IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


බන්ධනාගාර ⁣කොමසාරිස් ජනරාල් ධුරය තුෂාර උපුල් දෙණියට

(නිමන්ති රණසිංහ)

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී. එම්. ජේ. ඩබ්ලිව්. ජයසිරි තෙන්නකෝන් මහතා ඉවත් කර එම ධූරය සදහා බන්ධනාගාර බුද්ධි අංශ කොමසාරිස් තුෂාර උපුල් දෙණීය මහතා පත්කර ඇත.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් අද (03) කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කරමින් මෙම නව පත්කිරීමට අනුමැතිය ලබා ගෙන තිබිණී.

වහාම කි‍්‍රයාත්මක වන පරිදි ජයසිරි තෙන්නකෝන් මහතා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වෙත මාරුකර යවා ඇති බව වාර්තා වෙයි.

බන්ධනාගාර කි‍්‍රයාකලාපය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉකුත් 02 වැනිදා ආරක්ෂක අංශ සමග පැවැති රැස්වීමකදී දැඩි දෝෂ දර්ශනයට ලක්වූ අතර, රටේ සිදුවන අපරාධ බන්ධනාගාරය තුළ සිට කි‍්‍රයාත්මක වන බවට තොරතුරු ලැබී ඇති බවත් අපරාධකරුවන්ට උදව් කරන දුෂිත නිලධාරීන්ට දැඩි කි‍්‍රයාමාර්ග ගන්නා බවත්, ජනාධිපතිවරයා සදහන් කළේය.
 



අදහස් (29)

බන්ධනාගාර ⁣කොමසාරිස් ජනරාල් ධුරය තුෂාර උපුල් දෙණියට

Bamunuarachchi Wednesday, 03 June 2020 02:29 PM

කලොත් හරියට.... නැතිනම් එලියට. ඕකතමයි රාජ්‍ය ප්‍රතිපත්තිය විය යුත්තේ....

:       15       303

vipulaThursday, 04 June 2020 03:08 AM

පෞද්ගලික අංශයට තිබෙන ඔබේ කියමන රාජ්‍ය අංශයටත් තිබිය යුතුයි.

:       0       26

BamunuarachchiThursday, 04 June 2020 04:22 AM

එ්කනේද හලෝ මම ලියලා තිබෙන්නේ...? යමක් කියවලා තේරුම් ගන්න බැරිද? කළොත් හරියට... නැතිනම් එළියට. මේක පුද්ගලික අංශයේ තිබුණත් එකයි නැතත් එකයි.

:       75       63

Sam Wednesday, 03 June 2020 02:33 PM

ගෝඨාභය මහත්තය රට හදන්න අවංක උත්සහයක් දරන බව පේනවා. එහෙත් වටේ ඉන්න දේශපාලන ගෝල බාලයන් වැඩෙ හරියට කරන්න දෙන එකක් නෑ. පරිස්සමින්...

:       336       237

janatha anura Thursday, 04 June 2020 04:08 AM

වටේම ඉන්නේ පැරණි බුවාලා ටික... බොහොමයක් හොරු තැබෑරුම් කුඩු ව්‍යාපාරිකයින් පොහොට්ටුවේ පසුබිමත්..., සමනල පක්ෂයේ ටයි, කෝට් හොර පසුබිමත් දෙකම එකක් යල් පැනගිය හොර කණ්ඩායම් නැවත ඇමතිකම් ලබාගෙන නං දොඩවනවා. විදේශ රැකියා කරන්නන් බෝම්බලු.. රාජ්‍ය මුදල් කෝටි ගණන් වංචා කරපු අය ගේඨාභය මහතාගේ ලේබලයෙන් පැලපදියන් වී ඇත. ජනතාව මොවුන්ට ඡන්දය දුන්නේ නැහැ. දුන්නේ ගෝඨාභයට... ඡන්දයේදී බලමු.

