IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ගෝඨාභය

ශ්‍රී ලංකා පොදු  ජන පෙරමුණේ  ජනාධිපති  අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බව  පොදුජන පෙරමුණු නායක , විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළේය.

 සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී  පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මහා සමුළුවේදී මහින්ද රාජපක්ෂ මහතා විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා  පක්ෂයේ ජනාධිපති අපේක්ෂ ලෙස  නම් කරනු ලැබුවේය.



අදහස් (136)

පොහොට්ටුවේ ජනපති අපේක්ෂක ගෝඨාභය

සනත් Sunday, 11 August 2019 10:38 AM

ජයග්‍රහණය නියතයි...!!!

:       18389       22055

NishanSunday, 11 August 2019 11:19 AM

ගිය වතාවෙත් ඔහොමනේ හිතුවේ.

:       366       621

පුරවැසියා "උතුරු ඇමෙරිකාව"Sunday, 11 August 2019 01:41 PM

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරීම පිළිබඳ ඇමෙරිකානු රජය විසින් නිකුත්කරන රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන සහතිකය නුදුරේදීම ලැබෙනු ඇති බවට බලාපොරොත්තු තබා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇතිබව බව පෙනේ. අවසානයේ පොහොටුවට සහයෝගය දෙන සියලු දෙනාගේ බලාපොරොත්තු සුන් කරමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වනුයේ ඇමෙරිකානු පුරවැසිභාවය අත්හල බැසිල් රාජපක්ෂ බව විශ්වාසනීය තතුදත් ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ. නංගිව පෙන්නා අවසානයේ අක්කව දෙන ප්‍රතිපත්තිය අනුගමනය කර ඇතිබව පොහොට්ටු සාමාජිකයාට වැඩිකල් යන්නට පෙර තේරුම් යනු ඇත.

:       1764       2510

ලසන්තSunday, 11 August 2019 03:36 PM

ඇමරිකාවට ජයවේවා! චීනයට ජයවේවා!

:       393       616

ධනුෂ්කSunday, 11 August 2019 04:36 PM

රට තව අවුරුදු 5ක් පස්සට ගියාට කමක් නෑ. එතුමාටත් දීලා බලන්නකෝ...? වැස්සකටවත් පාර්ලිමේන්තුවට නොගිය, දේශපාලනයක් ගැන නොදන්නා අයියා හින්දා රජයේ සේවකයෙකු වු කෙනෙකුට අවසානයේ රටේ පාලනට බාර දෙන්න ජනතාව පොරකනවා. එ් කියන්නේ පොහොට්ටුවේ දේශපාලනය කරන අයගේ නොහැකියාව ජනතාව දන්නවා. කමක් නෑ පත් කරගෙනම බලන්න. පස්සේ තේරෙයි ඔක්කොම එකයි කියලා.

:       1188       890

PriyanthaSunday, 11 August 2019 07:01 PM

කවුරු මොනවා කීවත් තිස් වසරක සාපයෙන් රට ජාතිය මුදා ගත් වීරවරයා ඔබයි. ඒ වගේම අද දින රට ජාතියට අවශ්‍ය අභීත නායකත්වය ඔබයි. දේශපාලනයට නවකයකු වූ ඔබ අවුරුදු 71 ක ශ්‍රී ලංකාවේ දේශ පාලකයින්ගේ ක්‍රියාකාරකම් දෙස බලා හරි වැරදි හඳුනාගෙන රටට නිවැරදි නායකත්වය ලබා දී අපගේ ආදරණීය රට සෞභාග්ය කරා ගෙන යාමට අවශ්‍ය ධෛර්ය සහ ශක්තිය ලැබේවා. ඔබට ජය නියතයි !!!!

:       712       628

හිරු ඩිපෙන්ඩර් Monday, 12 August 2019 06:39 AM

ඇයි මේක බලලා තියෙන්නෙ 8400 ඒ වුනාට ලයික් ඩිස්ලයික් 15000 යි.මෙහෙමත් අය ඉන්නකම් රටක් හදන්න පුලුවන් වෙයිද

:       0       3

Indika Hemantha Sunday, 11 August 2019 10:39 AM

ඔබට උණුසුම් සුබපැතුම්..! පවුල් වාදය පසෙකලා නිවැරදි නායකත්වයක් ජනතාවට ලබාදෙන්න...

