(නාලක සංජීව දහනායක)
නව ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කර තිබෙන අලුත් තත්ත්වය සම්බන්ධයෙන් සමාලෝචනය කර පවතින නීතිමය රාමුව තුළ කටයුතු කරගෙන යෑමට බලාපොරොත්තු වන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (17) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එමෙන්ම රටේ පාලන තන්ත්රය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව පවා සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය ලක්කිරීමට සිදුවනු ඇති බවත් ඒ පිළිබදව සියලු තොරතුරු ඉදිරියේදී ජනතාව වෙත ඉදිරිපත් කිරීමට බළාපොරොත්තුවන බවත් එම නිවේදනයේ සදහන් වේ.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සදහන් වේ.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මහින්දගේ අවධානය 19 වැනි සංශෝධනයට
Bamunuarachchi Sunday, 17 November 2019 12:12 PM
මහින්ද මහතානනී ලබන ඡන්දයෙන් කෙසේහෝ 2/3 ඡන්දය ලබාගෙන ව්‍යවස්ථාව වෙනස් කර ජනාධිපතිට බලය ලබාදෙන්න. එය ඔබට රට කරවීමට විශාල පහසුවක් හා ශක්තියක් වනු ඇත. පාර්ලිමේන්තුවට, අගමැතිට විරුද්ධව නැගී සිටීමට ඇති අවස්ථාව නැතිවේවි.
MaheeSunday, 17 November 2019 01:45 PM
බමුණු කොච්චර පක්ෂේ බදාගෙන හිටියත් රාජපක්ෂ සහෝදරයන් අඳුනන්නේ නැති බවයි පේන්නේ... හිතනවද මහින්ද විධායක බලතල ඔක්කොම මල්ලිට දීලා නාමමාත්ර අගමැති කෙනෙක් වෙලා ඉඳීවි කියලා... අනික, මහින්දට රට පාලනය පහසුවෙන්නේ කොහොමද? ජනාධිපතිට බලතල ඔක්කොම දුන්නාම. ඒ බලතල අගමැති අතේ තියාගන්න එපායැ.
BamunuarachchiMonday, 18 November 2019 02:01 AM
මහත්තයෝ මම පක්ෂය බදාගෙන නැත මම බදාගෙන ඉන්නේ පුද්ගලයින්ය. ඔවුන් රටට සේවයක් කර ඇති පුද්ගලයින්ය . ඒ වගේම මිනිසුන් හැටියට පුදලයින්ගේ තිබෙන දුර්වල කමද හඳුනාගෙන සිටිමි මම මේ පුද්ගලයා හඳුනා ගත්තේ බොහෝකලකට පෙරය. රටේ ජනතාව මේ පුද්ගලයා නියම විදිහට හඳුනාගත්තේ මෑතකදීය. නියම පුද්ගලයා කරලියට පැමිණිවිට සිංහලයා ඒකරාශී විය. සිංහලයා ඒකරාශී කරන්න බැරි ජාතියක් නොවේ. එසේ වීමට නියම පුද්ගලයා කරලියට ආයුතුය. ඒක නේද සිදුවූනේ.
BamunuarachchiMonday, 18 November 2019 02:23 AM
"මහින්ද විධායක බලතල ඔක්කොම මල්ලිට දීලා නාමමාත්ර අගමැති කෙනෙක් වෙලා ඉඳීවි කියලා..." හලෝ බොළඳ විදිහට හිතන්න එපා. මෙතැන අයියා මලෝ කතාවක් නැත. අගමැතිකමට දිවුරුම් දෙනවිට ගෙදරදී අදාළ ලියකියවිලි ලැබෙන්නේ නැත. මෙතන තිබෙන්නේ හොඳ සුසංයෝගයක් අපි යුද්ධය දින්නේ එහි ප්‍රතිඵලයක් නිසා... ඒ සුසංයෝගය සජිත්, රනිල් අතර නැතිබව අප මුලදීම දැක්කා. "අනික, මහින්දට රට පාලනය පහසුවෙන්නේ කොහොමද? ජනාධිපතිට බලතල ඔක්කොම දුන්නාම. " කව්ද කීවේ ඔක්කොම දෙන්න කියලා. ඉස්කෝලේ ගියකාලේ ඔබ විභාග ෆේල් වුනේ ඔන්න ඔය යමක් කියවා තේරුම් ගැනීමට නොහැකි වීම නිසයි...
sharm warnMonday, 18 November 2019 03:15 AM
...බලාගෙන ඉන්නකෝ අයියා එහෙම්මම කරයි ...
