IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මට ඕන දෙනවක හාමිනේ වගේ මැරෙනකම්ම රඟපාන්න

2016-12-16-ent-29

උපේක්ෂා ස්වර්ණමාලි හැමෝම ආදරය කරන ජනප්‍රිය නිළියක්. නිරූපණ ක්ෂේත්‍රයෙන් කලාවට පිවිසි උපේක්ෂා අතිශය ජනප්‍රියත්වයට පත්වුණේ ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වූ ‘පබා’ ටෙලිනාට්‍ය මාලාව හරහා පබා ලෙසින්. ඒ ලැබුණු අසීමිත ජනප්‍රියත්වය නිසාම ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තු යන්නට පවා ඇය වාසනාවන්ත වුණා. මේ දිනවල නම් උපේක්ෂාගේ අලුත්ම පදවිය මව් පදවියයි. ජීවිතේ මේ ලැබූ උතුම්ම පදවිය ගැන උපේක්ෂා හදසරට කිව්වේ මෙහෙම.

 

උපේක්ෂා කොහොමද ජීවිතේ අලුත් වෙනස?

2016-12-16-ent-31වෙනස කියන්නේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස්වෙලා. තවම හැඩ ගැහෙනවා. ජීවිතය විඳින කාලයක් මේ. මව් පදවිය කියන එක ගැන අපි කොයිතරම් අහලා තිබ්බත් තේරුම් ගන්න උත්සහ කළත් අම්මා කෙනෙක් වෙන්නම ඕනේ හරියට තේරුම් ගන්න. පැහැදිලිවම සැහැල්ලුවට ගත යුතු දෙයක් නෙවෙයි. මොකද අද කාලේ දරුවෙක් වදන්න ලේසියි නමුත් හදන්න අමාරුයි. මේක සුන්දරයි හොඳයි සතුටුයි කියන්න පුළුවන් දෙයක් විතරක් නෙවෙයි ඒ බැරූරුම්කම තේරුම් අරන් සිහියෙන් ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕනේ. මම ජීවිතේ වටිනාම දෙයක් හැටියට දැන් මේ මව් පදවිය අත්විඳින්නේ.

 

පුංචි දෝණිට තිබ්බ නම?

ධනුජි ෂැනන් පෙරේරා.

 

දුවෙක් ලැබෙන්න ඉන්නේ කියලා කලින්ම දැනගෙන හිටියද?

ඔව් මට පුදුම ආසාවක් තිබ්බේ ඒ ගැන දැනගන්න. ඒ නිසා අපි කළින්ම දැනගත්තා.

 

කැමැත්තෙන් හිටියේ දුවෙක්ට ද ?

මෙහෙමයි. අවංකවම කියනවා නම් සමාජයේ කතා වෙන ආකල්ප එක්ක අපිටත් එහෙම ආසාවක් තිබ්බා. වාසනාවකට මම එක්කෙනෙක්ට කැමති වෙද්දී මහත්තයා කැමැත්ත අනිත් පැත්තට. නමුත් මම මුල් මාස තුන යද්දී තේරුම් ගත්ත දෙයක් තමා දුවෙක් ද පුතෙක් ද කියන දේ නෙවෙයි වැදගත් නිරෝගී දරුවෙක් කියන දෙය. අපේ රටේ තියෙන මේ ආකල්පවල තියෙන දුර්වලතා නම් පුදුම ඛේදනීය තත්ත්වයක්. මුල් දරුවා දුවෙක් වුණොත් හොඳ කියන අය ඉන්නවා වගේම පුතෙක් ලැබුණොත් හොඳයි කියන අය ඉන්නවා. ඒත් මම තේරුම් ගත්ත දෙයක් තමා දරුවෝ කියන්නේ අපේ ප්‍රශ්නවලට විසඳුමක්වත් අපේ වාසනාව පාදා ගන්න තියෙන දෙයක්වත් නෙවෙයි. අපේ පැවැත්මට අපි සමාජයට යහපත් දරුවෙක් දායාද කරන්න ඕනේ. අද කාලේ දුවෙක් ද පුතෙක් ද කියලා වෙනසක් නැහැ. දෙපාර්ශවයම පරිස්සම් කරගන්න හරි අමාරුයි.

 

ඔබට දරුවා ලැබුණේ සාමාන්‍ය දරු ප්‍රසූතියකින්ද සීසර් මගින්ද?

සීසර් මගින්.

 

ඇයි ඒ. එය ඔබේ තීරණයක් ද?

