IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


මළසිරුරු ශීතාගාරවල තැබීම කොරෝනා වයිරසය ගබඩා කරතැබීම හා සමානයි

 

 
 
(සිරංගිකා ලොකුකරවිට)
 
කොරෝනා මළ සිරුරු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛ හා ගැසට් නිවේදනයේ උපදෙස් නොතකා මළ සිරුරු ශීතාගාරවල තබාගැනීම කොරෝනා වයිරසය ගබඩාකර තබාගැනීම හා සමාන බව ගාල්ලේ ආන්දෝලනයට තුඩුදුන් මළ සිරුර ඇසුරින් කරන ලද පීසීආර් පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි ගාල්ලේ අධිකරණ වෛද්‍යවරු කියති.

මේ පිළිබඳව අදහස් දක්වමින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශ ප්‍රධානී විශේෂඥ අධිකරණ වෛද්‍ය රොහාන් රුවන්පුර, රුහුණ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී.පෙරේරා සහ විශේෂඥ අධිකරණ වෛද්‍ය රුවන් නානායක්කාර යන මහත්වරුන් පවසන්නේ එම සිරුරෙන් කරන ලද පීසීආර් පරීක්ෂණ අනුව මළ සිරුරක වයිරසය සක්‍රීය මට්ටමේ පවතින ආකාරය පිළිබඳ පැහැදිලි අදහසක් මතුවන බවයි.

ඔවුන් පවසන්නේ, ගාල්ල දෙද්දුගොඩ දී මියගිය පුද්ගලයාගේ මළ සිරුර රජයේ වියදමින් ආදාහනය කිරීමට ගෙන යාමට පෙර කිහිපවරකදී ගන්නාලද සාම්පලවලින් කරන ලද පීසීආර් පරීක්ෂණ වලින් එම මළ සිරුරේ කොරෝනා වයිරසය සක්‍රීය මට්ටමේ පැවැති බව තහවුරු වූ බවයි.

එම පුද්ගලයා මියගොස් දිනකට පසු ප්‍රථම සාම්පලය ද, දින 03කට පසු දෙවන සාම්පලය ද ලබාගෙන තිබූ අතර, තෙවන සාම්පලය ගෙන තිබුණේ මියගොස් දින 05ක් ගතවූ පසුවය. මෙම සාම්පල තුනම ධනාත්මක ප්‍රථිපල පෙන්වූ බව වෛද්‍යවරු කියති. මළ සිරුරක කොරෝනා වයිරසය පවතින කාලය පිළිබඳ නිශ්චිතව දැනගැනීම සඳහා පර්යේෂණයක් මෙතෙක් සිදුකර නොමැති නමුත් වෛද්‍යවරුන්ගේ පිළිගැනීම වූයේ මළ සිරුරක කොරෝනා වයිරසය පවතින්නේ දින 04ක පමණ කාලයක් බවයි. එසේ වුවද මෙම මළ සිරුරෙන් 05වන දිනයේ ලබාගත් සාම්පලය ද ධනාත්මක වී තිබිණි.

ඒ අනුව වෛද්‍යවරුන් පවසන්නේ මළ සිරුරුක් ශීතාගාරයක තැබීමෙන් එහි කොරෝනා වයිරසය වැඩි දින ගණනක් සක්‍රීයව පවතින බව තහවුරු වූ බවයි. ඇතැම් කණ්ඩායම් විසින් කොරෝනා මෘත දේහ ශීතාගාරවල තැබීම සඳහා ඉල්ලීම් කළ ද එය ප්‍රායෝගික නොවන බව මේ අනුව පැහැදිලි වන බවත්, වෛද්‍යවරු කියති.

