IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මන්ද පෝෂණ දරුවාගේ පියා සහනාධාර එපා කියලා

තිස්සමහාරාමයේ බඩගින්නෙන් මියගිය දරුවාගේ පවුලට රජයෙන් ලබා දිය යුතු හැම ආධාරයක්ම ලබා දීමට නිලධාරීන් ක්‍රියා කර ඇතත්, දරුවාගේ පියා ඒවා ප්‍රතික්ෂේප කර ඇති බව සිදු කරන ලද පරීක්ෂණයෙන් හෙළි වී ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එම්.කේ. බන්දුල හරිශ්චන්ද්‍ර මහතා පැවසීය. 

එසේ පියා ප්‍රතික්ෂේප කළ ද ජීවිත්ව සිටින දරුවන් වෙනුවෙන් රජයෙන් ලබා දිය හැකි සියලු ආධාර උපකාර ලබා දීමට පියවර ගන්නා ලෙසට අදාළ නිලධාරීන්ට දිස්ත්‍රික් ලේකම්වරයා පෙරේදා (18) උපදෙස් දී ඇත. 

මව හෝ පියා එසේ ආධාර උපකාර ප්‍රතික්ෂේප කළ ද දරුවන් රැක බලා ගැනීම රජයේ වගකීමක් වන හෙයින් අදාළ ලේඛන රජයේ නිලධාරීන් විසින්ම පුරවා අත්සන් කිරීමට අපහසු නම් ඇඟිලි සලකුණු හෝ යොදා එම දීමනා ලබා දීමට පියවර ගන්නට තිබූ බවත්, දැන් එසේ කරන ලෙසට නිලධාරීන්ට උපදෙස් දී ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරයා කීවේය. 

නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය රුපියල් ලක්ෂ පහක ආධාරයක් ද මෙම පවුලට ලබා දී ඇති අතර නිවෙසකට අත්තිවාරම් පමණක් යොදා ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා කීහ. 

පියා මාළු විකිණීමේ රැකියාව කරන අයෙකු බවද, මවට එතරම් අවබෝධයක් නැති කෙනෙකු බවද හෙළිවී ඇති බව එම ප්‍රදේශයේ අදාළ නිලධාරීන් පවසා ඇත. 

හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ දීපිකා පටබැඳිගේ මහත්මිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය තම රාජකාරිය නිසි ලෙස ඉටු කර තිබෙන බවත් ඇය අතින් කිසිදු වරදක් සිදුවී නොමැති බවත් කීවාය. මේ දරුවා මියගොස් ඇත්තේ මවුපියන් දරුවා සම්බන්ධව දැක් වූ අඩු සැලකිල්ල නිසා බව මෙතෙක් සිදු කළ විමර්ශනවලදී හෙළිවී ඇතැයි ද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය පැවසුවාය. 

නිලධාරිනිය නියමිත දිනවල දී දරුවාගේ බර කිරා ඇති බවට සටහන් පොත්වල ලියැවී තිබෙන බවත් ත්‍රිපෝෂ ලබා දීමට පවා නිර්දේශ කර ඇති බවත් කී දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය හම්බන්තොට දිස්ත්‍රික්කය ළමා පෝෂණ මට්ටම අතින් දෙවන ස්ථානය ගන්නා දිස්ත්‍රික්කය බවට පත්ව ඇති බවත් කීවාය. 

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරයා අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු නිලධාරීන් පස් දෙනෙකුගෙන් වාර්තා කැඳවා ඇත. 

ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය, ග්‍රාම නිලධාරි, ආර්ථික සංවර්ධන නිලධාරි සහ සමෘද්ධි සංවර්ධන යන නිලධාරීන්ගෙන් මෙම වාර්තා කැඳවා ඇත. 

 



අදහස් (13)

මන්ද පෝෂණ දරුවාගේ පියා සහනාධාර එපා කියලා

roshan Thursday, 20 June 2019 07:47 AM

අනිවාර්යයෙන් දරුවාගේ පියාට තර්ජනය කරන්ඩ ඇති එහෙම කියන්ඩ කියල.

:       0       0

සේන Thursday, 20 June 2019 07:50 AM

පියා ආධාර එපා කියනවා ? මාධ්‍ය පියාගෙන් අහමුද ඒ ගැන ? හිතාගන්න බෑ එහෙම තත්වයක්.

:       0       0

Missaka Thursday, 20 June 2019 07:51 AM

මොන විහිලුවක්ද මේක!. සමෘද්ධිය ලැබෙන්ට ඕනේ මිනිසුන්ට නෙමයි ලැබෙන්නේ දේශපාලන හෙන්ච්චයියන්ටයි . රටකට ගිය කලක්!!

:       0       0

Uditha - London Thursday, 20 June 2019 08:15 AM

ඔව් මමත් පිලිගන්නවා... හැම දේටම අපිට රජයේ නිලධාරීන්ට දොස් කියන්න බැහැ.. මේ තාත්තගේ දුර්වල කමක් මෙතන තියෙන්නේ. මේ අම්මත් තාත්තත් අනවබෝධයෙන් වැඩ කිරීමක් සහ ඒ අයට උවමනාවක් නැති කමක් පෙනී යන්නේ..

