IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


බි‍්‍රගේඩියර් ප‍්‍රනාන්දුට එරෙහිව පරීක්ෂණයක් නෑ - හමුදාපති

(ඉන්දිකා රාමනායක)
 
බි‍්‍රතාන්‍යයේ  ලන්ඩන් අගනුවර  ශි‍්‍ර ලංකා  මහකොමසාරිස්  කාර්යාලයේ  ඉදිරිපිටදි උද්ඝෝෂයේ නිරත පිරිසකට අතින් ‘‘ ගෙළ සිද දමන ’’ ආකාරය නිරූපණය කිරීමේ  සිද්ධිය මුල්කරගෙන ශි‍්‍ර ලංකා  මහකොමසාරිස්  කාර්යාලයේ  ආරක්ෂක උපදේශක වන බි‍්‍රගේඩියර්  පි‍්‍රයංක ප‍්‍රනාන්දු මහතාට එරෙහිව කිසිඳු පරීක්ෂණයක් සිදු නොකරන බව හමුදාපති  ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ලංකාදීපයට පැවසීය.
 
සිද්ධිය වූ දිනයේ විරෝධතාකරුවන් එල් . ටී . ටී . ඊ ධඡ ඔසවාගෙන ශ්‍රි ලංකා රජයට චෝදනා කරමින් ප්‍රභාකරන්ගේ ගුණ ගායනා කරමින් සිටියදී බි‍්‍රගේඩියර්වරයා එම ස්ථානයේ සිට සිය අතේ පළදාගෙන සිටි ශ්‍රි ලංකා ධඡය ඔවුනට පෙන්වා ශ්‍රි ලංකා රජය ප්‍රභාකරන්ගේ ගෙළ මුලුමනින්ම සිඳදා ඇති බවට නිරූපනය කරමින් පෙන්වා ඇතැයි හමුදාපතිවරයා සඳහන් කළේය.
 
මෙම සිද්ධිය පිළිබඳ සොයා බැලීමේදී මෙම කරුණු තහවුරු වු බවද හමුදාපතිවරයා කීය.
 
අන්තර්ජාලයේ පළ වු අයුරින් මෙය කිසිසේත්ම උද්ඝෝෂණකරුවන්ගේ ගෙළ සිඳ දමන බවට කළ නිරූපනයක් නොවන බවද හමුදාපතිවරයා සඳහන් කළේය.
 
තමන් අද දිනයේ සියලු කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කරන බවද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (31)

බි‍්‍රගේඩියර් ප‍්‍රනාන්දුට එරෙහිව පරීක්ෂණයක් නෑ - හමුදාපති

leena Wednesday, 07 February 2018 06:17 PM

අපේ ජාතියේ හෘදයංගම උපහාර ඔබට රණ විරුවාණනි !!! ජාතියේ , දේශයේ ආගමේ වාසනාවට අපට තවමත් ආඩම්බරයෙන් හිස ඔසවා සිටින්නට ඔබ විශාල අත්වැලක් .තෙරුවන් සරණ පතනවා ඔබට !!!

:       184       2565

අනුර ඉලන්කෝන් Wednesday, 07 February 2018 06:45 PM

අනේ වටිනා සටන් පාඨයක් අරයලට නැති උනා..

:       421       655

සඳුන් Wednesday, 07 February 2018 07:14 PM

හමුදාපතිතුමාට හිතුනා වගේ තව ගොඩාක් දේවල් අපිටත් හිතෙනවා. අපෙන් යමක් කමක් සුද්දන්ටත් ඉගෙන ගන්න පුලුවන් වෙයි වගේ ....

:       1       289

sam Wednesday, 07 February 2018 07:37 PM

Thank you !!! ලොකු දෙයක් ඔබතුම ට මේක තේරුණා එක !

:       9       168

RUCHI Wednesday, 07 February 2018 08:54 PM

එච්චරයි අපිටත් ඕනකරන්නේ. එතුමාට අපේ ප්‍රණාමය.

