IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පොළොන්නරුව රෝහලේ වර්ජනයෙන් රෝගීහු ‍4500 ක් ආපසු හැරී යති

(කග කරුණාරත්න)

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ  සියළුම රජයේ  රෝහල්වල වෛද්‍යවරුන් අද (21) සංකේත වැඩ වර්ජනයක්  හේතුවෙන්  එම රෝහල් වලින් ප්‍රතිකාර  ගැනීමට  පැමිණෙන රෝගිහු  ආපසු ගෙදර යති.

පොළොන්නරුව මහ රෝහලේ පමණක් විශේෂඥ වෛද්‍ය  සායනවලට  සහභාගීවීම සඳහා  පැමිණි රෝගීහු 3000ක් ද බාහිර ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීහු 1500 ක් ප්‍රතිකාර  නොලැබ ආපසු ගියහ.

වෛද්‍යවරයකුගේ අවිධිමත් ස්ථාන මාරුවක් හේතුවෙන් මෙම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කළ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ  පොළොන්නරුව දිස්ත්‍රික් සභාපති විශේෂඥ වෛද්‍ය  සමන්ත චන්ද්‍රරත්න මහතා පවසයි.

මැදිගිරිය, හිඟුරක්ගොඩ,බකමුණ, අත්තනකඩවල,ගල්අමුණ, පුලස්තිගම,අරගලගන්විල, වැලිකන්ද යන රෝහල් වල මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක වේ.



අදහස් (11)

පොළොන්නරුව රෝහලේ වර්ජනයෙන් රෝගීහු ‍4500 ක් ආපසු හැරී යති

Susil Friday, 21 April 2017 06:39 AM

දැන් නම් මේ ගොල්ලො වීරයො වෙලා, හොස්ස ලඟින් මැස්ස ගියත් වර්ජන... සමහරවිට සංගමයේ සභාපතිට නාථ දෙවියෝ කියන්න ඇති මෙහෙම කරන්න කියලා...

:       1       68

Saman Friday, 21 April 2017 06:41 AM

කොහොමටත් ඉස්සරහට මේ අය හැමදාම වර්ජනය කරාවි සයිටම් එක වහන්නෙ නැති නිසා....

:       0       29

hafeel Friday, 21 April 2017 06:48 AM

මේ රටේ තියන ඉතා නරක වෘත්තිය සමිතියක් තමා මේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය.

:       136       159

da silva berlin Friday, 21 April 2017 07:04 AM

අර කුණු ප්‍රශ්නය විසඳුවා වගේ වෛද්‍ය සේවයත් අත්‍යවශ්‍ය සේවයක් බවට ගැසට් කර, දියුණු රටවල කරලා තිබෙනවා වගේ වෛද්‍යවරුන්ට අධිකරණයේ අවසරයක් නැතුව හදිසියේ වැඩ වර්ජනය කිරීම තහනම් කළා නම් මේ ප්‍රශ්න විසඳා ගන්න පුළුවන්...

:       0       252

lanka Friday, 21 April 2017 07:19 AM

වර්ජනත් තහනම් කරලා ගැසට් එකක් ගහන්න ජනාධිපතිතුමනි.

:       0       25

mahee Friday, 21 April 2017 07:49 AM

මෙතන සයිට්ම් විරෝධී බැනර් එකකුත් තියෙනබව පේනවා. සංගමේ කියන්නේ නම් රෝගීන්ගේ ජීවිත අවදානමේ හෙලන්න බැරි හින්ද වර්ජනය කරන්නේ කියල. කිඹුහුමක් ගියත් වර්ජනය කරන මොවුන්ගේ මාෆියාව තිබෙනතුරු රෝගීන්ට දෙවියන්ගේ පිහිටයි.

:       0       102

lanka Friday, 21 April 2017 09:09 AM

මේ අයට නිදහස් අධ්‍යාපනේ දෙන්න අපි වියදම් කරපු සල්ලි අපරාදේ...

:       1       61

ලුම්බිණි Friday, 21 April 2017 09:48 AM

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ මහජන සේවය මේක තමයි...

:       1       62

Ajith Friday, 21 April 2017 09:50 AM

සුළු ප්‍රශ්නයකටත් වර්ජනය කරලා අහිංසක මිනිස්සුන්ව පීඩාවට පත් කරන අයට උඩඉන්න දෙවියෝ දඬුවම් දේවි... මේ පීඩා විඳින මිනිස්සුන්ගෙ බදු මුදලින් උගත් මිනිස්සු කරන වැඩ...

:       0       37

ROSHAN Friday, 21 April 2017 11:05 AM

මනුස්ස ආත්ම වල සත්තුත් ඉපදෙනවද? ...

:       1       28

SusilFriday, 21 April 2017 05:11 PM

කර්මයට අනුව එහෙම වෙන්න පුලුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 123 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 261 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1120 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 148 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 349 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 319 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site