ඒක මම සහ මගේ මහත්තයා වගේම මගේ වෛද්‍යවරයා එක්ක කතා කරලා ගත්ත තීරණයක්. මගේ මහත්තයට ස්තූතිවන්ත වෙන්න ඕනේ මේ වෙලාවේදීත් දෙසැරයක් හිතන්නේ නැතුව සියලු වියදම් දැරුවා. මම දෙවියන්ට ස්තූතිවන්ත වෙනවා මට මේ වගේ මහත්තයෙක් ලබා දුන්නට.

 

බයක් තිබුණද ?

අනිවාර් යෙන්ම. පුංචි නෙවෙයි ලොකු බයක් තිබ්බා. මොකද අපිට සමාජයෙන් ඇහෙන දේවල් සහ අන්තර්ජාලය තියෙන නිසා අපි එක එක දේවල් හොයනවා වැඩියි. ඒ නිසා තමා බයක් තිබ්බෙ. හැබැයි කියන්න ඕනේ දරු ප්‍රසූතිය කියන දේ සාපේක්ෂයි. එක එක්කෙනාගේ මානසිකත්වය දරා ගැනීමේ ශක්තිය සහ වාසනාව ලැබීම මේ හැමදේම බලපානවා. මට වුණත් තිබ්බෙ අනවශ්‍ය බයක්. අද මම හිතද්දී මට දැනෙන එකම දේ තමා මට තිබ්බ ඒ අනවශ්‍ය බය ඇරෙන්න මට කිසිම ගැටලුවක් තිබ්බෙ නැහැ. මට ප්‍රසිද්ධියේ කියන්න තියෙන්නේ අම්මලට බය වෙන්න එපා මොහොතින් මොහොත තමන්ට එනදේට හොඳින් මුහුණ දෙන්න.

 

ජ්‍යොතිෂය විශ්වාස කරනවද?

නැහැ. මමත් මගේ මහත්තයත් දෙන්නම ජ්‍යොතිෂය විශ්වාස කරන්නේ නැහැ.

 

දෝණි කව්රු වගේ කියලද දකින අය කියන්නේ?

අනේ... දුකකට තියෙන්නේ දකින හැමෝම කියන්නේ තාත්තා වගේ කියලා. ඇත්තටම මගේ මහත්තයා ලස්සනයි එයාට ලස්සන ඇස් දෙකක් තියෙනවා. නමුත් මගේ පොඩි ආත්මාර්ථකාමීකමක් සහ ලෝබකමක් තියෙනවා ඒ නිසා මම මේ දවස්වල හොයනවා හොයනවා පොඩි හරි දෙයක් තියෙනවා ද කියලා මම වගේ. ඉතින් චූටි චූටි දේවල් ටිකක් තියෙනවා. නමුත් කල් වැඩියි ඒ ගැන කියන්න ඉතින්.

 

ශරීරයේ හැඩය පෙර පරිදි  පවත්වාගන්න මොනවද කරන්නේ?

එතනදීත් මට කියන්න තියෙන්නේ ආයෙමත් ඒවා නම් හරි බොරු කතා. මගේ අම්මා පවා මට කිව්වා දරුවෙක් ලැබුණට පස්සේ මහත් වෙනවා කියලා. ඒත් මගේ නම් එහෙම අනවශ්‍ය මහතක් ඇති වුණේ නැහැ. කලින්ට වඩා බර කිලෝග්‍රෑම් 3 ක් වගේ වැඩියි. ඊට අමතරව මවක් වෙද්දී වෙන වෙනස්කම් කිහිපයක් තියෙනවා. ඒවා නම් ස්වභාවිකයි. මම ඒවා නම් කවදාවත් කැතක් විදියට දකින්නේ නැහැ. අනික මම දුව ලැබෙන්න ඉන්නකොට ගොඩක් වතුර බිව්වා. ඇත්තම කියනවා නම් ජීවිතේ කවදාවත් බීපු නැති වතුර ප්‍රමාණයක් බිව්වා. ඒ වගේම මම හැමවෙලාවෙම පෝෂණය තියෙන කෑම වර්ග තමා ගත්තේ. පාන් පිටි වර්ග වලින් හදන ආහාර සහ කඩවල්වල තියෙන ආහාර ගත්තෙම නැති තරම්. බත් එක්ක එළවළු සහ මැල්ලුම් තමා වැඩිපුර ගත්තේ.

 

ආයේ කලාවට අවතීර්ණ වෙනවද?

ඔව් මම කලාවෙන් ඈත්වෙන්න නම් අදහසක් නැහැ. මම කලිනුත් කියලා තියෙනවා මට ඕනේ දෙනවක හාමිනේ වගේ මැරෙනකම්ම රඟපාන්න. ලංකාවේ අපි කලාව කළේ මුදල මුල් කරගෙන නෙවෙයි. ආත්මතෘප්තිය වෙනුවෙන්. අපේ අම්මා පවා මට නිතරම කියන දෙයක් තමා කලාව කියන්නේ දේවත්වයෙන් සලකන්න ඕනේ කියන දේ.