:       9       194

sirimal Wednesday, 07 February 2018 10:37 PM

ලන්ඩනයේ වෙසෙන කොටි හිතවාදී දෙමල ඩයස්පෝරාව විසින් සිදු කරන ලද උද්ඝෝෂණයේදී මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂාව භාරව සිටි බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා එළියට පැමිණ දෙමල ත්‍රස්ත හිතවාදී විරෝධතා කරුවන්ට නිර්භීතව සහ අභිමානවත්ව සිය නිල ඇඳුමේ පැළඳසිටි ජාතික ධජය පෙන්වා "අපි ශ්‍රී ලාංකිකයන්" බව හඟවා සිටියේය. 2010 වසරේ මුල්ලන්කෝවිල් කඳවුරේ අණදෙන නිලධාරී ලෙස බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා රාජකාරි කටයුතු කරමින් සිටියදී,ජනාධිපති මැතිවරණ සමයේ එතුමන්ගේ කඳවුරට පැමිණ ජනාධිපති අපේක්‍ෂකයෙකු වෙනුවෙන් ඡන්දය ලබාදෙන ලෙස ගායන ශිල්පියෙකු ප්‍රකාශයක් කළ විට, කඳවුර තුළ දේශපාලන කටයුතු නොකරන ලෙස අභීත ලෙස ප්‍රකාශ කර පැය කිහිපයක් තුළ ඔහුගේ සේවය අත්හිටුවනු ලැබුණි. ප්‍රියංක ප්‍රනාන්දු මහතා වෙනුවෙන් හඬ නැගූ සමහරක් දේශපාලනික වාසිය වෙනුවෙන් ඉදිරිපත් වී ඇති බව පැහැදිලිව පෙනෙන දෙයකි. අවංකවම ඔහු වෙනුවෙන් පෙනී සිටින පිරිසක්ද මේ අතර සිටිති.කෙසේ හෝ දැන් ඉතිරි වී ඇත්තේ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය හා ආණ්ඩුව එක්වී ජාත්‍යන්තරව මේ ප්‍රශ්නය විසඳා ගැනීමය.

:       261       138

buddhiThursday, 08 February 2018 04:52 AM

ජාත්‍යන්තරව විසදන්න ප්‍රශ්නයක් මෙතන නෑ. රජයක් විදියට කෙලින් කතාකිරීම ප්‍රමාණවත්.

:       157       164

wikum de silva Wednesday, 07 February 2018 10:42 PM

සිදුවිය යුතු දේ සිදු විය යුතු අයුරින්ම සිදුවීම ගැන සතුටුයි.

:       5       70

පිටිගල මිලානෝ Wednesday, 07 February 2018 11:15 PM

ඉතාමත් එඩිතර සහ බුද්ධිමත් හමුදාපති කෙනෙක් ඔබතුමා. සමහර හිටපු ලේකම්වරු ඔබතුමාට සැළකු හැටි ගැන නම් අප සතුටු නැත.

:       346       216

Sarath r Thursday, 08 February 2018 12:25 AM

නියම හමුදාපතිවරයෙක් !

:       31       181

ධනුෂ්ක Thursday, 08 February 2018 01:03 AM

අපිට නැති වෙන්නට ගිය අපේකමට සිංහල ජාතික කමට පනදෙන්නට දරන උත්සහයට ඔබලාට පිං

:       144       328

Ranjan Thursday, 08 February 2018 01:05 AM

එසේනම් කවුද ඔහුව නෙරපීම ට අන කලේ. UNP ද SLFP එකද . නැත්නම් චන්ද්‍රිකා නෝනද මංගලද?

:       2       332

gunaathna Thursday, 08 February 2018 01:08 AM

හමුදාපති තුමනි අපගේ ආචාරය ඔබට .කොටින්ට විරුද්දව යුද්ද කරපු රණවිරුවන්ට මේ කොටි නටන නාඩගම දැකපුවම ලේ උණුවෙන එක නතර කරන්ට බැහැ.හමුදා බ්‍රිගේඩියර් කොටින්ට පෙන්නුවේ Sinha කොඩියේ තියෙන කඩුව.එකෙන් තොපේ බෙල්ල කපාගෙන විනාස වෙයල්ලා කියල තමා මුළු ලෝකෙටම පෙන්නුවේ.

:       22       111

D.K. Kulasekara Thursday, 08 February 2018 01:33 AM

අපි ඔබට අපේ ගෞරවය ඉහලින්ම පුද කරමු -විරුවණනි !!!!!!! ඔබ වෙන්නුන් තව තවත් ශ්‍රී ලංකාවේ බෙහිවේවා -මේ අපේ පෙතුමි !!!!!

