IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මට ඉන්නේ ආරක්‍ෂක නිලධාරීන් 10 යි

ආරක්‍ෂක නිලධාරීන් පිරිවරාගෙන යන්නේ යැයි බොහෝ දෙනා කීවද තමන්ට ලැබී ඇත්තේ ආරක්‍ෂක නිලධාරීන් 10 දෙනෙකු සහ පසුගමන් රථ දෙකක් පමණක් යැයි ආරක්‍ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

“ආරක්‍ෂක රාජ්‍ය ඇමැතිවරයා වශයෙන් මට ලැබී ඇත්තේ ආරක්‍ෂක නිලධාරීන් 10 දෙනෙකු පමණයි. ඔවුන් අතුරින් එක වැඩමුරයකදී සේවය ලබාගත හැක්කේ නිලධාරීන් 6 දෙනකුගෙන් පමණයි. වාහන වශයෙන් ඇත්තේ පසුගමන් රථ දෙකක් පමණයි”‍

“මා සෑම අවස්ථාවකදීම මගේ පෞද්ගලික වාහන මගේ ගමන් බිමන් සඳහා යොදාගන්නා අතරම කිසිම නිල නිවාසයක්ද  මෙතෙක් ලබාගෙන නැත” යයි ද රුවන් විජයවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටී. 

පසුගිය 15 වැනිදා මිනුවන්ගොඩ නගරයේ නිරීක්‍ෂණ චාරිකාවක යෙදුණු අවස්ථාවේදී තමන් සමග සිටි ඉහළ පෙළේ ආරක්‍ෂක නිලධාරීන් සහ අනෙකුත් භට පිරිස් කිසිම ආකාරයකින් තමන්ගේ ආරක්‍ෂක පිරිවරට අයත් නොවන බව ආරක්‍ෂක රාජ්‍ය ඇමැතිවරයා අවධාරණය කරයි.

වැඩබලන ආරක්‍ෂක ඇමැතිවරයා වශයෙන්, මිනුවන්ගොඩ නගරයේදී සිදුවූ අලාභ හානි නිරීක්‍ෂණය කිරීම සඳහා කළ චාරිකාවේදී පහත සඳහන් ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරීහුද එම අවස්ථාවට පැමිණ සිටියහ. 


■ සමස්ත මෙහෙයුම් අණදෙන නිලධාරී, මේජර් ජනරාල් එස්. ලියනගේ
■ රියර් අද්මිරාල් සුජීව පෙරේරා
■ එයාර් වයිස් මාෂල් ලෙනාඩ් රුද්‍රිගු
■ එයාර් වයිස් මාෂල් පායෝ
■ 141 වැනි සේනාංකයේ අණදෙන නිලධාරී, බ්‍රිගේඩියර් ජයවර්ධන
■ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් විජේසිංහ
■ මිනුවන්ගොඩ පොලිස්ථානාධිපති 

මෙම නිලධාරීන් ප්‍රදේශයේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් සොයාබැලූ අය බවත්, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට අමතරව යුද හමුදා මෝටර් සයිකල් කණ්ඩායමත්, සන්නාහ සන්නද්ධ රථ දෙකකුත් එම ස්ථානයේ තිබුණු අතර ඒවා ප්‍රදේශයට ආරක්‍ෂාව සැපයූ කණ්ඩායම් බවත් රාජ්‍ය ඇමැතිවරයාගේ නිවේදනයේ වැඩිදුරටත් සටහන් වේ. 



අදහස් (3)

මට ඉන්නේ ආරක්‍ෂක නිලධාරීන් 10 යි

දයාවතී Sunday, 19 May 2019 07:52 PM

මොකටද? 10ක් නොවෙයි එකක්වත් ඕනේ නෑ නොවැ... තනියෙම පාරෙ බැහැලි ඇවිදගෙන යන්න. ඔයාලා සන්හිඳියාවේ මහත්වරුනේ...

:       0       0

sisira Monday, 20 May 2019 02:56 AM

මේ ගොල්ලන් කියන්නේම ඇත්ත... ඒ හින්ද‍ා පිළිගන්නද?

:       1       207

kapila Monday, 20 May 2019 09:38 AM

හැබැයි පාරේ යනකොට වාහන 25ක් විතර යනවා. පාරේ ඉන්න මිනිස්සු කාණුවට බැහැලා මේ ගොල්ලන්ට ඉඩ දෙන්නට ඕනේ...

:       52       464

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 56 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 35 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 410 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 504 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 991 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 926 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site