ක්‍රිෂාන් ජිවක ජයරුක් සහ අමල් වික්‍රමරත්න
පොලිසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කළ පාතාල කල්ලි නායක කොස්ගොඩ තාරක ඇතුළු තිදෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර ගනිමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
කොස්ගොඩ තාරකගේ සහෝදරයා වන කොස්ගොඩ මහේෂ් හා ඔහුගේ මිතුරකු වන අනුරාධපුර පදිංචි අකිල කිත්සිරි නැමැත්තා ද මේ අතර සිටින බව පොලිසිය කියයි.
මීට අමතරව එම පාතාල කල්ලියේ තවත් සැකකරුවකු මාතර හුණුකොටුව හංදිය ආසන්නයේ නිවසක සැඟවී සිටියදී අත්අඩංගුවටගනු ලැබීය.
මේ වන විට කරාපිටිය රෝහලට දැඩි පොලිස් හා එස්.ටී.එෆ්. ආරක්ෂාවක් යොදවා වේ.
මාතර නගරයේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ ආයතනයක මුදල් හා රන් ආභරණ මංකොල්ලකෑම සඳහා පැමිණී කොස්ගොඩ තාරකගේ පාතාල කල්ලිය සහ පොලීසිය අතර අද (22) උදෑසන සිදුවු වෙඩි හුවමාරුවේදී කොල්ලකරුවන්ගේ වෙඩි ප්‍රහාරයෙන් පොලිස් කොස්තාපල්වරයකු ජීවිතක්ෂයට පත්ව තවත් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළේය.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ මාතර පොලීසියේ අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්තව රාජකාරී කළ පොලිස් කොස්තාපල් සුරංග ප්‍රදීප් වීරසිංහ (33) යන අය වේ.
ඡායාරූප - අමල් වික්‍රමරත්න
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මාතර කොල්ලයට කොස්ගොඩ තාරක ඇතුළු 5 ක් අත්අඩංගුවට
සනත් ඉතාලිය Friday, 22 June 2018 02:54 PM
සඟවපු ආයුධ සොයපු නැති එකේ වරද දැන්වත් සඟවපු ආයුධ සොයන්න පටන්ගන්න. නැත්නම් තව ආයුධ කීයක් පත්තුවෙලා අහිංසකයන් කීදෙනෙකු බිලිවෙයිද දන්නේ නැහැ.
ප්‍රියන්ත Friday, 22 June 2018 04:20 PM
වැඩක් වෙන්නෙ නැ
එකාධිපතියාFriday, 22 June 2018 06:59 PM
මේ රටවල්වල ඉඳලා උපදෙස් දෙන්න එපා.. මේක පාන් රාත්තලට මිනීමරන්න වෙන රටක් බඩගින්නට කන්න ඕනෑනම් මළකුණක් හරි කන්න වෙනවා.. එක දන්නේ බඩගින්නේ ඉන්න මිනිහයි. මේ රටේ පොඩි මිනිහා බඩගින්නට මැරුම් කනවා.. ලෝකු මිනිස්සු ටයි, කෝට් දාලා හොරකම් කරනවා.. අන්න උන්ට එරෙහිවෙයල්ලා
RuvanTuesday, 26 June 2018 01:22 PM
බඩකින්නට කන්න ඕන හොරකම් කරලද.?
Hasan Friday, 22 June 2018 03:18 PM
ප්‍රශ්නයක් නැහැ, ලබන සතියේ ඇප මත මුදා හරිනවා.
එකාධිපතියාFriday, 22 June 2018 06:53 PM
මේ අය මේ ලෝකේ පාලනය කරන්න බලාගෙන හොරකම් කරනවා නෙවෙයි. බඩගින්නට තව මිනිසුන්ට උදවු කරන්නයි එහෙම කරන්නේ... තනියම රජ වෙන්න නෙවෙයි.
ඒකාධිපති Friday, 22 June 2018 06:49 PM
බඩගින්නට තියෙන ප්‍රශ්න වලට සල්ලි ටිකක් හොයා ගන්න මේ වගේ දෙයක් කරාම නම් පොලිසියත් වෙඩි තියාවි... පුලුවන්නම් අර මහ බැංකුව කඩාපු හොරු ටික අල්ලගන්නකො.
naradha Friday, 22 June 2018 09:19 PM
මේ සමාජ පිළිල ඉවත් කරන්නට ගොස් පොලිස් කොස්තාපල්වරයෙකුගේ වටිනා ජීවිතය නැතිවීම සැබවින්ම කණගාටුදායක දෙයක්.... මේ සිද්ධිවලින් පෙනෙන්නේ අද පොලිස් රාජකාරිය ජීවිතය පරදුවට තබා කරන රාජකාරියක් වී ඇති බවයි.
