IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ යුද හමුදා නිලධාරියාගේ සේවය අත්හිටුවයි

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා වශයෙන් කටයුතු කළ යුද හමුදා නිලධාරියාගේ සේවය අත්හිටුවා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 
 
70 වැනි නිදහස් දිනය වෙනුවෙන් ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ උත්සවය පැවැත්වෙන අතරතුර , මහ කොමසාරිස් කාර්යාලය ඉදිරියේ විරෝධතාවක නිරත වන පිරිසකට මෙම හමුදා නිලධාරියා ‘ගෙල සිඳ දමන’ ආකාරය අතින් නිරූපණය කිරීම දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍යවල සහ ඇතැම් වෙබ් අඩවි ඔස්සේ ප්‍රසිද්ධියට පත්ව තිබිණි. 
 
මෙම නිලධාරියාගේ සේවය අත්හිටුවන්නැයි බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස් අමාරි මන්දිකා විජේවර්ධන මහත්මියට දැනුම් දී ඇතැයි ද විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය දැක්වේ.
 
විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද දැක්වේ.
 
“ ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට අනුබද්ධව සේවය කරන අමාත්‍ය උපදේශකවරයා (ආරක්ෂක) ආක්‍රමණශීලි ආකාරයකින් හැසිරුණේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සමාජ  සහ අන්තර්ජාල මාධ්‍යවල සංසරණය වෙමින් පවතින වීඩියෝ දර්ශන පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් සිය දැඩි අවධානය යොමු කර ඇත.
 
මේ අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි අමාත්‍ය උපදේශකවරයාගේ (ආරක්ෂක) සේවය අත්හිටුවන ලෙසට ලන්ඩන් නුවර සිටින ශ්‍රී ලංකා මහකොමසාරිස්තුමිය වෙත අද දින එනම් 2018 පෙබරවාරි 06 වැනි දින උපදෙස් යවා තිබේ. ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළු ශ්‍රී ලංකා බලධාරීන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ ආරම්භ කරනු ඇත”.
 
055

ඡායාරූපය සමාජජාල මාධ්‍ය ඇසුරිනි



අදහස් (33)

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ යුද හමුදා නිලධාරියාගේ සේවය අත්හිටුවයි

sirimal Tuesday, 06 February 2018 03:17 PM

මෙතුමා එදා කල දේ වීර ක්‍රියාවක් ලෙස කියන පිරිසකුත් ඉන්නවා. බ්‍රිතාන්‍යයේ ඕනෑම දෙයකට විරෝධතා පැවැත්වීමේ නිදහස තියෙනවා. මොනම රටක වුනත් තානාපති කාර්යාලයේ සේවය කරන විට තමන් නියෝජනය කරන්නේ තමන්ගේ රට බව සිහියේ තබාගෙන ක්‍රියාකිරීම වැදගත් වෙනවා.1984 අප්‍රේල්17වෙනිදා ලන්ඩන් නුවර ලිබියානු තානාපති කාර්යාලය ඉදිරිපිට එම රජයට විරුද්ධව විරෝධතාවයක් පැවැත්වූ ලිබියානු ජාතිකයින් පිරිසකට තානාපති කාර්යාලය ඇතුලේ සිට කිසිවෙකු වෙඩි තැබීමත්, ඉලක්කය වැරදී එම වෙඩි පහර වැදී එතන ආරක්ෂක සේවාවේ නියැලිසිටි බ්‍රිතාන්‍ය පොලිසියේ ඉවෝන් ෆ්ලෙචර් නමැති තරුණ පොලිස් නිලධාරිනියක් ජීවිතක්ෂයට පත්වීමත් ඉන් අනතුරුව දින11ක් පොලිසිය තානාපති කාර්යාලය වටලා සිටීමත් තානාපති වරයාත් බ්‍රිතාන්‍ය බලධාරිනුත් අතරේ පැවැත්වුන දීර්ඝ සාකච්චා වාර කිහිපයක් අවසානයේ තානාපති කාර්යාලය වසා දමා ඒ අවස්ථාවේ එහි සිටි සියලුම දෙනා බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කිරීමත් මෙහිදී අපට සිහිපත් වෙන දෙයක්. එම නිසා තානාපති සේවයේ සිටියදී මුහුණ දීමට සිදුවෙන දේවල්නිසා ඇතිවිය හැකි ආවේගශීලී සිතුවිලි දමනය කර ගනිමින් මීට වඩා කල්පනාකාරීව කටයුතු කිරීම වැදගත් වෙන බව සිහිපත් කලයුතුයි.

