IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


බස් මංතීරුව ඉදිරියට ගෙනයෑමේ තීරණය අද සවස

(අකිල බද්දෙවිතාන)

කොළඹ රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් නියමු ව්‍යාපෘතියක් ලෙස අත්හදා බැලූ බස් රථ සඳහා ප්‍රමුඛතා මංතීරුව හඳුන්වාදීමේ වැඩසටහන ඉදිරියටත් ක්‍රියාත්මක කරන්නේ ද යන්න සම්බන්ධයෙන් අද (20) සවස තීරණය කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක් සමග එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවත් දැනට ලැබී ඇති වාර්තා අනුව බස් රථ සඳහා රාජගිරිය මංසන්ධියේ සිට ආයුර්වේද මංසන්ධිය දක්වා ක්‍රියාත්මක කළ ප්‍රමුඛතා මංතීරු වැඩපිළිවෙළ සාර්ථක බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග සැලසුම් නියෝජ්‍ය අධ්‍යක්ෂ සමන් විදානපතිරණගේ මහතා පැවසීය.

පසුගිය මාර්තු 12 වැනිදා සිට සතියක කාලයක් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණු අතර මුල් දිනවලදී වෙනත් වාහන බස් මංතීරුවට ඇතුළු කළද ක්‍රමයෙන් එම වැඩපිළිවෙළට නැඹුරුවූ රියදුරන් විනයක් සහිතව ධාවනය කළ අයුරු දැකිය හැකිවූ බවද ඒ මහතා කීවේය. එමෙන්ම සතියේ දිනවල පෙරවරුවේ වෙනදා එම පෙදෙසේ ඇතිවන රථවාහන තදබදය අවම මට්මක පැවැති බවට තමාට බොහෝ පිරිසක් දැනුම් දුන් බවද ඒ මහතා කීවේය.



අදහස් (7)

බස් මංතීරුව ඉදිරියට ගෙනයෑමේ තීරණය අද සවස

Harry Monday, 20 March 2017 08:44 AM

නගරයක වෙනම බස් මන්තිරුවක් ඇති කරන්නේ වාහන තදබදය නැති කරන්නටම නොවන බව ස්වීඩනයේ වසන මම හොඳටම දනිමි. මෙයට තවත් ප්‍රධාන අරමුණ දෙකක් තිබේ. ඉන් එකක් වන්නේ රාජකාරි කටුතු සඳහා සහ පාසල් ළමුන් සඳහා හෝ වෙනත් කටුතු සඳහා යන යට කලට වෙලාවට යාම ස්ථිර කිරම සඳහාය, අනිත් කරුණ වන්නේ ඒ මගින් තම වාහන වලින් ගමන් කිරීම අවම කර ගැනීම සහ වාහන වලින් පිටකරන විස වායුව අවම කර ගැනීමය.. මෙය පරිසරය ආරක්ෂා කිරීමේ ක්‍රියාවලියකි.

:       109       143

ase Monday, 20 March 2017 12:25 PM

harry ඔය හැම දේටම මුල වාහන හිර වීම නේද ? එකට විසදුම්මක් හොයමු නේද ? අනික් දේවල් නිකම්ම හැදෙය්.

:       4       1

PRABATH Monday, 20 March 2017 10:21 AM

මේක හරියට ක්‍රියාත්මක කිරීමට නම් පොදු ප්‍රවාහන සේවය වේගවත් කළ යුතුය. ඒ සදහා උදාහරණයක් විදියට පාර්ලිමේන්තු මාර්ගයේ නම් මාලඹේ සිට කොටුව, කොල්ලුපිටිය දක්වා අධීවේගී මංතිරුවක් තිබිය යුතුය.

:       2       8

uddika Monday, 20 March 2017 10:23 AM

ඇත්තටම හොද වැඩක්. ඒ වගේම බස් වලට තවත් බස් එකකට ඉස්සර කිරීම තහනම් කරන්න ඕන. බස් තීරුවේ පමණක් ගමන් කරවන්න ඕන.

:       0       17

වන්නි Monday, 20 March 2017 04:41 PM

ත්‍රී වීල් කාරයන්ට බයේ මේ ක්‍රමය නවත්තන්න එපා. අනිකුත් පාරවල් වලටත් හඳුන්වා දෙන්න

:       0       0

Duminda gayan sooriyaarachchi Monday, 20 March 2017 05:44 PM

වැඩපිළිවෙළ හොදයි මර්ගය අවහිර කරගෙන ධාවනය කරන බස්රථ වලට අනිවාර්යයෙන්ම දඩ පනවන්න ඔන.පදිකයන් ගමන්කරන වෙගයෙන් ධාවනය කරන බස්රථ ලංකාවේ සුලබව දැකිය හැකියි.අනෙක් කරුණ වන්නේ බස්රථ නැවතුම්පොළවල් මර්ගයෙන් පිටත ස්ථානවල පිහිටුවීමට කටයුතු කලයුතුය.නැතිනම් බස්රථ ධාවන තිරුවෙම නැවැත්වීම නිසා දැඩි රථවාහන තදබදයක් ඇතිවිම නොවැළැක්විය හැකි කරුණකි.

:       0       0

dimutha wijesinghe Tuesday, 21 March 2017 03:53 AM

මෙම නිතිය ත්‍රීවිල් සදහාද ක්‍රියාත්මක විය යුතුය. ඔවුන්ගේත් විනය සදිමටන්ම මෙම දේ අනිවාර්ය කළ යුතුය. (ම)

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 4 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1080 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 2428 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 2809 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 1396 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 359 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 285 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1647 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site