Adam Saturday, 23 June 2018 12:08 AM
පොලිස්පති ඔබතුමාට ලැජ්ජාවක් තියෙනවනම් කරුණාකරලා ඉල්ලා අස්වෙලා පුළුවන් කෙනෙකුට ඔය තනතුර දෙන්න. පාතාලය දැන් පොලිස් නිලදාරීන් පවා මරණ තැනට පත්වෙලා. අහිංසක මිනිස්සුන්ට දෙවි පිහිට තමා. රටක ගිය කලක් අම්මපා.
tommy Saturday, 23 June 2018 01:26 AM
මා මේ සිද්ධියේ වීඩියෝවක් දුටුවෙමි. මා එහි නිරීක්ෂණයකළ එක දෙයක් නම්, මෙහෙයුමට සහභාගි වූ කිසිඳු පොලිස් නිලධාරියෙක් "බඳට වෙඩි නොවදින ආරක්ෂක වැසුම්" පැළඳ නොසිටීමයි. මේ "ආරක්ෂක වැසුම්" යුද සමයේදී ආරක්ෂක හමුදා විසින් බහුලව භාවිතා කරන ලදී. මේ ආරක්ෂක වැසුම් පොලිස් ස්ථාන වලට ලබාදීම සඳහා පොලිස්පතිවරයාගේ අවධානය යොමු වේවායි සිතමි.
uddika Saturday, 23 June 2018 02:37 AM
අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටින එන ජී ඕ තියෙනවනේ. අපේ බදු මුදල් වලින් මේ අයටත් කන්න බොන්න දෙන්න එපැයි.
Samathasena A . Aluthgama Saturday, 23 June 2018 02:41 AM
මේ සිද්ධිය නිසා මාතර ජනතාව බියෙන් ඇලලී ගියා. දිවි පිදූ වීර පොලිස් නිලධාරියාට රට ජාතියේ ප්රසංසාව. රටේ මේ ඇතිවෙන අහිතකර තත්වයට ප්‍රධානම හේතුව වනුයේ සරත් ෆොන්සේකාව අදාළ ඇමතිකමට පත් නොකිරීමයි. ඔහු ඇමති කමට පත්වේ යයි බියෙන් හොර මැර පාතාලයන් බියෙන් පසුවුණා. ඔහුට නොගැලපෙන ඇමතිකමක් දීම නිසා ඔහුගේ ප්‍රතිරූපය විනාශ කර දැමීමේ වැඩ ක්‍රියාත්මක වෙනවා වගේ පේනවා. හමුදාවලින් පැන සිටින අය අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කරන්නේ නම්, බොහෝ මැරවරකම් ගැන වටිනා තොරතුරු ගැනීමට හැකිවේවි. බැංකු,පෞද්ගලික ආයතන වලින් ආරක්ෂක මුදලක් ගෙන ඉලක්කයට වෙඩි තැබිය හැකි දක්ෂ නිලධාරීන් උපක්රමශීලීව නිසි තැන් වල යොදවන්නේ නම්, සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකියි. කරුමය කියන්නේ පක්ෂ විපක්ෂ එකිනෙකා කුළල් කා ගන්නවා විනා මෙවන් දේට වැඩි අවධානයක් නොදී සිටීමයි.
SIRIKOTHA ANURA Saturday, 23 June 2018 03:01 AM
මේ අපේ මිනිස්ස්සු දැඩි ආරක්ෂාව දුන්නේ අනෙක් අයගේ ප්‍රහාර තර්ජන තියෙන නිසා අනෙක පොලිසිය මෙතෙක් අත් අඩංගුවට ගත්තේ නැහැ.
jayath Saturday, 23 June 2018 03:56 AM
හංගපු ආයුද සෙවීමේ තරග හරි , නැත්නම් මාංචු පිටින් කරන පිහිනීමේ තරඟ හරි පටන් ගත්තේ නැත්නම් කවදාවත් මේ ක ඉවර වෙන්නේ නැහැ. තව මාස ගණනකින් ඇප ලැබේවි එලියට එවි ආපහු මුල් චක්කරේම තමයි.
isurandi Saturday, 23 June 2018 04:13 AM
වරදට දඬුවම මිසක් ඇප නෙමෙයි. නිසි දඬුවමක් නැති හෙයින් තමයි අද අපේ රටේ දුෂණය/භිෂණය තව තවත් උත්සන්න වෙන්නේ.
Mahee Saturday, 23 June 2018 04:34 AM
එකෙක් නම් ආයුද පෙන්වන්න එක්ක යද්දී පොලිසියට බෝම්බ ගහන්න ගිහින් පරලොකප්ප්රාප්ත වෙලා තියෙනවා. මේ ඉතුරු කට්ටිය ලඟත් හඟපු ආයුද තියෙන බව අහන්නත් දෙයක්ද? ඒවත් ඉකමනට හොයාගත්තොත් හොඳයි. නැත නම් ආයෙත් මකොල්ල කන්න එනවාමයි.
sarath perth Saturday, 23 June 2018 07:18 AM
මෙයාල අත්බෝම්බ සඟවලා ඇති පරිස්සමෙන්
MADU Saturday, 23 June 2018 08:28 AM
කාර් වැන් ත්‍රිරෝද රථ යතුරුපැදි ලොරි බස් බය්සිකල් ට්‍රැක්ටර්