IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


බේරුණු ධීවරයා බිහිසුණු මොහොත ගැන විස්තර කරයි

(ජේ.කේ.එල් චාමින්ද)

‘‘බෝට්ටුව නැවේ හැප්පුණු ගමන් මං විසිවෙලා මුහුදට වැටුණා. උදේ 10.00 වෙනකම් බොට්ටුවේ එල්ලිලා හිටියා‘‘ යැයි මලිදුපුතා බහුදින යාත්‍රාව  නැවක හැපීමෙන් සිදු වූ අනතුරෙන් දිවි බේරාගත් එකම ධීවර කාර්මිකයා වන (26)  හැවිරදි එරන්ද පුෂ්පකුමාර සිද්ධිය පිළිබඳ කීවේය.

මලිදුපුතා බහුදින යාත්‍රාව බේරුවල ධීවර වරායෙන් පෙරේදා (11) පස්වරුවේ පිටත්ව ගොස් තිබේ .මසුන් ඇල්ලීම  සඳහා බහුදින ධීවර යාත්‍රාවේ හත් දෙනෙකු ගමන් කොට ඇත.

මහ මුහුදේදී සිදුවූ මෙම අනතුරෙන් හය දෙනෙකු මිය ගොස් ඇති අතර ඉන් ධීවර කාර්මිකයෝ සිව් දෙනකුගේ මළ සිරුරු අද (12) රාත්‍රී නාවික හමුදාව මගින් ගාලු වරායවෙත රැගෙන එනු ලැබීය.

ධීවර කාර්මිකයින් දෙදෙනෙකු අතුරුදන් වී ඇතිඅතර දිවි බේරාගත් එරන්ද පුෂ්පකුමාර බිහිසුණු සිද්ධිය විස්තර කරමින් මේසේ කීවේය.

      ‘‘ඊයේ (11) සවස හයට විතර බේරුවල ධීවර වරායෙන් අපි පිටත් වුණා. බහුදින ධීවර යාත්‍රාවේ ධීවර කාර්මිකයින් හත් දෙනෙකු ගමන් කළා. ස්කිපර් විදියට කටයුතු කළේ කල්හාර අයියා.

අපි නාවික සැතපුම් 60ක් විතර ගියා මසුන් ඇල්ලුවේ නැහැ. රාත්‍රී 12.00 විතර වෙනකම් බෝට්ටුව අරන් ගියේ මම.රාත්‍රී 12.00ට විතර බෝට්ටුවේ වීල්එක  කල්හාර අයියාට  දුන්නා. පැයක්වත් ගියේ නැහැ.මම යාත්‍රාවේ පසු පසට වෙන්න නිදාගෙන හිටියේ . එකවරම බෝට්ටුව නැවේ වැදිලා පෙරලුනා.

මම මුහුදට විසිවුනා. මම පිනලා ඇවිත් බොට්ටුවේ එල්ලිලා හිටියා. නැව ළඟටම එනකම් දැක්කේ නැහැ.බොට්ටුවේ ඇතුලේ හිටපු අය හිරවුනා. බෝට්ටුව අනිත් පැත්ත ගැහුවා.

මම උදේ 10.00 වෙනකම් බෝට්ටුවේ එල්ලිලා හිටියා. පස්සේ මේ ගැන වෙනත් නැවකින් දැනුම් දීලා තිබුණා.

නාවික හමුදාවේ මහත්වරු ඇවිත් මාව බේරගත්තා.  බෝට්ටුව නැවේ හැප්පෙන්න පැයකට විතර කලින් තමයි මම බෝට්ටුවේ විල් එක කල්හාර අයියාට දුන්නේ ‘‘ යැයි එරන්ද පුෂ්පකුමාර කිවේය.

මියගිය ධීවර කාර්මිකයින් සිව් දෙනාගේ මළ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෙට (13) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැත්වීමට නියමිතය.

ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය බී.ජි.එන් කරුණාතිලක මහතාගේ නියෝගයකට අනුව මළ සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කොට තිබේ.



අදහස් (6)

බේරුණු ධීවරයා බිහිසුණු මොහොත ගැන විස්තර කරයි

Perakum Thursday, 13 September 2018 12:32 AM

මේ මගේ පෞද්ගලික අදහස. ජීවනෝපායක් ලෙස අහිංසක සතුන්ගේ දිවි නැසීම සුබ පල ගෙන දෙන්නක් නොවේ.

:       147       24

Arundathi Thursday, 13 September 2018 03:51 AM

කෝ මේවට නීති ? මේ මාස කීපයට කොච්චර අසරණ ධීවර ජනතාව කීදෙනෙක් නැති වුනාද ? මොකක්ද ධීවර අමාත්‍යංශ, සංස්ථා, නාවික හමුදාව කරන්නේ ? මොනවද පළාගිය නැව අල්ලන්න කරන්නේ ? මිනීමැරීමේ වරදට නැවේ කපිතාන් ඇතුලු පිරිසට මොකක්ද ගන්න ක්‍රියාමාර්ගය ?

:       459       476

dammi Thursday, 13 September 2018 07:07 AM

ඔය මරණ බය අහිංසක මාලුන්ටත් දැනෙනබව තේරුම් ගන්න.

:       217       1043

vipula Thursday, 13 September 2018 08:32 AM

බලන් ගියහම නැව් පෙන්නේ නැති අයත් ඉන්නවා.

:       4       12

rawidu Thursday, 13 September 2018 12:48 PM

පැරකුම් සහ දම්මි ජිවිතේ කිසිදු දිනක මාළු අනුභව කරලා නැත්නම් ඔබ දෙදෙනාගේ අදහසට එකග වෙමි. නැත්නම් ඔබ පැවසුවේ මෝඩ අදහසක් බව මතකට තබා ගන්න.

:       4       105

Dinusha kumara Wednesday, 19 September 2018 05:45 AM

මරණ බිය කාටත් එක සමානයි. මේ අපේ රස්සාව. අපේ රස්සාවට ගරහන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 511 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 425 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 424 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 234 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 665 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 1152 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1525 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1420 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site