:       3802       3731

piyasiriSunday, 11 August 2019 04:08 PM

පවුල්වාදය නැතිනම් මෙයා කොහොමද යෝජනා වුනේ...? ඔබගේ මානසික රෝගයට බෙහෙත් ටිකක් ගන්න. ඔබ ඔබගැන ලැජ්ජා විය යුතුයි.

:       952       1348

BamunuarachchiMonday, 12 August 2019 11:46 AM

අැයි තුම්සේ දොස්තර නම් තුම්සේගේ සහොදරයාට දොස්තර වෙන්න බැරිද? තුම්සේගේ සහෝදරයාව දොස්තර වෙන්නේ විභාගය පාස් වුණාම. ඒවගේ ඒ පවුලේත් සහෝදරයන් දේශපාලනයට ආවා.. පාර්ලිමේන්තු යැව්වේ පවුලේ සහෝදරයන් නොවෙයි රටේ ජනතාව. පුළුවන් නම් තුම්සේත් ඡන්දෙන් පාර්ලිමේන්තු එන්නකෝ. හිතන්නවත් බැහැනේද?

:       182       17

Asanka Sunday, 11 August 2019 10:39 AM

ජය නියතයි !!!

:       3206       3040

සමන් Sunday, 11 August 2019 10:42 AM

ජයවේවා...!

:       3813       3605

sirimal Sunday, 11 August 2019 10:43 AM

එතකොට එජාපයේ අපේක්ෂකයා තීරණය කරන "තීරකයා" වෙන්නේ ජවිපෙවත්ද?

:       608       1626

kuma Sunday, 11 August 2019 10:43 AM

රට බාරයි නුඹට පුතේ...

:       3521       3370

AmilaSunday, 11 August 2019 11:01 AM

ඒ දින්නොත්නේ යාලුවා. මෙයාට වෙන්නෙත් 2010 ෆොන්සේකාට වුණුදේමයි. නිකමට හරි එක නඩුවක් හරි ඡන්දේ යන කාලේ පත්තු වුනොත් අනිත් පැත්තේ අපේක්ෂකයා නිතරගයෙන් දිනන්නේ..!

:       1534       1818

BamunuarachchiSunday, 11 August 2019 01:32 PM

පිස්සු කියන්නේ නැතුව යන්න. සුදු වෑන් එකක් එවන්නද?

:       476       406

Chanak los angelesMonday, 12 August 2019 07:50 PM

ඔබ එහෙම කියනකොට බමුණාගේ කකුල් වෙව්ලන්න ඇති ?

:       1       110

upul Sunday, 11 August 2019 10:45 AM

සුබ පැතුම් ගෝඨාභය මහතාණෙනි , පරණ හොරු නැතුව රට දියුණු කර දෙන්න. ඔබතුමාට සහ රටට තෙරුවන් සරණයි.

:       1936       1873

kamalSunday, 11 August 2019 12:01 PM

පරණ හොරු තමයි වටේ ඉන්නේ...

:       1322       2012

JAYASEKARAMonday, 12 August 2019 04:41 AM

ඇයි දැන් ඉන්නේ සුද්ධවන්තයෝද?

:       169       40

Wasudewa Tuesday, 13 August 2019 07:45 AM

කමල්ගේ අදහසට රටේ ගොඩක් ජනතාව එකඟයි. ඔබතුමා වෙනම ආවා නම් මේ පරණ හොරු නැතුව, හොද තරගයක් දෙන්න තිබ්බා.

:       0       410

BamunuarachchiSunday, 11 August 2019 03:38 PM

ඔය ගොල්ලොනේ ඡන්දෙ පාවිච්චි කරන්නේ? ඉතින් ඔයගොල්ලෝ අලුත් හොරුටිකක් එවන්න. හැබැයි අපේ ගාව නැහැ එකසැරේ රුපියල් ලක්ෂ 2 කින් පඩි වැඩිකර ගත්තා. මහා බැංකුවට වැඩේ දුන්නා.. හිතුමතේ පඩි වැඩි කරගත්තා. SLITT ආයතනය හොරට වික්කා. ජනාධිපති කොමිෂන් එකෙන් කියවෙන වැඩ ඔක්කොම කළා. දැන් පරණ හොරු ගැන කතා කරනවා.

