IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මහා සංඝරත්නයේ ආශීර්වාදය නොලද ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන්න

(ඩයනා උදයංගනී)

මහා සංඝරත්නයේ ආශීර්වාදය නොලද ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙසත් නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නම් මහා සංඝරත්නයේ නියෝජනය ද ඇතුළත් ව්‍යවස්ථා සම්පාදන කමිටුවකට එය භාරකරන ලෙසත් බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී.

එහි සභාපති දිවියාගහ යසස්සී නා හිමියන් ,අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස, ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර, දොඩම්පහළ චන්ද්‍රසිරි මහ නා හිමිවරුන්, බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයේ මහලේකම්වරුන් වන තිරිකුණාමලේ ආනන්ද මහ නා හිමියන් හා මහාචාර්ය අගලකඩ සිරිසුමන නා හිමියන්, වැලමිටියාවේ කුසලධම්ම, බලංගොඩ සෝභිත, අකුරැටියේ නන්ද නා හිමිවරුන්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කන්දේගොඩ විමලධම්ම අනු නා හිමියන්, සීලගම විමල හිමියන්, සිරි වජිරාරාමයේ ඤාණසීහ හිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙම ප්‍රකාශයට අත්සන් තබා ඇත.

ඊට අමතරව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල, සම්මානනීය සාමාජිකයින් වන චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ, සුරේන් අභය ගුණසේකර, ධර්ම විජය පදනමේ සභාපති සුමේධ අමරසිංහ, තරුණ බෞද්ධ සංගමයේ උප සභාපති කුසුම් බන්දු සමරවික්‍රම, පරම විඥානාර්ථ බෞද්ධ සංගමයේ සභාපති එස්.පී වීරසේකර, ශාසන සේවක සමිතියේ උපසභාපති ආචාර්ය ජයන්ත වත්තේවිදාන, සමස්ත ලංකා බෞද්ධ කාන්තා සම්මේලනයේ සභාපති ජීවනී සුගුණදාස, රාජ්‍ය සේවා බෞද්ධ සංගමයේ සභාපති එම්.කේ.බී දිසානායක, බෞද්ධ නීතීඥ සංගමයේ නියෝජිත ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා, බෞද්ධ සහයෝගිතා කේන්ද්‍රයේ සභාපතිනි ආචාර්ය හේමා ගුණතිලක, මහාබෝධි සංගමයේ උප සභාපති වසන්ත ද සිල්වා, කොළඹ ජයග්‍රහණය සංගමයේ සභාපතිති විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර, දම්රිවි පදනමේ සභාපති සභාපති මහාචාර්ය අසංග තිලකරත්න, බෞද්ධ නීතීඥ සංගමයේ නියෝජිත ජනාධිපති නීතීඥ ප්‍රසන්න ලාල් ද අල්විස්, කමිටු සම්බන්ධීකාරක පානි වෑවල, සම්මානනීය සාමාජික එච්.ඩබ්ලිව් ආරියවංශ යන  ගිහි බෞද්ධ සංගම් නියෝජනය කරන මහත්ම මහත්මීන් ඇතුළු 29 දෙනෙකුගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම ප්‍රකාශයේ මෙසේ ද සඳහන් වේ.



අදහස් (28)

මහා සංඝරත්නයේ ආශීර්වාදය නොලද ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන්න

PIYASIRI Wednesday, 16 January 2019 04:16 PM

රට, ජාතිය වෙනුවෙන් වසර 2500 ජීවනාලිය වශයෙන් කටයුතු කලේ මහා සංඝයායි. විද්වතුන් පෙලගැසුණි. ව්‍යවස්ථා වෙනස්කිරීම ශාසනයට, රටට, ජාතියට විනයක් වීමට හොඳටම ඉඩ ඇත. මහානායක හිමියන් ඇතුළු මහා සංඝයා ඉදිරිපත්වීම ගෞරවයෙන් සලකමු...

