(රංජන් කස්තුරි)
කොළඹ ඇතුළු ස්ථාන කිහිපයක බෝම්බ පිපිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 7 දෙනෙකු අද (21) පස්වරුව වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය.
මෙම බෝම්බ පිපිරීම් මාලාව කිසියම් කණ්ඩායමකගේ සංවිධානාත්මක ක්‍රියාවක් විය හැකි යැයිද රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය.කොළඹ ආරක්ෂක අමාත්‍යාංශයේ අද (21) පස්වරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවකදී රුවන් විජයවර්ධන මහතා එසේ කීය.
මෙම බෝම්බ පිපිරීමට විදේශයක බලපෑමක් හෝ විදේස් රටක කණ්ඩායමක බලපෑමක් තිබේද යන්න පිළිබඳව තහවුරු කරගෙන නැතැයිද ඇමැතිවරයා පැවැසීය.මේ අතර එම හමුවේදී අදහස් දැක්වූ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සඳහන් කළේ රාජ්‍ය බුද්ධි අංශ මගින් යම් සිදුවීමක් විය හැකි බවට වාර්තා ලබාදී තිබූ බවය.
එම වාර්තාවලට අනුව අවශ්‍ය කටයුතු හා යම් පියවරක් ගනිමින් තිබූ බවද ආරක්ෂක ලේකම්වරයා කීය.රටපුරා වැදගත් ස්ථාන හා ආගමික ස්ථාන වලට අද දහවල් සිට දැඩි ආරක්ෂාවක් සැපයූ බවද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේය.
(ඡායාරූප - ඩික්සන් වසන්ත)
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බෝම්බ පිපිරීමේ සිද්ධීන්ට සැකපිට පුද්ගලයින් 7ක් අත්අඩංගුවට
Don perera Sunday, 21 April 2019 04:22 PM
රටේ කරුමෙට පහළ වූ ඇමැතිවරු...
sanju Sunday, 21 April 2019 04:24 PM
මුස්ලිම් පල්ලිවලට ආරක්ෂාව දුන්නේ... කිසිම මුස්ලිම් නායකයෙක් හෝ මුස්ලිම් ආගමික නායකයෙක් මේ අපරාධ තරයේ හෙළා දකිනවා කියා ප්‍රකාශ කරන්නේ නැත. ඒ ඒ අයගේ හැටි.. නමුත් අපේ අයට මේවා තේරෙන්නේ නැහැ.
chathuri Sunday, 21 April 2019 04:29 PM
මොවුන්ට දෙන්න පුළුවන් උපරිම දඩුවම දෙන්න මිනිසුන්ට දැනෙන සේ, දන්නා විදියට මුස්ලිම් අන්තවාදියෝ මෙය පිටුපස ඉන්නේ.