:       0       7

විදුර Monday, 24 June 2019 10:23 AM

මමත් ඒ අදහස පිළිගන්නවා. මට තිබෙන අත්දැකීම් මත ක්ෂේත්‍ර රාජකාරි කරනකොට, ගොඩාක් නූගත්, ඒ වගේම කියන දෙයක් පිළිගන්න අකමැති, උද්දච්ච විදිහට තීරණ ගන්න මිනිස්සු නැතිවාම නොවෙයි. අදාළ ක්ෂේත්‍ර නිලධාරීන් තමන්ගේ රාජකාරිය කරලා ඇති. පවුල් සෞඛ්‍ය සේවක නිලධාරිනියකගේ වගකීමක් තමා තමාට අයිති ප්‍රදේශයේ සියලුම පවුල් වල දරුවන්ගේ, ගර්භනී මව්වරුන්ගේ සෞඛ්‍ය පිළිබඳව නිරන්තරයෙන් සොයාබලා ඒවා වාර්තා කිරීමත්, ඔවුන්ගේ සායනවලට ගෙන්වා ගැනීමත්, සායනයෙන් ලබාදෙන උපදෙස් පිළිපදින බවටත් එම නිලධාරිනිය විසින් වගකිව යුතුයි. නමුත් එම නිලධාරිනියට බෑ බලහත්කාරයෙන් ඒ දේවල් කරන්න...

:       0       0

Mahee Thursday, 20 June 2019 08:17 AM

අපට හරි ලේසියි නිලධාරීන්ට දොස් කියල ඇඟ බේරා ගන්න. නමුත්, දෙමවුපියන්ගේ අහංකාරකමට රජයක් මොනවා කරන්නද?

:       0       2

ravi Thursday, 20 June 2019 08:36 AM

මේ වගේ තාත්තලාගේ කැරැට්ටුව ගැනත් ටිකක් හොයා බලන එක මේ සහනාදාර නිලදාරීන්ගේද වගකීමක් වියයුතුයි .

:       0       0

Dilan Thursday, 20 June 2019 08:59 AM

ඔව් ඔව්. රජය ආධාර දෙන හැටි අපි දන්නවා. ඇඟේ ගහල දෙන්නේ. අපට ඕන්නැති නිසා බොහොම අමාරුවෙන් තමයි නොගෙන බේරිලා ඉන්නේ.

:       3       25

චමින්ද Thursday, 20 June 2019 09:25 AM

මෙම පියා කිසියම් දේශපාලන පක්ෂයකට සම්බන්ධව සිටීද බලන්න.

:       92       219

Chandima Thursday, 20 June 2019 10:45 AM

හරිම පුදුමයි! නිකන් දෙන හෙම්බිරිස්සවත් පැනල ගන්න රටේ මෙහෙම දෙන දේවල් එපා කියන මිනිස්සුත් ඉන්නවද? මොලේ අමාරුවක් තිබිලද?

:       0       0

Neil Thursday, 20 June 2019 01:44 PM

ආධාර දෙන්න අවශ්‍ය නැ. ඒ මනුස්සයට රජයේ රැකියාවක් දෙන්න

:       25       17

rasika Thursday, 20 June 2019 03:56 PM

කොහොමත් අර කොමිසම් දැම්ම වගේ මේවා ඔක්කොම වැරදි අන්තිමට ඔය පියාගේ පිටදාලා අදාල නිලදාරීන් ගැලවෙයි. ඔය ලිපි ලේඛන හදන්නෙත් ඔය නිලදාරීන්මනේ.. ඔය ආධාර ගන්න පුරවන්න ඕනේ ලියකියවිලි පුරවන්න මේ අයට දැනුමක් තියෙන්න නැහැ ඉතින් ඒ නිසා ඔය ආධාර නොදී ඉන්න ඇති, මේ දෙමව්පියන්ව හැමතැනම රස්තියාදු කරවන්න ඇති... අපි දන්නවනේ ඔය රජයේ සමහර කන්තෝරුවල වැඩ වෙන හැටි..

:       0       43

චමින්දFriday, 21 June 2019 01:37 AM

සහතික ඇත්ත නොතේරෙන ආකෘති පුරවන්න බැරිකමට එපා කියන්න ඇති. රජය තොරතුරු ගැනීමට ආකෘති සකස්කිරීමේදී පුදුගලයින්ගේ තරාතිරම අනුව ආකෘති සකස්කල යුතුයයි. ආයතන සංග්‍රහයේ රෙගුලාසි තිබුනත් සැමටම සකස්කරන්නේ එකම ආකෘතියම තමයි. මෙම පියාට ඒ ආකෘති නොතේරුන නිසා එපා කියන්නම ඇති. වර්තමානයේ සමහරක් නිළධාරීන් රජයම පත්කල රෙජිස්ටාර්ලා සහතික කර නිකුත්කල මරණ සහතික පිලිගන්නත් මැලිවෙනවා. මෙයින් සේවා ලාභීන් දැඩි අපහසුවට පත්වෙනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1621 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 794 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 660 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 334 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 573 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 530 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1504 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site