IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


බහුතරයකගේ විශ්වාසය දිනාගත් අයකු අගමැති කරන්නැයි ජනපතිට ලිඛිත ඉල්ලීමක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම තනතුරේ තව දුරටත් රැඳී සිටිමින් රාජ්‍ය පාලනය මෙහෙයවීම ගැන ශ්‍රී ලංකා පක්‍ෂයට එකඟ විය නොහැකි බැවින් පාර්ලිමේන්තුවේ බහුතරයකගේ ගෞරවය හා කැමැත්ත දිනාගත හැකි මන්ත්‍රීවරයෙකු එම ධූරයට පත්කර නව රජයක් පිහිටුවිය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් දන්වා  තිබේ.

පළාත් පාලන මැතිවරණයේදී ලද ඡන්ද සංඛ්‍යාව කෙරෙහි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගත් ඇතැම් තීන්දු ඍජුව බලපෑ බව ද ඔවුන් සිය ලිපියේ සඳහන් කර තිබේ. 

එහි වැඩිදුරටත් මෙසේ ද දැක්වේ.


“ පසුගිය මහ මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය සම්මුතිවාදී රජයකට එකඟ වූයේ වර්ෂ 2ක් සඳහාය. එම කාලය දැන් ඉකුත් වී ඇත. පසුගිය වසර 2 1/2ක කාලය තුළ සම්මුති රජයේ ආර්ථික, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, විදේශ කටයුතු, අධිකරණය, නීතිය හා සාමය වැනි ප්‍රධාන විෂයයන් පිළිබඳ වගකීම දරන ලද්දේ එක්සත් ජාතික පක්ෂය හා  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන්, ගනු ලැබූ සමහර තීරණ සම්බන්ධව ප්‍රතිපත්තිමය එකඟතාවලට එළඹීම දුෂ්කර වුවද, සාමූහික වගකීමට අප මැති ඇමැතිවරු ගරු කරන ලදී.

එහෙත් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එල්ල වූ ප්‍රධාන චෝදනාවක් වූ වංචා දූෂණ මැඩපැවැත්වීම වෙනුවට මහ බැංකු බැඳුම්කරය වැනි මහා පරිමාණ වංචා  අග්‍රාමාත්‍යතුමාගේ දැනුම මත සිදුවී ඇති බව රටට රහසක් නොවේ. ආර්ථික කළමනාකරණ හා යහපාලන මූලධර්මවලට පිටුපෑම ඇතුළු අපටද එකඟ විය නොහැකි දේශීයත්වය රැකගන්නා වැඩපිළිවෙළකට යාම වෙනුවට එහි ප්‍රතිවිරුද්ධ ප්‍රතිපත්තියක් මත පිහිටා ගනු ලබන තීරණ නිසා පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල වර්තමාන ජනමතය පිළිබිඹු කර ඇත.

එම නිසා එක්සත් ජාතික පක්ෂය ලද ඡන්ද සංඛ්‍යාව මත ගරු අග්‍රාමාත්‍යතුමා එම තනතුරේ තවදුරටත් රැඳී සිටිමින් රාජ්‍ය පාලනය මෙහෙයවීම අප පක්ෂයට එකඟ විය නොහැක. එම නිසා පාර්ලිමේන්තුවේ බහුතරයකගේ ගෞරවය හා විශ්වාසය දිනා ගත හැකි මන්ත්‍රීවරයකු අග්‍රාමාත්‍යධුරයට පත් කර නව රජයක් පිහිට විය යුතු යැයි අප අදහස් කරමු.

ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට අවස්ථාව ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු”.



අදහස් (21)

බහුතරයකගේ විශ්වාසය දිනාගත් අයකු අගමැති කරන්නැයි ජනපතිට ලිඛිත ඉල්ලීමක්

Buddika Wednesday, 14 February 2018 02:37 PM

සමහර අයට තමන් ඉන්නේ කවුරු නිසාදැයි මතක නැත. කන්න දීපු අත හපා කනවා. නැග්ග ඉනිමගට පයින් ගහනවා. මේ අය ආපුවහම ප්‍රශ්න වැඩියි. මේ මිනිස්සු දෙන්නා මහින්දට කඩේ ගිය මිනිස්සු... යහපාලනයේ ඉඳගෙන එකිනෙකා ඇනකොටා ගත්තා. ජනතාව ඡන්දෙ දුන්නේ මෛත්‍රි ජනාධිපති, රනිල් අගමැති වෙන්නයි. ශ්‍රී ලංකා එකට ආණ්ඩුව දෙන්න නෙමෙයි.

:       0       0

sanath Wednesday, 14 February 2018 02:48 PM

මේක නම් ඉතා හොඳ අදහසක්...

