ජලය නැත, ඔවුන්ගේ කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා හොඳ වටිනාකමක් ලබා ගත හැකි ක්‍රමයක් නැත, තවමත් පවුල් පලතුරු විකිණීමට උත්සාහ කරයි

:       0       0

Baiya Saturday, 01 August 2020 02:45 AM

හම්බන්තොට අලි ගම්වැදිලා ගෙවල් කඩන නිසා ඡන්දෙ දීපු බයියන්ට කෝච්චියේ නැගලා පවුල් පිටින් කොළඹ ඇවිත් පිටකොටුවේ හිඟමනේ යන්න පුඵුවන්...

:       0       56

Harry Saturday, 01 August 2020 05:28 AM

ඇත්තටම ගොඩක් සතුටක් ඇති වෙනවා.. මමත් දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩකරපු කෙනෙක්.. දැනට වෙන රටක සිටින්නේ ඒ වුණත්...

:       4       10

de silva Saturday, 01 August 2020 06:31 AM

ඔය කියන තරම් තදබදයක් බෙලිඅත්ත සිට මහ්බන්තොට දක්වා මාර්ගවල නැත. ඔය කරන්න හදන්නේ ගිනි පොලියට චීනෙන් ණයක් අරගෙන ලොකු කොමිස් කුට්ටියක් කඩාගන්න.

:       5       82

හසිSunday, 02 August 2020 01:39 AM

Silva, මම නම් හිතන්නේ මෙම දුම්රිය මාර්ගය හරහා මාර්ග තදබදය අඩුකර ගත හැක්කේ A2 පාරේ. කොළඹ සිට හම්බන්තොට දක්වා යන මිනිසුන්ට පුද්ගලික වාහන භාවිතය අවම කර ගැනීමට මෙන්ම දේශීය හා විදේශීය සංචාරකයින්ටද විශාල සේවයක් ඉටුවේ.. එමෙන්ම විවිධ භාණ්ඩ ප්‍රවාහනයටද මෙය වැදගත් වනු ඇත. දේශපාලන අදහසක් නොවන බව සලකන්න.

:       1       0

විපරමා Saturday, 01 August 2020 12:06 PM

වැඩේ නම් නරක නැහැ. හොඳ කොමිස් කුට්ටියකුත් ලැබෙයි. ඒ කාලේ චීනාට ණය වෙලා ගහපු ගැහිලි වලින් රටේ කොයිතරම් පාරවල් හදන්න තිබුණාද?

:       1       58

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රිලනීප නායකත්වය ගන්න යන අයට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 10 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 37 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 359 0

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 411 1

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 662 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 586 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 307 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1682 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site