:       742       384

Asanka Sunday, 11 August 2019 10:47 AM

වෙනත් පක්ෂයකින් ඉදිරිපත් වුනානම් එතුමා තමයි දැනට ඉන්න එකම සුදුස්සා , රටට අත්වෙලා තියන අත්වෙන්න යන මහා ත්‍රස්තවාදී විනාශයෙන් බේරගන්න .

:       105       81

නිශාන් Sunday, 11 August 2019 10:47 AM

දැන් ඉතිං එතුමා ජනපතිවරණය දිනුවොත් සුදුවෑන් වල යන්න බලාගෙන ඉන්න වෙයි. ප්‍රජාතන්ත්‍රවාදය කියන දෙය බේතකටවත් හොයාගන්න බැරිවෙයි. රට ආර්ථික වශයෙන් අගාධයටම යයි.

:       2863       3109

Hafeel Sunday, 11 August 2019 11:15 AM

එච්චර දුරට කල්පනා කරන්න කලබල වෙන්න අවශ්‍ය නැහැ. නීතිමය ගැටළු තියනවා තාම. ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කරලත් නැහැ.

:       68       226

SidathSunday, 11 August 2019 11:39 AM

සුදු වෑන් තිබ්බා නම් අර නැතිවෙච්ච අහිංසක ජීවිත අදටත් තියනවා. ත්‍රස්තවාදිනුයි, ඔවුන්ට උදව් කරන අයයි නරකාදියේ පැහෙනකොට... මහලොකු ප්‍රජාතන්ත්‍රවාදෙ රකින්න ආපු අය රටට කරපු විනාශෙ පේන්නේ නැත්තේ පක්ෂ දේශපාලනයේ ඇස් අන්ධ නිසා වෙන්න ඇති.. දැන් තියනවනේ ආර්ථික සමෘද්ධිය. බයිලා නොගහා ඉන්න තවත් මේ රට විනාශ නොකර..

:       1226       1532

chandanaSunday, 11 August 2019 11:53 AM

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ජාතියට ‌හෙන ගැහුවත් කමක් නැහැ කියන එකද? ‌බෝම්බ පුපුරවන අයට සහය ‌‌දෙන එවුන්ගේ අයිතිවාසිකම් රැකදීමද, සාමාන්‍ය අහිංසක අපි බියෙන් ඉන්න ඕනෑ කියන එකද? අපිට නියම ‌වෙලාවට අපේ ඡන්දය ප්‍රකාශ කරන්න අවස්ථාවක් ‌නොදීමද? අපේ දරුවන්ගේ අනාගතය ගැන අපේ රටේ අනාගතය ගැන අවිශ්වාසයෙන් ඉන්න ඕනෑ කියන එකද, ජාතිය වඳ කරන අයව රැකගන්න ඕනෑ කියන එකද? අපෝ ඒ ප්‍රජාතන්ත්‍රවාදය නම් අපිට එපෝ... අපි දන්න කවුරුවත්ම සුදු වෑන් වල ගියේ නැතෝ. ඒක නිසා අපි කටකතා විශ්වාස කරන්නේ නැතෝ.

:       1327       1555

AmilaSunday, 11 August 2019 12:48 PM

ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනය රනිල් විසින් විනාශ කරපු වචනයක්. විසිපස් වසරක් එජාප නායක, හැබැයි මිනිහා නම් කියන්නේම ප්‍රජාතන්ත්‍රවාදය ගැනම තමයි.

:       65       369

ChainaSunday, 11 August 2019 03:46 PM

සුදු වෑන් නොවේ... සුදු ප්ලේන් හරි යවා අර්ජුන් මහේන්ද්‍රන් අල්ලා මහ භාණ්ඩාගාරයේ රටේ මුදල් ආපසු ලබාගත යුතුයි.

:       32       278

සේනක Sunday, 11 August 2019 10:48 AM

අපේ අනාගත ජනාධිපතිතුමාට ජයවේවා...!!

:       1582       1543

Banda Sunday, 11 August 2019 10:50 AM

නැවතත් සුදු වෑන්....

:       2947       3045

maheshSunday, 11 August 2019 11:05 AM

සුදු වෑන් නෙමේ මොන වෑන් යවල හරි රට හදන්න ඕන.

