IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මරණ දඬුවම පිළිගත නොහැකියි - පාප්තුමෝ කියති

වතිකාන නගරයේදී (ඒ.එෆ්.පී)
 
“මරණ දඬුවම” පිළිගත නොහැක්කක් බව   ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ප්‍රකාශ කර ඇතැයි වතිකානය අද (2) සඳහන් කළේය.

 
මේ අනුව කතෝලික පල්ලියේ ඉගැන්වීම් යාවත්කාලීන වනු ඇත.  
 
“සුබාරංචියේ ආලෝකය ගැන කතෝලික ඉගැන්වීමක් තිබෙනවා. ඒ අනුව මරණ දඬුවම පිළිගත නොහැක්කක්. මරණ දඬුවම පුද්ගලයකු අභිමානයට සහ ගෞරවයට එල්ල කරන ප්‍රහාරයක්’” යනුවෙන් නව ප්‍රකාශයක් ඇති කර ඇත.
 
කතෝලික පල්ලියේ ඉගැන්වීම්වලට අනුව ඇතැම් අවස්ථාවලදී මරණ දඬුවම පිළිගැනුණි.
 
ශුද්ධෝත්තම පාප්වහන්සේ මීට පෙර අවස්ථා කිහිපයකදීම මරණ දඬුවමට එරෙහිව අදහස් දක්වා තිබිණි.
 
මරණ දඬුවම පිළිබඳ කතෝලික පල්ලයේ ඉගැන්වීම ස්ථිතික එසේත් නැතිනම් නිශ්චල බවත් එය නූතන සමාජයට ගැලපෙන පරිදි වෙනස් කළ යුතු බවත් පාප් වහන්සේ පසුගිය ඔක්තෝබර් මාසයේදී ප්‍රකාශ කළේය.
 
දැනට පවතින කතෝලික පල්ලියේ ඉගැන්වීම් පිළිබඳ ප්‍රශ්නෝත්තර සංග්‍රහය මුල් වරට සකස් කරන ලද්දේ 1992 වසරේදීය. ඒ එවකට පාප් ධුරය හෙබවූ අති   ශුද්ධෝත්තම දෙවැනි ජෝන් පාවුළු පාප්තුමන් විසිනි.
 
055



අදහස් (21)

මරණ දඬුවම පිළිගත නොහැකියි - පාප්තුමෝ කියති

Tudor Alexis Thursday, 02 August 2018 03:49 PM

අපිත් මරණ දඩුවමට අකැමති. නමුත් ප්‍රමාද වන්න වන්න රටට සමාජයට වන බාල පරපුරට වන හානිය ගැනිය නොහැකි තරම් වේවි

:       5       250

Nandalal DE SILVA - France Thursday, 02 August 2018 06:29 PM

එතකොට ඇමරිකාව, මැද පෙරදිග රටවල් මේ නීති වලට යටත් නැද්ද?

:       0       222

BamunuarachchiSaturday, 11 August 2018 12:18 AM

පාප්තුමා නීතියක් ගැන කතා කොරන්නේ නැත. ප්‍රකාශ කරන්නේ මරණ දඬුවම ගැන එතුමාගේ අදහස. වරද්දගන්න එපා

