IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මද්‍රසා පාසල් මුස්ලිම් කවුන්සිලයකට පත්කිරීමේ කෙටුම්පත ඉවතට

(අජන්ත කුමාර අගලකඩ)
 
මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශය යටතේ මුස්ලිම් කවුන්සිලයක් පත්කර මද්‍රසා පාසල් එහි පාලනයට ගතයුතු බවට තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු ඇමැති අබ්දුල් හලීම් මහතා ඉදිරිපත් කළ කෙටුම්පතක් අද(21) කැබිනට් රැස්වීමේදී ප්‍රතික්ෂේප වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ වෙනුවට මද්‍රසා පාසල්, අධ්‍යාපන අමාත්‍යංශය යටතට ගැනීමටත්, එහි විෂයමාලා සැකසීම ජාතික අධ්‍යාපන ආයතනය මගින් සිදුකිරීමටත් කැබිනට් මණ්ඩලයේදී තීරණය වූ බව එම ආරංචි මාර්ග කියයි.

මද්‍රසා පාසල් මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයේ වෙනත් කවුන්සිලයක් මගින් පාලනය කිරීමට මුස්ලිම් ආගමික කටයුතු ඇමැතිවරයා ඉදිරිපත් කළ කෙටුම්පතට පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම් යන ඇමතිවරුන් විරෝධය පළ කර ඇති බවද වාර්තා වේ.

මෙම පාසල් අධ්‍යාපන අමාත්‍යංශය පාලනයට ගතයුතු බවත්, එහි විෂයමාලා ජාතික අධ්‍යාපන ආයතනය මගින් සකස් කළ යුතු බවත් ඇමැති චම්පික රණවක මහතා ප්‍රකාශ කර ඇත.

රවුෆ් හකීම් ඇමැතිවරයා එම අදහස් අනුමත කරමින් කැබිනට් මණ්ඩලයේදී කරුණු පැහැදිලි කර ඇති බව වාර්තා වේ.



අදහස් (6)

මද්‍රසා පාසල් මුස්ලිම් කවුන්සිලයකට පත්කිරීමේ කෙටුම්පත ඉවතට

මනෝ Tuesday, 21 May 2019 05:20 PM

විශිෂ්ඨ ක්‍රියාවක්. අපව රවටන බොරු රගපෑමක් නොවේවා.

:       0       5

දිලුම් Wednesday, 22 May 2019 04:11 AM

ඇමති මණ්ඩලය කියන එකෙන් යන්තම් හොද දෙයක් සිද්ධවෙලා. අහන්නත් සන්තෝෂයි. මුස්ලිම් ඇමතියට මොකද මේ තරම් අමාරුව ඔය පාසැල් ටික තමන් යටතේම තියා ගන්න. කොහොම උනත් අපි වෙනුවෙන් කල්ප කාලන්තරයකට පස්සේ මේ වගේ තීන්දුවක් ගන්න කොන්දක් තිබීම ගැන ඇමති මණ්ඩලය කියන එකට අපේ ස්තූතිය.

:       0       114

sumith Wednesday, 22 May 2019 05:24 AM

එයා නේද කිව්වේ කඩු වලින් සුසාන භූමි වල තණකොළ කපනවා කියලා..............

:       0       60

සේන Wednesday, 22 May 2019 05:27 AM

කොහොමද ඇමතියගේ ගේම. හරියට තණකොළ කපන්න කඩු ගෙනාවා කිව්වා වගේ තමයි. ප්‍රශ්නය කියන්නනෙ මේ වගේ අය තවම බලයේ ඉන්න එකයි.

:       0       0

Nuwan Wednesday, 22 May 2019 06:03 AM

කොහොමද ටිකිරි මොළේ?

:       0       3

lalithm Wednesday, 22 May 2019 08:01 AM

මද්‍රසා විතරක් නොවේ වෙනත් ආගම් වල දහම් පාසලුත් අධ්‍යාපන අමාත්‍යංශයට යටතට ගන්න ඕනේ. බුද්ධාගම වුනත් දහම් පාසල් වල උගන්නන්නේ නියම ගුරුවරු හෝ ඉගැන්වීම පුහුනුවුන අයවලුන් නොවේ. පුහුණුව නොලත් අයවලුන් ඉගැන්වීම හොඳ දෙයක් නොවේ.

:       481       37

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
2024 අප්‍රේල් මස 20 61 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 495 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 917 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 659 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1511 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 3022 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site