IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මරණ දඬුවමේ මුලටම කාන්තාවක්


 
විනීතා එම් ගමගේ
 
මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වීම හේතුවෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින්නන්ගේ ලැයිස්තුවේ මුලට සිටින්නේ කාන්තාවක් යැයි අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පැවැසුවාය. 


මත්ද්‍රව්‍ය ජාවාරමේ තවදුරටත් නිරත වී සිටින මරණීය දඬුවම නියම වූ අයට ඒ දඬුවම ක‍්‍රියාත්මක කළ යුතු යැයි ජනාධිපති තුමන් කී අවස්ථාවේ  එම දඬුවම නියම වී සිටින අයගේ ලැයිස්තුව ගෙන්වා බැලූ විට මේ බව පෙනී ගියේ යැයි ද අමාත්‍යවරිය කීවාය. 


තමන් රජය භාර ගන්නා අවස්ථාවේ රටම නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ගෙන්වන කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබු  බවත් ඇතැම් නිලධාරීන් ඊට සම්බන්ධ බවත් අමාත්‍යවරිය කියා සිටියාය. 


අතුකෝරල මහත්මිය මේ අදහස් පළ කළේ ස්වාභාවික ආපදාවන්ගෙන් විපතට පත් වු ජනතාවට සහන සැලසීමේ වැඩසටහන යටතේ කහවත්ත ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති චෙක්පත් බෙදා දීමේ වැඩ සටහනකට එක් වෙමිනි.


එහිදී තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරිය මෙසේ ද සඳහන් කළාය.


ඒ කාලයේ පාතාලය රාජ්‍ය අනුග‍්‍රහය යටතේ ක‍්‍රියාත්මක වුණා. අද පාතාලය කවුරු අකමැති වුණත් කැමති වුණත් අපි පාතාලය මර්දනය කරනවා. පාතාලය මෙහෙය වන කල්ලි කිහිපයක් කණ්ඩායම් කිහිපයක් අද ක‍්‍රියාත්මක වෙනවා. ඉඩම් මං කොල්ල කන පාතාලයක් හොර ඔප්පු හදාගෙන අහිංසක ජනතාවගේ ඉඩම් කොල්ල කන එකක් ක‍්‍රියාත්මක වෙනවා. 


තවත් පාතාලයක් තියෙනවා හෝටල් පාතාලය ඒක හික්කඩුව වැනි ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක වෙන්නේ. කිසි කෙනෙකුට ඒ පළාත්වල හෝටල් පටන් ගන්න බැහැ. මේවා අපි නැති කරන්න කටයුතු කළ යුතුයි. අහිංසක මිනිස්සුන්ට ජීවත්වීමේ අයිතිය ලබාදීමට පියවර ගත යුතු බව ද අමාත්‍යවරිය සඳහන් කළාය.


තමන්ගේ දූ දරුවන් ආරක්ෂා කර ගැනීම වැඩිහිටියන් දෙමව්පියන් වන ඔබගේ වගකීමක්. මේ රටේ කුඩු වැඩියෙන්ම එහාට මෙහාට ගෙන යන්නේ කාන්තාවන්වීම පිළිබඳව අපි කණගාටු වෙනවා. අපිට දැන් බන්ධනාගාරයත් අයිති නිසා එහි කටයුතු පිළිබදව අපි දන්නවා.


කාන්තාවක් තවත් දරුවෙක්ගේ තරුණයෙක්ගේ ජීවිත විනාශ කරන කුඩු එහාට මෙහොට ගෙනියන්න මුදලට යට වෙලා කටයුතු කරනවා නම් මහා ලොකු බෞද්ධකමක් ගැන කථා කළාට වැඩක් නැහැ.’’ යැයි ද අමාත්‍යවරිය  සඳහන් කළාය. 



අදහස් (15)

මරණ දඬුවමේ මුලටම කාන්තාවක්

gavesh Monday, 16 July 2018 11:50 AM

වැඩක් කරන නෝනා කෙනෙක්. කලින් තනතුරෙත් සැහෙන වැඩ ප්‍රමාණයක් කළා.

:       123       296

saman Monday, 16 July 2018 12:00 PM

හැම දේටම සම අයිතීන් ඉල්ලන ලෝකයේ කාන්තා පිරිමි භේදයකින් තොරව වැරදි කරුවන්ට අදාළ දඩුවම් දෙන්න

:       0       118

sirimal Monday, 16 July 2018 12:08 PM

ලොකුවට අඬබෙර ගහලා පටන්ගත්ත විශේෂ අධිකරණයේත් අහන්නේ සිල්ලර නඩු කියලයි ආරංචිය. මහා පරිමානයේ දුෂණ වංචා මිනීමැරුම් නඩු හරි හැටි ඔප්පු කර ගැනීමට අවශ්‍ය සාක්ෂි නැති බවයි කියන්නේ. මේ ජංජාලය වහන්නද කොහෙදෝ දැන් කොළ නැති ගහක් ඇදගෙන දඟලනවා. ඕකෙනුත් වෙන්නේ අනිත් සේරගෙන්ම වුනාවගේ ඇදගෙන නාන්න තමයි.

:       8       71

සතයපාල Monday, 16 July 2018 12:57 PM

මේක සමහරවිට කුමන්ත්‍රණයක් වෙන්න ඇති.. කාන්තාවගේ නම මුලට දැම්මේ. සාමානය සම්ප්‍රදායට අනුව ආසියාතික රටවල කාන්තාවන්ට මරණ දඬුවම දෙන්නේ නැහැ. ඒ නිසා වැඩේ ලත් තැනම ලොප් කරන්න හිතාගෙන කාන්තාවකගේ නම මුලට දැම්මා වෙන්න බැරි නැහැ.