:       790       1341

පිටිගල මිලානෝ Wednesday, 16 January 2019 04:20 PM

බුදුදහමට සහ සිංහල භාෂාවට මුල් තැන දෙන ව්‍යවස්ථාවක් නම් මෙයට මුලින්ම ආශීර්වාදය ගත යුත්තේ මහා සංඝරත්නයෙනුයි. එසේ නොමැතිව බුදුදහමට සහ සිංහල භාෂාවට ප්‍රධාන තැනදෙනවා කියා මාධ්‍යයට පමණක් කියමින් ෆෙඩරල් දීමට කරන ව්‍යවස්ථාව හරියට බුදු පිළිමයක් ඉස්සරහ ගසා ගත් ලොරියක පිටුපස්සේ හොර හරක් පටවාගෙන යනවා වගේ වැඩකි. ශ්‍රී ලාංකිකයිනි, මෙය ගැන දැනුවත් වෙන්න. එය ඔබේ යුතුකමකි.

:       317       1040

lanka Wednesday, 16 January 2019 04:50 PM

දැනට සකසා ඇත්තේ විද්වත් කමිටුවේ අදහස් සහිත කෙටුම්පතක් පමණි. මේ අදහස් ව්‍යවස්ථාවක් බවට පත්වීමට පෙර, එය පාර්ලිමේන්තුවේ විවාද කොට ජනමතය විචාරණයක් සඳහා යා යුතුයි. අද බොහෝ ගිහි පැවිදි උදවිය කරන්නේ මේ සකසා ඇත්තේ නව ව්‍යවස්ථාවක් යයි කියා මහජනයා මෝඩයට අන්දමින් දේශපාලන වාසි ලබා ගන්නට තැත් කිරීමයි.

:       1711       1358

පිටිගල මිලානෝ Wednesday, 16 January 2019 10:48 PM

කමක් නැහැ අපි දැන්ම ඉඳන් ලැස්ති වෙමු අපේ රට සහ අපේ සුහද සුළු ජාතීන් භේද බින්න කරන කෙටුම්පතකට හෝ විරුද්ධ වන්නට.

:       1       46

BamunuarachchiThursday, 17 January 2019 10:38 AM

සුළු ජාතීන් සුහද නම් රටින් කෑල්ලක් ඉල්ලනවාද හලෝ. සුළුජාතීන් ලංකාවට බෝට්ටුවලින් පැමිණි අය.

:       1       5

janaThursday, 17 January 2019 04:06 AM

ඔයිට වැඩිය දේවල් ඔබ සදහන්කල කිසිම දෙයක් නැතුව මීට පෙර සම්මත කරගත්තා...

:       3       240

JayanthaThursday, 17 January 2019 07:00 AM

මිනිසුන් අදහස් ප්‍රකාශ කරන්නේ පහුගිය කාලේ සිදු වූ සිදුවීම් අත්දැකීම් සමග ඔබ කියන දේ කුමක් වුවත් මෙවැනි දේ මීට පෙර සිදුවී තිබෙනවා කෙටුම්පතක් වුණත් යෝජනාවක් වුණත් මොන නමකින් ඉදිරිපත් වුණත් මෙහි අන්තර්ගත දේ ඉතා භයානක බව පෙනී යනවා. ඉතින් මහා සංඝරත්නය මෙයට විරුද්ධව නැගී සිටීමේ කිසිම වරදක් මා දකින්නේ නැහැ.

:       21       151

මවුබිමේ අනාතයා Wednesday, 16 January 2019 05:56 PM

ඔබ වහන්සේලාගේ සෘජු මැදිහත්වීම ගෞරව පූර්වයෙන් පිලිගනිමි! අපට අන්තිම හෝ බලාපොරොත්තුව සංඝරත්නය පමනි! ලෝක පාලක දෙවියනි, බලලෝභයන් ‍රට ජාතිය පාවාදෙන, දේශපාලකයන්ගෙන් ග්‍රි ලංකාව ආරක්ෂා කරගැනීමට සංඝරත්නයට ධෛර්යය දේවා !

