IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සාධරණයි - අගරදගුරුතුමෝ කියති

සුජිත් හේවාජුලිගේ
 
මරණ දණ්ඩනයට ලක්ව හිරගෙවල්වල හිඳිමින් දරුණු අපරාධ මෙහෙයවන පුද්ගලයන්ට ඒ දඬුවම ක්‍රියාත්මක කිරීම සාධරණ යැයි මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ පැවසුහ.
 
අගරදගුරුතුමන් මේ බව පැවසුවේ කොළඹ රදගුරු නිවසේ අද (12)පැවැති ප්‍රවෘත්ති සකච්ඡාවකදීය.
 
සිරගෙවල්වල හිඳිමින් මෙවැනි අපරාධ කිරීමට ඉඩදෙන නිලධාරීන් සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් ක්‍රියාත්මක කළ යුතු බව උන්වහන්සේ කීහ.

(ඡායාරූපය හා වීඩියෝ  රොමේෂ් ධනුෂ්ක සිල්වා )



අදහස් (21)

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සාධරණයි - අගරදගුරුතුමෝ කියති

කුමාර් (ගල්ෆ්) Thursday, 12 July 2018 06:06 PM

ඔබතුමාගේ ප්‍රකාශයට ස්තුති,

:       14       875

Mahee Thursday, 12 July 2018 07:53 PM

ඔබ වහන්සේ, මේ මහපොළොවේ පය ගහල ජීවත්වන, රට ගැන සැබෑ ආදරයක් ඇති, අපේ රට ගලවගන්න සැබෑ උවමනාවක් තිබෙන උතුම් ශ්‍රී ලාංකික පුත්‍රයෙක්.

:       0       58

Bamunuarachchi Thursday, 12 July 2018 10:22 PM

කාදිනල්තුමනී ඔය කීවට කෙරේවිද කියා ලොකු සැකයක් තිබෙනවා.

:       0       7

මෝඩයා Thursday, 12 July 2018 11:37 PM

සහතික ඇත්ත. කුඩු හින්දා පවුල් පිටින් වැනසිලා යනකොට මෙතැනදී මැරෙන්නේ එකයිනේ. එක්කෙනෙක් මැරෙන එක හොඳයි දස දහස් ගණනක් මරනවට වඩා.

:       0       12

Dileepa Friday, 13 July 2018 12:22 AM

ආගමික නායකයෙක් නොකල යුතු ප්‍රකාශයක්.....

:       0       2

Chandima Friday, 13 July 2018 01:04 AM

මෙහෙමත් එකක් තියෙනවා. ඔය හිරේ ඉන්න මිනිසා ඔය වැඩේ මෙහෙයවූවා කියල පොලිසිය කියන කතාව හරියටම ඇත්තද කියල හොඳට තහවුරු කරගෙන තමයි අවසන් තීරණයට එන්න ඕනි.

:       0       0

kalani Friday, 13 July 2018 02:09 AM

මගේ මව්බිමේ ආරක්ෂාව වෙනුවෙන් ඔබ වහන්සේගේ අවංක අදහස් දැක්වීමට අපේ ගෞරවය.

:       0       51

Samathasena A . Aluthgama Friday, 13 July 2018 04:07 AM

අගරදගුරුතුමනි,ඔබතුමන්ගේ නිර්භීත නිවැරදි කතාවට අපගේ ප්‍රසංසාව.මේ සැබෑ තත්වය ජ්‍යාත්ත්යන්තර ක්ෂමා සංවිධානයට නොපෙනීම කනගාටුවට කරුණක්.

:       2       133

චතු පල්ලේ වැව Friday, 13 July 2018 04:08 AM

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට කලින් මොවුන් පිටුපස සිටින දේශපාලුවන් ගැන අනාවරණය කරගත යුතුයි.එසේ සාර්ථක අනාවරණයක් කරන පුද්ගලයින් බර වැඩ සහිතව ජීවිතාන්තය දක්වා මිනිස් වාසයෙන් තොර ටෙලිෆෝන් වෛ ෆ්ය් වලින් තොර සිරගෙයක සිරකළ යුතුයි. අනවරනයවුන දේශපලුවාව වහාම අත් අඩන්ගුවටගෙන පැය 24 ක් තුලදී නඩු අසා වැරදි කරු වුනොත් පැයක් තුල එල්ලා මැරිය යුතුයි.දෙස්පාලුවාව අත් අඩංගුවට ගන්න කතානායකගෙන් අවසර ගැනීම වැනි බොළඳ වැඩ නොකළ යුතුයි. මෙරටේ සිදුවන,ස්ත්‍රී දුෂණ,මංකොල්ල කම් මත් ද්‍රව්‍ය අතුල සියලුම ජරා වැඩ පිටුපස සිටින්නේ ඔය දියවන්නාව අසල සිටින මීහරක් රැලයි. ඔවුන් නැති දිනයක මේ රට නැවතත් වාසනාවන්ත රටක් වේවි...