:       132       148

sampath kumaraSunday, 11 August 2019 11:12 AM

සුදු වෑන් නැතුව රටක් දිනවන්න බෑ.රටකට උවමනා නැති අය අයින් කරන්න වෙනවා

:       0       0

RanilSunday, 11 August 2019 12:59 PM

"මන්ද මානසිකත්වයෙන් පෙලෙන බණ්ඩා නැමැත්තා දොස්තර එනවිට දාඩිය දාගෙන දඟලනවා" වගේ කතාවක් තමා බන්ඩෝ ඔය කියන්නේ...

:       352       679

ගල්කටස් Sunday, 11 August 2019 10:50 AM

නියත ජය ! ජය වේවා මැතිතුමනි නමුත් අන්තවාදීන් ඡන්ද සටනට මෙන්ම අනාගත අාණ්ඩුවකට සම්බන්ධ කර ගන්න එපා සිංහල අපි ඔබව පත් කරන්න කැපවෙන්නෙමු .ජාතිය වැනසීමට ඉඩ තබන්න එපා . ඒ විශ්වාසය අැතිව අපි ඔබ සමග පෙළ ගැසෙන්නෙමු.

:       1575       1534

Chanak los angelesSunday, 11 August 2019 09:41 PM

ඔව් හොරුන්ට නම් ජය නියතයි.ඒ ත් ඉතින් කොමසාරිස් මොහුගේ අයදුම පිළිගන්න එපාය? තිබෙන දුෂණ වංචා නඩු අනුව එය සිදු නොවේ .

:       61       14

ගල්කටස්Monday, 12 August 2019 04:38 AM

මොකද කරේ අවුරුදු 5ක් හොරු අල්ලන්නෙ නැතිව. වැඩ බැරි ටාසන්ලා ඔච්චරයි දන්නෙ.

:       2       52

sirimal Sunday, 11 August 2019 10:52 AM

නම කිව්වා විතරයි ඔටුන්නත් දාගත්තා එහෙනම්...රජු උනාම මොනවා දාගනිද දන්නේ නැහැ.

:       1085       1128

NARAYANA Sunday, 11 August 2019 10:53 AM

බොරු නඩු හදපු යහපාලකයන්ට නරකාදියේ කටු ඉඹුල දැකගත හැකිය.

:       871       914

siriSunday, 11 August 2019 11:52 AM

බොරු නඩු?

:       416       495

Mahesh Sunday, 11 August 2019 10:55 AM

රටේ මේ මොහොතේ අවශ්‍යතාවය ...

:       1230       1208

Raveendra Sunday, 11 August 2019 10:58 AM

තරගෙට ගෝඨා එනබව දැනගත්තේ..// තරගෙට එන ගොන් අලිය කව්ද බොලේ..// කවුරු පැමිණියත් වැඩක් නැතිබව අපට දැනේ..// අමතකද ලක්දෙරණ එකෙකුගේවත් බූදලය නොවේ..//

:       274       256

kamal Sunday, 11 August 2019 10:58 AM

සුදුවෑන් වලට ඉල්ලුම වැඩිවෙයි.

:       790       838

Prabha Sunday, 11 August 2019 12:38 PM

දැන් එතකොට සුදුවෑන් වල ගියේ රටක් වටින අයද?

:       463       444

siriSunday, 11 August 2019 01:35 PM

අනිත් සියලුම දේවල් පැත්තකින් තියමු. ඔබ කියන්නේ කොළඹ නගරය ලස්සන කරන්න යාචකයින්ගේ ඔලු ගෙඩි වලට ගල් අතෑරපු එක සාධාරණයි කියලද?

:       572       196

BamunuarachchiSunday, 11 August 2019 01:40 PM

සුදු වෑන් වල ගිය වැදගත් මහතෙකුගේ නමක් කීවොත් මම මොහුට එරෙහිව ඡන්දය දෙනවා.

:       165       477

Ruwan Sunday, 11 August 2019 10:58 AM

ජය නියතයි..!!! අපි ඔබ සමගයි..!!!

:       852       915

amila disanayaka - ragamaSunday, 11 August 2019 04:04 PM

යුද්දෙට බයේ පනලාගිය චණ්ඩියා.. රටේ නායකයා කරන්න...? මම නම් ඡන්දෙ දෙන්නේ නැහැ.

