IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වරදකරු වෙයි

(තිළිණි ද සිල්වා)

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වරදකරු බවට තීන්දු කර තිබේ.

2018 වසරේ පෙබරවාරි 04 වැනිදා පැවැති 70 වැනි නිදහස් සමරු උළෙලට විරෝධය පෑ උද්ඝෝෂකයාන්ට අතින් සංඥාකරමින් තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එවකට එම මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා ලෙස සේවය කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කරන ලද නඩුවේ අවසන් තීන්දුව අද මෙලෙස ප්‍රකාශයට පත්කෙරිණ.

මහජන සාමය පනත උල්ලංඝනය කිරීමේ වරද වෙනුවෙන් පවුම් 2400 ක දඩ මුදලක් ගෙවන ලෙස ඔහුට අධිකරණය නියෝග කර ඇත.

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය විසින් කරන ලද ඉල්ලීම් නොතකා බ්‍රිගේඩියර් ප්‍රියංකා ප්‍රනාන්දු “රාජ්‍ය තාන්ත්‍රික මුක්තියෙන් ආරක්ෂා නොවන” බවට මීට පෙර දුන් තීන්දුවක් වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් තහවුරු කරන ලදී.

“2018 පෙබරවාරි 4 වන දින ඔහු ගෙල සිඳලන ඉරියව්ව සිදු කළ බවට මට කිසිදු සැකයක් නැත” ප්‍රධාන මහේස්ත්‍රාත් එමා අර්බුට්නොට් අද දින සිය තීන්දුවේදී පැවසුවාය.

මීට පෙර අවස්ථාවක බ්‍රිගේඩියර්වරයාට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කෙරුණද බ්‍රිතාන්‍යයේ විදේශ අමාත්‍යාංශය සහ මහේස්ත්‍රාත් අධිකරණ කාර්යමණ්ඩලය අතර ඇති වූ ප්‍රමාද දෝෂයක් හේතුවෙන් එම අධිකරණ වරෙන්තුව අවලංගු කෙරිණි.

පසුව මෙම නඩුව තම භාරය යටතට ගත් මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් එමා අර්බත්නෝට් මහත්මිය නඩුව නැවත මුල සිට කැඳවීමට තීරණය කළාය.

අවස්ථා කිහිපයකදීම මෙම නඩුව කල් දැමුණි.

එමෙන්ම එම සාක්ෂි විභාගය පැවැත්වෙන අතරතුර අධිකරණයෙන් පිටත ඊළාම් හිතවාදීන් සහ කොටි හිතවාදීන් පිරිසක් විසින් විරෝධතා ව්‍යාපාරයක්ද දියත් කර තිබිණි.

 



අදහස් (90)

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වරදකරු වෙයි

Thushara Silva Friday, 06 December 2019 04:31 PM

මෙම තීරණය ගැන සිංහල ජාතිකයෙකු වශයෙන් මම ඉතාමත් සතුටු වෙනවා, මොකද මේ නඩුව ලංකාවේ පැවැත්තුවා නම් ඔහු නිදහස් වෙලා.

:       11385       11413

dilanFriday, 06 December 2019 05:09 PM

01. ඔබ සිංහලයෙකු නොවේ... ශ්‍රී ලාංකික සිතුම් පැතුම් ඇත්තෙක්ද නොවේ. 02. ප්‍රියංක මහතා මෙම අාරවුල ඇතිකර ගත්තේ ඔහුගේ පෞද්ගලික ලාභාපේක්ෂාවක් වෙනුවෙන් නොව රට වෙනුවෙන් නිසා ඔහු වෙනුවෙන් ශ්‍රී ලංකා රජය මැදිහත් වියයුතු බව මගේ අදහසයි. 03. උදාහරණයක් ලෙස ශ්‍රී ලාංකිකයෙකු වන සුවිස් තානාපති කාර්යාලයේ සේවය කරන නිලධාරිනිය පැහැරගැනීමක් ගැන මෙපමණ බොරු ප්‍රකාශ දීමේදීත් තානාපති කාර්යාලය මගින් කොන්දේසි විරහිතව ඇයව ආරක්ෂා කිරීම දැක්විය හැකිය.

:       3104       3342

rathuvithana Friday, 06 December 2019 06:58 PM

ඔබ කොහොමද කියන්නේ ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනියගේ කතාව බොරු කියලා? මෙය සම්පුර්ණ සත්‍යයක්.

:       469       418

RuwanSaturday, 07 December 2019 12:32 AM

නිලධාරියෙක් විදියට කරපුදේ අනුමත කරන්න බෑ. ඔහුට කරන්න තිබුණේ නීත්‍යනුකූලව උද්ඝෝෂකයින්ට එරෙහිව එරට පොලිසියට දැනුම් දෙන්න.

:       36       281

සමන්ත Saturday, 07 December 2019 02:32 AM

බොරු ප්‍රකාශ කරන්න එපා. ඇත්ත නැත්ත කරන්න හදන්නත් එපා. වැරදි දේ කවුරු කෙරුවත් වැරදියි. මහා බ්‍රිතාන්‍යය වගේ පිටරටකදී එහෙ ජීවත්වෙන මිනිස්සුන්ට සාමකාමීව උද්ඝෝෂණය කරන්න අයිතියක් තියෙනවා. ඒ අයිතියට අභියෝග කරන්න කාටවත් බැහැ. එහෙම කළ හැකි ලංකාව වගේ නීතියක් නැති රටකදී. ඒත් ඒ මිනිස්සු උද්ඝෝෂණය කරන්නේ ලංකාවට එරෙහිවද, උගන්ඩාවට එරෙහිවද එහෙම නැත්නම් බ්‍රිතාන්‍යටම එරෙහිවද කියන කාරණය අදාළ නැහැ. මෙතුමා රාජකාරියකට ඒ රටට ගියා නම් ඒ වැඩේ කරගෙන, රටේ ගෞරවයත් රැකගෙන එන්න ඕනේ. නියම හමුදා නිලධාරියෙකුගේ රාජකාරිය එයයි. එහෙම නැතුව වෙන මගුල් කරන්න ගිහින් මව්බිමටත් අපකීර්තියක් ගෙන එ්ක හරිය කියලා කියන්නේ බයියෝ, එහෙම නැත්නම් අපතයන් මිසක් වෙන කවුරුත් නෙමෙයි. එහෙම වැරදි දේටත් හරි කියන ජාතියක් කිසි දවසක නැගිටින්නේ නැහැ. ජපානය දෙවැනි ලෝක යුද්ධය කාලේ කරපු වැරදි පිළිගත්තා. ඒ තරම් නිහතමානි වුණා. ඒ නිසා දියුණු ජාතියක් ලෙස නැගී සිටියා. අපි කොටින්ට විරුද්ධයි තමයි. මේ වගේ වැඩ වලටත් විරුද්ධ ඒ වගේම විරුද්ධයි.. ඒ තමයි නියම සිංහල, බෞද්ධකම...

