IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ තවත් 12ක් අත්අඩංගුවට

(නිමන්ති රණසිංහ)

කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැටලීම්වලින් ලබාගත් හෙරොයින් කූට ලෙස විකිණූ බව කියන සිද්ධියට අදාළව එම කාර්යංශයේ තවත් පොලිස් නිලධාරීන් 12දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(02) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම 12දෙනා අතර, පොලිස් පරීක්ෂකවරයෙකු සහ උප පොලිස් පරීක්ෂකවරයෙකු ද සිටින බව අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති පිරිසට, පොලිස් නිලධාරීන් 16දෙනෙක් සහ එක් සිවිල් පුද්ගලයෙක් ඇතුළත් වෙති.



අදහස් (20)

මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ තවත් 12ක් අත්අඩංගුවට

palitha Thursday, 02 July 2020 06:03 AM

දැන් වැඩේ නියෙමෙට යනවා, අර දරුණු අපරාද ගනයේ කියලා හිරේ ඉන්න අයටත් ඔහොමම වගේ කිව්වානම් හරිනේ.

:       0       188

සමන් - ඕමානයThursday, 02 July 2020 07:32 AM

නියමයි මේ ආණ්ඩුව කරන මෙහෙයුම. ඔක්කොම වැරදි කාරයින් අල්ලලා උපරිම දඬුවම් දෙන්න ඕනෑ. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය නවත්වන්න ඉන්න මේ උදවියම මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ ඉන්නවා නම්... පරණ කියමනක් මතක් වුණා "වැටත්, නියරත් ගොයම් කා නම් කාට කියමුද ඒ අමාරුව" !!!

:       0       155

පහන්Thursday, 02 July 2020 09:15 AM

නාකොටික් එකෙන් අල්ලන කුඩු කිලෝ දහස් ගණන් වලට කරන්නේ මොකක්ද කියලා කවදාවත් පොලීසිය හෝ අණ්ඩුව කියන්නේ නෑ. ඉඳලා හිටලා උසාවියේ නඩු ඉවර වුණු කුඩු විනාශ කරනවා පෙන්නනවා. නමුත් ඒවා කුඩුද, පාන්පිටිද කියලා දන්නේ නෑ...

:       1       8

ranja33 Thursday, 02 July 2020 06:04 AM

ඇත්තටම ඡන්දයක් ලංවෙනකොට හම්බෙන දේවල්.

:       737       505

raheem Thursday, 02 July 2020 06:06 AM

හොරුන්ගෙත් හොරු කම්බා හොරු.

:       0       205

Ruhunu Thursday, 02 July 2020 06:34 AM

ලංකාවේ රාජ්‍ය ආයතනවල වැඩිහරියක් ඉන්නේ ගන්න වැටුපට හරියට සේවයක් නොකරන, මිනිසුන් රස්තියාදු කරන, පගාවට වැඩ කරන අධම කොට්ඨාශයක් තමයි.

:       0       122

Suga Thursday, 02 July 2020 06:41 AM

අගය කළයුතු දෙයක්. නමුත්, කුඩු ලංකාවට ගේන්‍කොට අහු වුණාම මෙතරම් උනන්දුවෙන් පරීක්ෂණ කරන්නේ නැත්තේ ඇයි? කුඩු ගෙන්නන කෙනා අහුවෙයි කියලා බයේද?

:       3       34

Asanka Thursday, 02 July 2020 06:43 AM

ඡන්දයකට කරන්න පුළුවන් දේවල්...

:       305       109

sena Thursday, 02 July 2020 06:56 AM

දැනුයි ඇත්ත තේරෙන්නේ... නාකොටික් එකෙත් කුඩු මුදලාලිලා ඉන්නවා. කොහොමත් අල්ලන කුඩු හොරපාරෙන් එළියට යනවා වගේ... ඡන්දෙ ඉවර වුණාම මේ උදවියත් ආයෙත් නාකොටික් එකේම වැඩ බාරගනියි.