:       2852       2508

NuwanTuesday, 06 February 2018 06:51 PM

නුවණින් හිතන්න බැරි අය ගොඩක් ඉන්න තැනක අගනා දැනුවත් කිරීමක් ස්තුති

:       1460       1511

Ravi DubaiWednesday, 07 February 2018 06:30 AM

කරුණාකරලා බුද්දිමත් අය විතරක් අදහස් දක්වන්න. මෙතන දේශපාලනය කරන්න හදන්න එපා. සිරිමල්, නුවන්, වගේ අය ඕනෑම දෙයක් ගැන මධ්‍යස්තව හිතල බලන බුද්දිමත් අය කියලා පේනවා.

:       97       91

IndhikaWednesday, 07 February 2018 12:25 AM

ඔය හිතනවද ISIS එකට උදව් කරන්න උද්ගෝෂණයක් කරන්න බ්‍රිතාන්‍යයේ ඉඩ තියෙයි කියලා. LTTE කියන්නෙත් ISIS වගේම වෙනම රටක් ඉල්ලන ත්‍රස්තවාදී කණ්ඩායමක්. LTTE එකට ඊළාමයට සපෝට් කරන උද්ඝෝෂණ කරන්න ඉඩ දෙන්න බැහැ.

:       0       119

nuwan**Wednesday, 07 February 2018 08:51 AM

ඩොලර්වලට ලෝභකමින් පරදේසක්කාරයින්ගේ වැසිකිළි, ඉඳුල් සෝදමින් උපන් දේශයට ගරහා කමෙන්ට් දාන අය අතර උපන් දේශයට ආදරය කරන හැමෝම ගැන ආඩම්බරයි. ඔය ගැම්මෙන් ඉස්සරහටම යමු. මිනිසුන්ව තලා පෙළන පාදඩයින්ට එරෙහිව අපි එකමුතුව නැගිටිමු. තෙරුවන් සරණයි !!!

:       56       161

BamunuarachchiFriday, 09 February 2018 03:54 AM

කා ගැනද ඔබ මේ බෙරිහන් දෙන්නේ? කාට කියනවාද කියා තේරුම් ගන්න අමාරුයි.

:       0       0

රොෂාන් Tuesday, 06 February 2018 03:30 PM

එතන නමට හරි ඉන්නෙ සිවිල් ජනකායක්. ඒ මිනිස්සුන්ට සංඛේතාත්මකව හරි කරන මරණීය තර්ජනය සුළුවෙන් තකන්න බෑ. ලෝකයක් ඉස්සරහ මෙහෙම හැසිරුනා නම් කවුරුවත් නැති කැලෑවල කොහොමට කරන්න ඇතිද කියන සැකය විහින්ම අන්තර්ජාතික ප්‍රජාවගේ ඔළුවට දැමීමක් මේ.

:       2773       356

පිටිගල මිලානෝ Tuesday, 06 February 2018 03:37 PM

හමුදා නිලධාරියකු සතු විශේෂම දක්ෂතාව වන්නේ විනයගරුක බවයි. විනයක් නොමැති තැන ඔහුගේ සටන් දක්ෂතාවද නැතිවෙන නිසයි ඔවුන්ට දැඩි විනය නීති පනවා තිබෙන්නේ. එංගලන්තයේ පොලිසියෙන් අවසර ගෙන නීත්‍යානුකුලව විරෝධතාවක් දක්වන පිරිසකට තානාපති මුක්ති බලතල බුක්ති විඳින විශේෂයෙන්ම ආරක්ෂාව සම්බන්ධව සිටින උපදේශක එලියට ගොස් ගෙල සිඳින සංඥාවක් කිරීම මොනතරම් වෘත්තීය සම්පන්නද කියා බැලිය යුතුය. මෙයින් රටට ඇතිවන අවමානය කෙසේ පියවන්නද?

:       3097       746

sam Tuesday, 06 February 2018 04:14 PM

ඔබ නියම ජාතික වීර රණ විරුවෙක්. රටට ආදරේ ඇති සියලු දෙනාම ඔබ සමගයි.