:       0       1

de silva Thursday, 02 August 2018 06:36 PM

ඔබතුමන් ජිවත් වෙන යුරෝපයේ වගේ නොවේ මෙහෙ ඉන්න බන්ධනාගාර නිලධාරීන් ගෙන් 90% පගාවට බරය. මොවුන්ගේ සහයෙන් මරණ දඩුවම නියමවුන පාතාලයන් ජංගම දුරකථන මාර්ගයෙන් ගෝලයන් ලවා කොන්ත්‍රාත් ක්‍රමයට මිනි මරවන අතර, කුඩු කාරයෝ කිලෝ ගණන් දිනපතා හිරේ ඉඳන් බිස්නස් කරති, මේවා නිසා වසරකට මනුෂ්‍යයෝ දහසකට වැඩි ප්‍රමාණයක් සෘජුවම සහ වක්‍රාකාරයෙන් මරණය වැලද ගනිති, මනුෂ්‍ය ජිවිත දහසක් බේරා ගැනීම සදහා සමාජ විරෝධින් අතලොස්සකට මරණ දඩුවම දීම වරදක් නැත. මගේ අදහස පුජ්‍ය මැල්කම් රන්ජිත් දේවගැති තුමාද දරති. බුදු දහම අදහන්නන් වශයෙන් අපද මිනිසුන් මරන්න කැමති නැත. නමුත් අපට වෙන විකල්පයක් නැත.

:       58       444

V.warnakulasuriyaThursday, 02 August 2018 09:34 PM

රටේ පවතින තත්ත්වය අනුව සිල්වා මහතා එක පැත්තකින් නිවැරදිය. එහෙත් අමානුෂික ලෙස ඝාතනය කර වාහනයකට දමා ගිනිතබා රිය අනතුරක් බවට ඔප්පුකරන නීතියක් පවතින රටකට මෙය සුදුසුද? නිරපරාදේ සරත් ෆොන්සේකා මහතා හිරේ යැවීම, චුදිතයන් ආයුධ පෙන්විමට ගොස් අත්වන ඉරනම වගේ තත්ත්වයක් ඉදිරියේ සිතන්නට යමක් අපට ඇත. නිවැරදි අධිකරණ තීන්දු ලබා දෙන ස්වාධින සහ ශක්තිමත් නීතියක් රටේ පවතින බවට අපට විශ්වාස කළ හැකිද? ජනතාවගෙන් සමාව ඉල්ලන වැරදි අධිකරණ තීන්දු දුන් රටක ජීවත්වෙන බවද අපි අමතක නොකරමු.

:       126       113

S . A . Aluthgamage.Friday, 03 August 2018 01:20 AM

ඔබතුමාගේ අදහසට මාත් එකඟයි. අපේ තුවාලයේ වේදනාව දන්නේ අපි. එහි වේදනාව ලොව වෙන අයට අපට වගේම දැනෙන්නේ නැහැ. මන්ද යත්, තුවාලය ඒ අයගේ නොවන නිසා. ඒ නිසා අපගේ තුවාලයට බෙහෙත් දමා සුවකර ගන්න ඕනෙත් අපිමයි. නිසි බෙහෙත් නොදා තුවාලය උඩු දිව්වොත්, මරණයට පත්වන්නේ අපේ ලෙඩායි. ඒ කියන්නේ විනාශ වන්නේ අපේ රටයි. දැන් හෝ නොපමාව අපේ අයට කරන්න තියෙන්නේ කියව කියවා ඉන්නේ නැතිව සුදුසු දඬුවම ක්‍රියාත්මක කිරීමයි. එය අපේ රටේ යහපත වෙනුවෙන් කරනා දෙයක් නිසා කාගෙන්වත් උපදෙස් අවශ්‍ය නැහැ. කියමනක් තියෙනවා අනුන්ගේ පදේට නටන්න ගියොත් අන්තිමට දුවන්න වෙන්නේ කියලා. ඒ නිසා අපි නටන්න ඕනේ අපේම පදේට පමණයි.එහෙම නැතිව හැමෝගෙම පදේට නැටුවොත් අපට ඉතිරි වෙන්නේ පදේට උඩයාම විතරයි.

:       0       239

PerakumFriday, 03 August 2018 01:34 AM

ඇයි විකල්පයක් නැත්තේ? බන්ධනාගාර කොමසාරිස් ඇතුළු නිලධාරි මණ්ඩලය ගෙදර යවන්න. බන්ධනාගාර පරිශ්‍රය තුල ජංගම දුරකථන බ්ලොක් කරන්න. දැන් අවුරුදු ගණනාවක සිට කොමසාරිස් මේක කරන්න දෙන්නේ නැහැ. අමතර සාධක අවශ්‍ය නම් මේ කට්ටියගේ බැංකු ගිණුම් පරීක්ෂා කර බලන්න.