:       916       1965

Dil PereraFriday, 06 December 2019 05:09 PM

ඉතින් ඔය සන්තෝෂයට "ශැම්පෙන්" නැත්නම්, ප්‍රභාකරන්ගේ පරණ "මුත්‍රා" බෝතලයක්වත් බොන්න.

:       3348       3057

Mahinda Friday, 06 December 2019 05:18 PM

ඔබ හරි , මොහු කර ඇත්තේ වරදකි. බ්‍රිතාන්‍ය අධිකරණයට ගරු කල යුතුයි.

:       1062       1684

janahitha Monday, 09 December 2019 05:31 AM

පරම්පරා කීපයක් ගියත් ජානමය ලක්ෂණ ඉස්මතුවෙන විදිහ නේද. මට ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා හිටියනම් කියලා හිතුනා.

:       9       33

සමන් Friday, 06 December 2019 05:33 PM

ඔහු මෙම සංඥාව පෙන්වූයේ සිංහල ජාතික කොඩිය, බෞද්ධ කොඩිය බිම දමා පාගමින්, ශ්‍රී ලංකාව කොටස් දෙකකට වෙන්කළ පින්තුර අතේ දරමින්, ශ්‍රී ලංකාවට, සිංහල ජාතියට සාප කරමින්, LTTE කොඩි අතේ දරමින් සිටි ත්‍රස්තවාදී සහයෝගී කරුවන්ටය...

:       2107       1304

ලියනගේ Friday, 06 December 2019 07:28 PM

රණවිරු ගාය සැමතැනම පෙන්වීමට බැරි බව තේරුම් ගන්න. හමුදා නිලදරුවන් යනු විනයක් ඇති පිරිසකි. මෙය අදාල වන්නේ ශ්‍රී ලංකාවේ හමුදාවන් හට නිගා කරන සුලු පිරිසකටය

:       171       403

Kumar (Gulf)Friday, 06 December 2019 06:13 PM

තුෂාර සිල්වා..., ඔබ ලිබරල් මතවාදී බ්‍රිතාන්‍ය වහලෙක් පමණයි..

:       1874       1885

Thushara silvaFriday, 06 December 2019 11:15 PM

මම නියම සිංහලයෙක්, වැරදි නම් වැරදි කියන්නත්, හරි නම් හරි කියන්නත් මම ඉගෙනගෙන තියෙනවා. සිංහලද දෙමළද කියන එක වැදගත් නැහැ. ලංකාවේ නම් සිංහල බෞද්ධ කියලා මහා උජාරුවට කෑ ගහනවා. එම දර්ශනය උතුම් දෙයක් වුණාට, අන්‍ය ආගමික අපිට නම් පන්සල කෝලම් මඩුවක් ලෙසද, බෞද්ධයන් කෝලම් කාරයන් ලෙසද පෙනෙනවා. රාජ්‍ය අනුග්‍රහය ලැබිලත් බෞද්ධ අගම අද පිරිහෙලා තියෙන බව මහා නායක හිමිවරුත් පිළිගන්නවා. අද පන්සල දේශපාලකයින්ගේ රැඟුම් මඩුවක් වෙලා... මම කතෝලිකයෙක් වශයෙන් සිනහවෙලා අහක බලාගන්නවා. මම දන්නවා මුස්ලිම් ජනතාව බෞද්ධයන්ට හිනාවෙනවා කියලා. බොරු නම් ඔප්පු කරන්න පන්සල කියන්නේ ව්‍යාපාරික ස්ථානයක් නොවේද කියලා, කතෝලික පල්ලියවත්, මුස්ලිම් පල්ලියවත්, කෝවිලවත් එවැනි තත්වයකට වැටිලා නැහැ. චූඩා මාණික්‍යයක් කියලා මේ දවස්වල වඳිනවා. බෝ ගහක් අල්ලාගෙන ගස්වලට වඳින ගල් යුගයේ ජීවත් වූ ජනතාවක් බවට බෞද්ධයන් අද පත් වෙලා.. ඕක කිසිම දිනෙක ගොඩගන්න බැහැ. මිනිසුන්ගේ සිත් තුළ හොඳ අදහස් පහළ වෙන්න ඕනේ... මුස්ලිම් මිනිහට එක විදියකටත්, දමිල මිනිහට තවත් විදියකටත් සලකන සිංහල බෞද්ධයන්ට යුක්තිය ගැන කතා කරන්න අයිතියක් නැහැ.

:       596       1463

dilanSaturday, 07 December 2019 01:26 PM

ඔබට විකාරයක් ලෙස පෙනුනේ බෞද්ධයන් බෝධියට වන්දනා කිරීම, දගැබට වන්දනා කිරීම විතරද? ඔබට අදහන ආගමේ අන්‍යාගමිකයින්ගේ සිතුම් පැතුම්, පූජාවිධිවලට ගෞරව කිරීමට උගන්වා නැති බවක් අපට පෙනෙනවා.

:       256       240

RamaniSaturday, 07 December 2019 12:49 AM

තුෂාර කියන්නේ එංගලන්තයේ සිටින සිංහල කොටියෙක් වෙන්න ඇති.

:       619       343

ලසන්තSaturday, 07 December 2019 03:51 PM

මිනිසුන් විවිධ දේට විරුද්ධව උද්ගෝෂනය කරනවා, කෑ ගහනවා. ඒ වගේම විවිධ දේ සැමරීමට කෑගහනවා, පෙළපාලි යනවා. යහපත් රටක මේ හැමදේටම ඉඩ ඇත. පැහැර නොගනී. මරා නොදමයි.

