IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


බදියුදීන් අත්අඩංගුවට ගන්න නියෝග

හිටපු අමාත්‍ය  රිෂාඩ් බදියුදීන් මහතා  අත්අඩංගුවට   ගන්නා ලෙස නීතිපතිවරයා  වැඩබලන පොලිස්පතිවරයාට අද (13)  නියෝග කර තිබේ. 

අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගෙන  හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගන්නා ලෙස මෙලෙස නීතිපති නියෝග කර ඇත. 

මහජන මුදල් අවභාවිත කරමින් සහ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවතැන්වූවන් ප්‍රවාහනය කිරීමට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යෙදවීම යන චෝදනා සම්බන්ධයෙන්  හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගන්නා ලෙස මෙලෙස නියෝග කර තිබේ.



අදහස් (26)

බදියුදීන් අත්අඩංගුවට ගන්න නියෝග

දිනයා Tuesday, 13 October 2020 08:17 AM

තවත් නාඩගමක ආරම්භය....!!! 

:       2       68

eresh S kumara Tuesday, 13 October 2020 08:22 AM

නිදොස්කොට නිදහස්...

:       3       36

DILUM Tuesday, 13 October 2020 08:27 AM

සර්ට මගේ ගෞරවය... කොරෝනා ඉවරයි... මේ රිෂාඩ් සතියයි.

:       3       53

සෙනෙවිරත්න Tuesday, 13 October 2020 08:34 AM

ආ ඒකටද? මම හිතුවේ වෙන එකක්.. මීට වසර 5කට කලිනුත් මේ වගේම ඒවට වෙන සෙට් එකක් ගත්තා. මේකෙන් ගොඩයාම සුළු දෙයක්, නුඹලා අතරින් පව් නොකළ අයෙක් පළමු ගල ගසාපල්ලා යැයි ක්‍රිස්තුස් වහන්සේ දේශනා කළසේක...

:       2       33

Bishan Tuesday, 13 October 2020 08:45 AM

බයියන්ට හප හපා ඉන්න දීපු බයිට් එකක්.

:       2       40

DM Tuesday, 13 October 2020 08:49 AM

ටික දවසකින් මෙයත් මල්ලිගේ අඩිපාරේම චෝදනා ඔප්පු කරන්න බැහැ කියලා එළියට එයි.

:       2       22

sachith Tuesday, 13 October 2020 08:56 AM

කන්දක් මී පැටියෙක් වැදුවා වගේ කියන්නේ මේකට තමයි.

:       3       15

fairoos Tuesday, 13 October 2020 09:07 AM

වැරැදි කරලා තිබ්බොත් තරාතිරම නොබලා දඬුවම් කළ යුතුයි. ඒක බදියුදීන්ද, රාජපක්ෂද අදාළ නෑ..

:       0       20

C.K.LankputhraTuesday, 13 October 2020 10:43 AM

වැරදියි වැරදියි..!!! බදියුදීන්ද, රාජපක්ෂද,.. රාජපක්ෂලාගේ කවුද කියා, නැතිනම් අපි ඔහෙලද කියා අදාල වේ.

:       1       8

Nuwan Tuesday, 13 October 2020 09:23 AM

කෝවිඩ් අස්සේ අන්තවාදීන්ට උදව් කරපු මෙයාගේ මල්ලිව නිදොස් කළා. දැන් මෙයාවත් අරන් සියලු දේවල්වලින් නිදොස් කරමු. මොකද 20 සහයෝගය දීලනේ තියෙන්නේ. ඊටපස්සේ හෙමින් සැරේ ඇමැතිකමක් එහෙම දීලා ගමු. පව්නේ ෂොපින් උරේ අරන් කොළඹ ආව මනුස්සයානේ.. අපේ රටේ දේශපාලකයෝ ගැන දැනෙන පිළිකුල් භාවය කියලා වැඩක් නැහැ.

:       1       20

බද්රානි Tuesday, 13 October 2020 09:29 AM

අන්න දැන්මම බන්ධනාගාර රෝහලේ දොස්තර වෙදා ඔබතුමාගේ දුර්වල සෞඛ්‍ය තත්වය පිළිබඳ සහතිකය සහ බන්ධනාගාර රෝහල් ඇඳ ලැස්ති කරලා ඇති... විකට ටෙලිනාට්‍ය වලට රුචියක් දක්වන ශ්‍රී ලාංකික ප්‍රේක්ෂක ජනතාව ඒ විගඩම් නාට්‍යය නරඹා රසවිඳ හුරේ දැමීමටත් පුලපුලා බලා සිටිනවා. යහපත් ශරීර සෞඛ්‍යයකින් යුතුව, අධ්‍යක්ෂකට අවශ්‍ය ලෙස ඔබගේ කාර්යය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවායි පතමි..!!

:       0       17

මුණසිංහ Tuesday, 13 October 2020 09:30 AM

මුදල් විශුද්ධිකරණය.. මැතිවරණ නීති උල්ලංඝනය... අපි හිතුවේ පාස්කු කියලා..

:       0       28

paalitha Tuesday, 13 October 2020 09:34 AM

ඕවා ඔක්කොම දර්ශන... කොහොමහරි කාලය ගතකරමින්, ජනතාවගේ සුදුසල්ලිවලින් හොඳ සුඛෝපභෝගී ජීවිතයක් ගතකරනවා.