:       2       220

BamunuarachchiMonday, 16 July 2018 03:06 PM

හලෝ "ලේඩීස් ෆස්ට්" කියන එක අහලා නැද්ද?

:       6       61

theshanMonday, 16 July 2018 03:10 PM

ඔබතුම දන්නා ආසියාවේ නම් එහෙම වෙන්න පුළුවන්, එ්ත් චීනයේ කාන්තා පිරිමි භේදයකින් තොරව මරණ දඬුවම් දෙනවා. දෙයක් කියන්න කලින් පොඩ්ඩක් හොයලා බලන්න. නැත්නම් අන්තර්ජාලයේ විමසලා බලන්න. මොකද මම දන්න ආසියාවේ චීනයත් අයත්. සෞදි ඇරුණාම වැඩියෙන්ම මරණ දඬුවම් දෙන රට තමයි චීනය.

:       84       77

සතයපාලMonday, 16 July 2018 04:25 PM

ආසියාවේ රටවල කාන්තාවන්ට මරණ දඩුවම දෙන බව දන්නවා. නමූත් ලංකාව ඉන්දියාව පකිස්ථානය බංගලදේශය බුතානය වගේ බහුතරයක් රටවල එය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසයි සාමානයෙන් සම්ප්‍රදායක් හැටියට කියලා විශේෂණ පදයක් දැම්මේ නැත්නම් මම ලියන්නේ " ආසියාවේ කාන්තාවන්ට මරණ දඩුවම දෙන්නේ නැති නිසා කියලා" භාෂාවේ වචන යොදන ආකාරය අවබෝධකර ගත්තම ලියනදේ වඩාත් පැහැදිලිව හා නිරවුල්ව ඔබට තේරුම් ගන්න පුළුවන් වේවී.

:       38       23

KapMonday, 16 July 2018 06:05 PM

මේ සත්‍යපාල හැමදේම දන්නවා. අපරාදෙ මේ වගේ මිනිස්සු ඉන්න ඕනෙ පාර්ලිමේන්තුවෙ.

:       8       5

sathyapalaTuesday, 17 July 2018 11:17 AM

ඉරිසියාවද දුකද ?

:       0       0

Bamunuarachchi Monday, 16 July 2018 01:58 PM

ඇස්දෙක බැඳගෙන තරාදියයි, කඩුවයි අතට ගත් ස්ත්‍රියට වරදකරු ගැහැනුද පිරිමිද කියා පෙනෙන්නේ නැත. එම නිසා නීතිය ක්‍රියාත්මක කරන්න.

:       1       44

sena Monday, 16 July 2018 02:15 PM

ගැහැණු, පිරිමි කතාවක් වැඩක් නැහැනේ.. තියෙන්නේ ලිස්ට් එක ජනාධිපතිතුමාට යවන්න. එතුමා තීරණය කරලා තියෙන්නේ දේශපාලකයන්ගේ සහයෝගයෙන් හෝ නිලධාරීන්ගේ සහයෝගයෙන් හෝ කුඩු ජාවාරම් කරන අයට නීතිය ක්‍රියාත්මක කරන්න. අනිත් කාරණය ලංකාවේ මුලින්ම කුඩු සඳහා මරණ දණ්ඩනය නියම කළේ ගැහැණියකට නෙවෙයි කියන එක අපි වගේම ඔබතුමිය දන්නවානේ (ඉතින් ඔබතුමිය මේ කුඩුකාරයෝ ගැන විශේෂ ලැදියාවක් නැත්නම්) ගැහැණියකගේ නමක් මුලට දාපු නිලධාරියාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඔබතුමියට පුළුවන්නේ.. ඉතින් එහෙම නීතිය ක්‍රියාත්මක කරේ නැත්නම් මහජනයා හිතයි ඔබතුමිය ලැදියාවන් අතර ගැටුමකට මැදිවෙලා කියලා.

:       1       13

arschfikaa Monday, 16 July 2018 09:29 PM

ඇස්දෙක බෙන්දගෙන කඩුවක් අරගෙන ඉන්නා ස්ත්‍රියට කියන්නකෝ

:       0       5

Rasika Monday, 16 July 2018 09:38 PM

ඔය අපේ රටේ ජනාධිපතිද ? අනේ මන්ද මෙවෙනකම් ඉතින් කරපු දෙයක් නම් හොයාගන්න බෑ.

:       0       26

රාජුන් Tuesday, 17 July 2018 03:05 AM

මම නම් කියන්නෙ එල්ලන්න නෙවෙයි මෙයාගෙ පින්තූරයක් දාල මුද්දරයක් නිකුත් කරමු. කුඩු ව්‍යාපාරයේ පුරොගාමී කාන්තාවක් කියා.

:       0       20

අචලා Thursday, 19 July 2018 08:37 AM

ඒක හොදයි. ඔය ගොඩක් කාන්තා සංවිධාන සමතැන ඉල්ලන්නේ හැම එකකටම? ඉතින් මරණිය දණ්ඩනයේදීත් සමලෙස සැලකුවාම මොකද වෙන්නේ? හරිනම් ඉදිරි ආරක්ෂක වළල්ලටත් කාන්තාවන් දාන්න ඕනේ. මේවට ඉතින් ඔය කොළඹ 7 අයනම් අහුවෙන්නේ නෑ, අහිංසක දුප්පත් කාන්තාවන් තමයි හැම එකකින්ම තැලෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 6 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 25 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2384 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1273 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 955 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 419 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site