:       21       103

හිරාන් Thursday, 08 February 2018 02:09 AM

නියම ශ්‍රී ලංකික අභිමානය ඔබ ආරක්ෂා කල ලා මහතාණේනී...........

:       14       104

nuwan Thursday, 08 February 2018 02:16 AM

හමුදා නිලධාරියාගේ ප්‍රතික්‍රියාව හරිද වැරදිද කියලා හමුදාව තීරණය කරාවි. ඒක නෙවෙයි ප්‍රශ්නේ, දැන් මේකෙන් දේශපාලන වාසි ගන්න එක. ජනපතිවරයා රටේ කීවෙනි නිදහස් සංවත්සරය වරද්ද ගත්ත කතා සේරම මේකෙන් යට යනවා. පත්තරේ දැක්ක ගමන් හිටංම දුවගෙන ආවා කියලා මෙයාව යළි සේවයේ පිහි‍ටුවනවා.

:       15       154

sudesh Thursday, 08 February 2018 02:49 AM

මෙම ප්‍රකාශය ජන්දය අවසන් වු පසුවද එසේම පවති නම් ඉතා අගනේය

:       4       260

pradeep Thursday, 08 February 2018 03:17 AM

අපේ එකෙක් එංගලන්තේදී හරි ඔය වගේ එඩිතරකමක් කරපු එක ගැන අපි ආඩම්බරවෙන්න ඕනේ, තානාපති සේවයේ කියල කොටි ඩයස්පෝරාවේ උන් ඇවිත් උන්ගේ වැඩපෙන්වනකොට අපිත් උන්ට පෙන්වන්න ඕනේ ලෝකේ කොහේ හිටියත් අපි කොටින්ට බය නැති බව. දැන් අනික් රටවල්වල අයි එස් අයි එස් උන් තානාපති කාර්යාල වලට බෝම්බ ගහන්නේ , කෝ ඒවාට අපේ කට්ටිය කතාකරනවද ??? ප්‍රස්නේ තියෙන්නේ මේ හමුදනිලදරියව ඉවත් කරන්න තානාපතිවරියට උපදෙස් දුන්නේ කවුද ?????? අන්න උගේ වැඩ තහනම් කරලා රටින් පන්නල දාන්න ඕනේ.

:       8       417

shan saudi Thursday, 08 February 2018 03:34 AM

අපේ ජාතියේ හෘදයංගම උපහාර ඔබට රණ විරුවාණනි අප ඔබලාට සදා ණයගැතී !!! ජාතියේ , දේශයේ ආගමේ වාසනාවට අපට තවමත් ආඩම්බරයෙන් හිස ඔසවා සිටින්නට ඔබ විශාල අත්වැලක් .තෙරුවන් සරණයි සියලු ශ්‍රී ලාංකිකයින් ඔබ සමගයි සැමදා ඔබට ජයෙන් ජය !

:       16       179

saman Thursday, 08 February 2018 04:21 AM

ඡන්දෙන් පස්සේත් ඔය කියන තීරණේම තියාගෙන ඉන්න ඕනේ හොදද?

:       0       140

Bahrain-Asanga Thursday, 08 February 2018 05:15 AM

මටනම් පේන්නේ මෙතන අදහස් දාන අය අතරෙත් කොටින්ට කඩේ යන අය ඉන්නවා වගේ.

:       0       205

Sunil Thursday, 08 February 2018 05:26 AM

තමුන්ගේ රටේ මහා පාරේ ගමන් කරන අහිංසක සංචාරකයින්ව වාහන වේගයෙන් පදවා යට කරලා මරණ රටේ, ජනතාව ආරක්ෂා කරන පොලිස් නිලධාරීන්ට පිහියෙන් ඇනලා මරණ රටේ, නමුත් එවැනි ක්‍රියා ත්‍රස්තවාදී ක්‍රියා යනුවන් ප්‍රකාශ කරන්න කොඳු ඇට පණ නැති ජනතා නියෝජිතයින් පාර්ලිමේන්තුවේ ඉන්න රටේ මේ රට වෙනුවෙන් පෙනී සිටි හමුදා නිලධාරියාගේ අර්ථ නිරුපනයද එනම් අපි ත්‍රස්තවාදය අපගේ රටේ අතුගා දමා ඇත යන අර්ථ නිරුපනයද මහා ලොකු ත්‍රස්තවාදයක් වුනේ? මේ සම්බන්දයෙන් අභීත තීරණයක් ගෙන එංගලන්තයේ තීරණය එඩිතරව ඉවත දැමු ගරු ජනාධිපති තුමන්ටත් හමුධාපති තුමන්ටත් රටේ පුරවැසියන්ගේ උපහාරය!

