(නිමල කොඩිතුවක්කු)
අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාට අන්තවාදින් සහ ත්රස්තවාදීන් සමඟ තිබූ සම්බන්ධතා සහ ඔවුන් ආරක්ෂා කළ ආකාරය පිළිබඳ තොරතුරු මෙන්ම ඔහු ඇමැතිවරයකු ලෙස සිදුකළ හොරකම්, දුෂණ, මංකොල්ලකෑම්, පිළිබඳ තොරතුරු සියල්ල විශ්වාසභංගයේ දී හෙළි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා කොළඹදී පැවසීය.
මෙම කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කර රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂය ශුද්ධ පවිත්‍ර වීමට දරණ උත්සාහය නින්දිත එකක් යැයි ද දිසානායක මහතා කියා සිටියේය.
පුංචි බොරැල්ලේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ නිවසේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා මෙසේ ද කීවේය.
‘‘මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා චීවරධාරීන් කියමින් ගෞරවණීය ස්වාමීන් වහන්සේට අපහාස කරන ගමන් මේක සිංහල බෞද්ධ රටක් නොවන බව නැවත නැවත ප්‍රකාශ කරමින් මේ රටේ කිසිදු අන්‍යආගමිකයෙක් නොකියන විකෘති කතාවක් කියනවා.
ථේරවාදී බුදුදහමේ මූලස්ථානය ශ්‍රී ලංකාව බවට අද විදේශීය රටවල් පවා පිළිගන්නවා. කාදිනල්තුමන් පවා මේ ගැන සඳහන් කළා. එහෙම කියද්දි තමයි මංගල සමරවීර මහතා මෙවැනි ප්‍රකාශයක් කරන්නේ.
ලංකාවේ ප්‍රධාන මුස්ලිම් පල්ලි වන මහනුවර අස්ගිරි මුස්ලිම් පල්ලිය, උඩුනුවර මුස්ලිම් මහ පල්ලිය, ගම්පොල මුස්ලිම් මහ පල්ලිය, කුරුණෑගල මුස්ලිම් මහ පල්ලිය කියන මේ සියල්ල හදලා තියෙන්නේ අස්ගිරි විහාරයට, මල්වතු විහාරයට, රිදි විහාරයට අයත් ඉඩම්වලයි. කවදත් මිත්‍ර ලීලාවෙන් සහෝදර ලීලුවෙන් මේ සියලු ආගමිකයන් ජාතිකයන් එක්ව ජීවත් වෙන්න ඕන කියන සංස්කෘතිය අපෙන් පැවත එනවා.
අවාසනාවකට මංගල සමරවීරට මේක තේරෙන්නේ නැහැ. ඔහුට අවශ්‍ය වෙලා තියෙන්නේ සිංහල බෞද්ධ ජනතාව ප්‍රකෝප කිරීමටයි.
මේ වනවිට බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ඥාණසාර හිමියන් නිදහස් කිරිමට අදාළ තීන්දුව ජනාධිපතිවරයා ගෙන තියෙනවා. ඒ කළ උතුම් කාර්ය වෙනුවෙන් ජනාධිපතිවරයාට අපේ විශේෂ ගෞරවය සහ ස්තූතිය පුදකරනවා."
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බදියුදීන්ගේ වංචා විශ්වාසභංගයේදී හෙළි කරන බව එස්බී කියයි
dhammika perera Thursday, 23 May 2019 11:02 AM
මම හිතන්නේ එස් බී මහත්තයා වහාම පොලිසියට මේ තොරතුරු ලබාදිය යුතුයි. මෙච්චර දැනුමක් මේ දේවල් ගැන තියාගෙන පර්ලිම්න්තුවේ විවාද කර කර ඉන්නේ මොකටද? පොලිසියට ගෙන්නලා හරි කටඋත්තර අරන් රිෂාඩ් අත් අඩංගුවට ගන්න ඕනේ.
රවින් Thursday, 23 May 2019 11:13 AM
අන්දරේ තාමත් ජිවත් වෙනවාද?
fasmy Thursday, 23 May 2019 12:30 PM
සුළු ජාතීන් පාගා දමන්නට කරන මේ උත්සාහය අපි තරයේ හෙළාදකිමු. වැරදි කර ඇත්නම් උසාවි තිබේ.
victor Thursday, 23 May 2019 01:50 PM
ඔබ තුමාගේ ....?
Chanak los angeles Thursday, 23 May 2019 02:53 PM
මරු සුද්දවන්තයා අනුන්ගේ වංචා හෙළිකරන්න යන්නේ..?
Lion Friday, 24 May 2019 05:26 AM
සතේ අතේ නැතුව දේශපාලනේට ඇවිල්ලා කෝටිපතියෙක් වෙට්ච්ච හැමෝම ගැන මුළු රටම දන්නවා
athura Friday, 24 May 2019 07:56 AM
එතකොට අර දින 52කේ ආණ්ඩුවට කතාකරලා තියෙන්නේ අහවල් එකටද?