රොමේෂ් මධුෂංඛ
උතුරු පළාත් සභාවේ 131 වැනි සැසිවාරය ආරම්භ වී උතුරු මහඇමැති අසුන් ගන්නා විට සභාවේ සිටිය යුතු අමාත්‍යවරු පිළිබඳ විමසා සිටීමත් සමඟම සභා ගර්භය තුළ නොසන්සුන් තත්වයක් ඇති විය.
ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා අසුන් ගන්නා අවස්ථාවේදී උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු විසින් ''මේකේ ඇමැතියෝ කවුද? ඇමැතියෝ කවුද? උසුලු විසුලු කරමින් කෑකෝ ගසන්නට පටන් ගැනීමත් සමඟ නොසන්සුන් වී ඇත.
එහිදී ප්‍රධාන අමාත්‍යවරයා විසින් පිළිතුරු දී ඇත්තේ ලබන පළාත් සභා සැසිවාරයේ දී උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන් කවුරුන් දැයි යන්න හෙළි කරන බවයි.
පළාත් සභා පනතට අනුව මහ ඇමැති ඇතුළු අමාත්‍යවරු පස් දෙනකු පමණක් සිටිය යුතු නමුත් මේ වන විට උතුරු පළාත් සභාවේ අමාත්‍යවරු හය දෙනකු සිටීම මෙම ගැටලුවට හේතු වී ඇත.
ඩෙනීස්වරන් අමාත්‍යවරයා ප්‍රධාන අමාත්‍යවරයා විසින් ලිපියක් මගින් ඉවත් කර ඒ වෙනුවට පත් කරන ලද අමාත්‍යවරයා ඉවත් නොකිරීම නිසා උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන්ගේ සංයුතිය සම්බන්ධයෙන් ගැටලුවක් ඇතිව තිබේ.
මේ තත්ත්වය විසදීමට පියවර නොගැනීම නිසා පළාත් සභා සැසිවාරය ආරම්භ වූ මොහොතේ සිට එය තුළ නොසන්සුන් තත්ත්වයක් හටගත් නමුත් එය පාලනය කර පළාත් සභාවේ කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාමට උතුරු පළාත් සභවේ සභාපති සී.වී.කේ.ශිවඥාණම් මහතා පියවර ගනු ලැබීය.
බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ
විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක
යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා
අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව
ලොව විශාලතම ප්රජාතන්ත්රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මහ ඇමැති අසුන් ගන්නා විට උතුරු පළාත් සභාව නොසන්සුන් වෙයි
OMG Wednesday, 12 September 2018 08:38 AM
අපිව ඔක්කමලා විහිලුවට ගන්න එකේ ඕක මොකක්ද?