IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මන්ත්‍රී පුතා අත්අඩංගුවට නොගැනීමට විරෝධය

(පද්මා කුමාරී කංකානම්ගේ)
 
කල්පිටිය අන්තර් සමුද්‍ර පිරිවෙණේ සාමණේර හිමිවරුන්ට බැණ වැදී තර්ජනය කිරීම සහ බොදු සුසාන භූමියේ නාම පුවරු බිඳ දැමීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය සහාවේ පොදු ජන එක්සත් පෙරමුණු (පොහොට්ටුවේ)මන්ත්‍රී පුතා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් සාමකාමී උද්ඝෝෂණයක් එම පිරිවෙන ඉදිරිපිට මාර්ගයේ අද (1 ) පැවැත්විණි.
 
උද්ඝෝෂණයට එක්වූ, එම පිරිවෙනේ විදුහල්පති සහ කල්පිටිය ශාසනාරක්ෂක බළ මණ්ඩලයේ ලේඛකාධීකාරී මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් ප්‍රකාශ කළේ, සැකකරුවන් අඅඩංගුවට නොගැනීම පිටුපස ප්‍රදේශයේ ප්‍රබල දේශපාලන හස්තයන් ක්‍රියාත්මක වන බවය. දේශපාලනයට ගැති නොවී සිද්ධිය සම්බන්ධයෙන්  අපක්ෂපාතීව පරීක්ෂණයක් කරන ලෙස පොලිසියට බල කර සිටීම උද්ඝෝෂණයේ අරමුණ බව උන්වහන්සේ ප්‍රකාශ කළ සේක.
 
මෙම අවස්ථාවට සාමණේර හිමිවරුන් ඇතුලු භික්ෂූන් වහන්සේලා, ශ්‍රී අන්තර් සමුද්‍රික පිරිවෙන් විහාරයේ උපෝසත ශීලය සමාදන්ව සිටින උවැසිඋවැසියෝ රැසක් හා ප්‍රදේශවාසී ජනතාව ද සහභාගී වී සිටියහ.
 
පැයකට ආසන්න කාලයක් උද්ඝෝෂණයේ නිරත වූ පිරිස පසුව විසිර ගිය හ.
 
කල්පිටිය සහකාර පොලිස් අධිකාරී දුමාල් වීරසිංහ ඇතුලු නොරොච්චෝල පොලිසියේ විශේෂ පොලිස් භට කණ්ඩායමක් ද පැමිණ තිබිණි. නොරොච්චෝල වැඩ බලන පොලිස්ස්ථානාධීපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.මව්ශාන් මහතා ප්‍රකාශ කළේ සකරුවන් ප්‍රදේශය මග හැර ගොස් ඇති බව සහ සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වමින් සිටින බවය.



අදහස් (9)

මන්ත්‍රී පුතා අත්අඩංගුවට නොගැනීමට විරෝධය

ferna Thursday, 01 October 2020 11:37 AM

පුළුවන් අය මේ රට අතහැර යන්න... කවදාවත් සැනසිල්ලේ ඉන්න දෙන්නේ නැහැ මේ දේශපාලකයන්...

:       3       39

Nuwan Thursday, 01 October 2020 11:48 AM

නමට බෞද්ධ පාලකයෝ ඉන්නකොට මේවා වෙන එක අහන්න දෙයක්ද? අනික මේ කතෝලික අයටත් අන්තවාදී මුස්ලිම් අය වගේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා වගේ..

:       1       27

ravinThursday, 01 October 2020 07:58 PM

බුද්ධාගමේ නැතිද අන්තවාදියෝ...? ඒ අය තමයි මේ ලෙඩ අවුස්සන්නේ. එතකොට අනිත් ආගම්වල ඉන්න අන්තවාදියොත් ඇවිස්සෙනවා.

:       2       5

rocky Thursday, 01 October 2020 01:13 PM

එහෙම උද්ඝෝෂණ පවත්වන්න නරකයි..

:       29       3

Perera Thursday, 01 October 2020 06:25 PM

මේ මොන විකාරද, 20 ගෙනල්ලා මේවා ඔක්කොම නවත්තලා දාන්න ඕන.

:       7       2

Anagarika Friday, 02 October 2020 01:40 AM

සමහර පණ්ඩිත @rocky අදහස් දැක්වූයේ විරෝධතා දැක්වීම නරක බවය. මම කාරණය දකිමි. පාලක කොටසට විරෝධය දැක්වීම නරක නමුත් වෙන කිසිවක් හරිද? ශ්‍රී ලංකාවේ අපි ඒකාධිපතියාගේ කිරීටය බලාපොරොත්තුවෙන් සිටින අතර රාජපක්ෂ ගෝත්‍රය රාජකීය පවුලක් ලෙස උසස් කරනු ලැබේ. මා ජීවත් වන්නේ විදේශ රටක නමුත් විරෝධතා දැක්වීම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යටතේ ආරක්ෂා වේ.

:       0       6

Rata Perata Friday, 02 October 2020 06:34 AM

පත් වුන අදක්ෂම රජය.

:       2       9

samFriday, 02 October 2020 07:44 AM

2015 ඉඳන් 2019 වෙනකම් කොහේද හිටියේ?

:       2       1

පොල්ගහවෙල Friday, 02 October 2020 07:05 AM

මේක තමා එක රටක් එක නීතියක් . තව පටන්ගත්තේ නැ ,........

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 35 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 31 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 543 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 44 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1936 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 372 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 225 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1540 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site