(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ උපකුලපති ධුරයෙන් තමන්ව ඉවත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී යයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා එම තනතුරේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් චන්ද්‍රජීව මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (10) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.
ජනාධිපතිවරණ කැදවා ඇති මෙහොතකදී තමන් දැරූ එම තනතුරින් ඉවත් කිරීම මැතිවරණ නීතියට පටහැනි හෙයින් ජනාධිපතිවරයා ගත් තීරණය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කාර ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.
නීතීඥ මංජුල බාලසූරිය මාර්ගයෙන් ගොනු කරනු ලැබු පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් ඇතුළු පිරිසක් නම් කර ඇත.
පෙත්සම්කරු කියා සිටින්නේ පසුගිය මස 18 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයෙන් තමාව ඉවත් කරමින් ජනාධිපතිවරයා විසින් ලිපියක් නිකුත් කර ඇති බවයි.
කිසිදු සාධාරණ හේතුවක් හෝ පරීක්ෂණයක් නොමැතිව තමන්ව ධුරයෙන් ඉවත් කිරීම නීති විරෝධී බව ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා සඳහන් කර සිටියි.
එමෙන්ම මැතිවරණ සමයේ රාජ්‍ය සේවයේ පත්වීම්, උසස්වීම් සහ මාරු කිරීම් සිදු නොකරන ලෙස දන්වා මැතිවරණ කොමිසම විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබියදී තමන්ව මේ ආකාරයෙන් සේවයෙන් ඉවත් කිරීම නීති විරෝධී බව ද ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා පෙන්වා දෙයි.
එබැවින් තමාව තනතුරෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ලෙසත් පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තෙක් තමන්ව ඉවත් කිරීමට ගනු ලැබූ තීරණය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයට වැඩිදුරටත් ඉල්ලා ඇත.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මහාචාර්ය සරත් චන්ද්‍රජීව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරයි
ලුම්බිණි Thursday, 10 October 2019 09:45 AM
විශ්ව විද්‍යාල ස්වාධීන ආයතන විය යුතු නේද? දේශපාලකයන් මේවට ඇඟිලි නොගහන විදියට නීති හදන්න බැරි ඇයි?
parkkrama Thursday, 10 October 2019 10:15 AM
ජයපැන් බොන්න අපේක්ෂා කරන අය පළිගැනීමේ සෙල්ලම් පෙන්වන්න දැන් ඉඳලම පටන්ගෙන වගෙයි. ඔය ආයතනවල ඉගෙනගන්නා දරුවනේ..! ඔයගොල්ලොත් දේශපාලන වැඩ පරිස්සමින් කළොත් හොඳයි. ලබ්බට තියපු අත පුහුලටත් නොතියයි කියලා හිතන්න අමාරුයි...
Samithasena Aluthgamage. Thursday, 10 October 2019 10:37 AM
අනේ...! රටකට ගිය කල. ග්‍රාමසේවක කෙනෙකුට පුළුවන් වෙලා තියෙනවා. විශ්ව විද්‍යාලයක උප කුලපති මහාචාර්ය වරයෙකුව එළියට දාන්න. ඒකත් කිසිඳු හේතුවක් නැතිව... ඔන්න මැකෝත් හිරවෙන තැන. අපගේ රටේ මේ සිටින ජනපති රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කළ නීතිවිරෝධී කෙනෙකු බව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් නියෝගයද ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමට මහා ඇදුරුතුමාට හැකිවේවා යයි පතමු. ඔබතුමාට ජය !!!
Girigoris Thursday, 10 October 2019 11:32 AM
මා දන්නා පරිදි මෙම මහත්මයා ඉතා ජවසම්පන්න ලෙස කටයුතු කළ අතර පක්ෂග්‍රාහීත්වය, දූෂණය, මහජන මුදල් අනිසි ලෙස භාවිතා කිරීම වළක්වා ගැනීම සඳහා බොහෝ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම, විශ්ව විද්‍යාලයේ සොරුන්ට එරෙහිව පියවර ගැනීම ආදිය ආරම්භ කළේය. ඔහු විශ්ව විද්‍යාල පද්ධති වැඩිදියුණු කිරීමක් සිදු කර ඇති අතර මිනිසුන්ට තමන්ගේම දීමනා සඳහා වාසි ලබා ගැනීම සඳහා මේ ක්‍රමය හැසිරවිය නොහැක. එබැවින් මෙම ක්‍රමයට පැවැත්මක් නොමැත.
sisira Thursday, 10 October 2019 12:13 PM
අනේ ගිරිගෝරිස් මහත්තයෝ, එතුමා දුෂණයට එහෙම කැමති නැත්නම් මොකටොද මහ බැංකු මංකොල්ලකාරයන්ට කඩේ යන්නේ? එයාලටත් නඩු දාන්න පුළුවන්නේ. කථිකාචර්යවරයෙකුගේ රාජකාරිය එන්.ජී.ඕ සංවිධාන හදාගෙන එක එක්කෙනාට කඩේ යන එක නෙමේ. අනික මම බොහොම වගකීමෙන් කියන්නේ මෙයාගේ ගෝලයා කොටි සංවිධානයේ අත කොලුවක්.