IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මරණීය දණ්ඩනය සැළසුම් කිරීම ගැන එක්සත් ජාතීන්ගේ කණගාටුව

( තිළිණි ද සිල්වා )
 
ශ‍්‍රී ලංකාව තුළ මරණීය දණ්ඩනය නැවත ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නව මහකොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ජිනීවා හී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී පැවසුවාය.
 
ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 වන සැසිවාරයේදී  සාමාජික රටවල් අමතමින් සිදු කළ පළමු කතාවේදි ඇය මේ බව ප‍්‍රකාශ කර කර ඇත.
 
මානව හිමිකම් කවුන්සිලයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මිෂෙල්  බැලේ මහත්මිය කියා සිටියේ ශ‍්‍රී ලංකාව තුළ සංක‍්‍රමණික යුක්ති ධර්මය අර්ථවත් ලෙස ක‍්‍රියාත්මක කිරීම සඳහා බලධාරින් ඉතා සෙමින් ක‍්‍රියාත්මක වන බවය.
 
එබැවින් ශ‍්‍රි ලංකාව තුළ දිගුකාලීන ස්ථාවර භාවයක් ඇති කිරීම සඳහා බලධාරින් අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගත යුතු බව ඇය එහිදි වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත.
 
කෙසේවෙතත් අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීම සහ එහි කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් සැහීමකට පත් වන බව මිෂෙල් බෂෙල්ට් මහත්මිය පවසයි.
 
මානව හිමිකම් කවුන්සිලයේ 39 වැනි මහ සභා ලබන 28 වැනිදා තෙක් පැවැත්වෙන අතර ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ජිනීවා හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් ඊට සහභාගී වනු ඇත.මිට අමතරව සිවිල් සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් විසින්ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමට නියමිතය.
 
ශ්‍රී ලංකාවට සම්බන්ධයෙන් එකවර වාර්තා දෙකක් ඉදරිපත් වීම මෙවර සැසියේ සිදුවන බව ජිනීවා ආරංචි මාර්ග කියා සිටී.ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ ක‍්‍රියාකාරි කමිටු දෙකක් විසින් සැකසූ මෙම විශේෂ වාර්තා දෙක සැසිය ආරම්භක සතියේදීම සභාගත වනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.



අදහස් (3)

මරණීය දණ්ඩනය සැළසුම් කිරීම ගැන එක්සත් ජාතීන්ගේ කණගාටුව

Raveendra Tuesday, 11 September 2018 10:15 AM

ඔව් ඉතින් මෙසේ දඩුවම් දීල තියෙන්නේ අහිංසක මිනිසුන්ට වෙන්න ඇති. එතකොට මේ අහිංසක මිනිසුන් නිසා අගතියට පත්වෙච්ච පවුල් ,දු දරුවන් අම්මල තාත්තලා ගැන කනාගාටු වෙන්න "එක්සත් "නොවේ "බෙදුණු ජාතීන්ගේ සංවිධානයක්වත් නැහැ .... මේ තමයි පොඩි රටවල් විනාශ කරන බලවේග.....

:       0       8

Bamunuarachchi Tuesday, 11 September 2018 10:24 AM

අපේ රටේ මරණීය දණ්ඩනය ගැන ඔහෙලා කලබල වෙන්න එපා. රටට එපා එපා වූ අයටනේ මේ දඩුවම දෙන්නේ. පළමුව කුඩු කාරයින් දෙවනුව තුන්වෙනුව කවුරු ගස්යාවිද දන්නේ නැත. වැඩේ සම්පූර්ණ වන්නේ දේශපාලකයන් ගස්ගිය දාටය.

:       0       5

Dias Tuesday, 11 September 2018 12:43 PM

ලංකාවේ ඉතිහාසයේ එල්ලුම් ගසට නියම වුවන් ගැන සොයා බැලුවොත් පෙනෙන දෙයක් නම්, ඒ අය බොහෝ දෙනා දුප්පත් පරිසරයකින් පැමිණි අය බවකි. එයින් අදහස් වන්නේ පොහොසත් අය අපරාධ නොකරන අය බවද? එසේත් නැත්නම් මුදල් ඇති අය නීතිය තමන්ගේ වාසියට නමා ගන්නා බවක්ද? මා සිතන්නේ බොහෝවිට සිදුවන්නේ දෙවනුව සඳහන් කල දෙයයි. එම නිසා, රටේ නීතිය සැමට එකලෙස ක්‍රියාත්මක වන තෙක්, ලංකාවට මරණ දඬුවම සුදුසු නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 199 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 2259 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 525 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 1081 3

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 147 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 96 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1508 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1414 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site