IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


මධුමාධව මිනුවන්ගොඩට ආ ජීප් රිය පොලිස් බාරයට

(ඉන්දිකා රාමනායක)
 
මිනුවන්ගොඩ නගරයේ  ඉකුත්  13 දින සිදු වු ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුවන අතරතුර  පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා ඇතුළු පිරිසක්  එම ප‍්‍රදේශයේ සැරිසරූ බව කියන සුඛෝපභෝගී ජිප් රථයක්   කිරිල්ලවල  වෑවල ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසක තිබී අද  (22) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
 
මේ සම්බන්ධයෙන් කැලණිය කොට්ඨාස  අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක්  වෑවල එම නිවසට ගොස් මෙම ජිප් රථය අත්අඩංගුවට ගෙන ගෙන ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
 
මධුමාධව අරවින්ද මහතා සමග සිද්ධිය වු දින රාගම, හා කඩවත ව්‍යාපාරිකයන් දෙදෙනක්  ද සිට ඇති බවත් ඔවුන් දෙදෙනා ද දැනට ප‍්‍රදේශවලින් පලාගොස් ඇති බවට ද තොරතුරු හෙළි වු බවද පොලිසිය පවසයි. මධුමාධව අරවින්ද මහතා   සිද්ධිය වු දින මෙම සුඛෝපභෝගී ජීප් රථයෙන්  මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ ස්ථාන කිහිපයක රැුදී සිටි බවට පොලිසි තොරතුරු ලැබුණ බව පොලිසිය කියයි.
 
අත්අඩංගුවට ගත් ජීප් රථය වැඩිදුර  පරීක්ෂණ සදහා මිනුවන්ගොඩ පොලිසියට බාර දී ඇත. මිනුවන්ගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.



අදහස් (8)

මධුමාධව මිනුවන්ගොඩට ආ ජීප් රිය පොලිස් බාරයට

Don Wednesday, 22 May 2019 03:00 PM

පිවිතුරු වැඩ දැන් දැන් එළිවෙනවා දැන් මොකද කියන්නේ?

:       0       0

Cisco Wednesday, 22 May 2019 03:11 PM

දැන් මරාගෙන මැරුණු බෝම්බකාරයන් පූස් පැටව් වගේ අහිංසක වෙලා. ගමේ කොල්ලෝ ත්‍රස්තවාදීන් වෙලා. ප්‍රදේශයේ සැරිසැරූ විපක්ෂ දේශපාලකයෝ ප්‍රචණ්ඩ ක්‍රියා මෙහෙයවපු මොලකාරයෝ වේද?

:       1255       430

janahitha Wednesday, 22 May 2019 03:52 PM

එදා එහි ගිය හැම දේශපාලකයෙක්ම අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කල යුතුයි.

:       11       688

Namal Wednesday, 22 May 2019 05:33 PM

දැන් එතකොට ජීප් රියද මේවට වග කියන්න ඕනේ ?

:       3       267

ferna Wednesday, 22 May 2019 08:04 PM

ජීප් රථයට කෝට්ටෙන් තලන්න ඕනෑ තනියෙන් ගමන් යනවාට...

:       0       0

වීරවිජේ Thursday, 23 May 2019 03:57 AM

ජීප් රිය රඳවාගෙන ප්‍රශ්න කරන්න.. ‌ප‌ොලිසිය නේද නැත්තං අං‌ග‌ොඩින්ද?

:       0       0

shan Thursday, 23 May 2019 04:34 AM

එදා එහි ගිය හැම දේශපාලකයෙක්ම අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ යුතුයි. මේ ගොල්ල තමයි කාදිනල්තුමා නිවලා තිබුණු ගින්න අැවිලුවේ. මෙයාලට ඕනේ කලේ රජය අපහසුතාවට පත්කරලා ජාත්‍යන්තරව අප්‍රසාදයට පත්කරලා ආණ්ඩුව පෙරලන්න. මෙයා විතරක් නෙවේ, දයාසිරිත් කලේ මේකමයි..

:       0       0

Nihal Thursday, 23 May 2019 03:48 PM

මිනිසුන්ට අහල පහල නගරයකට යන එකත් භයානකයි. අරුම පුදුම රටක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 812 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 1826 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 2110 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 1115 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 297 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 2263 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1641 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site