IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මත්තල ගුවන්තොටෙන් වාර්තා ගත ආදායමක්

(සුජිත් හේවාජූලිගේ සහ මංජුල මහික වීරරත්න)

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කළ දින සිට පසුගිය වසරේ නොවැම්බර් මස 20 වැනි දා දක්වා රුපියල් හතළිස් හතර කෝටි පනස් තුන් ලක්ෂ දහනමදහස් හය සිය පනස් හයක ආදායමක් උපයාගෙන ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (7) පැවසීය.

එම ගුවන් තොටුපළ විවෘත කළ දින සිට මේ දක්වා ගුවන් යානා දස දහස් දෙසියහයක් පැමිණ ඇතැයිද ඇමතිවරයා ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසුවේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා (ස.ජ.බ) වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එම ගුවන්තොටුපළ ඉදි කිරීම සඳහා ඇඇමෙරිකානු ඩොලර් මිලියන 247.7ක් වැයවී ඇතැයි පැවසූ අමාත්‍යවරයා ගුවන්තොටුපළ විවෘත කළ දිනයේ සිට 2020වසරේ නොවැම්බර් මස දක්වා මඟීන් සංඛ්‍යාව 58651ක් මඟීන් සංඛ්‍යාව 73513ක් පැමිණ පිටවගොස් ඇතැයිද කීය.

පසුගිය රජය සමයේදී මෙම ගුවන්තොටුපළේ වී ගබඩා කිරීමට කටයුතු කිරීම හේතුවෙන් එහි කටයුතු වලට බාධා එල්ල වූ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

 



අදහස් (9)

මත්තල ගුවන්තොටෙන් වාර්තා ගත ආදායමක්

Nihal Wednesday, 07 April 2021 03:09 PM

විකුණපු හම්බන්තොට වරායෙන් දෙගුණයක්...

:       2       12

මෝ Wednesday, 07 April 2021 03:33 PM

වාර්තාගත ආදායමක්? ඔය ගමන්ම වියදමත් ඉදිරිපත් කරන්නකෝ මහත්තයෝ. ලෝක වාර්තාගත පාඩුවකුත් ඇති...

:       17       56

BamunuarachchiFriday, 09 April 2021 03:36 PM

එගමන් සැපයූ රැකියා ප්‍රමාණයත් අහන්න. ඒ වියදමින් යැපෙන සුළු සේවකයාගේ සිට ආයතන ප්‍රධානියා දක්වා පවුල් ගැනත් අහන්න...

:       0       0

Pradeep Wednesday, 07 April 2021 05:04 PM

හැබෑටම.. ඒක නම් හොඳ ප්‍රවෘත්තියක්... ඒත් වියදම් ටික ගියාම ශුද්ධ ලාභය කීයද කියලත් කියන්න පුළුවන්ද? වාර්තාගත ආදායම් ගත්තට වැඩක් නෑ.. අපේ රටේ බොහොමයක් තියෙන්නේ වාර්තාගත වියදම්නේ...

:       0       7

සිරිබිරි Wednesday, 07 April 2021 06:55 PM

කටුනායක ගුවන් තොටුපළට ලැබෙන්න තිබ්බ මුදල් තමයි හම්බන්තොටට ලැබුණේ . පෙට්‍රල් ගහගෙන යන්න වෙනවා එහෙට . ඒවා ගැන කවුරුත් කතා කරන්නේ නැහැනේ

:       1       6

ජයන්ත Thursday, 08 April 2021 05:02 AM

මත්තල හදන්න ගිය වියදම ඇ. ඩො මිලියන 247 (රු කෝටි 4940) වසර 6 ක ආදායම රු කෝටි 44 යි. (ලාභය නොවේ ආදායම පමණි) හදන්න ගිය වියදම (ලාභය නොවේ) හොයන්න ගතවන කාලය අවු 672 යි.

:       2       13

mahesh Thursday, 08 April 2021 07:17 AM

ඉහළ ප්‍රතිචාර දැක්කම ලංකාවේ ජීවත් වෙන්නේ නියම ගෙම්බෝ කියලා හිතෙනවා. කටුනායක ගුවන් තොටත් වහලා ඉන්දියාවට ඇවිල්ලා පාරුවලින් තමයි ලංකාවට එන්න තියෙන්නේ...

:       0       1

MISHAL-MATARA Thursday, 08 April 2021 07:37 AM

කටුනායක එන ගුවන් යානා වලින් අදායම නවත්තලා, එකක් වහලා අනිත් එකෙන් හම්බ හරනවා... මාර සිස්ටම් එක

:       0       1

විපරමා Thursday, 08 April 2021 08:37 AM

කවද්ද දේසපාලුවෙක් හරියට ඇත්තක් කිව්වේ ? උන් කවදත් කෙරුවේ ජනතාව ගොනාට අන්දවපු එකනේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 52 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 30 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 115 1

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1727 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 508 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 611 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site