(විනීතා එම් ගමගේ)
මධුමාධව අරවින්ද මහතා නීතිවිරෝධීව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමටත් නඩු පැවරීමටත් එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුකරයක් ගොනු කර ඒ හරහා ඔහු නීතිවිරෝධීව අත්අඩංගුවට ගැනීම වළක්වන වාරණ ආඥාවක් තබා ගැනීමට පිවිතුරු හෙළ උරුමය කටයුතු කරමින් සිටින බව එම පක්ෂයේ ප්රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක මහතා ප්‍රකාශ කලේය.
පොලිසිය කි‍්‍රයාකරමින් සිටින ආකාරය පිළිබඳව කිසිදු විශ්වාසයක් නොමැති බැවින් මෙසේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ යුතු පැමිණිල්ල මේ වනවිට කෙටුම්පත් කරමින් සිටින බවත් දිසානායක මහතා කීය. මිනුවන්ගොඩ සිදුවු ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළ ප්‍රශ්න කිරීම්වලට කැඳවනු ලැබූ පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද පොලිසිය මඟහරමින් සිටින බවට පොලීසිය ප්‍රකාශ කරන බවට පසුගියදා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වාර්තා කර තිබුණ නමුත් ඔහු පොලිසියට ගියේ යැයි ද හෙතෙම සඳහන් කළේය.
2019.05.13 වන දින දිවුලපිටිය ප්‍රදේශයේ සිටි නාලක නම් හිතවතකුගෙන් මධුමාධව අරවින්ද මහතාට දවල් 12.30 ට පමණ දුරකතන ඇමතුමක් ලැබුණු බවත් ඒ අනුව නාලක හමුවීම ප.ව 7.00 ට නාලකගේ කාර්යාලයේ දී යොදා ගෙන ඇති බැවින් එහි යද්දී සිද්ධියට මුහුණ දී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
වෙනත් මාර්ගවලින් ගොස් මධුමාධව මහතා තම හිතවතා වූ නාලක හමුවිමට කලින් යොදාගත් පරිදි ඔහුගේ ව්‍යාපාරික ස්ථානය වෙත ගමන් ගන්නා අතර ඔහු එම ස්ථානයට පැමිණීමට හා පිටවීමට අදාළ සීසීටීවී දර්ශන තමන් සතුව ඇති බවත් කී ඒ මහතා අදාළ සීසීටිවී දර්ශන ද ඉදිරිපත් කළේය.
මෙම පිරිසෙන් සමහරු නිරපරාදේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බව හෙළිවී ඇතැයි ද එකී පනතේ 3 වන වගන්තිය යටතේ කරුණු වාර්තා කළහොත් ඇප ලබාගත හැකි වන්නේ මහාධිකරණයෙන් වන අතර එය ද විශේෂ හේතු මත පමණක් බව ද පෙන්වා දුන් දිසානායක මහතා මේ සිද්ධියේ දී විහාරස්ථානයකට රැස් වී සිටි දායක සභාව ද පන්සලේ චෛත්‍යයේ හුණු පිරියම් කරන්නට ආ කම්කරුවන් ද නායක ස්වාමින් වහන්සේ හමුවීමට ආ උන්වහන්සේගේ සොහොයුරා ද පන්සලේ ඇබිත්තයා ද අත්අඩංගුවට ගෙන තිබූ බව හෙතෙම හෙළි කළේය.
ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය ඇමතිවරයකු වු එඩ්වඩ් ගුණසේකර මහතා ප්‍රසිද්ධියේ කියා සිටියේ මිනුවන්ගොඩ සිද්ධියට මධුමාධව අත්අඩංගුවට ගත යුතු බව වන නමුත් එම සිද්ධිය සඳහා අභූත චෝදනා නගමින් මධුමාධව අත්අඩංගුවට ගැනීමටත් ඒ අනුව විපක්ෂය මේ ගැටුම් මෙහෙයවීම පිටුපස සිටින්නේ යැයි චෝදනා එල්ල කිරීමටත් ආණ්ඩුව පැහැදිලි උත්සහයක් තිබෙන බවත් පිවිතුරු හෙළ උරුමය ප්රචාරක ලේකම්වරයා කීය.
කෙසේ වෙතත් එම ගැටුම සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ සිටි බවට අනාවරණය වූ චමින්ද සිල්වා පළාත් සභා මන්ත්‍රීවරයා ද එඩ්වඩ් ගුණසේකර නියෝජ්‍ය ඇමැතිවරයා ද අත්අඩංගුවට ගැනීම තබා ප්‍රකාශයක් හෝ ලබා ගෙන නැතැයි ද ඔහු පෙන්වා දුන්නේය.
තුෂාර දිසානායක මහතා මේ අදහස් පළ කළේ පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ අද (21) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මධුමාධව නීතිවිරෝධීව අත්අඩංගුවට ගැනීමට එරෙහිව වාරණයක් ගන්නවා’
රවින් Tuesday, 21 May 2019 12:10 PM
හොරාට ඉස්සෙල්ලා කෙහෙල් කැන වැට පැන්නා වගේ.
hasan Tuesday, 21 May 2019 12:14 PM
ගිනි තියනකොට සිංහයෝ පොලිස් එ්කෙන් හොයනකොට මීයන් වගේ හැංගෙනවා... පණ බයට බොරු කියකියා හැංගෙනවා...
ටි ඉන්දික Tuesday, 21 May 2019 12:20 PM
හොරා වගේ බිම බලාගෙන මාරු වෙන හැටි දැක්කම මෙයා ගැන පොඩි ළමයින්ටත් තේරෙනවා.
sirimal Tuesday, 21 May 2019 12:24 PM
ලොක්කාගේ හැටියටනේ ගෝලයොත් වැඩ කරන්න ඕනෑ. තව පෝය කීයද ඇදගෙන යන්න තියෙන්නේ.
Sara Tuesday, 21 May 2019 02:31 PM
ඇයි මහලොකු චණ්ඩියා... පඩිය ඔයතරම් බය වරදක් කරලා නැතිනම් මොකට බය වෙනවද?