:       0       66

Hafeel Saturday, 07 December 2019 01:07 AM

ඔහු කළ වැරැද්ද මොකද්ද?

:       27       158

RaveendraSaturday, 07 December 2019 04:19 AM

සිංහලයෙක්ද, දෙමලෙක්ද නොව කවුරු වුණත් ත්‍රස්තවාදීන්ට එරෙහිවිය යුතුයි. මෙම නිලධාරියා ඒ වෙනුවෙන් තම සේවය කළ නිලධාරියෙක් මොහුගේ හැසිරීම ත්‍රස්තවාදීන්ගෙන් යැපෙන ඔබ වැන්නන් හට නම් නයාට අඳුකොළ බව ඔබගේ නිවට අදහස්වලින් මනාව පිළිබිඹු වේ. තමන්ගේ උපන් රටට ද්‍රෝහීන් වෙන්නන් හට මරණය හැර වෙනත් කිසිදු දඬුවමක් නැති බවත් තමන්ගේ උපන් මව්බිමට අපහාස කරන ඔබ වැන්නන් සිය පවුල සමගින්ම වන්දි ගෙවනු ඇත.

:       765       476

Mohamed Oman Saturday, 07 December 2019 06:53 AM

ඔබ හරි. ජාතිවාදය ආරූඪ කරගත් වැඩි පිරිසක් සිටින රටක ඔබගේ අදහස පිළිගන්න කවුරුත් නැති වුණාට මානව නිදහස ගරුකරන සුළුතර අයටත් සමාජයේ සමතැන ලැබෙන රටක ලබා දී ඇති මෙම තීරණය ඉතාමත් සාධාරණ එකක්.

:       227       218

MedhaSunday, 08 December 2019 02:45 AM

ලංකාවේ ජාතික විරයන් බොහොමයක් සුද්දගේ නිතියට වරදකරුවන් බව අමතක නොකරන්න. වරක් ඉවත දෑමු නඩුව ඩයස්පෝරාවට ඉල්ලමට මෙම තින්දුව ලබාදුනි.

:       91       43

Karl Friday, 06 December 2019 04:35 PM

ඔබ දැනටමත් බොහෝ ශ්‍රී ලාංකික හදවත් දිනාගෙන ඇත. අපි එක්සත් රාජධානිය ගැන තැකීමක් නොකරමු

:       2277       1519

සෙනෙවිරත්න Friday, 06 December 2019 05:39 PM

මට ප්‍රශ්නය බොරු ලේඛන හදලා මේ ගණන් ගන්නේ නැති රටට පැනගන්න උත්සාහ කරන්නේ කියලා... තමන්ගේ රටේ මෝඩයින්ට පොරවල් වෙන්න මෙහෙම කරලා තමන්ගේ ම්ලේච්ඡත්වය පෙන්නුවාම ඒක හරි කියන්න එපා...

:       1178       1243

sam Friday, 06 December 2019 04:52 PM

ජවිපය, එජාපය අය පෝලිමට එන්න කිරිබත් කන්න.

:       1225       936

සෙනෙවිරත්න Friday, 06 December 2019 05:43 PM

ඔබට සරල උත්තරයක් ඇත. ඔබේ නව නායකයාට කියන්න මෙම රට සමග තානාපති සබඳතා අත්හරින්න කියලා. එතකොට ඔබටද කිරි බත් කත හැකිවනු ඇත.

:       790       1861

RangaSaturday, 07 December 2019 04:16 AM

නැහැ.. එහෙම කරන්න ඕන නැහැනේ.. මොකටද තානාපති සම්බන්ධතා නවත්තන්නේ..? ආසයිනේ එහෙම වෙනවා නම්..!

:       154       125

විමුක්ති Friday, 06 December 2019 07:08 PM

දැන් මොකක්ද මේකට ජවිපෙ තියෙන සම්බන්ධය? හැමදේකටම ජවිපෙ ජවිපෙ කියාගෙන තප්පුලන්න එපා. දැන් ඔහේගේ නායකයාට කියන්න මේකට මැදිහත්වෙලා මොහුව බේරාගන්න කියලා. එතුමා එහෙම කරේ රට වෙනුවෙන් ඇතිවූ හැඟීම නිසා...

:       3       240

ahinsaka Friday, 06 December 2019 04:56 PM

සිදුවිය යුතුව තිබුනේ මෙරට දේශපාලන වේදිකාවල වාසි ගැනීමට මෙය යොදාගැනීම වෙනුවට රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කර මැදිහත් වීමයි. දැන් විමල් වීරවංශ, උදය ගම්මන්පිල, අජිත් ප්‍රසන්න වැනි නළුවන්ගේ රැඟුම් බලාපොරොත්තු වීමට හැකිය...

:       300       779

sudeshFriday, 06 December 2019 07:01 PM

කව්ද ඒ අයව ගණන් ගන්නේ..?

:       5       62

Sujeewa Friday, 06 December 2019 05:03 PM

අභීත විරු ප්‍රියංකර ප්‍රනාන්දු, ඔබ ශ්‍රේෂ්ඨ රණවිරුවෙකි. හැකි විගස මෙම දඩය ගෙවීම සඳහා බැංකු ගිණුමක් ආරම්භ කර එහි විස්තර (බැංකුවේ නම, ගිණුමේ නම, බැංකු ශාඛාව, ගිණුම් අංකය) පුවත්පතේ පලකරනා මෙන් ඉල්ලා සිටින්න. ඔබ වැන්නෙකුට, අප රටේ ජීවත්වන දේශප්‍රේමීන් මෙම දඩ මුදල ගෙවීමට බලා සිටිනවා. ඒ සඳහා ඔබ හැකි විගස ගිණුමක් අරඹා එහි විස්තර අපට ලබාදෙන්න...

:       4436       4411

Dr.jayasekara- ukFriday, 06 December 2019 07:07 PM

දේශප්‍රේමින් මොනවටද...? දැන් ආණ්ඩුව කරන්නේ හොර රැලක්නේ... ඕනෑතරම් හොරකම් කරපු සල්ලි තියෙනවා. කොටින්ගේ රත්තරන් කොයිතරම් හොරකම් කළාද? ඒවාගෙන් පවුම් 2500ක් කියන්නේ මොකක්ද?