 

කොච්චර කාලයකින් ද ආය කලා කටයුතු පටන් ගන්නේ?

මම හිතාගෙන ඉන්නවා අඩුම අවුරුද්දක්වත් දරුවට මව් කිරි දෙන්නෙ. ඒ කාලයෙන් පස්සේ මම කැමති හොඳ නිර්මාණවලට ඇරයුමක් ආවොත් මම රඟපානවා.

 

මහත්තයාගේ ලැබෙන සහයෝගය?

මට වචන වලින් කියන්න බැරි තරම් ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඒ වගේම තමා මම කලා කටයුතුවල නිරත වෙනවට විරෝධයක් නැහැ. ඒ නිදහස මට උපරිමයෙන් ලබාදෙනවා. ඒ වගේම තමා මගේ අම්මවත් මතක් කරන්න ඕනේ. අපිට ලොකු සහයෝගයක් ලබා දෙනවා.

 

විදෙස්ගත වෙන්න බලාපොරොත්තුවක් නැද්ද?

මහත්තයාගේ ව්‍යාපාර කටයුතුයි අනිත් හැමදෙයක්ම ගැන හිතුවම නම් ලංකාව දාලා පදිංචියට විදෙස්ගත වෙන්න නම් බලාපොරොත්තුවක් නැහැ. නමුත් මම මහත්තයට දැන්ම කියලා තියෙනවා දරුවා උසස් පෙළ කළාට පස්සේ උසස් අධ්‍යාපනය හදාරන්න නම් රට යවන්න ඕනේ කියලා. බලමු ඉතින් ඒකට තව අවුරුදු 18ක් තියෙනවානේ.

 

දුවත් නිළියක් වෙන්න ඕනේ කිව්වොත්?

දරුවා තෝරාගන්න වෘත්තියට මම බලපෑම් කරන්නේ නැහැ. එයාගේ දක්ෂතාව ආසාව හඳුනාගෙන තමා මම මඟ පෙන්වන්නේ. නමුත් දෙයක් කියන්න ඕනේ. ඒ කාලේ වෙද්දීත් ලංකාවේ රංගනය ගැන හරියට හදාරන්න තැනක් තිබ්බේ නැත්නම් මම කියන්නේ පිටරටකට ගිහින් හරි නිවැරදි හැදෑරීමක් එක්ක රංගනයට එන්න කියන එක. මොකද මම අද දකිනවා ජැක්ලින්ට පූජාට අද අපේ රටේ තියෙන තැන. අපේ රටේ ඒ අයට වඩා දක්ෂ අය හිටියත් ඒ අයට තරම් වටිනාකමක් ලැබනේනේ නැහැ. ඉතින් මම කැමති නැහැ නමට නිළියක් වෙනවා දකින්න. මම කැමතියි හොඳ හැදෑරීමක් එක්ක රටට වටින කෙනෙක් වෙනවා දකින්න මගේ දරුවා. ඒක කලා ක්ෂේත්‍රය වෙන්න ඕනේම නැහැ දුව සූපවෙදිනියක් වෙන්න කැමතියි කිව්වත් මම ඒ අංශයෙන් හොඳට උගන්වනවා.

 

උපේක්ෂා, ජීවිතය ගැන ආපසු හැරිලා බලද්දී මොකද හිතෙන්නේ?

සතුටුයි. මම කවදාවත් හිතුවේ නැහැ. ලංකාවේ පදිංචි වෙන්න, නිළියක් වෙන්න ඒ විතරක් නෙවෙයි පාර්ලිමේන්තු යන්න. ඉතින් මේ හැම දෙයක්ම සිදුවුණේ මගේ ඉරණම අනුව. ගිය ආත්මයේදී මම කළ පින් පව් අනුව තමා මට මේ හැමදෙයක්ම ලැබුණේ. ඒක තමා මගේ එකම විශ්වාසය. ඉතින් මේ ආත්මේ තුළ අපි කරන දේවල් තමා මැරුණම ගෙනියන්න වෙන්නේ. මම ඒක දැඩිව විශ්වාස කරනවා. මට ඕනේ හොඳ පුරවැසියෙක් වෙන්න. ඒ වගේම හිතේ සැනසිල්ලෙන් ජීවත් වෙන්න.

 

I අනූෂා රණසිංහ

 

2016-12-16-ent-33
2016-12-16-ent-32
2016-12-16-ent-30
2016-12-16-ent-34



අදහස් (0)

මට ඕන දෙනවක හාමිනේ වගේ මැරෙනකම්ම රඟපාන්න

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 126 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 332 0

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 61 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 64 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 603 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 3365 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site