:       465       854

Rathnayaka Mapa Wednesday, 16 January 2019 06:01 PM

පැත්ත ගියත් ඇත්ත කියන පිටිගල අයියා.

:       416       401

ලුම්බිණි Wednesday, 16 January 2019 11:19 PM

මහා සංඝරත්නයේ ආශීර්වාදය පමණක් මදි. අනෙකුත් ආගම් සහ සියලු ජන කොටස් වල ආශීර්වාදය ගත්තොත් නේද හොඳ?

:       101       65

Bamunuarachchi Wednesday, 16 January 2019 11:42 PM

බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙනවානම් මහා සංඝරත්නයේ ආශිර්වාදය නොමැතිව ව්‍යවස්ථාවක් ගෙනඑන්නේ කෙසේද? රජය පත්කළ ආණ්ඩුකාරයා පන්සල් ඉඳිකරන්න එපා කියන්නේ කෙසේද?

:       214       413

Sanka Thursday, 17 January 2019 02:06 AM

මේ හදලවත් නැති විවස්තාවක් ගැන මහජනතාව මුලා කරලා බොරුවට කෑ මොර ගහන්නේ මොහොට්ටුවේ සහ ශ්‍රී ල නි පක්ෂේ අය විතරමයි. මොකද ජනතාව මුලා කරලා මේක හොද දේශපාලන අවියක් ඉදිරියේ එන ඡන්ද වලට. මේක රටේ මහජනතාව හොදින් අවබෝධ කරගතයුතු දෙයක්. මේ බංකොලොත් පක්ෂ ජාතිවාදය අවුස්සලා බොරදියේ මාළු බානවා.

:       508       322

KapilaThursday, 17 January 2019 10:12 AM

ඔන්න ඔතන තමයි බොලව් අපේ මිනිස්සුන්ට හැමදාම වරදින්නේ මොකක් හරි දෙයක් කියපු ගමන් ඒකට පාටක් පක්ෂයක් ගාවගෙන උපහාසයට ලක් කරනවා........

:       1       0

BamunuarachchiThursday, 17 January 2019 11:00 AM

හලෝ ඔහේ බ්‍රිජ්, චෙස් වැනි බුද්ධිය මෙහෙයවා කරන ක්‍රීඩාවන් කරතිබෙනවාද? එහෙනම් සෙල්ලමේ දී තම අතේ තිබෙන කාඩ් හෝ ඉත්තෝ අදින්නේ අනික් මිනිහාගේ කාඩ් දැකලා හෝ අනික් තැනැත්තා කරන්න යන්නේ මොකක්ද කියා කීවාම නොවෙයි ඔබ බුද්ධියෙන් හිතලා. එහෙමනම් බුද්දිමත් මිනිස්සු අලුත් ව්‍යවස්ථාව ගැන කරුණු පැහැදිලි කොරන්නේ එහෙමයි. ඔබ වැන්නවුන්ට තිබෙන්නේ පාසලේදී මෙන් ඔවුන් නැතිනම් ගුරුවරයා ෆලෝ කිරීමයි.

:       9       0

BamunuarachchiFriday, 18 January 2019 04:10 AM

අභියෝගය බාරගන්න එජාපයෙක් ඉන්නවාද ?

:       1       0

BamunuarachchiThursday, 17 January 2019 11:11 AM

හදලා නැතිනම් නිදහස් දවසට කලින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොරනවා කියා සුමන්තිරම් කියන්නේ තල් කොලයක්ද? හලෝ රටින් කෑල්ලක් ඉල්ලන, ඉඩම් පොලිස් බලතල ඉල්ලන සුමතිරන්, සම්පන්තන් මේ ව්‍යවස්ථාවට උඩින්ම කැමතිවෙන්නේ ඇයි කියා හිතන්න තරම් මොලයක් නැද්ද දෙයියනේ.