:       229       830

janahitha Monday, 09 December 2019 07:05 AM

ඔය වගේ කෙනෙක් කැළණියෙත් හිටියා ඒ කාලේ...

:       14       25

janahitha Monday, 09 December 2019 11:26 AM

ඉහත රජයට අපහාස කරලා "දැන් ආණ්ඩුව කරන්නේ හොරු රැලක් "කියල දාන්න පුළුවන්...

:       0       11

සමන්ත Saturday, 07 December 2019 02:41 AM

ඔවැනි දේශප්‍රේමීන් සදාම් හුසේන්ටද, ලිබියාවේ ගඩාෆිටද, පසුකාලීනව සිම්බාබ්වේ රොබර්ට් මුගාබෙටද බොහෝ සේ සිටියේය. ඔවුන් කාලයාගේ අැවෑමෙන් එම රටවල්ද සමාගම් කුණු බක්කියටම විසිවී ගියේය. අද එම රටවල් අන්ත හිඟන තත්වයට වැටි කන්නවත් නැතුව සිඟාකන මට්ටමට වැටී තිබෙන බව නිකමට මතකයේ තබාගන්න.

:       182       748

Athula kSaturday, 07 December 2019 02:06 PM

ගඩාෆි රට පාලනය කළ හැටි ගැන ඔබ දන්නේ නැත. අද රට අපායක්..

:       3       10

ලසන්තSaturday, 07 December 2019 04:13 PM

ඔව් ඔව් දේශප්‍රේමින් එහෙම තමයි. මොකකින් හරි කමක් නෑ ගානක් එකතු වෙනවනම්.

:       0       3

කරුණාපාලSaturday, 07 December 2019 05:42 PM

කවුරුත් ගෙවන්න ඕනේ නැහැනේ. කරුණා අම්මාන්ව හොර පාස්පෝර්ට් එකකින් U.K එවපු, ලියම් ෆොක්ස් රජයේ වියදමින් ගෙන්වාගෙන දේශපාලන වාසි ගන්න හදපු නායකයින් ඉන්නේ අහවල් දේකටද?

:       0       30

Nimal Friday, 06 December 2019 05:10 PM

තුෂාර සිල්වා, බ්‍රිගේඩියර් ප්‍රියංක වගේ නිර්භීත මිනිසුන් සිටියේ නැතිනම්.., ඔබ ඔය කියන සිංහල ජාතිකයන් බොහෝමයක් බෝම්බ වලට හසුවන බව කරුණාවෙන් අමතක නොකරන්න.

:       481       1299

සෙනෙවිරත්න Friday, 06 December 2019 05:44 PM

එය අවිවාදිතය. එසේ වුවද හිංසනය ප්‍රදර්ශනය කිරීම අර්ථ විරහිතයි.

:       691       1108

Sudath Friday, 06 December 2019 05:23 PM

තහනම්ව පැවැති ඉස්ලාම් කොඩිය ලන්ඩන් නගරයේ ප්‍රදර්ශන කිරීම නඩුවට අදාල නැද්ද?

:       516       668

kamalFriday, 06 December 2019 09:38 PM

තහනම්ව පැවැති ඉස්ලාම් කොඩිය ලන්ඩන් නගරයේ ප්‍රදර්ශන කිරීම ගැන ලංකාවේ තානාපති කාර්යාලය පොලිසියට පැමිණිල්ලක් දැම්මා නම් එක රාජතාන්ත්‍රිකවත්, නීතිමයවත් විසඳ ගන්න තිබුනා.

:       2       56

Aris Friday, 06 December 2019 05:30 PM

එංගලන්තයේ තහනම් සංවිධානයක් වූ කොටි සංවිධානයේ කොඩිය අතැතිව, අපේ මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කිරීමට ඉඩදීමේ වරදටත් නඩුවක් පැවරුවොත් හොඳයි නේද?

:       123       541

සවුන්දිරිස් Friday, 06 December 2019 07:03 PM

එහෙ උද්ගෝෂණ කරන්න තහනම් නැහැ.

:       7       69

ටිරොන්Saturday, 07 December 2019 02:01 PM

ඒ වගේම සුදු වෑන්, ඝාතන, අතුරුදහන්, කැලෑ නීතිය, ගැන අහන්නත් නැහැ. අපේ රටේ දූෂිත දේශපාලකයෝ වගේ මේ රටේ අය හැම දේකටම ඇඟිලි ගහන්න යන්නෙත් නැහැ...

:       14       7

Weera SankiliSaturday, 07 December 2019 05:10 AM

ඉතින් බුර බුරා ඉන්නේ? පවරන්න එපැයි නඩුව!

:       23       143

රණවක Friday, 06 December 2019 05:30 PM

රණවිරුවන් ශ්‍රේෂ්ඨ බව අපි දනිමු... නමුත් රණවිරුවන් කරන වැරදිවලට නීතියෙන් දඬුවම් දිය යුතුයි. රණවිරුවන් සළුව පොරවාගෙන කර ඇති දූෂණ සහ මිනීමැරුම් නිසා සමහර රණවිරුවන් චෝදනා ලබා ඇත. වැරදි කළ රණවිරුවන් හට දඬුවම් නුදුනහොත් සියලු රණවිරුවන්ගේම ශ්‍රේෂ්ඨ බවට කැළලක් වන බව තේරුම් ගන්න.

:       190       537

leel gunawardena Friday, 06 December 2019 05:35 PM

එංගලන්තේ දේශපාලනයත්, අධිකරණයත් ගැන කියන්න දෙයක් ඉතුරු වෙලා නැහැ.. මේවා ඡන්ද ගුණ්ඩු... දෙමළ ඡන්ද ලබාගන්න කරන උප්පරවැට්ටි... ඔබතුමා සුජීව කියපු දේ කර අපට එය ලබා දෙන්න ඔබට ජය...

