IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


බැසිල්ට එරෙහි ලිත් නඩුව කල්යයි

(මනෝප‍්‍රිය ගුණසේකර)

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා සහ දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට එරෙහි නඩුව ලබන නොවැම්බර් 28 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (14) තීරණය කළේය.

ජනාධිපතිවරණ පණතට පටහැනි වන ආකාරයට පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රුව ඇතුළත් කර දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ මුදලින් ලිත් ලක්‍ෂ 50ක් මුද්‍රණය කර රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදු කළ බවට මොවුන්ට චෝදනා එල්ල වී තිබේ.

මෙම නඩුව වෙනත් අධිකරණයකට මාරු කරන්නැයි ඉල්ලා විත්තිකාර බැසිල් රාජපක්‍ෂ මහතා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම නඩුව විභාග කිරීමට විනිසුරුවරයා ලබන නොවැම්බර් 28 වැනිදා සිට දින 04ක් නියම කළේය.

ඒ අනුව නොවැම්බර් 29, දෙසැම්ර් 05 සහ 12 වැනි දිනවල මෙම නඩුව විභාග කිරීමට විනිසුරුවරයා දින නියම කළේය.

2015 නොවැම්බර් මස 23 වැනිදාත් දෙසැම්බර් මස 31 වැනිදාත් අතර කාලය තුළ කොළඹදී ඒ වන විට ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියම කොට තිබියදී ජනාධිපතිවරණ පණතේ ප‍්‍රතිපාදනයන්ට පටහැනි වන ආකාරයට එම ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රුව ඇතුළත් කර දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ මුදලින් අළුත් අවුරුදු ලිත් ලක්‍ෂ 50ක් මුද්‍රණය කොට බේදාහැරීම මඟින්  රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදු කළැයි විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට අමතරව මෙම නඩුවෙන් චෝදනා ලැබ සිටින්නේ දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් ආර්.ඒ.පී. රණවක මහතාය.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.

ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් විනිසුරුවරයා අදාළ නියෝගය නිකුත් කළේය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ සුදර්ශන ද සිල්වා මහතා පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන අනිල් සිල්වා සහ ජයන්ති වීරසිංහ යන මහත්වරු පෙනී සිටියහ.

 



අදහස් (10)

බැසිල්ට එරෙහි ලිත් නඩුව කල්යයි

laal Monday, 14 October 2019 12:50 PM

මේවට තමයි කියන්නේ රබර් නඩු කියලා... කවදාවත් ඉවර වෙන්නෑ.... ඔහේ ඇදෙනවා.

:       2       19

a.b.srilaTuesday, 15 October 2019 05:14 AM

එකල්හි රනිල් මහින්ද නම් දෙමිතුරන් දෙපසකට වී එකිනෙකට එරහෙව යුද වෙදෙන්නේම්යයි සපතකොට කුදී ජනයා සතුට්ටුකොට ජාති ආගම අලයෙන් හා ලිබරල් වාදයෙන් මන්මත් කලෝය. ඒ දෙමිතුර රතියේ එක්ව කා බී සතුටුවී තම තමන්ගේ සහචරයන් ප්‍රබෝදමත්කොට මේ උතුම් භුමියෙහි කුදී ජනයා මීමෝ කොට ඒ දෙමිතුර පරම්පරා බුක්තියට මේ රට පාලනය කරමින් සතුටින් කල් ගෙවුවෝය....

:       0       12

sirimal Monday, 14 October 2019 01:06 PM

ඒ වෙනකොට අර කිව්ව වෙසක් පෝයවල් සේරම ගෙවිලා තියෙයි. අර සමහරුන්ගේ නඩු අහන්න බැහැ කියලා අයින් වූ කට්ටිය දැන්දැන් ඒ නඩු අහන්න එනවලු...

:       0       100

rocky Monday, 14 October 2019 01:29 PM

අප ජීවත් වන්නේ පුදුම රටකයි. මේක තවමත් ලංකාවද එහෙම නැත්නම් රාජපාක්ෂිකයාවද?

:       0       280

සෙනෙවිරත්න Monday, 14 October 2019 02:22 PM

බඩුම තමයි. තව පාරක් බෙදනකන් නඩුව අහමු. මේ අසියාවේ අමුතු ඇටයනේ...

:       0       73

Rata Perata Monday, 14 October 2019 02:38 PM

රාජපක්ෂ රැලට නඩු රැලයි. එ්ත් රට හදන්න ඡන්දෙ දෙන්නලු...

:       7       510

BamunuarachchciTuesday, 15 October 2019 01:02 PM

එක නඩුවක්වත් ඔප්පුකර ගන්න බැරිවුනා. ජොන්සන් නිදොස් කොට නිදහස්. නඩුවකින් දින්න බැරි කොට රටක් සංවර්දනය කරන්නේ කොහොමද

:       0       0

Chathuri Monday, 14 October 2019 03:13 PM

මුන්දැලාගේ පවුලේ කට්ටිය දමලා තියෙන සුර, තහඩු පපුවට, මේවා අකුණු ගහලා වහින කොට ගලවනවද? කිල්ලට කෙසේවෙතත් අකුණු සර වදින්න හොඳ නැහැ නාමල් බේබි, අලුත බැඳපු නෝනා පේන්න මේවා පළඳිනවද? හොඳ කතා පසුවට එළිවෙයි. නඩු කල් යන්න සුර පළදින පවුල... වෙන අය දමන්නේ ඉක්මනට නඩු ඉවර වෙන්න..

:       0       236

Don Monday, 14 October 2019 05:49 PM

මේවා අහන නඩු නෙමෙයි, අවුරුදු ගණන් අදින නඩු.

:       0       22

Bamunuarachchi Tuesday, 15 October 2019 12:58 PM

ජනතා බදු මුදල්වලින් ලිත් දෙන එක වැරදී ජනතා බදු මුදල්වලින් ගෙවල් හදලා දෙන එක හරි. මගේ නීතියක්නේ මේක.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 128 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1445 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1236 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 717 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1786 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 88 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1546 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1435 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site