:       214       180

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 02 July 2020 07:05 AM

මෙවැනි වැටලීම් කොට මේ දූෂිතයන් අත්අඩංගුවට ගැනීම් වලට ස්තූතියි..! මෙවැනි තවත් දූෂිතයින් සිටියි නම් ඔවුන්ද අල්ලා පොලීසියේ කීර්තිය ආරක්ෂා කරගත යුතුයි. එසේම දූෂිත බන්ධනාගාර නිලධාරීන්ද ඇල්ලිය යුතුයි.

:       0       216

විපරමා Thursday, 02 July 2020 12:18 PM

එහෙම නොවෙන එකනේ සිද්ද වෙන්නේ... පහුගිය කාලවල මොනතරම් ඇල්ලුවද? මේ දේවල් පිටිපස්සේ ඉන්නේ දේශපාලුවන්.., බලපුලුවන්කාරයින්...

:       0       0

fairoos Thursday, 02 July 2020 07:24 AM

මේවා නිකන් ඡන්ද ප්‍රතිඵල විතරයි.

:       328       61

janahithaThursday, 02 July 2020 09:44 AM

සර්ව අසුබවාදී මනසක් එහෙම නම් ඔක්කොම නැවතත් යමුද? ගෝඨාභය නම් පුද්ගලයා කිසිවක් අත හරින කෙනෙක් නොවේ... පුළුවන් නම් කියලා බලන්න.

:       3       49

මුනසිංහThursday, 02 July 2020 09:50 AM

මේ වගේ හිතන අයත් රටක සිටිය යුතුයි. නැත්නම් කුඩුකාරයින්ට පැවැත්මකුත් නැහැනේ...

:       135       22

Raveendra Thursday, 02 July 2020 07:44 AM

දුප්පත්, අහිංසක මහජනතාවගෙන් එකතුකර ගන්න බදු මුදල්වලින් තුන්වේල යහමින් ගිල දමමින් සුරසැප විඳින මෙවන් කාලකන්නින්ගේ සියලු වතගොත හඳුනා ගැනුමට ඡායාරූප සමගම පල කරනමෙන් සියලුම ජන මාධ්‍යවලින් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.. මේ අයට කන්නට, අඳින්නට දෙන මහජනතාවට මේ පිළිබඳව සියලු තොරතුරු දැනගැනුමට අපට අයිතියක් නැද්ද යන්න අදාළ අායතනවලින් අප විමසීමට කැමැත්තෙමු.

:       0       705

සරත් Thursday, 02 July 2020 08:37 AM

මේ මත්ද්‍රව්‍ය ගෙන්වන අයට, එහෙමත් නැත්නම් ඔය කියන සපෝට්එක දෙන අයට නම් කිසිම කරදරයක් වෙන බවක් පෙනෙන්න නෑ. අනික, මේ දවස්වල වැටලීම් යන වේගය වැඩිද මන්දා...

:       1       0

රවී Thursday, 02 July 2020 09:16 AM

දැන් තේරෙනවනේ... කසිප්පු, කංසා, හේන් අල්ලපු ගමන් විනාශ කරන්නයි. කුඩු අහුවුණාම ඒ වෙලාවේම විනාශ කරන් නැති එකෙයි වෙනස..

:       9       20

gamini Thursday, 02 July 2020 09:16 AM

එල්ලන්න...

:       0       18

janahitha Thursday, 02 July 2020 09:42 AM

මෙවන් කාලකන්නින්ගේ සියලු වතගොත හඳුනා ගැනුමට ඡායාරූප සමගම පලකරන මෙන් සියලුම ජන මාධ්‍යවලින් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.

:       0       22

ලෙස්ලි හර්බට් විජේසිංහ Friday, 03 July 2020 01:52 AM

නාකොටික් අය ටික්ටොක් කරලා අන්තිමට කුඩුත් අරන් ටුක් ටුක් එකේ ගිහින් වගේ...

:       0       32

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 5 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 199 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 443 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 580 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 836 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 1250 2

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1687 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site