:       180       327

Nandalal DE SILVA - France Friday, 06 December 2019 06:06 PM

බ්‍රිගේඩියර් ප්‍රියංක හරිද? වැරදිද? කියන්න තරම් මගේ නීති දැනුම මදි බව නිහතමානීව පවසා සිටිමි...! කෙසේවෙතත් එංගලන්තයේ මහ රැජිනගේ නීතිය නම් වෙනත් රටවල ඉල්ලීම්වලට හිස නොනමන බව මේ නඩු තීන්දුවෙන් පැහැදිලි වෙනවා. ශ්‍රී ලංකාව තවමත් බ්‍රිතාන්‍යයේ මිත්‍ර රාජ්‍යයක් වුණානම් මේ දරුවා මෙලහකටත් නව වසරට කිරිබත් කන්න ඇවිල්ලා...!!! එංගලන්තය ඊළාම් හිතවාදීන්ට සහ කොටි හිතවාදීන්ට හිත උණු වනරටක් බව හැමෝම දන්නා කරුණකි..

:       38       378

Mahesh Uk Friday, 06 December 2019 07:04 PM

මේ නඩු තීන්දුව දුන් දවසේ මුළු එංගලන්තයේ තියන දෙමල කඩවල එල්ටීටීඊ කොඩි දාලා තිබ්බා. මේ අදහස් දාන 3වැඩිහරියක් රටට කොච්චර ආදරේද කියල පේනවා. නමුත් අපේ ඔක්කොම සිංහල මිනිස්සු රිංගන්නේ එල්ටීටීඊ එකට උදව් කරන දෙමල කඩ වලට. රිංගලා බදු ගන්නකොට හොඳට හිනා වෙලා බඩු ගන්නවා. මේ එංගලන්තයේ එක සිංහල කඩයක් නැ අපිට බඩු ගන්න, දැම්මත් අපේ සිංහල මිනිහා යන්නේ නැ බඩු ගන්න. ඒ පැහැදිලි ඉරිසියාව. ඒ නිසා කඩේ ඉක්මනට වහලා දානවා.

:       9       214

siri Friday, 06 December 2019 07:52 PM

බ්‍රිගේඩියර්වරයා මහා කොමසාරිස් කාර්යාල ගොඩනැඟිල්ල තුල හිඳිමින් මොන දෙයක් කලත් ඔහුට අනිවාර්යයෙන්ම රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය ලැබෙනවා. අපට මතකයි 1984 අප්‍රේල් 17 වෙනිදා ලන්ඩන් නුවර ලිබියානු තානාපති කාර්යාලය අසල ලිබියන් රජයට විරුද්ධව පැවැත්වුන විරෝධතාවයකට සහභාගි වූ පිරිසකට එම කාර්යාලයේ ඇතුලේ සිටි කෙනෙකු විසින් වෙඩි තැබූ අවස්තාව. මෙහිදී එම වෙඩි පහරක් වැදී එතන රාජකාරියේ දී සිටි ඉයෝන් ෆ්ලෙචර් නමැති තරුණ බ්‍රිතාන්‍ය පොලිස් නිලධාරිනිය මිය ගියා. එහිදී බ්‍රිතාන්‍ය රජයට සිදු වුනේ එම අවස්ථාවේ තානාපති කාර්යාලයේ රාජකාරියේ දී සිටි සියලුම දෙනා රටෙන් පිටුවහල කිරීමටයි. බ්‍රිගේඩියර්වරයා මෙවන් කරදරයකට පත්වූ අවස්ථාවේදී විරෝධතාවය පැවැත්වූ එල්.ටී.ටී.ඊ සංවිධානයට හිතැති කණ්ඩායමට විරුද්ධව තවත් කණ්ඩායමක්ද මහ කොමසාරිස් කාර්යාලය ඉදිරියේ රැස්ව සිටියා. බ්‍රිගේඩියර් ප්‍රියංකා ප්‍රනාන්දු මහතා කාර්යාලයෙන් පිටතට පැමිණියේ එම කණ්ඩායම රැස්ව සිටි තැනටයි. එදා එම ස්ථානයට බිගේඩියර්වරයා ගෙන්වා ගත් කණ්ඩායමද මෙම කණගාටුදායක තත්වයට වගකිව යුතුයි කියලයි අපට පෙනෙන්නේ. අද ඔවුන් බ්‍රිගේඩියර් වරයාගේ පිහිටට එනවාද ?

:       312       432

nimal Friday, 06 December 2019 09:42 PM

ලංකාවේ රජය රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය ලොකු ලොක්කන්ටත් දේශපාලකයන්ටත් විතරක් දීමේ විදේශ දෙපාර්තුමේන්තුවේ ප්‍රතිපත්තියේ ප්‍රතිපලය තමයි මේ.

:       10       15

CG Friday, 06 December 2019 10:23 PM

ලංකාවේ අපිට තියනවා අපි අරයගේ මෙයාගේ කියලා පාර්ට් දාන ගතියක්... ඒවා දියුණු රටවල් වල නැත..

:       9       57

Dalit Friday, 06 December 2019 11:13 PM

මෙය දේශපාලනික තීන්දුවකි. බ්‍රිතාන්‍යයේ මහා ඡන්දය 12 වෙනිදා. ඉන්දියානු ඡන්ද කුට්ටිය බලවත්.

:       31       117

bandula Friday, 06 December 2019 11:51 PM

විරෝධය පනවා වගේම එයට ප්‍රතිවිරෝධය පෑමේ වරදක් නැත. මොනවා කළත් ලන්ඩන් කොටින්ට ලංකාව කඩන්නට බැරිය.

:       2       18

sunil Friday, 06 December 2019 11:55 PM

මේ අයගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ට බැහැ.. ඊලාම් කොඩි අරන් තානාපති කාර්යාලයක් ළඟ ඉතාමත් පහත් විදියට හැසිරෙන සමාජයට දඩ නොගසන නීතිය බ්‍රිතාන්‍යයේත් වල්වැදී ඇති අයුරු මුළු ලොවටම විදහා දැක්වීමක්...

:       2       23

ලුම්බිණි Saturday, 07 December 2019 12:00 AM

නීතියට අනුව කලේ වැරැද්දක් නම් මොනවා කරන්නද?