84 හැවිරිදි වියේ පසු වූ එම පුද්ගලයා පසුගිය 19 වැනි දින උදෑසන නිවසේ දී මියගොස් තිබිණි. කොරෝනා ආසාදනය වී රෝහල්ගතව පැමිණ සිටි අයකු බැවින් ඔහුගේ මරණය කොරෝනා ආසාදිතයකු ලෙස සළකා ආදාහනය කිරීමට ඥාතීන් එරෙහි වූ බැවින් 20 වැනි දින මළ සිරුරෙන් පළමු පීසීආර් පරීක්ෂණය සිදුකළ අතර ඉන් තහවරු වූයේ ඔහුගේ සිරුරේ ඒ වනවිටත් කොරෝනා වයිරසය ඇති බවයි.

නමුත් එම ප්‍රතිඵලය පිළිගැනීමට ඥාතීන් සූදානම් නොවූ අතර ඔවුන් මියගිය පුද්ගලයා මුස්ලිම් ජාතිකයකු බැවින් දේහය ආදාහනය කිරීමට එරෙහිව අධිකරණයට ද ගියේය. මේ අතර 22 වැනි දා මළ සිරුරෙන් දෙවැනි පීසීආර් පරීක්ෂණයක් පැවැත්වූ අතර එයින් ද සනාථ වූයේ තවදුරත් එම සිරුරේ කොරෝනා වයිරසය සක්‍රීය මට්ටමේ තිබෙන බවයි. ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් දුන් නියෝගය අනුව සෞඛ්‍ය  අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් පරිදි දේහය දඩල්ල ආදාහනාගාරයේ දී 24 වැනි දින එනම් මියගොස් දින 05කට පසුව ආදාහනය කෙරිණි. සිරුර ආදාහනය කිරීමට සුළු මොහොතකට පෙර ලබාගත් තෙවැනි සාම්පලයේ ප්‍රථිපල අද (26) දින ලැබි තිබිණි.
 
 

 



අදහස් (6)

මළසිරුරු ශීතාගාරවල තැබීම කොරෝනා වයිරසය ගබඩා කරතැබීම හා සමානයි

mohomed Saturday, 26 December 2020 10:05 AM

බන්ධනාගාරයේ සිදුවීමෙන් පසු කොරෝනා මෘතශරීර 04ක් ශීතාගාරවල තියෙන එක අවුලක් නැද්ද? සිංහල හින්දද?

:       0       0

Nuwan Saturday, 26 December 2020 10:20 AM

ලංකාවේ තියෙන අමුතු නීතියක්නේ.. බහුතරේ නීති පිළිපදින්න ඕනේ... නැතිනම් වැඩි සුලුතරේ බහුතර අයගේ ජීවිතත් එක්ක සෙල්ලම් කළත් නීතියක් සතේකටවත් ගණන් ගන්නේ නැහැ. කිසි අවුලක් නැහැ... සර් ඔබ නම්.

:       0       0

Darshana Saturday, 26 December 2020 11:45 AM

දැන්වත් තේරුම් ගනීවිද මන්දා...?

:       0       0

Dewa Sunday, 27 December 2020 02:42 AM

නැහැ... අර ජී.එම්.ඔ එක...

:       0       0

Asanka Sunday, 27 December 2020 06:08 AM

වෙනත් රටවල්වල එන්නත ගබඩාකරගැනීමට ශීතකරණ පහසුකම් සකසා ගන්නවා කඩිමුඩියේ.... අපේ ගල්වැද්දෝ ටික මෙ අස්වැන්න කාලෙදී මෙ එළවලු ටිකවත් හරියට ගබඩා කරගන්න ශීතකරණ පහසුකම් නැති රටෙ අනිත් අයගේ මිනී ගබඩා කරගන්න දගලනවා. මෙ රටෙ ඉන්න බෞද්ධ, හින්දු, කතෝලික අපි පව්කාරයෝ...

:       1       5

Rajendra Sunday, 27 December 2020 04:32 PM

පොසිටිව් වුනාට සාන්ද්‍රණය අඩු නිසා වෙන අයට බෝවීම සිදු නොවන බව විශේෂඥ මතය... මහජනයා නොමග යවා ජාතිවාදී හැඟීම් අවුස්සන්න එපා.

:       5       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 512 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 231 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 250 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 215 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 330 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 393 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 203 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1498 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site