(ටෝනි කරුණානායක)
පිවිතුරු හෙළ උරුමය පක්ෂ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතාගෙන් ප්‍රකාශයක් ගැනීමට අද(19) මිනුවන්ගොඩ පොලිසියේ පෙනී සිටින ලෙසට පණිවිඩයක් යවා ඇතත් ඔහු අද පොලිසිය හමුවේ පෙනී නොසිටි බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
ඉකුත් 13 වැනිදා රාත්‍රියේ මිනුවන්ගොඩදී සිදු වූ කළහකාරී සිද්ධිය වන අවස්ථාවේ එහි රැඳී සිටියැයි කියන චෝදනා සිද්ධිය සම්බන්ධයෙන් අද (19) මිනුවන්ගොඩ පොලිසියට ඔහුව කැඳවා තිබිණි.
එම පොලිස් පණිවිඩය රැගෙන ඒ මහතා පදිංචි පොලිස් වසම වන රාගම මහබාගේ පොලිස් නිලධාරීන් නිවසට ගිය බවත් එම අවස්ථාවේ ඔහු නිවසේ නොසිටි හෙයින් එම පණිවිඩය මධුමාධව යන අයගේ මවට දැනුම්දුන් බවත් මහබාගේ පොලිසිය මිනුවන්ගොඩ පොලිසිය වෙත දැනුම්දී තිබේ.
පොලිස් පණිවිඩයට අදාළව පොලිසිය හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයකට යාමට පොලිසිය නීතිමය උපදෙස් පතා ඇතැයි පවසයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මධුමාධව මිනුවන්ගොඩට ඇවිත් නෑ
kalu wijesinghe Sunday, 19 May 2019 02:37 PM
මදුමාධව මිනුවන්ගොඩ ඇවිත් නැද්ද? පොලිසියට ඇවිත් නැද්ද?
Jaya Sunday, 19 May 2019 03:13 PM
පුතාට දෙන්න ඕන පණිවිඩය අම්මට දීලා ආවේ නැත්නම් පුතාට වරෙන්තුවක් නිකුත් කරනවලු, මෙහෙමත් විගඩම් පොලිසියක්. මොකද පුතා රට පැනලා ගිහිල්ලද ?
Bamunuarachchi Sunday, 19 May 2019 03:43 PM
අම්මට කීව නිසාම පුතාට පණිවිඩය ලැබෙයි කියලා සිතන්න බැහැ. අදාළ පුද්ගලයාටම පණිවිඩය දුන්නොත් නේද හොඳ?
Lusena Sunday, 19 May 2019 04:00 PM
කලින් කට උත්තර ගන්න එන්න කියලා පැය 2ක් රස්තියාදු කරලා.., ආපසු අාවා කියලා මාධ්‍යවල ගියානේ.
sirimal Sunday, 19 May 2019 09:07 PM
කෙසෙල් කැන් කඩයක් කාලා තියෙන්නේ කොහෙද කියලා හොයලා බැලුවා නම්? සමහරවිට ඒ පැත්තේ පාරේ ඇවිදින්න ගියාද කවුද දන්නේ?
ranjith Monday, 20 May 2019 12:56 AM
මෙයා හිතාගෙන ඉන්නේ රටේ ප්‍රධානියෙක් කියලා... එ්කනේ මේ තරම් කයිවාරුව...
Sara Monday, 20 May 2019 02:39 AM
හරියට හරි.... උපරිම දඬුවම් දෙන්න. ඕක හෙනම හෙන විසබීජයක් අපේ රටට දැන්වත් ඔය කසිකබල් පක්ෂ තහනම් කරලා රට බේරගන්න කවුරුත්ම නැද්ද දෙයියනේ? අනේ මන්දා මොනවා වේවිද කියා අපිට මොවුන් හින්දා.. ?
Mohomad saly Monday, 20 May 2019 04:28 AM
අාවත් මොකෝ එයා කව්ද?
waruna Monday, 20 May 2019 05:59 AM
මොහුට විරුද්ධව දැඩි නීතිය ක්‍රියාත්මක කල යුතුය. මෙය පිළිගත නොහැක.
sirimal Monday, 20 May 2019 07:34 AM
හොයලා බැලුවේ නැද්ද ඊයේ කොහෙද කෙසෙල් කැන් කඩයකට පහර දීලා තියෙන්නේ කියලා? සමහරවිට ඒ පැත්තේ මහ පාරේ ඇවිදිමින් හිටියාද කියලා කවුද දන්නේ? අපි දැක්කා "විපක්ෂයේ ප්‍රබල දේශපාලඥයෙක් ළඟදීම අත්අඩංගුවට ගන්න යනවා" කියලා පත්තරේ තියෙනවා.