:       30       20

Kamal Saturday, 07 December 2019 12:15 AM

එංගලන්තයේ පදිංචි වෙලා මහා දේශප්‍රේමි කතා කියන අයට දැන් එ්කට විරෝධය පාලා ලංකාවට එන්න පුළුවන්..

:       1       183

මුණසිංහ Saturday, 07 December 2019 12:43 AM

ඉහතින් දාපු කමෙන්ට්ස්වලින් තේරෙනවා දේශප්‍රේමින් සහ පරගැති දේශද්‍රෝහින් කවුද කියලා. ඒ අය ලංකාවේ ඉන්නේ ඇයි කියලත් හිතෙනවා. මොහු පිටරටක සැප විඳිමින් තමා තමාගේ දේශප්‍රේමිත්වය ඉස්මතු කලේ. ඔහුට පැත්තක් බලාගෙන ඉන්න තිබුණා. මේකේ අදහස් දාපු සමහරු නම් ඒක කරනවා ෂුවර්. අනෙක යහපාලන ආණ්ඩුව ඒ වෙනුවෙන් කුමක් කලේද? යන්න විමසා බලන්න. නිකමට බැලුවේ නැහැ. වත්මන් ආණ්ඩුවට ඒ වෙනුවෙන් කළහැකිව තිබුනේ නඩු තීන්දුව කුමක්දැයි බලන් හිටීම පමණයි. ඔහුගේ දඩ මුදල ගෙවීමට අපි හැමෝම දායක වෙමු රට වෙනුවෙන්...

:       145       42

Jayantha Saturday, 07 December 2019 01:09 AM

මේවා මොන අභීතකමක්ද? මේවා ගොන් පාට්...

:       55       124

ගොබ්බ්සේනSunday, 08 December 2019 11:15 AM

රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙක් හැසිරුනු ආකරය මුලු ලෝකෙම දැක්කා. ඔහුගේ තියෙන පහත් මානසිකත්වයක තමා ලෝකෙට පෙන්නුවේ. මේ වගේ දේවල් අපේ රටේ අය වීරකමක් විදියට දකිනවා. නමුත් ශිෂ්ඨ සම්පන්න රටවල එහෙම නොවේ. විවේචනය කරන අය වීසා දෙනවානම් එන හැටිත් බලාගන්න පුලුවන්.

:       1       38

gamini Saturday, 07 December 2019 01:50 AM

ඔය එංගලන්ත අයම තමයි අපගේ ජාතිවාද ප්‍රශ්න ඇති කලේ. ප්‍රශ්නය නම් වෙන කොටින්ට වෙත හැන්දකින් බෙදීමේ ආකාරයයි.

:       127       179

Anura Saturday, 07 December 2019 02:06 AM

බ්‍රිගේඩියර්වරයකුට ගැලපෙන හැසිරීමක් තිබෙනවා. හමුදාවේ හා තමාගේ නිලයේ ගෞරවය රැකගන්න. නිකන් රස්තියාදුකාරයින් වගේ හැසිරෙන්න බැහැ. මොහු කරපු දෙයින් ලංකාවේ හමුදාව අවමානයකට ලක්වුණු එක පමණයි සිදුවුනේ..

:       77       197

prakaash Saturday, 07 December 2019 02:41 AM

බ්‍රිගේඩියර් ප්‍රියංක ඔබ සැබෑ වීරයෙකි. රටට මහඟු සේවයක් කළ විරුවෙකි. රටට ආදරය කරන අපි ඔබ සමගයි. මෙහි ප්‍රතිචාර දක්වන බොහෝ අය කොටි ඩයස්පෝරාවෙන් යැපෙමින් එංගලන්තය වැනි රටවල සපත්තු ලෙවකන අය බව කිව යුතුමයි. ඔවුන් දේශද්‍රෝහීන් බව කිවයුතුමයි. බටහිර රටවල් කරන්නේද ත්‍රස්තවාදය පෝෂණය කිරීම බව අප කිවයුතුමයි..

:       269       177

Don Saturday, 07 December 2019 02:57 AM

මේක ඉතාමත් වැරදි තීන්දුවක්... ජනාධිපති ගෝඨාගෙන් හරි මහින්ද මහතාගෙන් හරි තීන්දුව දෙන්න ඉස්සෙල්ලා ඇහුවා නම් තමයි හොඳ...

:       17       69

namali Saturday, 07 December 2019 03:20 AM

මේ විදේශීය රටවල් කොටින්ට ඔක්සිජන් දුන්නු නිසා තමයි අවුරුදු 30ක් අපේ මේ මව්බිමේ අපි හැමදෙනෙක්ම දුක් වින්දේ... ඒවා අපට අමතක නැහැ.

:       3       63

namalSaturday, 07 December 2019 09:37 AM

විදේශීය රටවල් කොටින්ට ඔක්සිජන් දුන්නු නිසා නෙමෙයි අවුරුදු 30ක් යුද්ධේ පැවතුනේ, අපේ තිබ්බ ආණ්ඩුවලට යුද්ධේ ඉවර කරන්න ඕනකමකුත්, දැනුමකුත් නැති වුනු නිසයි. යුද්ධේ ඉවරවුණු කාලෙත් ඔය කියන රටවල් තිබ්බානේ.

:       23       6

janaka Saturday, 07 December 2019 03:29 AM

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා ලෙස සේවය කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා වන් වූ ශ්‍රේෂ්ඨ ලාංකිකයන් අප රටට අභිමානයකි. එංගලන්තයේ තහනම් සංවිධානයක් වූ කොටි සංවිධානයේ කොඩිය ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය කිරීමත්, එම සංවිධානය වෙනුවෙන් ප්‍රසිද්ධියේ කටයුතු කිරීමටත්, එම සංවිධානය වෙනුවෙන් අප රටට එරෙහිව කටයුතු කිරීමටත් විරුද්ධව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය බ්‍රිතාන්‍යයේ අධිකරණ ක්‍රියාවලියකට යායුතුයි.

:       5       44

amila Saturday, 07 December 2019 03:54 AM

මොවුන්ටත් ඕනෑනැති වැඩනේ.. රස්සාව කරගෙන පාඩුවේ ඉන්නේ නැතුව, අනවශ්‍ය වැඩ ඕනෑම නෑ..