:       91       216

K Perera Thursday, 02 August 2018 08:06 PM

එතකොට පාතාලයන්ට ඔවුන්ට ඕනෑවිදිහට ඕනෑතරම් මිණීමරන්න කුඩු ජාවාරම් කරන්න පුළුවන්.. එතකොට ඔබතුමාගේ මනාපයත් කුඩු කාරයන්ට සහ පාතාලයන්ට තවත් මේ අපරාදවලට වක්‍රව සහයෝගයදීම නේද?

:       1       105

abaran Thursday, 02 August 2018 11:32 PM

මරණ දඬුවම නොව කිසිම දඬුවමක් දීමට කිසිම ආගමකින් කියවෙන්නේ නැත. ආගම සහ සමාජ නීතිය පටලවාගතහොත් සමාජයේ පරිහානිය ඉක්මනින්ම සිදුවේවි. ධර්මය පිළිපදින්නේ සීමිත පිරිසකි.

:       25       150

wimal Friday, 03 August 2018 12:52 AM

"නුතන සමාජයට ගැලපෙන පරිදි ..." යනුවෙනුයි උන් වහන්සේ කියා ඇත්තේ. තේරුම් ගනිමු.

:       0       2

Manjula Friday, 03 August 2018 02:52 AM

එහෙට එවන්නද කට්ටියම....... තියාගන්න එහෙනම්

:       1       12

Raveendra Friday, 03 August 2018 02:54 AM

අති ගරු ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ තුමනි!!! ඔබවහන්සේගේ අදහස් සමග අපද එකග වන්නෙමු එමෙන්ම " අපද කිසිවිට තවත් ජීවියකුගේ ප්‍රාණය නැති කරනවාට කිසිදු කැමැත්තක් නොමැතිබවත් " කිවයුතුය. නමුත් අපේ රට මුහුණපා තිබෙන මෙම භයානක උවදුර නැතිකිරීම කෙසේ වෙතත් පාලනය කිරීමට මරණ දඩුවම නැවත ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලාංකීය සමාජයට යහපතක් වෙනවා යන්න අපගේ එකම බලාපොරොත්තුවයි. ඔබවහන්සේගේ මෙම ප්‍රකාශයේ මෙම සමාජ ව්‍යවසන මුලිකත්වය ගෙන මෙන්ම තිරයේ පිටුපස සිටගෙන සියලුම අන්දමින් උදවු කරන " කාලකන්නි දේශපාලුවන් ගැනත් සදහන් කලානම් " මෙම ලිපියට මොනතරම් වටිනාකමක් ලැබේද යන්න වචනවලින් විස්තර කල නොහැකි බවත් සාමාන්‍ය ලෝකවාසීන් හැටියට අප සියල්ලෝම විස්වාස කරන්නෙමු. අපගේ මාතෘභූමිය මෙම සමාජ විරෝධී උවදුරට ගොදුරුවීමට මුලිකව ක්‍රියා ඇත්තෙත් එසේ කටයුතු කරන්නෙත් " කාලකන්නි මුසල උගත්, නුගත් දේශපාලුවන්වීම " මොනතරම් අවාසනාවක්ද ?????

:       11       57

Steve Friday, 03 August 2018 02:58 AM

ඉහත කියා ඇති ආකාරයට බන්ධනාගාර නිලධාරීන් පමණක් නොව අනිකුත් ආයතනද ස්වාධීනද? අහිංසක අයකුට මරණ දඬුමක් ලැබුනොත් වගකීම බාර ගන්නේ කවුද?

:       0       2

wimal Friday, 03 August 2018 08:55 AM

"එය නූතන සමාජයට ගැලපෙන පරිදි වෙනස් විය යුතුයි' කියලයි උන් වහන්සේ කියන්නේ...