Nimal ...Monday, 18 November 2019 03:21 AM
තුනෙන් දෙකේ බලයක් විශේෂයෙන් ගන්න අවශ්‍ය නෑ. ජනතාවට අවංකව ගැලපෙන ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ගෙනෙනවා නම් ඔය 225ටම එයට විරුද්ධ වන්නට බෑ. එසේ විරුද්ධ වී ඔවුන්ට නැවත ගම් රටවල් බලා පැමිණිය නොහැක. බලන්න ගොවි විශ්‍රාම වැටුප් පණතට කිසිවෙක් විරුද්ධ වුණාද? ප්රශ්නය ඇත්තේ එතන නොවෙයි. පාර්ලිමේන්තුවේ සම්මත කරගනු ලබන ඔවැනි පනත් මහජනතාවට වඩා ඔවුන්ට වාසි සහගතව සකසා ගැනීමයි. බලන්න සමානුපාතික මැතිවරණ ක්‍රමය නිසා සිදුවන අවුල... ලංකාවේ වෙනස් කළයුතු වන්නේ ආණුඩු ක්‍රම ව්‍යවස්ථාවට වඩා මැතිවරණ ක්‍රමයයි. බලන්න ප්‍රාදේශීය සභා මැතිවරණ ක්රමයේ විකාරය...
Mahee Sunday, 17 November 2019 12:35 PM
19 සමාලෝචනය කරලා එක පැත්තකට විසිකරලා ආයෙත් 18 ගේන්න වාගෙයි කල්පනාව. වැඩ පටන් ගන්නයි යන්නේ.
රජින්ද Sunday, 17 November 2019 12:57 PM
ඉතාමත්ම කාලෝචිත හා ඉක්මනින්ම ගත යුතු පියවරක්. රටක ව්‍යවස්ථාව අවුල් වූ පසු ආණ්ඩු ක්රමයම සංකීර්ණ වී රාජ්‍ය අරාජිකත්වයක් නිර්මාණය වන බවට හොඳම උදාහරණයන් පසුගිය වසර 5 කට ආසන්න කාලයක අපි දුටුවෙමු. එහෙයින් මෙවර පුද්ගල අභිමතාර්ථයන් මුදුන්පත් කරවීමට නොව රටත්-ජාතියත් අඛණ්ඩව සුරක්ෂිතව පවත්වා ගැනීමට හැකි ශක්තිමත් දුරදර්ශී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසිය යුතුමයි. ඊට උගතුන්, වියතුන්, වෘත්තීයවේදීන්, මහා සංඝරත්නය සහ සිවිල් ජනතාව අතර මනා කතිකාවතක් ඇති කළ යුතුයි.
sachith Sunday, 17 November 2019 01:05 PM
ඔන්න බළල්ලු මල්ලෙන් එලියට පනිනවා.
DE Sunday, 17 November 2019 01:15 PM
අනේ මහත්තයෝ 18 , 19 වගේ ඒවානම් ආයේ එපා. සමගියෙන් ජිවත්වන රටක් පමණක් ගොඩනගන්න. තරුණ නායකයන්ට ඉඩක් දෙන්න. වයසට ගිය දේශපාලකයින් උපදේශන කමිටු වගේ සේවාවන්ට සිමා කරන්න. රාජ්‍යසේවා නිසිලෙස බලගන්වන්න. එවිට සාමය , සමගිය හා නීතිය නිසිලෙස ක්‍රියාත්මක වීමට පසුබිම නිර්මාණය ඇත. මම ශ්‍රී ලංකාවට සාමය සතුට පතමි.
Chathuri Sunday, 17 November 2019 02:36 PM
ඔය ව්‍යවස්ථාවෙන් කොහොමහරි බලන්න නැවත පරදින්න කලින් නාමල් බේබිව ජනපති කරන විදියක්, මෙතරම් වලිකන්නේ... ඕකටනේ...
රජින්දSunday, 17 November 2019 02:58 PM
ආන්න.. චතුරි ආයෙත් අඳෝනා දෙන්න මෙතැනට ඇවිත්. බයවෙන්නෙපා ඔයාලගේ එක්කෙනා සුළු ජාතික ඡන්දවලින් ගොඩයන්න හැදුවට බැරිවුණා.