:       413       399

amithMonday, 12 August 2019 04:37 AM

ඡන්දෙ තියල බලන්න . මේ රජයට 2018 ලැබුණු ඡන්දවලින් භාගයක්වත් දැන් ලැබෙන්නැත. රට කලාම දැම්ම.

:       1       7

kaniTuesday, 13 August 2019 07:00 PM

හමුදාව පාවාදෙනකොට ඔබලා කියන්නේ සියදිවි නහගන්න කියලද? සිරිකොතෙන් 1600 දෙන්නේ මේ බේගල් කොටන්න තමයි... නොදන්නා බයිලා නොගහ ඉන්න.

:       0       0

Amila Sunday, 11 August 2019 10:58 AM

මල්ලි ජනාධිපති අයියා අගැමති...! පවුල් පෙරමුණට ජයවේවා ! ඇමරිකාවෙන් සුබපැතුම්..! එරට පුරවැසියෙක් ප්‍රථමවරට ලංකාවේ ජනාධිපති පුටුවට..! මේ වගේ සටන්පාඨ නියමයි. අපි පවුලට පවුල අපිට, රාජපක්ෂවරු රජකරවමු පුතාට පිස්සුකෙලින්න දෙමු, එක පවුලක්..එක රටක්, බයගුල්ලා ජනාධිපති කරමු, ඇමරිකාවේ පැතුම ඔබයි, 70 පොඩි සීයා ජනාධිපති කරමු 72 ලොකු සීයා අගමැති කරමු.. වයසක කෙනෙකුට රට දෙමු. පාර්ලිමේන්තුවත් නොගිය පලපුරුද්දක් වත් නැති පොඩි සීයා ජනාධිපති කරමු.

:       1550       1605

kamaniSunday, 11 August 2019 03:13 PM

නියම කතාව මල්ලි, එ්ත් මේ රටේ ඉන්න වහල්ලුන්ගේ මානසිකත්වය තමයි ඔය.. මේ රටේ මිනිස්සු නිතරම කෙලින්නේ පිස්සු... ගෝඨාට පක්ෂව දාලා තියෙන කොමෙන්ට්ස් බැලුවම පෙනෙනවා අපේ රටේ මිනිස්සු මොනතරම් ආසාද කියලා ඉල්ලලා දුක් විඳින්න. බත් මුලට, අරක්කු භාගයට, සිල් රෙද්දට, කුඩයට, රුපියල් 500 ට තම ආත්මය පාවාදෙන මෝඩ ගොත්‍රිකයිනේ... මේ පාර නුඹලාගේ ගෝත්‍රික ඡන්ද නැතත් නිල්පාට, කොළ පාට, රතු පාට නැති අලුත්ම පක්ෂයක කෙනෙක් රටේ නායකයා වෙනවා. එක ස්ථිරයි.

:       474       511

BamunuarachchiSunday, 11 August 2019 04:17 PM

එක පවුලේ දොස්තරලා දැකලා නැද්ද? එක පවුලේ ලොයර්ලා දැකලා නැද්ද? එක පවුලේ ක්‍රිකටර්ස්ලා දැකලා නැද්ද? එක පවුලේ ඉංජිනියර්ස් දැකලා නැද්ද? මොවුන් දැකලා නැත්තේ රාජපක්ෂලා පවුලේ දේශපාලකයන් විතරයි. ඒත් සේනානායකලාට, රාජිතට, පොන්නම්බලම්ලාට, තාත්තාට, පුතාට, දේශපාලකයන් වෙන්න පුළුවන්.... අනේ මේවා නොපෙනෙන මෙහෙමත් ගොබ්බයන්. ඇයි ඒ ගොල්ලන්ව පාර්ලිමේන්තුවට එවන්නේ රටේ ජනතාව? තුම්සේලටත් පුලුවන් නම් තාත්තයි, අම්මයි, පුතයි, දුවයි, කොල්ලයි බල්ලයි දේශපාලනයට එනවකෝ... බල්ලා පිදුරු කන්නෙත් නැහැ කන ගොනාට දෙන්නෙත් නැහැ. හැබැයි බුෂ්ලා දේශපාලනේට ආවාට ඇමරිකානුවන්ට ප්‍රශ්නයක් නොවෙයි. අලි බූතෝලා දේශපාලනේට ආවාට පාකිස්තානුවන්ට ප්‍රශ්නයක් නොවෙයි සිංහලයින්ට විතරයි ප්‍රශ්නය... අනේ මොවුන් කැවුම් කන්නම විතරක් ඉපදිච්ච ජාතියක්... නොදකින්!