:       205       863

kasunThursday, 15 February 2018 01:57 AM

ලංකාවයි, සිම්බාබ්වේ කණ්ඩායමයි අතර තිබ්බ 4 වෙනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් ලංකාව දිනුවට පස්සේ සිම්බාබ්වේ එකෙන් ඇවිත් මට කිව්වා අපේ බ්‍රෙන්ඩන් තමා වැඩිම ලකුණු ගැහුවේ... ඒ හින්දා දිනුම් සිම්බාබ්වේ කියලා.... මම හිනාවෙලා ගෙදර ගියා.

:       0       0

An Observer Wednesday, 14 February 2018 02:52 PM

ඔබ කැමති හෝ අකමැති වුණාට පසුගිය මහා මැතිවරණයේදී බහුතරයකගේ විශ්වාසය දිනා ගත්තේ රනිල්. පළාත් පාලන මැතිවරණ වලින් අගමැතිවරු තෝරන්නේ නැති බව ඔබලා නොදන්නවාට මහා ජනතාව දන්නවා. ඔබලාට යන එන මන් නැති වුණාට නීති වෙනස් කරන්න බැරි බව තේරෙන්නේ නැද්ද?

:       2301       1372

the obsrverThursday, 15 February 2018 06:26 AM

අලි පක්ෂෙ සේරම මිනිස්සු අඳ, ගොළු, බිහිරි අයද?

:       3       20

surath Wednesday, 14 February 2018 03:00 PM

ඒක නම් අනිවාර්යෙන්ම සිදුවිය යුතු දෙයක්...

:       186       694

sunil Wednesday, 14 February 2018 03:14 PM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් දුමින්ද දිසානායක මහතා මෙම ඉල්ලීම නොකරන්නේ එම මතය නොදරන නිසාද? එසේම මෙය පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵල නිසා ඇතිවූ ඉල්ලීමක් නම් ලොකුම පරාජය ලැබූ ජනාධිපතිවරයාටද අදාල නොවන්නේ ඇයි?

:       475       539

aneyThursday, 15 February 2018 06:21 AM

දුමින්ද ඕවා කියන්නේ කොහොමද, මේ පහුගිය කාලේ කියපු, කරපු දේවල් වල හැටියට.

:       0       6

Raveendra Wednesday, 14 February 2018 03:22 PM

දැන් ඔය කියන මඩවගුරේ ගෞරවය සහ විශ්වාසය දිනාගත්ත කෙනෙක් ඉන්නවද කියලා මව්බිමට ආදරය කරන පුරවැසියන් හැටියට අපට නම් පෙන්නේ නැහැ. ඉන්න හැම කෙනාම ඔබගේ, අපගේ මුදල්වලින් කිසිදු කරදරයකින් තොරව සුර සැප විදින බව පුරවැසියන් සියල්ලෝම දන්නා කරුණකි.

:       1       394

කුමාර් (ගල්ෆ්) Wednesday, 14 February 2018 03:28 PM

මේ අයට අමු කැවිලා වත්ද?

:       551       159

RaveendraWednesday, 14 February 2018 04:40 PM

කුමාර් (ගල්ෆ්) මයා වෙත, ඔබ ඉතාමත්ම නිවැරදිය.

:       69       49

chanda dasa Wednesday, 14 February 2018 04:54 PM

තමාගේ ආසනය පැරදී ඇති ඇමතිලා පළමුව අස්වී ආදර්ශයක් දෙන්න.

:       1       221

sirimal Wednesday, 14 February 2018 06:03 PM

මේක මහ පුදුම කතාවක්නේ? එහෙම කොහොමද? එහෙම වුණොත් රූපවාහිනී නාලිකාවක් මඟින් ලෝකයේ පළමුවෙනි වතාවට අගමැතිවරයෙකු ධුරයෙන් පහකර දැමීමේ සජීවී ක්‍රියාන්විතයට "මොකද වෙන්නේ? අපොයි රටකට ගිය කලක්?

:       0       0

siri Wednesday, 14 February 2018 11:14 PM

මෙයාලගේ ඇස් ඇරෙන්න ජනතාව දුන් පිළිතුරට ජනතාවට ප්‍රණාමය! තමුන්ගේ ආසනයවත් බේරා ගන්න බැරි මෙයාලගෙන් ජනතාවට කිසිම සෙතක් නැහැ. මොන උප්පර වැට්ටියක් දැම්මත් වැඩක් නැහැ.