:       513       1701

Chandima Tuesday, 06 February 2018 04:16 PM

බෙල්ල කපනවාද බෙල්ල කසනවද?

:       27       152

Bamunuarachchi Tuesday, 06 February 2018 04:18 PM

ජාතියට ආදරය ඇති කෙනෙකුට කේන්තියාම ඉතාමත් සාධාරණයි

:       233       896

BANDARA Tuesday, 06 February 2018 05:01 PM

උතුරේ ඉස්තූප ඩොසර් කරනවා. ඒවා ගැන වගේ වගක් නෑ

:       40       846

Ruchi Tuesday, 06 February 2018 05:29 PM

ප්‍රියංක, නූතන ශ්‍රී ලංකාවේ යුගයේ වීරයා ඔබයි. එල්ටීටී හිතවාදීන් ලන්ඩන් වල නිදහස් දිනයේ උත්සවයට ප්‍රබාකරන් කියන මිනීමරුවාගේ රූප අරගෙන උද්ගෝෂණය කල අයට නියම පිළිතුරක් දුන් එකම සිංහලයා ඔබයි. මෙය කදිම ආදර්ශයක් ඔබට ජය වේවා!

:       197       2239

[email protected] Tuesday, 06 February 2018 11:05 PM

ඔතන ඊට එහා ගිය ඒවා සිද්ධ උනා, ඒවත් නිරීක්ෂණය කරලා තීරණයක් ගන්න. සුළු කණ්ඩායමක් සතුටු කරලා විශාල කණ්ඩායමක් තරහා කරගත්තොත් ජනාධිපතිගේ කණ්ඩායමටත් අගමැතිගේ කණ්ඩායමටත් මේ ඡන්ද වෙලාවේ විශාල පාඩුවක් දරාගන්න වෙනවා

:       0       1

nila Wednesday, 07 February 2018 02:22 AM

හිතට එන කෙතරම් දේ තිබුණත් කිවයුතු තැන තේරුම් ගතයුතුව තිබුණු බවයි මටනම් හිතෙන්නේ...

:       0       0

Tharee Wednesday, 07 February 2018 02:51 AM

එතකොට කොටි හිතවාදීන් අහිංසකයින්ද?

:       0       11

madhu Wednesday, 07 February 2018 03:20 AM

සැබැ ශ්‍රී ලාංකික වීරයෙකි. අපගේ උත්තමාචාරය ඔබට.

:       0       11

ලසන්ත Wednesday, 07 February 2018 03:38 AM

ඔව් හරිම ආඩම්බරයි, නාසි ජර්මනියේ හමුදාවේ නිළධාරියෙකුගේ හැසිරීමට ටිකක් කිට්ටුයි නේද?

:       11       1

janatha anura Wednesday, 07 February 2018 04:09 AM

අදාල නිලදරුව ලංකාවට ගෙනවිත් වෙල්ලස්සේදී හිස ගසා දමා සුදු අධිරාජ්‍ය ජනාදරයට පාත්‍ර විය යුතුය.

:       0       6

Thilina Wednesday, 07 February 2018 04:10 AM

ඩයස්පෝරා එකේ අය ඊලමක් වෙනුවෙන් පෙනී ඉද්දි ප්‍රබාකරන් තමාගේ නායකයා කියල අපේ තානාපති කාර්යාලය වට කරද්දී මේ කරපු ක්‍රියාව වැරදි කියල එක දෙමල මනුස්සයෙක් කිව්වද. තස්ත්‍රවාදීන් වෙනුවෙන් පෙනී ඉන්න උදවියට අත් වෙන්නේ මරණය පමණක් බව පෙන්වා දුන් නිලදාරියට සිංහල කළු සුද්දන්ගෙන් බැනුම්. මතක තියාගන්න යුද්ද කලේ ඒ මිනිස්සු මිසක් මෙතන අදහස් කොටන කළු සුද්දන් නොවන වග.

:       1       127

rocky Wednesday, 07 February 2018 04:29 AM

හොර තක්කඩි දේශපාලුවන්ව දේශප්‍රේමී වීරයන් හැටියටත් නිරායුධ මිනිසුන් ඝාතනය කල යුනිෆෝම් කාරයින්ව රණවිරුවන් හැටියටත් සලකන්නේ අපේ රටේ පමණක් විය හැකිය!