:       2       681

අතුලThursday, 04 June 2020 11:26 AM

මුදල් කෝටි 40 කින් දෙමව්පියන්ගේ සොහොන් හදලා, අහුවෙලා, නඩු දැම්මාම දවස් දෙකෙන් කෝටි 40 ගෙවලා කියනවා දැන් හරිලු. "දැක්කොත් බුවා- නැත්නම් එබුවා" දවස් දෙකකින් කෝටි 40 ක මුදලක් රජයට ගෙවන්න සල්ලි තියෙන්න ඇති "ආරක්ෂක ලේඛම් කාලේ ගනිපු පඩියෙන්" නඩු අහන්න එපා, චෝදනා පත්‍රය වැරදියි, උසාවියට බලය නැහැ, මාව අත් අඩංගුවට ගන්න එපා කියලා මොරදීලා, පස්සේ ජනාධිපති මුක්තිය කියලා බේරුනා.

:       73       125

samantha Wednesday, 03 June 2020 02:35 PM

මම මීට කලිනුත් මෙවැනි පුවතක ගිය කොමෙන්ට් එකක් දැක්කා නවීන තාක්ෂන උපකරණ භාවිතා කර මෙවැනි ජාවාරම් නැවැත්විය හැකිබව. බන්ධනාගාර වල සවි කිරීම සඳහාම යොදා ගත හැකි සියලු ජංගම දුරකතන හා වයිෆයි සැටලයිට් රේඩියෝ සංඥා බාධා කරන උපකරණ දැරිය හැකි මිලකට ඉතා පහසුවෙන් ගෙන්වා ගත හැකිය. එවැනි උපකරණ 2කින් මුලු වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයම ආවරණය කල හැකි අතරම බන්ධනාගාර නිලධාරීන්ගේ දුරකතන අවශ්‍ය නම් ක්‍රියාත්මක කිරීමට ඉඩ දීමට ද හැකිය. එවිට කොච්චරක් සිම් හෝ දුරකතන බන්ධනාගාර තුලට ගෙනිච්චත් කම් නැත... මන්ද ඒවා ක්‍රියා නොකරන බැවිනි. එවිට මෙම දුරකතන ආධාරයෙන් ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධ එක රැයින් පාලනය කර ගත හැක. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික ආධාර අවශ්‍ය නම් මොරටුව හෝ පේරාදෙනිය විශ්ව විද්‍යාල වලින් ලබා ගත හැකි බව මගේ හැඟිමයි.

:       0       719

vipulaThursday, 04 June 2020 03:11 AM

මොන තාක්ෂණය පාවිච්චි කරත් එතන ඉන්න ප්‍රධානියා හැටියට තමයි ඒවා හරියට වැඩ වෙන්නේ. ඒක නිසා තමයි මෙහෙම වෙනස් කිරීමක් සිදු කරලා ඇත්තේ.

:       31       34

RaveendraThursday, 04 June 2020 03:46 AM

ඇත්තෙන්ම ඔබගේ අදහස් ඉතාම නිවැරදිය. ඕනෑම දෙයක් කිරීමට අවශ්‍යතාවය තිබේ නම් එය කිරීම ඉතාමත්ම පහසුයි. මේ කිසිඳු උපකරණයක් භාවිතා නොකරත් අවශ්‍ය වන්නේ අවංකකම නොවේද? මෙම දෙපාර්තමේන්තුවේද වැඩිපුරම සිටින්නේ අන්ත ජරා බයිලය. එ් අය මුළුමහත් රටටම පිළිලයකි.. (මෙහි ඉතාමත්ම අවංකව තම සේවය කරන නිලධාරීන්ද සිටින බව කිව යුතුමයි. ඔවුන්ට අප හදවතින්ම සුබපතන්නෙමු.). ඔවුන්ගේ මුදල් ගිණුම් මෙන්ම ජීවත්වන ආකාරය නිකමට හෝ සොයා බැලුවොත් කෙසේ මෙවන් මුදල් සොයාගත්තේද යන්නද පහසුවෙන්ම දැනගත හැක. බන්ධනාගාර තුලට නීති විරෝධී කුමක් හෝ ගෙන යන්නේ 200% ම එහි සේවය කරන මහජන මුදලින් වැටුප් ලබන සේවකයන් බව නොරහසකි. එසේම එම පාපතර නිලධාරින්ගේ අනුදැනුම ඇතිව පිටස්තර පුද්ගලයින්ද ගෙන යන බවත් නොරහසකි. මෙසේ හසුවන දූෂිත නිලධාරීන්ගේ (විශේෂයෙන්ම) පැටිකිරිය සියලු විස්තර සහිතව ඡායරූපද සමග සියලුම මාධ්‍යවල පළකිරීම නොකෙරෙන්නේ මන්ද? නීතිමය ගැටළුවක් තිබේද? නීති ගැටළු තිබේනම් ඒවා මහජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් කඩිනමින් වෙනස්කළ යුතු නොවේද? මෙම අදහස් ගෝඨාට කියවීමට හැකිවේවා..!