:       90       77

emerson Friday, 03 August 2018 08:59 AM

ඉතිහාසය තුළ නම් ලෝකේ ගෝලාකාරයි කියලා කියපු විද්‍යාඥයින්වත් කතෝලික සභාවෙන් මරන්න හැදුවා. මේ මරන්න හදන්නේ ජීවිත නැතිකරන අයව... කොහොම වුනත් අපේ ජනාධිපතිතුමාගේ කඩුව වැනිල්ල ගැන ලෝකෙම දන්නවා.

:       4       321

Kris Friday, 03 August 2018 10:39 AM

කදිනල්තුමෙනි ඔබටත් වෙනස්වෙන්න කාලය ඇවිත් !

:       1       1136

ranjith Friday, 03 August 2018 01:24 PM

අපගේ ශිෂ්ට සම්පන්න සමාජයට මරණ දඩුවම ගැලපෙන්නේ නැත. නමුත් බරපතල අපරාද කර නැවත පුනරුප්තාපනය කල නොහැකි අපරාධකරුවන් සමාජයෙන් වෙන්කර තැබිය යුතුය. මොවුන්ව මෙසේ සමාජයෙන් වෙන්කර තැබීමට නොහැක්කේ අපගේ දුෂිත බන්දනාගාර පාලනය නිසාය. එකට දඩුවම අපරාධකරුවන් මරා දැමීම නොවේ. අපගේ බන්ධනාගාර පාලනය විධිමත් කිරීමයි. බන්ධනාගාරයේ ආරක්ෂාව STF එකට දුන්නනම් හොදයි වගේ.

:       1       42

Kumar (Gulf) Saturday, 11 August 2018 04:34 AM

මිලියන 35 ක් අන්‍ය ආගමිකයන් ඉතිහාසය තුළ මරාදැමූ කතෝලික සභාව දැන් වෙනත් බණක් දේශනා කරනවා.

:       1       51

thiwanka Monday, 13 August 2018 02:15 AM

මරණ දඬුවම එපා නම් එය නීතියෙන්ම අයින් කරන ඕනේ. අපේ නීතියේ තවම එය තිබෙනවා. වැරදි කරුවන්ට තවම එය ලබා දෙනවා. අපේ රටේ දැන් තිබෙන තත්වය අනුව මරණ දඬුවම තිබෙන එක හරි... ඒක ක්‍රියාත්මක නොකිරීම තමයි වරද...

:       0       10

ගිහාන් එල්. පී. ජයතුංග Monday, 13 August 2018 11:28 PM

ඇත්තටම මනුෂ්‍ය ජීවිතය පමණක් නොව සතෙකුගේ උවද ජීවිතය උදුරා ගැනීමට තවකෙකුට අයිතිය නැතත් එවැනිම ජීවිතය උදුරා ගැනීමක් නවතා දැමීමට ඇති හැකියාව සලු කොට තැකිය නොහැකි ය.(මත් කුඩු ඇබ්බැහිය-ලමා අපචාර-ස්ත්‍රී දුෂණ මගින්ද එකිනෙකාට තම ජීවිතය අහිමි වෙත්)

:       0       0

M.Saman Peiris Tuesday, 14 August 2018 01:46 AM

අපේ දරුවන්ගේ අනාගතය අදුරු වුණාට කමක් නැද්ද කුඩු කාරයෝ අපරදකාරයෝ වැඩි වෙලා අපේ රට විනාශ වුණාට කමක් නැද්ද අපේ රටේ ඉන්න අපරාද කාරයෝ ටික අරන් ගිහින් කැමති විදියට සලකල තියාගන්න ඔච්ච්ච්ර අමාරුවක් තියනවනම් ජාත්‍යන්තරයට..............

:       0       12

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 0 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 205 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 783 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 660 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 589 1

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 296 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1528 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site