MaheeSunday, 17 November 2019 04:07 PM
රජින්ද, සුළු ජාතික ඡන්ද කියලා ඔබ කියන්නේ මේ රටේම පුරවැසියන් පිරිසකගේ ඡන්දවලටයි. අපේ සමහර නායකයින් වරද්ද ගත්ත තැනක් ඕක. අඩු වශයෙන් මැතිවරණ කාර්යාලයේදී ගෝඨා කළ කතාව ඇහුවා නම් ඔය කතාව ඔබ කියන්නේ නෑ. ඔහු කියනවා ඇහුණද 'මට ඡන්දෙ දීපු අයගේ පමණක් නොව ඡන්දෙ නොදීපු අයගේත් ජනාධිපති බව මම දන්නවා" කියලා. සිංහල ඡන්ද වගේම සියලුම ජාතීන්ගේ විශ්වාසය දිනාගත හැකි ජනනායකයා තමයි සැබෑ නායකයකු වෙන්නේ කියන එක... ඔබේ පටුහිතට වැටහෙන්නේ නැතුව ඇති...
ChathuriMonday, 18 November 2019 12:58 AM
මේ පොහොට්ටුවේ කට්ටියයි, ඔයයි මේ සුළු ජාතිකයින් කියන්නේ මොන වගේ කට්ටියක්ද? සත්තු විශේෂයක්ද? අපි වගේම ලේ නහරින් හැදුනු මිනිස්සු, ඔයා පිටරටකට ගියාම ඔයාව ඔය විදියට ඇමතුවොත් කොයිතරම් හිතට දුකක් කේන්තියක් එයිද.
BamunuarachchiMonday, 18 November 2019 02:03 AM
මෙවන් අය නැත්නම් ගෝඨාභය මහතාගේ ඡන්ද ප්‍රතිශතය තවත් ඉහල යනවා ෂුවර්.
BamunuarachchiMonday, 18 November 2019 02:13 AM
"මේ පොහොට්ටුවේ කට්ටියයි, ඔයයි මේ සුළු ජාතිකයින් කියන්නේ මොන වගේ කට්ටියක්ද? සත්තු විශේෂයක්ද?" චතුරි ඒ ගොල්ලෝ හිතාගෙන ඉන්නේ ඒ ගොල්ලෝ වෙනම සත්තු විශේෂයක් කියලා. ඒ නිසානේ වෙනම කැලයක් ඉල්ලන්නේ... ඉංග්‍රීසියේ කියමනක් තිබෙනවා "බර්ඩ්ස් ඔෆ් අ ෆෙදර් ෆ්ලොක් ටුගෙදර්" එකම වර්ගයේ කුරුල්ලෝ එකට ඉන්නවා කියලා. සුලුජාතින් සිතනවා නම් අපි ඔක්කොම එකම වර්ගයේ කුරුල්ලෝ කියලා අපිට එකම අත්තේ වහන්න පුළුවන් එකට ඉන්න පුළුවන්. තේරුණාද?
PrasadMonday, 18 November 2019 05:26 AM
චතුරි, නැවත පරදිනවා කියලා හිතන්නේ මොකද?
de silva Monday, 18 November 2019 01:11 AM
පළාත්සභා අහෝසිකර පුලුවන්නම් අර 77ට ඉස්සර තිබුන කොට්ටාශ ක්‍රමය නැවත ගෙන එන්න. පාර්ලිමේන්තුවේ 225 ජනපති කෙනෙකු සහ පළාත්සභා මන්ත්‍රීවරු, පළාත්සභා ඇමතිවරු, මහා ඇමතිලා, ආණ්ඩුකාරවරු නඩත්තු කරන එක ලංකාව වැනි ණය බරින් මිරිකුණ කුඩා රටකට කොහෙත්ම ඔරොත්තු නොදේ
අප්පුහාමිMonday, 18 November 2019 01:37 AM
හොඳම අදහසක් ඉදිරිපත්කලේ සිල්වා මහතා බව කියන්න පුළුවන්.මේ රටට ඔරොත්තු නොදෙන බරක් වන්නේ දැනට පවතින පළාත්සභා ක්‍රමයයි. ඒ්වා අහෝසිකර 1977 ට පෙර තිබුනා වගේ නැවතත් කොට්ඨාශ ක්‍රමයට මන්ත්‍රී පත්කරන ක්‍රමයක් ඇතිකරන්න. හැකිනම් සෑම ගමකටම වැටුප් නොගෙවන මන්ත්‍රීලා සිටින ගම්සභාවකුත් ඒවායේ සභාපතිලාගේ එකතුවකින් ප්‍රාදේශීය සභා ක්‍රමයකුත් ඇතිකර එම සභාපතිලාගේ එකතුවෙන් පාර්ලිමේන්තුවත් පත්කලොත් ගැටුම් නැතිවී ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ වෙන්න පුළුවන්. ඒකට අවශ්‍ය තුනෙන් දෙකේ බලය ඉදිරි මහ මැතිවරණයෙන් ලැබෙනවා