:       0       240

Perakum Thursday, 04 June 2020 04:12 AM

samantha මීට අවුරුදු කීපයකට කලින් මේ යෝජනාව ගෙනාවා... ඒකට තදින්ම විරුද්ධ වුණේ ඔය අයින් කරපු කොමසාරිස් තමයි...!

:       0       56

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 03 June 2020 02:46 PM

සත්‍ය වශයෙන්ම ජනපති තුමාට කුඩු වයිරසය රටින් තුරන් කිරීමට අවශ්‍ය බවක් පෙනෙනවා. ඒත්, ප්‍රිසන් එකේ නායකත්වය පමණක් වෙනස් කොට හරියන්නේ නැහැ. දේශපාලකයන්ගේ සහ කුඩ්ඩන් හා පාතාලයන් අතර තිබෙන සබඳතා නතර විය යුතුයි. පාර්ලිමෙන්තුවේ කුඩු ගහන අය සිටිනවා යනුවෙන් චෝදනා එල්ල වූවිට ලේ පරීක්ෂා කරන්නට කැමැත්ත දැක්වීමට සමහරුන් මැලි වුණා නේද ?

:       255       315

මුණසිංහ Wednesday, 03 June 2020 03:14 PM

මෙයා ගැන නම් දන්නේ නැහැ. ඒත් මෙවැනි තැනකට නම් හමුදා පුහුණුව සහිත අය දැමිය යුතුයි. බය නැතිව තීරණ ගත හැකි අය සිටිය යුතුයි.

:       169       198

Raveendra Wednesday, 03 June 2020 03:38 PM

අප තරයේ විස්වාස කරනවා මෙය ඉතාම හොද තීරණයක් ලෙස.

:       0       147

kamil Wednesday, 03 June 2020 04:49 PM

චන්දෙ ඉවරවෙනකන්ද සැකයි...

:       136       158

thridu Wednesday, 03 June 2020 04:50 PM

පුදුමයි දැනුයි ඇස ඇරිලා තියෙන්නේ....

:       367       408

vipulaThursday, 04 June 2020 03:13 AM

සිරිසේනගේ කාලයේ ඔබ කොහෙද හිටියේ?

:       20       18

ayyo sirisenaThursday, 04 June 2020 04:09 AM

මම හිටියේ පැදුරේ...

:       0       1

kili Wednesday, 03 June 2020 04:51 PM

සිරිසේන තව හොදයි...

:       307       335

chandima Wednesday, 03 June 2020 05:45 PM

කවුරු මාරු කළත් ඇමතිය හිටි කෙනාම නම් වැඩක් වෙන්නේ නැහැ.