:       806       182

SUMUDU Wednesday, 07 February 2018 04:52 AM

කවුරු කොහොම කිව්වත් මට නම් ඔබතුම ජාතික වීරයෙකි

:       3       238

manoj Wednesday, 07 February 2018 04:55 AM

සිංහයාට මගේ ආචාරය. ලංකාව දෙකඩ කිරීමට අතීතයේ සිට උත්සහ කල ද්‍රෝහීන්ට අත් වූ ඉරණම සහ ඉදිරියේදී සිද්ධ විය හැකි දේ ඔහු ඉඟියකින් කොටින්ට දැනුම් දෙයි.

:       19       246

pearl Wednesday, 07 February 2018 06:13 AM

නූතන ශ්‍රී ලංකාවේ යුගයේ වීරයා ඔබයි. එල්ටීටී හිතවාදීන් ලන්ඩන් වල නිදහස් දිනයේ උත්සවයට ප්‍රභාකරන් කියන මිනීමරුවාගේ රූප අරගෙන උද්ගෝෂණය කල අයට නියම පිළිතුරක් දුන් එකම සිංහලයා ඔබයි. මෙය කදිම ආදර්ශයක් ඔබට ජය වේවා!

:       1       23

සෙනවි Wednesday, 07 February 2018 07:05 AM

මෙහෙම කලාම දෙකඩවීම නතර වෙනවාද? හැගීම් අනුව වැඩකරන්න බැහැ.

:       15       0

Bamunuarachchi Wednesday, 07 February 2018 08:56 AM

මෙහෙම කලාම දෙකඩවීම නතර වෙනවාද? කියා අහන එක ගොන් ප්‍රශ්නයක්නේ 75% සිංහලයෝ ඉන්න රටේ 12%ක් ඉන්න දෙමළුන්ට පුළුවනි නම් රටබෙදන්න නරකද වහ කෑවා නම්. හැබැයි යහපාලකයෝත් බෙදීම වෙන්න ඉඩතිබෙනවා.

:       52       1

KANDEPOLA Wednesday, 07 February 2018 10:02 AM

ඒ නිලධාරියා දීලා තියෙන සඥාව හරියට නිවැරදිව දීලා තියෙනවා. ඒක ලන්ඩනයට විතරක් නෙවෙයි. ලෝකේ කොයි තැනටත් වලංගුයි.

:       0       29

BamunuarachchiFriday, 09 February 2018 04:04 AM

ලංකාවට ගියොත් එයාපෝට් එකේදීම අපේ බෙල්ල කපාවි එමනිසා මෙහෙ පුරවැසිකම දෙන්න කියන දෙමළුන්ට හොඳ සාක්ෂියක් මේක නේද? නිලදාරියගේ සංඥාව සිංහලයින්ට නම් හොඳ සංඥාවක් හැටියට පෙනෙනවා නමුත් ලෝකෙට පෙනෙන්නේ ලෝකෙට දෙමල්ලු සිංහලයා ගැන දෙන පණිවිඩය හරී කියන සංඥාවයි. ඕකෙන් වෙන්නේ ලෝකය දෙමලාට දෙන සපෝට් ඒක එන්න එන්න වැඩිවීමයි. උපක්‍රම ශීලීව දෙමලාට කලයුතුදේ කිරීමට සිංහලයා නොදන්නා බැවින් සිංහලයා අමාරුවේ වැටෙනවා.

:       18       0

පුෂ්පකුමාර Wednesday, 07 February 2018 10:06 AM

ගොඩක් අය දන්නේ නැහැ එංගලන්තයේ වෙසෙන සිංහල හා දෙමළුන්ට ඔවුන්ගේ වීසා අලුත් කර ගැනීමට තිබෙන ප්‍රශ්න ගැන. ඔවුන්ට අවශ්‍ය කරන්නේ ලංකාවේ ප්‍රශ්නයක් ඇතිබව ප්‍රදර්ශනය කරමින් එංගලන්ත රජයෙන් ලැබෙන දීමනා වලින් පිනට යැපී සුවසේ ජීවත් වීමටයි. සංවේදී නිර්භය මනුශ්‍යයෙක් ලෙස බ්‍රිගේඩියර් වරයා එතුමාගේ ප්‍රතිචාරය එසේ දැක්වුවත්, හැංගිලා කෑගහන අය මේ සිදුවීමේ පවතින යතාර්ථය තේරුම් ගෙන නිශ්ශබ්දව සිටීම සමාජයට කරන මෙහෙවරකි.

