IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මධ්‍යම අධිවේගය කණුමතින් - පරිසර අධිකාරිය උපදෙස් දෙයි

(විනීතා එම් ගමගේ)
 
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී ජලවහන පද්ධතියට හානිවන හා ගංවතුර ඇතිවන ස්ථානවල දී පස් පිරවීම වෙනුවට කණුමතින් මාර්ගය ඉදි කිරීමට උපදෙස් දී ඇතැයි මධ්‍යම පරිසර අධිකාරිය  පවසයි. 
 
එම අධිවේගී මාර්ගය වෙනුවෙන් මේ වනවිට මධ්‍යම පරිසර අධිකාරිය ජලවිද්‍යාත්මක අධ්‍යයනයක් කරමින් සිටින බව ද එම අධිකාරිය කියයි. 
 
කඩවත හා දඹුල්ල අතරද පොතුහැර හා ගලගෙදර අතර ද මාර්ගය වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය මේ වනවිට පරිසර අධ්‍යයන වාර්තාවක් ඉදිරිපත් කර ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ අද (12) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කාන්ති ද සිල්වා මහත්මිය පැවැසුවාය . 
 
මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් කළ පාරිසරික අගැයිම් වාර්තාව මධ්‍යම පරිසර අධිකාරිය විසින් අධ්‍යයනයට ලක්කළ බවත් ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරියේ කොන්දේසිවලට යටත්ව ඉදිකිරීම් සිදුකිරීමට අවසර දුන් බවත් ඇය කීවාය. 
 
විශේෂයෙන් ගංවතුර තර්ජන ඇතිවිය හැකි ස්ථාන හා ජනතා දේපළ වැඩි වශයෙන් හානි සිදුවිය හැකි ස්ථාන පිළිබඳ අවධානය යොමු කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරියට උපදෙස් දුන් බව  කී සිල්වා මහත්මිය පොතුහැර හා ගලගෙදර අතර භූමියේ නායයෑම් වැනි ආපදාවන්ට ලක්විය හැකි බැවින් අවධානය යොමු කරන ලෙස ද දැනුම් දුන් බව සඳහන් කළාය. 
 
කෙසේ වෙතත් කණු මතින් මාර්ගය ඉදිකිරීම වඩාත් පරිසර හිතකාමි වන්නේ යැයි ද ඇය තවදුරටත් පැවැසුවාය. 



අදහස් (7)

මධ්‍යම අධිවේගය කණුමතින් - පරිසර අධිකාරිය උපදෙස් දෙයි

Ranjith Silva Thursday, 12 October 2017 01:04 PM

අඬන්න ඕනේ කිරි එරෙන්න. විරෝධය දැක්වූ සැමට ජය.

:       90       129

Perakum Thursday, 12 October 2017 01:58 PM

මේක ඉතා කාලෝචිත මෙන්ම අවම පරිසර හානිය සිදුවන ක්‍රමවේදයයි. කටුනායක අධිවේගී මාර්ගයටත් මේ යෝජනාව ගෙනාවා. පවතින කොළඹ කටුනායක දුම්රිය මාර්ගය උඩින් කණු මත හදන්න. එසේ කලානම් ඉඩම් අත්පත් කරන්න ඕන වන්නේ ඉතා අවම ප්‍රමාණයක්. පරිසර හා ජන ජීවිත හානිය ඉතාමත්ම අල්පයි. අපිට නොතේරෙන හේතුවක් නිසා එය ප්‍රතික්ෂේප වුණා.

:       0       178

Nandalal DE SILVA - FranceThursday, 12 October 2017 05:15 PM

මොකද්ද ඉතින් අප නොදන්නා හේතු? කාගේ හරි සාක්කුවට හරි බැංකු ගිණුමකට හරි ලොකු කුට්ටියක් වැටෙනවා නම් ඕනෑම දහජරා වැඩක් කරගැනීමට පුළුවන් රටකි, "සකල සිරින් පිරි සිරි ලංකාව" යනුවෙන් විරුදාවලිය ලැබූ "ඉන්දියන් සාගරයේ අ-මුතු ඇටය" නම් ලද අපේ මේ දිවයින ! අදාල පරිසර හිතකාමී ආයතනවලින් වටිනා උපදෙස් ලැබුනත් ඒවා තුට්ටුවකටවත් ගණන් නොගෙන හිතුමතේ වැඩ කර රට හා මහා ජනතාව අපහසුවට පත් කරන්නේ මෙවැනි අය තමා !!!!

:       0       49

naradha Thursday, 12 October 2017 02:45 PM

කණු මතින් අධිවේගී මාර්ග සැදීම සැමවිටම හොඳයි, නමුත්, එය වියදම් අධික ඇති විකල්පයක්. ඒ අධික වියදම, අවසානයේ ණයක් බවට පත් වී, මහජනයාගේ කර පිටම වැටෙයි.

:       64       231

Achala Wimalasiri Thursday, 12 October 2017 03:05 PM

මධ්‍යම පරිසර අධිකාරියේ එම නියෝගය ඉහලින්ම අගය කරමි.

:       0       21

සරත් Friday, 13 October 2017 01:28 AM

අනේ ඔන්න ඔහොම කොස්වත්තේ ලාෆ් වාහන හෝදන අංගනයේ හෝදන වාහන වල තෙල් ටික ලඟින්ම තියෙන කාණුවට හරවන එක නවත්වන්නකෝ. මේ එක තැනක් ,බොහොමයක් වාහන හෝදන තැන් එහෙමයි

:       0       77

ධම්ම Friday, 13 October 2017 03:02 AM

සුදුසු තැන කණු මත ඉදිකිරීම වියදම් අධික නොවේ.

:       4       36

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 565 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 110 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 807 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 823 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1219 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1100 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1533 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site