:       5       81

Nandalal DE SILVA - France Wednesday, 03 June 2020 10:47 PM

මේක හිසේරදේට කොට්ට මාරු කරා වගේ වැඩක් නොවේවා කියා පතමු. මෙතැන ප්‍රධානියා හැටියට පත්කරන්න තිබුනේ විශ්‍රාමගිය හමුදා නිලධාරියෙක් වග අපේ ජනාධිපති, කර්නල් ගෝඨාභය රාජපක්ෂ නොහිතුවේ පිටින් එන බලපෑම් නිසාද කියා සාධාරණ සැකයක් මතුවෙනවා! දැන් බලමු හෙට ඉඳල, රජයේ බෝඩිම්වල ජංගම දුරකථන සිය දහස් ගණනින් සොයාගන්නා හැටි ... සමහර සිරකරුවන්ට අනිත් අයට වඩා සැපපහසුකම් දීම නැවතෙන හැටි, හෙට ඉඳලා ක්‍රියාත්මක වෙන හැටි බලමු. ඇතුලේ ඉන්න කුඩු බිස්නස් කාරයන්ගේ වැඩකටයුතු හෙට අනිද්දා ඉඳලා, "ටක් ගාල" නවතින විදිය බලන්න පුළුවන් වේවිද? සමහරවිට "අතිරේක අදායම් " ලබමින් වැජඹුණු සමහර බන්ධනාගාර නිලධාරීන්ගේ මාසේ අන්තිම දිනයන් දුෂ්කර වෙන්නත් බැරිකමක් නැහැ.

:       0       25

Piyal Thursday, 04 June 2020 12:03 AM

පරිපාලන සේවයට ඉහළ තනතුරු දීම ගැන සලකා බැලිය යුතුව ඇත. රට විනාශ වී ඇත්තේ තීරණ නොගෙන දේශපාලකයින්ට පන්දම් අල්ලන්නට පමණක් දන්නා මෝඩ පිරිසක් නිසාය.. මොවුන් ලිපිකරු තනතුරුවලට දමා උගතුන් තනතුරු වලට පත්කළ යුතුයි.

:       0       1

ranjith Thursday, 04 June 2020 12:19 AM

හොඳ පියවරක්.. බන්ධනාගාරයට දුරකථන ගෙනියන එක වළක්කගන්න බැරි මොන්ටිසෝරි ප්‍රධානීන් වැඩක් නැහැ.. ජනාධිපතිතුමා එදා මේ බව කිව්වා වැඩ කරන්න බැරි වුණු ටික ගැන... ඒවත් කරේ නැතිනම් රට හදන්න බැහැ.

:       0       2

Lion Thursday, 04 June 2020 01:00 AM

මේ කිසිවක් දුමින්දට බලපාන්නේ නැහැ. එ්ක තමයි තිත්ත ඇත්ත..

:       1       16

Krishan Thursday, 04 June 2020 05:12 AM

වැලිකඩ බන්ධනාගාරය තුළ දැනටත් කෝල්ස් ගන්න එ්වා බ්ලොක් කරලා තියෙන්නේ.. එ්වා බන්ධනාගාර නිලධාරීන්ගේ ව්‍යාපාරයක්ව තිබෙනවා. ඒ හැර සිරකරුවන්ට අවශ්‍ය ඕනැම නීතිවිරෝධී දෙයක් ඇතුළට ගෙනත් දීමට ඔවුන්ගේ මිලගණන් තියෙනවා. බන්ධනාගාර නිලධාරින් ගැන පළමුව පරීක්ෂණ පවත්වා දූෂිත නිලධාරින් හඳුනාගෙන ඔවුන්ට දඬුවම් ලබාදීම කළයුතුයි. එවිට සිරකරුවන්ට තහනම් ද්‍රව්‍ය යන එක නතර වෙනවා.. එවිට ඇතුලේ තියෙන එවා කොටුකරගන්න පුළුවන් එ්වා ඉවත්කළාම... නැවත එ්මක් නැහැ. ලංකාව පුරාම බන්ධනාගාර තුළ ඔවැනි දූෂිත නිලධාරින් ඉන්නවා. ඔවුන්ටයි පළමු දඬුවම් දිය යුත්තේ... සිරකරුවන්ට නොවේ.

