IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මද්‍රාසා පාසල්වල උගන්වන විදේශිකයන් ගැන මම හොයා බලනවා

 

මද්‍රාසා පාසල්වල උගැන්වීමට වීසා ඉල්ලමින් විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන අයවලුන් පිළිබඳව දැඩිව අධීක්ෂණය කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (20) පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ, පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවේදී යොමු කළ පැනයකට පිළිතුරු ලබාදෙමිනි.

එසේ පැමිණෙන පුද්ගලයන්ගේ පසුබිම, අතීත හැසිරීම සොයා නොබලා පාසල්වල උගැන්වීමට යෙදවීම වගකීම විරහිත ක්‍රියාවක් බවත්, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ එම පුද්ගලයන්ගේ තොරතුරු සොයාබැලීමට කටයුතු කළ යුතු බවත්, එම පාසල්වල උගන්වන පාඨමාලා, සිසුන් බඳවාගන්නා ආකාරය ඇතුළු කරුණු අධ්‍යාපන අමාත්‍යංශය විසින් අධීක්ෂණය කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කළ සමයේ සිට මද්‍රාසා පාසල්වල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාවට නැංවූ බවත්, යහපාලන රජය එය අඩාල කර දැමූ බවත් අමාත්‍යවරයා පැවසීය.

 



අදහස් (10)

මද්‍රාසා පාසල්වල උගන්වන විදේශිකයන් ගැන මම හොයා බලනවා

Prabha Friday, 20 November 2020 02:00 PM

කලින් කිව්වේ වහලා දානවා කියලා නේද?

:       2       10

sachith Friday, 20 November 2020 02:54 PM

මේ එන්නේ බොහෝදුරට පෙරහරේ කසකාරයෙක්. තව සතියකින්, දෙකකින් පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් කියලා තව කට්ටියක් අල්ලලා හිරේ දායි. ඊටපස්සේ කොරෝනාවෙන් මැරෙන මුස්ලිම් ආගමිකයන්ගේ මළසිරුරු භූමදානය කරන්න අවසර දෙයි.

:       2       6

Perera Friday, 20 November 2020 06:33 PM

නහින දෙහින හරියට පෙනෙන්නෙත් නැති කාලේ එක එක දේවල් හොයන්නේ නැතිව ගෙදර ගිහින් පිනක් දහමක් කරගෙන ඉන්න මහාචාර්යතුමෝ...

:       1       10

kalana Saturday, 21 November 2020 01:22 AM

තහනම් කරලා දාන්න කොන්ද පන නැහැ... 20 කරලා දුන්නනේ... රට බල්ලට ගියාට මොකද නේද?

:       3       12

BamunuarachchiSunday, 22 November 2020 01:41 AM

බොහොම පටු දර්ශනයක් තිබෙන්නේ නේද? අපේ මිනිස්සු බොහොමයක් රැකියාවල් කරන්නේ මුස්ලිම් රටවල... ඒ මිනිසුන් තමයි වැඩිම විදේශීය විනිමයක් රටට ගෙනෙන්නේ... අපි ඉස්ලාම් ආගමට විරුද්ධව කටයුතු කරනවා කියා ප්‍රචාරය කළාම ඒ රටවලින් අපේ මිනිසුන්ට රැකියාවල අහිමි කළාම මොකද වෙන්නේ...? රජයට නොවෙයි අපිට කරන්න පුළුවන් දේ අපි කරමු. මම ඔවුන්ගේ කඩ වර්ජනය කරනවා. ඔවුන්ට ඉඩම් විකුණන්නේ නැහැ. ගෙවල් කුලියට දෙන්නේ නැහැ.

:       0       0

BamunuarachchiSunday, 22 November 2020 01:44 AM

කතාව නම් ඊයේ ඉපදිලා වගෙයි. හලෝ 20 එන්න කලින් 19 කොරගෙන ගිය ගොයියෝ තමයි රටේ වටිනා අමාත්‍යාංශ 40ස් ගණනක් ඔවුන්ට දීලා තිබුනේ...

:       0       0

sam Saturday, 21 November 2020 01:59 AM

සෑහෙන ලොකු නින්දකින් පස්සේ නැගිටලා වගේ. දැන් පරක්කු වැඩියි.

:       2       9

some malli Saturday, 21 November 2020 10:23 AM

මැරිලා යන තැනකට ගෙනියන්න දෙයක් හොයාගත්තා නම් නරකද ?

:       2       10

Bamunuarachchi Sunday, 22 November 2020 01:32 AM

හොයලා බලලා මදි.. ඔවුන් මේ රටින් පන්නා දමන්න. මේ රටේ ඔය ආගම උගන්වන්න බහුස්‍රැතයින් නැද්ද?

:       0       0

fairoos Sunday, 22 November 2020 07:54 AM

මද්‍රසා පාසල්වල විතරද විදේශිකයන් ඉගැන්නුවෙ... සියලුම පාසල්වල උගන්වන විදේශිකයන් ගැන සොයා බලන්න. අන්තවාදීන් මද්‍රසා පාසල්වල විතරක් නෙමෙයි ඉන්නේ. නීතිය කාටත් පොදුවිය යුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 0 0

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 44 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 535 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 927 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 768 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 1042 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1686 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site