:       0       20

Kamal Koyrala Tuesday, 13 October 2020 09:48 AM

ප්‍රවාහන ඇමැතිතුමාද නඩුදාලා තියෙන්නේ? හිඟමුදල් අයකරගන්න, තවත් 2015 කට්ටියත් ඉන්නවා ලංගමයට පොලු තියලා එයාලාවත් අත්අඩංගුවට ගන්න.

:       1       16

Rata Perata Tuesday, 13 October 2020 10:12 AM

දප්පුල ඔය විදිහටම ඇවන් ගාර්ඩ්... සොහොන් නඩුවලටත් තප්පුලනවා නම් අද මේ කිසි කරදරයක් නෑ.

:       0       29

BamunuarachchiFriday, 16 October 2020 12:33 PM

තප්පුලනවට ආස හරක් බඳින කණුවක්ම තමයි.

:       0       0

chaminda disanayake Tuesday, 13 October 2020 10:49 AM

අනේ අපි හිතුවේ පාස්කු ප්‍රහාරයේදී කතෝලික බැතිමතුන් ඝාතනයට වරදකරුවෙක් වශයෙන් අත්අඩංගුවට ගන්නවා කියලා. බැලින්නම් ඡන්ද වැඩට බස් දැම්මට... අයියෝ මෙහෙමත් ලෝකයක්... එතකොට 2015 ඡන්ද කළ අයගේ ප්‍රශ්නය යටද? සිල්රෙදි, නඩු බෙදිලි... ඒවා හොඳයි. කාදිනල්තුමෝ දැන් මොකද කියන්නේ? බලාගෙන ඉන්න.

:       0       13

බද්රානිTuesday, 13 October 2020 01:26 PM

චමින්ද මහත්තයෝ, ඔබ මෙන්ම කාදිනල් තුමාගේත් ඒ සුන්දර බලාපොරොත්තු ගැන මම මෙතන කතා කරන්නේ නැහැ. ඔය කාගේ කාගේත් උදව් උපකාර ඇතිව, තම ජාතිය නසලා බලයට පැමිණි අයට වඩා රිෂාඩ් බදුර්දීන් මහත්තයලා ශ්‍රේෂ්ඨයි කියලයි මට නම් කියන්න තියෙන්නේ. අඩු තරමේ ඔවුන් ඔවුන්ගේ ජාතියටවත් ගරු කරනවා. අනේ අපිටත් ශ්‍රේෂ්ඨ ජාතියක උපදින්න පිනක් තිබුණා නම්...?

:       0       7

BamunuarachchiFriday, 16 October 2020 12:31 PM

මෝඩකම මැනවින් ප්‍රදර්ශනය කර තිබෙනවා. මොනවා කරන්නද? මෝඩයා කියලා මරන්නයෑ...

:       0       0

asoka Tuesday, 13 October 2020 11:25 AM

මේ අයට හොඳ ප්‍රතිචාරයක් දක්වන්න..

:       0       3

pradeepa Tuesday, 13 October 2020 11:51 AM

ඔන්න බලන්න බදියුර්දීන් 20 සම්මත කරගන්න ආණ්ඩුවට උදව් කරනවා රිමාන්ඩ් එකේ ඉඳලා.. ඊට පස්සේ එළියේ තමයි. කොහොමද අපේ සර්ගේ වැඩ..? 69 ලක්ෂයේ ප්‍රණාමය.

:       0       10

Demuni Uduwara Tuesday, 13 October 2020 02:42 PM

පරිණතභාවය වඩා අපරිණතභාවය හානිකරයි.

:       0       5

chandima Tuesday, 13 October 2020 06:32 PM

ඒ මොකද මේ හදිස්සියේ.? 20 ඡන්දේ දෙන්න බෑ කිව්වද.?

:       0       3

Perera Wednesday, 14 October 2020 04:28 AM

නීතිපති කියනවා අධිකරණයෙන් වරෙන්තුවක් අරන් අත්අඩංගුවට ගන්න කියලා. අධිකරණය කියනවාවරෙන්තුවක් නැතිව අත්අඩංගුවට ගන්න කියලා. ඔය කොයි විදිහකටවත් මෙයාව අත්අඩංගුවට ගන්නේ නැහැමයි.

:       0       0

Buddika Wednesday, 14 October 2020 04:28 AM

පල්හොරු පරපුරක් එකතුවෙලා රටේ සම්පත්, ධනය මංකොල්ල කාලා මහා ධනවතුන් වුණා. රටේ දේපළ ඔවුන්ගේ වගේම පාවිච්චි කළත් නීතිය ඔවුන්ට එරෙහි වුණේ නැහැ. අද තමන්ගේ ඇස්වල පොල් පරාල නොවෙයි... පොල්ගස්පිටින් ඉද්දි අනුන්ගේ ඇස්වල පොල්කෙඳි හොයනවා.

:       0       0

Bamunuarachchi Friday, 16 October 2020 12:29 PM

නියෝගය දැක්කාම පුදුම සතුටක් තියෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 607 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 1461 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 732 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 142 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 563 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 341 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1627 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site