IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


බයිසිකලයෙන් ආ 7 දෙනා සභික ධුර වලින් අස්වෙන්නේ නැතිලු

(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
 
පසුගියදා පැවැත්වූ පළාත් පාලන මැතිවරණයෙන් මහරගම නගර සභාව සඳහා ස්වාධීන කණ්ඩායම් අංක 02 මෝටර් බයිසිකලය ලකුණින් තරඟ කොට ජයග්‍රහණය කර තේරී පත්වූ  සභිකයන් 7 දෙනෙක් අද (20) රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ ලිඛිතව දන්වා සිටියේ ඔවුන් සභික ධුර වලින් ඉල්ලා අස්වෙන බවට විවිධ පාර්ශව විසින් ගෙන යනු ලබන කතාවන් සම්පූර්ණ අසත්‍යක් බවත් තමන් මහරගම ජනතාවට විශාල සේවයක් සිදු කිරීමට උද්යෝගයෙන් හා දැඩි බලාපොරොත්තුවෙන් සිටින බවත්ය.

නාගරික සභික ධුර ප්‍රතික්ෂේප කිරීමක් හෝ එම ධුර සඳහා වෙනත් පුද්ගලයින් පත්කිරීමට තමන් කැමති බව හැඟවෙන කිසිදු ලියවිල්ලකට අත්සන් කර නොමැති බවද එසේ යම් ලියවිල්ලක් ඉදිරිපත් වන්නේ නම් ඒවා කූට ලියවිලි ලෙස සලකන ලෙසද මෙහිදී ඔවුන් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියහ.

ගම්පහ බඩල්ගම ප්‍රදේශයේ පදිංචි ලලිත් ගුණවර්ධන , දිලන්ති කුසුම්සිරි , බෝඹුවිල දේවගේ ජොසපින් , චමිඳු ලක්ෂාන් රණසිංහ , ධම්මිකා නිශාන්ති , ලක්මිණි නිශාන්ති සහ හංසනී රුවන්ති යන සභිකයන් නීතීඥ නාමල් රාජපක්‍ෂ මහතා සමඟ මෙසේ මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණියහ.

වීඩියෝ රොමේෂ් ධනුෂ්ක සිල්වා



අදහස් (10)

බයිසිකලයෙන් ආ 7 දෙනා සභික ධුර වලින් අස්වෙන්නේ නැතිලු

රජිතා ප්‍රියන්ති Tuesday, 20 February 2018 09:29 AM

අයියෝ මම කීප වතාවක්ම කිව්වා ගැණු අයට පිරිමි කරන කරන හැම දේම කරන්න බෑ කියලා.

:       0       0

athura Tuesday, 20 February 2018 09:45 AM

හොදම වැඩේ.

:       0       0

නිරෝද අත්තනායක Tuesday, 20 February 2018 10:16 AM

ගම්පහ අයට මහරගම නගර සභාවට ඡන්දය ඉල්ලුව හැකිද?

:       0       0

Chandimal Tuesday, 20 February 2018 10:36 AM

හොඳ වැඩේ දහන් ගැට ගහන්න හදනවට.

:       0       0

Upul Tuesday, 20 February 2018 11:04 AM

පොහොට්ටුවේ ලණුව කාපු මහරගම ප‍්‍රගතිශීලී ජනතාව කිසිවක් සොයන්නේ නැතිව බයිසිකලයට ඡන්දෙ දුන්නා. දැන් ඉතින් බඩල්ගම කට්ටිය මහරගමත් බඩල්ගමක් කරන කල් බලාගෙන ඉන්නයි තියෙන්නෙ.

:       0       37

Hansa Tuesday, 20 February 2018 11:19 AM

මම කැට තියල කියන්නම් මෙයාලගෙ ඩීල් එක කෝටියකට වැඩි ඇති. මුදල් ලැබුණ ගමන් යසට ඉල්ලා අස්වේවි.

:       0       0

palitha Tuesday, 20 February 2018 11:22 AM

බලන්නකෝ එකෙත් හැටි. මහරගම ජනතාවට විශාල සේවයක් සිදු කිරීමට ඇවිත් තියෙන දුර. අකරන්ගහ තියෙන්නේ ගිරිඋල්ල හන්දියෙන් පස්යාල පැත්තට 1කිමි විතර දුරින්. නගර සභාවේ සිට 65කිමි දුරින්. ජනතා සේවය කෙසේ වෙතත් අපේ බදු මුදල් වලින් ගමන් ගාස්තු නම් ගෙවන්න වෙයි.

:       0       8

බොරලුගොඩ Thursday, 22 February 2018 04:00 PM

මේ පිරිස එන්නේ මොටෝසයිකලයෙන් නිසා වෙලාවට එයි. එක ගෙදරක දෙන්නෙක්ම ඉන්නවා. මේ අයට කතිරය දෙන්න කිවුවේ මහරජා නේද?

:       0       0

සතයපාල Tuesday, 20 February 2018 01:40 PM

දැන් අහන්න තියෙන්නේ පොල්ලෙළි වලට ඡන්දය දීලා සැපද කියලා විතරයි.

:       0       1

rocky Thursday, 22 February 2018 01:38 AM

මහරගම චන්දදායකයෝ හරි බුද්ධිමත්ය. තමන්ගේ ප්‍රදේශයේ පදිංචි අපේක්ෂකයන්ගෙන් සේවයක් ඉටු නොවන නිසා, ඉම්පෝර්ට් කරපු පිරිසකට චන්දය දීමට ඔවුන් තීරණය කර ඇති බව පෙනේ. මහා මැතිවරණයේදී අපටත් චන්දය දීම සඳහා ඉතියෝපියාවෙන්වත් අපේක්ෂකයන් පිරිසක් ගෙන්වා ගත්තොත් නරකද?

:       0       29

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 3 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 17 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මැලේසියාවේ හෙලිකොප්ටර් දෙකක් හැපී 10ක් මරුට
2024 අප්‍රේල් මස 23 153 0

මැලේසියානු රාජකීය නාවික හමුදාවේ පෙළපාලියකට පුහුණු වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානා දෙකක් ඉහළ අහසේදී එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් එහි සිට


රොෂාන් රණසිංහත් ජනපති සටනට
2024 අප්‍රේල් මස 23 735 0

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහ


රාජකාරියකට ගිය ජී.එම්.ආර්. හදිසියේ මිය ගිහින්
2024 අප්‍රේල් මස 23 1108 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා අද (23දා) උදෑසන අනුරාධපුර පිහිටි දුම්රිය සංචාරක බ


තායිවානයේ භූ කම්පන වැලක්
2024 අප්‍රේල් මස 23 938 0

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්‍රබලතම භූමිකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 267 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1615 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1505 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site