:       1       31

HRThursday, 17 January 2019 11:53 AM

කොහොමත් ව්‍යවස්ථාව හදන අය තමන් කරන දේ නරකයි කියන්නේ නෑ නේ ..ඒවායේ ප්‍රතිඵල විඳින්න කලින් තමා මෙහෙම තීන්දු තීරණ ගන්න ඕන..

:       1       13

rocky Thursday, 17 January 2019 02:59 AM

ඔය මොකුත් කලබල නැතුව ව්‍යවස්ථාවක් හැදීම මහා සංඝරත්නයට භාර දෙන්න.

:       120       187

BamunuarachchiThursday, 17 January 2019 10:27 AM

සංඝයාගේ හොඳකම නිසා තමයි ඔහෙලා මෙතෙක් කාලයක් මෙරටේ හිටියේ.

:       1       0

pubudu Thursday, 17 January 2019 03:32 AM

රනිල් කියන මොනවද විස්වාස කරන්න පුළුවන්?

:       0       78

rama Thursday, 17 January 2019 04:11 AM

ලංකා, ආණ්ඩුවට කඩේ ගියා ඇති දැන්වත් පාට කණ්නාඩි ගලවලා බලන්න.

:       59       117

සේන Thursday, 17 January 2019 05:35 AM

නීතියේ සිදුරුවලින් රිංගා , සෝරාගත් මුදලින් හෝ රටට වින කටින්න බලාසිටින ජාත්‍යන්තර සංවිධානවලින් ගත් මුදලින් මිනිසුන් මිලදීගෙන , හෝ පොරොන්දුවලින් මින්සුන්ගේ ඡන්ද රැගෙන තම බලය පමනක් ගැන සිතා කටයුතු කරනවුන් රටට වින කටිනවිට අපට එදත් අදත් තිබුණේ මහා සංඝරත්නයේ පිහිට තමයි.

:       132       517

BamunuarachchiThursday, 17 January 2019 10:43 AM

සේන මෙතැන සංඝරත්නයට විරුද්ධව කතා කරන්නේ සිංහල බෞද්ධයින් නොවේ.

:       21       0

ase Thursday, 17 January 2019 06:19 AM

නිර්මල බුද්ධ ධර්මය දේශපාලනය ගාව ගැනීමෙන් නිගා නොකරන්න, දේශපාලකයන්ගේ නරුම , හොර , බොරු වලට ධර්මයේ නාමයෙන් විරුද්ධ වන්න.

:       0       15

BamunuarachchiThursday, 17 January 2019 10:33 AM

අපි අපේ ආගම අපේ රට ගැන අපි බලා ගන්නම් ඔහෙලා ලබෙනදෙයක් කාලා ඉන්නකෝ. අවුරුදු 2600 කට වැඩිය සින්හලවෙලා තිබුන රට හදා ගන්න හැටි හුලන්පාරට ලංකාවට ගොඩගහපු උන්දලා අපට කියලා දෙන්න එනවා.

:       1       0

HR Thursday, 17 January 2019 06:34 AM

නියමයි.. මෙහෙම තමයි මහා සංඝරත්නය වැඩ ඉන්න ඕන..

:       1       104

upali Thursday, 17 January 2019 10:16 AM

මේ ව්‍යවස්ථාවක් ඕන කාටද ඩොලර් කාක්කන්ට මහා සංඝරත්නය මේ ක්‍රියාව අගය කරමි රටේ ප්‍රධානම ප්‍රස්නේ ව්‍යවස්ථාවද? ඊට පස්සේ ලංකාව සුරපුරයක් වෙයිද හොර කම නැතිවෙයි දුප්පතුන්න්ට කෑම ලැබෙයි මීහරක් පර්ලිමේංතුවට යන එක නැතිවෙයි....... රජයේ සේවකයෝ උන්නදුවෙන් වැඩ කරයි........

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 4 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 679 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2080 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1508 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 854 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2070 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1438 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site