:       0       0

nishantha Thursday, 15 February 2018 02:23 AM

රටේ විධායක ජනාධිපතිවරයෙක් තමන්ගේ පක්ෂේ අන්ත පරාජයකට එනම් හතරවෙනි තැනට වැටිලා ඉද්දි පළමුව අස් වෙන්න ඕනේ එයයි. ලැජ්ජාවක් නැති කමට තමන්ව ඔය පුටුවට ගේන්න ඡන්දයක්වත් නොදීපු මහින්ද අමරවීර දෙන උපදෙස් අරගෙන බොරු කරලා වාර්තාවක් තියන්නද යන්නේ?

:       0       0

sensa Thursday, 15 February 2018 02:24 AM

අර කිව්වා වගේ මේ රටේ අගමැති කමට සුදුසු පුද්ගලයෙක් වර්තමාන දේශපාලනය කරන ඇත්තන්ගෙන්නම් හොයන්න බෑ. යක්කුන් අතරින් ටිකක් හොඳ යකෙකුව තෝරනවා නම් රනිල් කියන චරිතය තමයි තෝරන්න වෙන්නේ. මොකද, අඩුපාඩුකම් තිබුණට නායකත්වයට සුදුසු ගුණාංගත් ඔහු තුළ තියන නිසා. රනිල්ව ටිකක් සංශෝධනය කරල ගන්න ඕනෑ.

:       0       0

Bamunuarachchi Thursday, 15 February 2018 03:11 AM

තමන් ගැන හිතලාද ඔය අදහස දැම්මේ. කොහොම නමුත් පර්ර්ලිමෙන්තුවේ බහුතර විස්වාසය රටේ ජනතාවට වැඩක් නැත. රටට සේවයක් කල රටේ ජනතාවගේ විස්වාසය දිනා ගත කෙනෙක් අගමැති කොරන්න. ඔය ඉන්න ඇමතිවරුන් අතර රටට වැදගත් දෙයක් කරපු කෙනෙක් ගේ නමක් ඉදිරිපත් කොරන්න බලන්න. ඇමතිවරුන්ගේ දීමනා වැඩි කලාම පාර්ලිමෙන්තුවේ බහුතර විස්වාසය, කැමැත්ත ලැබෙනවා. ඇමතිවරු ගණන අඩුකර දීමනා අඩුකරනවිට රටේ ජනතාවගේ විස්වාසය, කැමැත්ත වැඩිවෙනවා.

:       0       0

රවින් Thursday, 15 February 2018 03:14 AM

තමන් අයත් ඡන්ද කොට්ටාසේ වත්, ආසනයවත් පාලනය කරගන්න බැරි උදවිය රට පාලනය කරන්නේ කොහොමද? ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ?

:       0       0

pubu Thursday, 15 February 2018 03:29 AM

සේරම එකයි . අවස්ථාවාදීන්. තමන්ගේ අවස්තාව එනකන් ඉන්නේ ගේම ගහන්න. සේරම හදන්නේ තමන්ගේ බඩ කට පිරෙන සැලසුමක් හොයන්න .එකෙක්වත් නැහැ රටට ආදරේට වැඩක් කරන.

:       0       62

Deepal Nirosh Thursday, 15 February 2018 06:17 AM

ඔය ඉල්ලීම කරන්න තිබුණෙ 2015 ජනවාරි 09. මන්ත්‍රීවරු 41 දෙනෙකුගෙ පමණක් විශ්වාසය තිබුණු අයෙක් අගමැති කළ වෙලාවෙ. දැන් එතුමාට අනිවාර්ය 106 දෙනෙකුගෙ විශ්වාසය තියනවා. ඔබතුමාල ඉවත් වුවොත් තව 16 දෙනෙකුගෙ කොන්දේසි විරහිත සහාය තියනව. බොරුවට අනාගන්නෙ නැතුව නීත්‍යනුකූලව තම සන්ධානයට හිමි විපක්ෂ නායක ධුරය දිනා ගන්න බලන්න.

:       0       4

dhamneth Thursday, 15 February 2018 07:26 AM

රනිල් නිසා ඡන්ද අඩුවුවනම් ඉතිරි අවුරුදු දෙකත් රනිල්ට අගමැතිකම කරන්න ඉඩ හරින්න .එහෙම කලහම ඊළඟ මැතිවරණයේදී පොහොට්ටුවට 85% ඡන්ද ගන්න පුළුවන්.බුද්ධිමතුන් කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම පමණක් ජනාධිපතිතුමාට දීල (ඡන්ද පොහොට්ටුවට )ජනාධිපතිතුමා තම පැත්තට හරවා ගත්ත වගේ මේ ගොල්ලන්ගේ පදයට නටන අගමැති කෙනෙක් පත්කරගන්නයි මේ ගොල්ලෝ දඟලන්නේ කියා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 587 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 483 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 470 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 247 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 692 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 1191 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1525 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1420 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site