:       7       63

amila Saturday, 07 December 2019 03:57 AM

ඕනෑ නැති වැඩකරලා දැන් සල්ලි හිඟාකන්නකෝ, අනිත් මිනිස්සුන්ටත් වදයක්නේ... ලැජ්ජා නැද්ද?...

:       68       36

Sinhalaya Saturday, 07 December 2019 07:26 AM

මේ විරුවාට විරුද්ධව අදහස් පළ කළ සිංහල යයි කියන සියලු දෙනා ගෙම්ම අසන්න ඇත්තේ එ්කයි. ගෙදර ගිහින් තම මවගෙන් අසා බලන්න මාව ජාතක වුනේ සිංහල ලේ තියන පියෙකුටද කියලා... එ්ක දන්නේ තමාගේ මව පමණයි, වෙන කියන්න දෙයක් නැත.

:       148       87

බණ්ඩාර Monday, 09 December 2019 04:47 AM

මේ වගේ කුපාඩි සිංහලයන් නිසා තමයි අපි හැමදාම, කිසි දියුණුවක් නැතිව, එක එකාට දත නියවමින්, ඉරිසියා කරමින්, හිඟන ජාතියක් වෙලා ඉන්නේ.. නියම සිංහලයන් හරි දේ හරි කියන අතර, වැරදි දේ වැරදි ලෙස දකිනවා.

:       2       9

athuraMonday, 09 December 2019 06:10 AM

සිංහල ලේද, දෙමළ ලේද කියලා බලන්නේ කොහොමද මහත්මයා? අපි නම් දන්නා විදිහට තියෙන්නේ හැමෝටම එකම ලේ...

:       1       6

Bandara Saturday, 07 December 2019 07:29 AM

ජාතිය ඩෝසර්කළ යුගයක ඔබ මහා බලගතු මිනිසෙකි. පරයින්ට ඔබ අපරාධකරුවෙකි.

:       85       122

Kumara Saturday, 07 December 2019 07:31 AM

හරිනේ සිල්වා කියන්නේ පෘතුගීසි කාරයෙක්නේ..

:       45       49

Palitha Saturday, 07 December 2019 07:52 AM

තුෂාර කියන්නේ හොඳ හිඟන්නෙක්...! කොහේ හරි රටක කාට කාට හරි කඹුර කඹුර කත් අදින කෙනෙක්. ඒකට මතක නැහැ බ්‍රිගේඩියර් ප්‍රතිචාර දැක්වූයේ ත්‍රස්තවාදීන්ට උදව් කරන අයට කියලා. මොකද අපේ රටේ මිනිස්සු පාරවල්, පල්ලි, පන්සල්, බස් නැවතුම්, දුම්රිය ස්ථාන වල සත්තු වගේ මැරුණට තුෂාරගේ පවුලේ අයට එහෙම කිසි කරදරක් වෙලා නැතුව ඇති...

:       211       116

menna Saturday, 07 December 2019 08:20 AM

මේක හොඳ පාඩමක්. අද තියෙන ඩිජිටල් තාක්ෂණයෙන් පොඩි දේත් ලොකු කරන්න පුළුවන්. තවද විදේශයකදී සිදුවූ මෙවැනි දෙයකට කොපමණ කතන්දර හැදිලද? ලංකාව තුළද අවුරුදු 30 කට වැඩිය සිදුවුනේ මෙවැනි දෙයක්, මහා පරිමාණව. අපේ හෝ අපේ නොවන අයව එකට කොටවලා වෙනත් අය එමගින් ප්‍රතිලාභ ලබනවා. හරියට නිකන් ඒකාලේ කුකුල් පොරයක් වගේ. අද කාලේ රෙස්ලින් පොරයක් වගේ. පොරයට ඔට්ටු දමපු අය එම මුදල් එකතු කරගන්නේ රාජ්‍ය හා ලෝක නීතියට අනුව. මෙම දඩ මුදල එක් එක් පුද්ගලයන්ට සපෙක්ෂිතව කුඩා හෝ වැඩි විය හැක. නමුත් දඩ මුදල ප්‍රශ්නය නොවේ, ලංකාව මනුෂ්‍යයන් හැටියට නැවතත් පොර කුකුළන් වෙනවද? සාමයෙන්, සමගියෙන් ලෝකයේ බැබලෙන රටක් වෙනවද කියන එකයි. බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු සාමාන්‍ය මනුෂ්‍යයෙක් හැටියට ඔවුන්ට එම අවස්ථාවේ ආපු හැඟීමට මෙවැනි දෙයක් සිදුවිය හැක. ප්‍රශ්නය තියෙන්නේ මෙවැනි පොඩි දේ වුණත් ලොකු කර දෙපැත්ත කන්න බලන් ඉන්න හිවල්ලු මගේ මිනිසුන්ගෙන් බේරීමට කොහොමද ඉදිරියේදී කටයුතු කරන්නේ කියන එකයි...

:       105       11

පිටිගල මිලානෝ Saturday, 07 December 2019 08:22 AM

රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් මීට වඩා ගෞරවනීය ලෙස හැසිරිය යුතුයි. විශේෂයෙන්ම අපේ රටට යම්යම් මානව අයිතිවාසිකම් පිළිබඳ ලෝක ප්‍රජාවෙන් චෝදනා එල්ල වෙන වෙලාවක්. මෝඩ මිනිසුන් මෙම ක්‍රියාවට හුරේ දැම්මාට උගත් කිසිවෙක් මෙම සංඥාව වීරකමක් ලෙස පිළිගන්නේ නැත. තවද මෙම ක්‍රියාව මගින් අපේ හමුදාවේ විනය ගැනද ලෝකය සැකපහළ කරනු ඇති බැවින් මොහු ගැන යුද හමුදා අධිකරණයද බරපතල චෝදනා ගොනුකළ යුතුයි.

:       4       120

Rata Perata Saturday, 07 December 2019 08:34 AM

මෙතන ගොඩක් අදහස් දාලා තියෙන්නේ වැරැද්දක් වුණත්, ඒක කරපු පුද්ගලයා අනුව නීතිය නවන්න ඕනෑ කියන මතයේ ඉඳගෙනයි. මිනිස්සුන්ට එ්කේ වරදක් කියන්නත් බෑ ඉතින්. අපේ සල්ලි හොරකම් කරලා දෙමාපියන්ට සොහොන් හදලා නඩු වැටුණු කෙනෙක් නේ අද ජනපති කරලා 'ජාතියේ වීරයා' කියන්නේ. ඉතින් මොන කතාද තවත්...

