(ඞී.කේ.රත්න)
පොලිස් කොස්තාපල්වරයෙකුට බණ්ඩාරවෙල නගරයේදී පහරදීම සම්බන්ධයෙන් සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ රියදුරා මෙම මස 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා අද (11) නියෝග කළේය.
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ ආරක්ෂක නිලධාරියෙකු සහ රියදුරු තමන්ට පහරදුන් බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු වන ගෝවින්දපිල්ලෙයි දිල්ශාන් සිවරාසා නැමති අය බණ්ඩාරවෙල දිසා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර එම නිලධාරිවරයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පහරදීම සම්බන්ධයෙන් බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීම සඳහා බණ්ඩාරවෙල පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම
සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්
ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මන්ත්‍රී චමින්ද විජේසිරිගේ රියදුරු රිමාන්ඩ්
Raveendra Monday, 11 February 2019 04:20 PM
දේශපාලුවන්ගේ රියදුරන් දේශපාලුවාගේ බලය අතට අරගෙන රගපෑම පිලිබදව මෙයත් එක හොද උදාහරණයක්.
dias Monday, 11 February 2019 04:25 PM
බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විනය අද ඉතා පහත් තත්වයකට අද වැටී ඇත. පසුගියදා මේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී කල පිහි හරඹ කිරීම්, මිරිස් කුඩු ගැසීම සහ පාරේ ගමන් කරන මහජනයාට පහර දීම වැනි දෙයින් මෙය හොඳින් පැහැදිලි වේ. මෙවැනි අයගේ විනය පිහිටුවිය හැක්කේ ජේ. ආර්. ජයවර්දන කලාක් මෙන් දින නොමැති ඉල්ලා අස්වීමේ ලිපි සියලු මන්ත්‍රීවරුන්ගෙන් ලබා ගැනීමෙනි. එවිට, වරදක් කල විට පක්ෂ නායකයා විසින් ලිපියට දිනය දමා තනතුරින් පහ වීමට ඇති බිය නිසා මොවුන්ගේ හැසිරීම යහපත් කර ගත හැකියි.
sarath perth Tuesday, 12 February 2019 12:05 AM
දේශපාලන හැතිකරේ කෝවේ දාලා මැකුවත් හදන්න බැහැ
Janahitha Tuesday, 12 February 2019 06:03 AM
විනය ගැන කතා කරලා වැඩක් නැහැ. මේ අය හැදෙන්නේ ජනතාව පත් කරන්න වගේම අස් කරන්නත් පුළුවන් ක්‍රමයක් හදාපු දාටයි. රියදුරෙක් නිකම්ම චන්ඩිපාට් දාන්නේ නැහැ අරගොල්ලන්ගේ උපදෙස් නැතිව.