:       1       30

Karunarathne Mawanalla Friday, 13 July 2018 04:17 AM

ගව්රවනීය අගරදතුමනි, නීතිය මගින් ඉතාමත් සාධාරනලෙස විභාගකල නඩු තීන්දු දීමේදී ක්‍රියාත්මක යුතු ආකාරය පැහැදිලිව සඳහන්කර තිබියදී , එසේ නොකිරීම නිසා තත්ත්වය බරපතලවී තිබේ. ජාත්‍යන්ත ර ක්ෂමා ආයතන වැනි අයුක්තියට උඩගෙඩි දෙන කාලකනිනීන් නිසා අපේ රට විනාශවීම වැලක්වීමට ඔබවහන්සේගේ ප්‍රකාශය ඉතාමත් ශක්තිමත්. ඔබ වහන්සේට මගේ ගව්රවනීය ස්තුතිය පිළිගන්වමි.

:       0       30

SATHYAPALA Friday, 13 July 2018 05:03 AM

කවදත් රටේ ජනතාවගේ හද ගැස්ම අදුනන නිවැරදිව හිතන්න හැකියාවක් ඇති ආගමික නායකයෙක් තමයි මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ !

:       1       32

anura Friday, 13 July 2018 05:25 AM

මම දැක්කා ජනාධිපතිතුමා කියනවා බන්ධනාගරය තුළ සිට මත් කුඩු ජාවාරම් කාරයින්, එම ජාවාරම් මෙහෙයනවා කියලා, ඒ කියන්නේ බන්ධනාගාරය තුළ සිට පවා අපරාධ කරුවන්ට තමන්ට කැමැති දේවල් කරන්න පුළුවන් බවයි. මේක නම් මහ හාස්‍යයට කරුණක්. මරණ දඬුවම දීමට කලින් හරියාකාරව බන්ධනාගාරය පාලනය කරන්න. නැතිනම් අනාගතයේදී මත් කුඩු අපරාධ වලට වඩා දරුණු ගණයේ අපරාධ සිදුවේවි.

:       2       304

anura Friday, 13 July 2018 06:51 AM

මරණ දඩුවම පළමුව දෙන්න ඕනනේ මේ රට විනසකරන අයට

:       5       33

kumara Friday, 13 July 2018 07:34 AM

ඇත්තටම මේ දේවල් කරන්නේ නැතිව ලංකාව හදන්න බැහැ. ඔබතුමාට ගොඩක් සතුතියි මේ ගැන කෙලින්ම ප්‍රකාශයක් කලාට. අපේ හාමුදුරු වරුත් දේසපාලන වාශි ගන්නේ නැතිව මේ වගේ කෙලින් කතා කරලා අපේ දුෂිත දෙසපාලුවන්ට කෙලින් දෙකක් කියනවනම් මේ රට හොඳට හදා ගන්න තිබුන.

:       7       79

banda Friday, 13 July 2018 08:10 AM

හිරේ ඉන්න අයට උදව් කරන ජෙලර්ලට මුලින්ම දඩුවම් දෙන්න ...

:       0       12

banda Friday, 13 July 2018 08:12 AM

අපේ ජනාධිපති තුමාගේ විසිල් විතරයි බල්ටි නෑ

:       4       95

පිටිගල මිලානෝ Friday, 13 July 2018 08:41 AM

ආයුධ සොයන්න ගෙනියන වැඩෙත් දැන් හරියට වෙන්නේ නැති නිසා මරණ දඬුවම දඬුවම් දී පැය විසිහතරක් තුළ ක්‍රියාත්මක කර ඊට ගාස්තුවක්ද අපරාධ කරුගේ දේපලින් අයකරගන්න.

:       1       75

Lal Friday, 13 July 2018 09:03 AM

රට හදන්න පෙරට එන්න.ඔබතුමාට ස්තූතියි.

:       1       2

de silva Friday, 13 July 2018 09:25 AM

ඔබතුමාගේ කෙලින් ප්‍රකාශයට ස්තුතිය පුද කරමි , නමුත් කණගාටුවෙන් වුනත් ප්‍රකාශ කරන්න ඕනේ බොරුවට ගැලරිය පිනවන කතා කීවට අපේ නායකයන්ට නම් ඕකට අත්සන්කරන්න තරම් කොන්දක් නැහැ එමනිසා , කුඩුකාරයෝ පෙර පරිදිම හිරේ ඉඳන් ඉදිරියටත් ජාවාරම් කරගෙන යාවි

:       0       12

KANDEPOLA Friday, 13 July 2018 09:32 AM

දේශපාලන වාසි, එන ජී ඕ සල්ලි වලට ප්‍රකාශ නිකුත් කරන කිඹුල් කඳුළුකාරයෝ වැඩි හරියක් ඉන්න රටේ, ආගමික නායකයෙක් වෙලත් කෙලින් ඇත්ත කතා කරපු එකට ඔබ වහන්සේට ප්‍රසංශා වේවා...!

:       1       14

Ruksha Friday, 13 July 2018 09:51 AM

බොහොම හොද තීරණයක්. මොකද අද රටේ අපරදකාරයෝ ගොඩක් ඉන්නවා . නියම වරදකරයට මේ දඩුවම බොහොම ගැලපෙනවා .

:       1       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහින්දානන්දට එරෙහි නඩුවක තීන්දුව දෙන්න දිනයක්
2024 අප්‍රේල් මස 25 36 0

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිල


පොල් ගෙඩියක් 4000 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 25 114 0

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය


මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 549 1

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 2072 7

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 217 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 758 5

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 314 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1696 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1541 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site