:       22       181

Kamal Saturday, 07 December 2019 09:10 AM

සිංහලයා ඔබ හරි

:       34       28

sarath Saturday, 07 December 2019 11:19 AM

මේක තමයි අපේ අභිමානය. නිකම් හිවල්ලු වෙන්න එපා. අපි මේ රටවල්වල ඉන්න හින්දා දන්නවා ඇත්ත...

:       67       12

sarath Saturday, 07 December 2019 11:23 AM

පිටිගල මිලානෝ උඹ ඉන්නේ කොයි ලෝකෙද?

:       114       1

මහසෙනවි Saturday, 07 December 2019 11:29 AM

මේ ක්‍රියාදාමය හරියට වඳුරෙකුට දැලි පිහිය ලැබුනා සේ සමානය.

:       0       224

sarath Saturday, 07 December 2019 11:32 AM

අමිල නුඹලා රටට නින්දාවක්...

:       49       4

sarath Saturday, 07 December 2019 11:37 AM

ජයනාත්... නුඹලා වගේ අයට ලියන්න වචන නැත.

:       57       1

සත්‍යපාල Saturday, 07 December 2019 11:42 AM

මොලේ උඩ ඉන්න මෝඩ වහල්ලු බ්‍රිගේඩියර්වරයාව සාධාරණය කරන්න... වීරයෙක් කරන්න හදනවා. රජිව් ගාන්ධි ලංකාවට ආපු වෙලේ තුවක්කු මිටෙන් ගහපු එකත් වීරකමක් විදියට දැකපු අයනේ අපේ රටේ ඉන්නේ... අපේ රටට වෙන අපකීර්තිය, අවමානය ගැන නොහිතන අය ගැන කවර කතාද?

:       11       121

sarath Saturday, 07 December 2019 11:45 AM

තුසර සිල්වාට... ලංකාව බෙදන යෝජනාවට කැමතිද?

:       8       1

Isuru Saturday, 07 December 2019 01:06 PM

ගෝත්‍රිකයෝ තව කුලප්පු වෙන වැඩක්නේ...

:       2       41

Champa Saturday, 07 December 2019 01:28 PM

මේ තීරණය සම්පූරණ වැරදියි. Diplomat කෙනෙක් විදිහට හිටපු නිලධාරියෙකුට විරුද්ධව සේවා කාලය තුළ කරපු කිසි දෙයකට නඩු දාන්න බැහැ. ඒ මොකද කිව්වා නම් ඒ අවස්ථාවේ ඔහුට immunity තිබ්බ නිසා. නඩුවක් දාන්න පුළුවන් එක්කෝ ඔහුගේ immunity ලංකාව විසින් ඒ අවස්ථාවේ ඉවත් කරලා තිබ්බා නම් හෝ එම නිලධාරියා නැවත බ්‍රිතාන්‍යයට ආවොත් විතරයි. ඒකත් කරන්න ඉස්සෙල්ල මහ කොමසාරිස් කාර්යාලයට දැනුම් දෙන්න ඕනේ එහෙම නඩුවක් දානවා කියලා. මේක තනිකරම වියානා සම්මුතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක්. ලංකාවට පුළුවන් බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කැඳවලා කියන්න අපිත් මේ දීපු තීන්දුව පරස්පර වශයෙන් සිදු කරනවා කියලා. ඒ කියන්නේ මීට පස්සේ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ ඉන්න ඩිප්ලොමැට්ලටත් නඩු දානවා කියලා. දැනට ඔවුන්ට මාර්ග නීති කඩ කිරීම්වලදී දඩ ගහන්නේ නැහැ. මීට පස්සේ පුළුවන් දඩ ගහන්න පටන් ගන්න. වියානා සම්මුතියේ පදනම පරස්පරතාවයයි. ඒ හින්දා අපිත් ඒ විදිහට වැඩ කරනවා කියලා කියන්න ඕනේ. ඒ මොකද මේකට විරුද්ධව දැන්ම කතා කලේ නැත්නම් අනිත් රටවලුත් පටන් ගනියි මේක. අප්‍රිකානු රටක් මෙහෙම කළා ඔවුන්ගේ තානාපතිගේ වාහනේ උස්සන් ගිහින් තිබ්බාම...

:       146       195

thushara silva Saturday, 07 December 2019 05:28 PM

තුෂාර හරි කියලා කියන්නේ සිංහල බෞද්ධයින් පමණයි. ලංකාවේ නීතිය අනුව තුෂාර ඉතාමත් නිවැරැදි අභීත සෙබලෙක්, රටට අභිමානය ගෙනෙන්න නම් කරන්න ඕනේතරම් වැඩ තියෙනවා. පුලුවන් නම් කියන්නකෝ නව ජනාධිපතිතුමාට මේ දවස් වල හිඟා කන එක කරන්න එපා කියලා... අභිමානනීය ජාතියක් විදියට වැඩ කරන්න කියලා. එතුමාත් මේ දවස්වල ගස්,ගල් වලට වැඳ වැඳ පන්සල් ගානේ යනවා. මුළු ජාතියම රවටන එක තමයි ඔය පත්වූ හැම නායකයෙක්ම කලේ...

:       0       2

rata bedala denna silwata puduma kakkumak thiyenne Saturday, 07 December 2019 08:34 PM

සිල්වාට පුදුම කැක්කුමක් රට බෙදන්න නේද අනේ.... පින් කරන කෙනෙක්.

:       1       22

athura Monday, 09 December 2019 06:13 AM

අති බහුතරයක් අදහස් පිපීගෙන එන පක්ෂේ කුලී හේවායන්ගෙන්.

:       18       0

janahitha Monday, 09 December 2019 07:02 AM

අවජාතක සහ සහජාතක අතර වෙනස දැක්වෙන කදිම නිදසුනක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 576 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 110 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 813 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 830 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1224 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1111 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1534 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site