Mahee Monday, 18 November 2019 02:14 AM
මේ කොමෙන්ට්ස් දැක්කහම පේනවා අපේ ජනතාව කොයිතරම් බලාපොරොත්තු සහිතවද ඉන්නේ කියලා. අපි ඔය වගේම 2015දීත් බලාපොරොත්තු තියාගෙන හිටියා. කොටින්ම අවුරුදු 71ක් තිස්සෙම බලාපොරොත්තු තියාගෙන හිටියා. ඒ වුණාට මේ මුළුකාලය තුළම අපේ බලාපොරොත්තු කඩවුණා. පාලකයන් පොහොසත් වුණා. හිතන්න එපා මේ ආවේ මහ සමාජ පරිවර්තක සමයක් කියලා. එහෙම අය ඉඳලා තියෙන්නේ දුටුගැමුණු, පරාක්‍රමබාහු වැනි යුගවලදී පමණයි. අපි ආයෙත් බලාපොරොත්තු ඔහොම්ම පොදි බැඳගෙන යමු. මොනවා කළත් මිනිහා ජීවත් කරවන්නේ බලාපොරොත්තුව කියනවා නොවැ...
sadda Monday, 18 November 2019 02:25 AM
මැතිතුමනි 77ට පෙර තිබූ කොට්ටාශ ක්‍රමය ඇති කරන්න.
sharm warnMonday, 18 November 2019 03:17 AM
අනේ ඔව්.. කරුණා කරලා.. මොකද මහජනයා උපයන මුදල්වලින් වෙන්නේ කමකට නැති දේශපාලුවන් නඩත්තු වෙන එක.. මේ පාදඩ වැඩේ ඉවරයක් වෙන්න ඕනෑ.. එහෙම නොකළොත් හැමදාම ලෝකේ වටේ හිඟමනේ යන එක විතරයි කරන්න වෙන්නේ... රටේ දියුණුවට කිය කියා..
lalithm Monday, 18 November 2019 03:03 AM
කවදාවත් නොවෙන දේවල් කියන එක නිෂ්ඵලයි. පළාත් සභා, ප්‍රාදේශීය සභා වගේ දේවල්වලින් තමයි හෙන්චයියන් රැකගෙන කීයක් හරි හොයාගන්න දෙන්න තියෙන්නේ.. ඕවා නවත්වන්න නොවේ පුලුවන්නම් තව වැඩි කරන්නයි කොයි පක්ෂෙත් කැමති. බලමු අඩු කරාවිද කියලා...?
Kamal Monday, 18 November 2019 03:08 AM
19 ඉවත් කරලා 2025 ආයේ ජනපති වෙන්න වගේ කල්පනාව. මෙහෙමත් තණ්හාවක්...
samMonday, 18 November 2019 05:52 AM
ඔබ මහින්දට ඔහොම කියනවානම් යු.එන්.පී එක බදාගෙන 31 පාරක් පැරදිලා ඉන්න රනිල්ට මොනවා නොකියයිද?
nishan Monday, 18 November 2019 03:16 AM
ගෝඨාභයට සිංහල මිනිස්සු ඡන්දෙ දුන්නම ජාතිවාදය නෙමෙයි. සජිත්ට දෙමල මිනිස්සු ඡන්දෙ දුන්නම ජාතිවාදය. දෙමළ අපේක්ෂකයාට දකුණේ මිනිස්සු ඡන්දෙ නොදීපු එක ජාතිවාදී නොවේ... අනේ මන්දා...
BamunuarachchiTuesday, 19 November 2019 03:20 AM
ගෝඨාභය සිංහල මිනිසුන්ගේ ප්‍රතිශතය වැඩි ප්‍රදේශ කීයක පරාජය උනාද? නමුත් දමිල වැඩිපුර සිටින කිසිම ප්‍රදේශයක සජිත් පරාද උනේ නැත. මෙතන තිබෙන්නේ ජාතිවාදය නොවෙයි සජිත් දමිලයිනගේ 13 නට කැමතිවීමයි. නැතිනම් මොකටද සජිත්ට ඡන්දෙ දෙන්නේ සිවාජිලිංගම්ට දෙන්න තිබුනානේ.