:       0       92

RaveendraThursday, 04 June 2020 07:42 AM

ඇත්තෙන්ම ඔබගේ වටිනා අදහස් අප අගයන්නෙමු. දූෂිත නිලධාරින් මොනම ආයතනයකවත් කිසිඳු තනතුරක් දැරිය යුතු නැති බව අපගේ අදහසයි. අවාසනාවකට දියවන්නාව පට්ටියේ ඉන්න තරමක් අය කුරලෙඩ වැළදුණු අය බැවින් රටේ අනෙකුත් ආයතන ගැන කියනු කවරේද? කෙසේ වෙතත් මොන සුදුසුකම් තිබුණත් දූෂිත නම් තම රාජකාරිය නිසිලෙස ඉටු නොකරන්නේ නම් එවන් අය මහජන මුදලින් එක ශතයක්වත් ලබාදී නඩත්තු නොකයුතු බව අප තරයේ විශ්වාස කරන්නෙමු. කණගාටුවට මූලිකම කරුණ නම් අප රටේ මහජනතාව වැඩි පිරිසක් එකඑක තක්කඩි පක්ෂ මෙන්ම පාටවලට වන්දනාමාන කිරීමයි. එවන් පරිසරයක කිසිඳු රටක් දියුණු වුයේද යන්නවත් නොදත් මිනිසුන් කෙසේ රටේ අනාගතය, රටේ දියුණුව ගැන සිතන්නේද කතාකිරීමත් විහිළුවකි. " හොඳ දෙය මොකා කරත් එය හොඳ ලෙස දකින අවංක ඡන්ද දායකයන් බිහිවෙන දවසක "අපගේ මාතෘභූමිය සුරපුරයක් ලෙස දියුණු වීම සක්කරයාටවත් වැළැක්විය නොහැකිය.

:       0       153

රවින් Thursday, 04 June 2020 08:35 AM

අපි දෙපැත්තම හිතමු. පහුගිය වකවානුවේ මිනීමරු හිටපු නගරාධිපතියකුට තුන්වේලම බන්ධනාගාරයට කෑම ඇදපු ඩිෆෙන්ඩර්වල පින්තුර එහෙම ප්‍රසිද්ධ ජනමාධ්‍යවල තිබුණා නේද? ඒ පිටුපස අැති ප්‍රබල දේශපාලකයිනුත් හිටියලු නේද? එම මිනීමරුවාට බන්ධනාගාරය තුළ ඉතා ඉහළින් සැපසම්පත් ලැබුණාලු නේද? එතැනදී කවුරුන් හෝ නිලධාරීන් කළයුතු වූයේ දේශපාලුවගේ වුවමනා එපාකම් නොවේද? එම අවස්ථාවන්හිදී නිලධාරීන් හරියට රාජකාරිය කළානම් අද තනතුරු හා ඔවුනොවුන්ගේ දරුපවුල කොහේද? නීතිය කාටත් පොදු නම් එදා හිටපු දේශපාලුවා අද කොහෙද? වැඩ බැරිනම් ගෙදර පලයන් කියන්න ඉස්සෙල්ලා එදා ඒ අකටයුතුවලට ආධාර අනුබලදුන් දේශපාලුවන් ගෙදර යවන්න. කකුළුවා ඇදේට ගිහිල්ලා පැටවුන්ට කෙලින් යන්න කියන එක හරිද? එක දේශපාලුවෙක් පටන් ගත්තාම අනික් හැමෝම එම දෙයම විවිධාකාරයෙන් කරනවා. මෙරට පොදු වහරේ එන ආප්තෝපදේශයක් තමයි "ඉදුණු අඹ ගොඩක නරක්වූ එක අඹ ගෙඩියක් ඇතිලු මුළු අඹ ගොඩම නරක්වෙන්න කියලා," ඉතින්... ?

:       0       25

මෝ Thursday, 04 June 2020 10:08 AM

ජනාධිපතිතුමා ගේමට බැස්සම තමයි ඇමතියා ඇහැරිලා තියෙන්නේ. එතකං බන්ධනාගාරේ වෙනදේවල් සියල්ල, බලාහිටියා මිස කටක් ඇරියේ නෑ. ජනාධිපතිතුමනි, මේ ඇමතිව ගෙදර යවන්න. ජනතාවනි, මෙවැනි ඇමතිවරු යලි පත් කරන්න එපා.

