(තුසිත කුමාර ද සිල්වා)
ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මකව පවතින මේ දිනවල බේරුවල ධීවර වරාය පරිශ්‍රයට ඇදී එන අධික ජනතාව අවම කිරීම සඳහා හෙට(01) සිට බේරුවල ධීවර වරාය පරිශ්‍රය තුළ ගොඩබාන සියලු මත්ස්‍ය තොග සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා ධීවර සංස්ථාව මගින් මිලදී ගැනීමට එකඟතාවක් ඇතිකරගෙන ඇතැයි බේරුවල ධීවර වරාය කළමනාකරු එඩ්වඩ් දයාමාල් මහතා අද (31)පැවසීය.
ධීවර සංස්ථා මිලදී ගන්නා මත්ස්‍ය තොග යම් හෙයකින් අතිරික්ත වුවහොත් සෙසු මසුන් පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළෙඳපොළ වෙත බේරුවල ධීවර වරාය මගින් යොමු කර කඩිනමින් ව්‍යාපාරිකයන්ට අදාළ ගෙවීම් සිදු කරන බවත් හෙතෙම පැවසීය
මේ අතර හෙට(01) සිට බේරුවල වරාය පරිශ්‍රය තුළ මසුන් තොග සිල්ලර විකිණීම නැවත දැනුම් දෙන තුරු කිසිදු පුද්ගලික අංශ වලට නවතා දමා ඇතැයි ද පවසයි .
කොයිඩ් වෛරසය පැතිරයාම බේරුවල වඩාත් වර්ධනය වීම හේතුවෙන් විශාල ජනතාවක් වරාය පරිශ්‍රයට එක්රොක් වීම අවම කිරීම හේතුවෙන් හා වරාය පරිශ්‍රයට ලැබෙන මත්ස්‍ය තොග කඩිනමින් අලෙවි කර ධීවරයන්ට හා බහුදින යාත්‍රා හිමියන්ට සහන සැලසීමේ අරමුණින් සෞඛ්‍යය ,ආරක්ෂක සහ වරාය කළමනාකාරිත්වය රජයේ ඉහළ පෙළේ උපදෙස් මත මෙලෙස ක්‍රියා කිරීමට සාමූහිකව එකඟතාවයකට පැමිණි බව පවසයි .
ඉකුත් දින කිහිපය තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේ විශේෂ කාර්ය බලකාය සහ ශ්‍රී ලංකා පොලිසිය ඒකාබද්ධ බේරුවල ධීවර වරාය ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳ සිය කෘතඥතාව පළ කළ බවද වරාය කලමනාකාර එඩ්වඩ් දයාමාල් මහතා වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බේරුවල ධීවර වරායේ සියලු මත්ස්‍ය තොග මිලදී ගැනීම් හෙට සිට ධීවර සංස්ථාවට
de silva Tuesday, 31 March 2020 12:30 PM
අරගෙන නිසි විදිහට බෙදල දෙනව නම් කමක් නැහැ .
Anton Austria Tuesday, 31 March 2020 01:16 PM
ඇත්තටම මෙය හොඳ දෙයකි . මා දැක්කා මිනිස්සු හැසිරෙන්නේ බල්ලෝ බලල්ලු වගේ බේරුවල වරායට කොරෝනා ට ඇතුල්වෙන්න බෑ වගේ . ගියේ නැත්තං රස්සාවට සල්ලි නෑ.... කන්න බොන්න ඇත්ත ඒක . නමුත් ඔබලා හිතලා බලන්න හම්බ කරන්නන් අයේ දවසක ගිහින් රස්සාවක් කරන්නත් ඔබ ලෙඩක් දුකක් නැතුව ජීවත් වෙලා හිටියොත් නේද රස්සාව කරන්න පුලූවන් වෙන්නේ ඕක තේරෙන්නේ නැහැ ..