:       0       20

Nandana Panagoda Wednesday, 07 February 2018 05:06 PM

පිටිගලට කවුරුත් කැමති නැහැ.

:       0       0

Dr. Edward Perera Germany Wednesday, 07 February 2018 09:26 PM

මිශ්‍ර වූ හෝ පක්ෂග්‍රාහී මත ප්‍රකාශ කරන්න ඇති නිදහස අනුමත කරන අතරේ මිනිසුන්ට එසේ සිතීමට හා අදහස් ප්‍රකාශ කරන්න පෙළඹෙන්නේ ඇයිද කියාත් සිතා බැලිය යුතුය. මේ නිලධාරියා විරෝධතා කරුවන් ඉදිරියට පැමිණ ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය ඉතාම සාමකාමීව හා සාධාරණව පැහැදිළි කරන වීඩියෝ පටයක්ද අපට දැක ගන්න ලැබුනා. එසේනම් මෙය ප්‍රශ්නයක් වී ඇත්තේ කාටද. සුළු ජන කොටස් වල උපකාරයෙන් සැමදා ආණ්ඩු බලයක් ගන්න උත්සාහ කරන කණ්ඩායමකට මෙම හමුදා නිලධාරියාගේ හස්ත අභිනයනය ආයුධය ක් විය හැකි වුවද මෙම නිළදරුවාට දඬුවම් දෙන්න කතා කිරීමෙන් ත්‍රස්තයන්ට විරුද්ධව ජීවිතය පරදුවට තබා සටන් කල රණවිරුවන්ට අවමානයක් සිදුවීම නොවැළක්විය හැකියි. සමහර විට මේ නිළදරුවා ඉඟියෙන් ප්‍රකාශ කරන්නේ යෙදුනේ "අවි ගත් නුඹලා අවියෙන්ම වැනසුනා නොවේදෝ" යන්න නම්, මුළු ආණ්ඩුවම මේ නිළදරුවා ගෙන් සමාව ගත යුතුයි.

:       0       0

BamunuarachchiFriday, 09 February 2018 04:14 AM

මහත්මයා ඔබ නිලදරුවා ගැන හිතන විදිහ කාටවත් වැඩක් නැත. මේ නිලදාරියා ඒක සාක්ෂියක් පමණයි මුළු හමුදාවම මෙහෙමයි කියා දෙමළා ලෝකයට දෙන පණිවිඩය බොහොම බලවත්. මෙම නිලදාරියාට දෙන දඬුවම් ගැන අපි කතා කරන්නේ නැත. දඬුවම් දුන්නත් එකයි නොදුන්නත් එකයි. අපි කියන්නේ වග කිව යුතු නිලදාරියෙක් හැටියට හස්ත මුද්‍රාවෙන් උද්ඝෝෂකයින්ට මේ දුන් සංඥාව අනුමත කල නොහැකි එකක් බවයි. ඔබටයි මටයි අපෙ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට සිටගෙන දෙමළුන්ට ඔය සංඥාව දිය හැකී කාටවත් ඒ ගැන කිසිවක් කිව නොහැකී. නමුත් ලංකාව නියෝජනය කරන රාජ්‍ය නිලදාරියෙක් එසේකරන ඒක වැරදී.

:       6       0

janahitha Wednesday, 07 February 2018 11:17 PM

සේවය අත් හිටුවන එක නොවෙයි කරන්න ඕන ඇගයීමක් කරන එකයි. මෙවැනි වීරයින් නිසා තමයි අද අපි අතපය දිග ඇරලා ඉන්නේ . නැත්නම් අපිට වෙන්නේ මුහුදට පනින්න තමයි . ඔහේ ඉන්න විරෝධත පාන එකෙක්ක්වත් ලංකාවේ ඉපදුන එවුන් නොවෙයි. දුපත් දමිල ජනතාවගේ සල්ලි හුරකන්න මොකක් හෝ පේන්න දෙයක් උන්ට කරන්න ඕන නිසයි ඕව කරන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 983 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 329 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 404 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 333 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 511 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 4316 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site