:       19       2

Nandalal DE SILVA - France Thursday, 04 June 2020 10:49 AM

ශ්‍රී ලංකා ජනාධිපති, හිටපු යුද හමුදා කර්නල් ගෝඨාභය රාජපක්ෂට "වැඩ බැරි ජනාධිපති" කියන්නේ, එයාගේ වැඩ නිසා පහර වදින අය ගෙන් මිස වෙන අයගෙන් නොවෙයි ... එවැනි පහර දීම් සිදුවන්නේත් එයාගේ වටේ සිටින නෑ හිතමිතුරන්ගෙන් බව රටම දන්නා රහසකි. දැන්වත් හිරගෙවල් ටික සුද්දකරලා ඒවා ඇතුලේ සිදුවන අක්‍රමිකතා නවත්වන්න පුළුවන් නම් එයාට ලකුණක් දාගන්න පුළුවන් වේවි. සමහර "සිරකරුවන්ට" සිරගෙවල් යනු තරු පහේ සුඛෝපබෝගී හෝටල් බව ඉතාමත් පැහැදිලිය ...

:       0       1

de silva Thursday, 04 June 2020 10:41 AM

ජනාධිපති තුමා කොහොමද හැම අමාත්‍යාංශයකම, දෙපාර්තමේන්තුවකම වෙන සැමදෙයක්ම පුද්ගලිකව හොයලා බලන්නේ? එ්ක කරන්න ඕනේ ඇමතිවරු, අවුරුදු 20ක විතර ඉඳන් පක්ෂ මාරු කරමින් එහෙට මෙහෙට පනිමින් ඇමතිකම් දරන්නේ එකම ඔළුගෙඩි සෙට් එක.. මම හිතුවා ජනපතිතුමා ජනාධිපතිවරනෙට කලින් කටයුතු කළ විදිහට වියත් මගෙන් හෝ පරණ හමුදා නිලධාරින්ගෙන් හෝ හොඳ පිරිසක් තෝරලා පොහොට්ටු ලිස්ට් එකේ භාගයකටවත් ඇතුල් කරාවි කියලා, අපේ බලාපොරොත්තු සුන් වුණා, එකේ ඉන්නෙත් අර පැරණි ඔළුගෙඩි ටික, ඔවුන් අාවොත් නැවත කරන්නේ කලින් කරපු දේම තමා. ජනපතිතුමනි මිනිස්සු ජනපතිවරනේදී ඔබතුමාට දුන් චන්ද ප්‍රතිශතයෙන් 70% වත් ඔය වංචාකාරයෝ සෙට් එකට දෙන්නේ නැහැ , වියත් මගෙන් 50% වත් පොහොට්ටු ලිස්ට් එකට දැම්ම නම් ලොකු වෙනසක් වෙන්න තිබුණා. ඔබතුමා ගත්ත ඡන්ද ප්‍රතිශතයේ කිට්ටුවටම එන්න තිබුණා අපරාදේ... ඔය හොරුන්ට එච්චර කැමැත්තක් මිනිස්සුන්ගේ නැහැ.. මිනිස්සු පක්ෂෙට කතිරේ ගහලා.. ලිස්ට් එකේ ඉන්න ඔක්කොම එකවගේ නිසා කාට හරි දන්නා කෙනෙකුට මනාපේ ගහලා ගෙදර යනවා. අර වගේ අලුත් දක්ෂ අවංක නම් ටිකක් තිබුණා නම් මිනිස්සු අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු යවනවා.. එතකොට ඔබතුමාට ඔවුන් සමග එකතුවෙලා රටට යමක් කරන්න පුළුවන් කම තිබුණා .

:       0       15

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 5 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 11 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2352 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1247 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 950 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 415 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site