:       65       13

MISHAL-MATARA Thursday, 08 February 2018 05:54 AM

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු හට සුබපතනවා එකසිතින් ශ්‍රී ලාංකිකයෙක් ලෙස

:       0       89

rohana kumara mendis Thursday, 08 February 2018 06:01 AM

අනේද කියන්නේ.අර සරත් ෆොන්සේකා මහත්තයාව උස්සාගෙන ගිහිල්ලා හිරේ විලංගුවේ දානකොට ඔය කිසි කෙනෙක් රිදුනේ නැ නේද ඇයි ඒ ? හමුදාපති කොටින්ගේ බෝම්බ පාරවල් කාගෙන රට වෙනුවෙන් සේවය කල එතුමාටත් මේ වගේ කතා කරන්න අය උනානම් එතුමා අවුරුදු දෙකෙක් හිරබත් කන්නේ නැ නේද

:       913       1130

hesaThursday, 08 February 2018 03:29 PM

එදා එහෙම විරුද්දව කතා කරන්න පිළිවන් වුනේ කාටද

:       1       0

ජැක්සන් Thursday, 08 February 2018 06:05 AM

බලාෙපාෙරාත්තු වන්න! ඉර හද සේ විස්වාසයි හමුදා පරීක්ෂණයක් එනවාමයි!!!

:       511       300

Nuwan Thursday, 08 February 2018 09:16 AM

මිනිස්සුන්ගේ කැමැත්ත නිසා ඔබ බේරුණා මිසක් අපේ දෑ හිතකාමී නායකයන්ට පහළ වුනු සිතිවිල්ලක් නිසා බේරුණා නම් නෙවේ.

:       0       2

Anuradha. Thursday, 08 February 2018 11:49 AM

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මැතිතුමාට මාගේ උත්තමාචාරය!

:       0       0

ranga Thursday, 08 February 2018 08:56 PM

" ඉටුකොට කලයුතු යුතුකම් , ලැබුනත් ලෝකෙන් ගැරහුම් , ඉවසන්නට හැකි වේ නම්, නුඹයි මගේ පුතා සමත්" වීරවරයණනි ඔබද සමත් පුතෙකි. ඈත අහස නැමී වැටෙන්නේ ඔබවන් මිනිසුන්ගේ නාමයට උපහාර වශයෙනි. එක කරුණක් පමණක් මතක තබා ගන්න. මින් ශත වර්ෂයකට පමණ පෙර අද්විතීය මංකොල්ලකරුවන් සිටි රටකය ඔබ සිටින්නේ. ඉංගිරිසියට "loot " යන වහර ලැබුනේ හින්දි(සකු) බසින් ලැබුණු දායාදයක් ලෙසය. "හිරු නොබසින අධිරාජ්‍ය" සිය යටත් විජිතයන් වෙත දැක්වුයේ, අදද දක්වන්නේ එතරම්ම මංකොල්ලකාරී ආකල්පයකි. ප්‍රවේශම් වන්න. ඔබ නිරුපද්‍රිතව නැවත මවුබිම වෙත පැමිණෙනු දැක්ම දේශමාමක සියලු ජනතාවගේ පරම අභිලාෂයයි. ඔබව සේවයෙන් පහ කිරීමට කැස කැවූ එතෙර මෙතෙර ද්‍රෝහීන්ට නිසි පාඩම් ඉගැන්වීමට ඒ ජනතාව පෙරමග බලා සිටී.

:       0       1

Dr Edward Perera Germany Friday, 09 February 2018 10:24 PM

"බලධරයා විසින් කපා හැර ඇත"

:       0       1

tishan Monday, 12 February 2018 04:27 AM

මහින්දගේ එකම තුරුම්පුව ජතිවාදය. මෙයාල නිකම් ඉත්තෝ,

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 296 0

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 41 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 131 0

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 626 3

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 214 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 273 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1692 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site