:       608       491

SenaMonday, 12 August 2019 12:51 AM

මෝඩ තර්ක...

:       37       147

AmilaMonday, 12 August 2019 01:34 AM

වහලෙක්ට තරහ ගිය සොදුරු මොහොතක් !

:       153       380

යාපාMonday, 12 August 2019 05:46 AM

ගොන් කතාවකට තර්කානුකූලව පහර දී තර්කය බින්ද‍ාම කියාගන්න දෙයක් නැති වුණාම මෝඩ තර්ක කියන මිනිස්සුන්ගේ මානසිකත්වය හා නිරුවත එළි වූ සුන්දර මොහොතක්. සුදුස්සන් ඉන්නේ එක පවුලේ නම් ඒකට මොනවා කරන්නද? වෙන රටවල්වල මෙහෙම නැද්ද? ජානවලින් එන හැකියාව පවුලේ හැමෝටම ලැබීම සාමාන්‍ය දෙයක් බවවත් නොදන්නා දේශපාලන අනාත එජාප, ජවිපෙ වහලුන් ගැන අනුකම්පා කරනවා විනා කුමක් කරන්නද?

:       1       0

Chanak los angelesTuesday, 13 August 2019 07:21 PM

එක පවුලේ අය නම් ඉන්නවා. නමුත් ඔවුන් සාටක පවුල වගේ රටේ සම්පත් හොරාකන්නේ නැහැ...

:       0       5

රජින්ද Sunday, 11 August 2019 10:59 AM

බහුතර මහා සංඝරත්නය සහ කාදිනල්තුමා ඇතුළු මේ වනවිට ජනතා විශ්වාසය දිනාගෙන සිටින විද්වතුන් ගෝඨාට සහාය දිය යුතුයි කියන විශ්වාසය සාමාන්‍ය ජනතාව ලෙස අපට දෙයි නම් ඒ විශ්වාසය සුරකිමින් ඔහුට මේ රටේ අනාගතය බාර දීමට අපට හැකියි. අපි මේ රටේ ඡන්ද දායකයන් වෙමු.

:       373       1025

jayath Sunday, 11 August 2019 11:01 AM

විනයක් ඇති රටක් හදන්න. අපි ඔබතුමාට කියන්නේ එච්චරයි..

:       430       818

Sajeewa Sunday, 11 August 2019 11:03 AM

වැරැද්දක් වුණාම සියදිවි හානිකරගන්න බලන් ඉන්න මිනිස්සු ඉන්න රටක් මේක. මේ වගේ මිනිස්සු රටේ පාලනයට ආවොත් හැමෝටම කටවහගෙන හැංගිලා ජීවත් වෙන්නයි වෙන්නේ. පස්සේ ඡන්දෙ දීපු අයම හූල්ල හූල්ල ඉඳීවි. දැන්ම මේ රටින් පිටවෙලා ඉන්න එකම හොඳයි වගේ...

:       641       360

ApiSunday, 11 August 2019 12:58 PM

මේවා ශ්‍රී ලාංකිකයන්ගේ කතා නොවේ.. ! එඩිතර ජාතියක කතා නොවේ..!

:       19       114

BamunuarachchiSunday, 11 August 2019 06:13 PM

නිවටයින්ගේ කතා. මේගොල්ලන් ගේ කතාව හරිය තේ වත්තක දළු කඩන අයගේ කතාව වගෙයි. දළු කඩන මිනිස්සු නම් සුපිරින්ටන්ඩන්ව දවසකට සැරයක්වත් දකිනවා. මේ මිනිස්සුන්ට ඝෝටාව දකින්න ලැබෙන්නේ නැහැ. ඕකට කියන්නේ හුඹස් භිය කියලා.

:       179       53

විජිත් Sunday, 11 August 2019 04:02 PM

සජීව මල්ලි...ඔබගේ කතාව ඇත්ත. එ්ත් ප්‍රශ්නයට බයේ ඇයි අපි යන්නේ? අපි ප්‍රශ්නය පරාජය කරමු. කොළ, නිල්, රතු කවුරුවත් නැතිව අපි වැදගත්, උගත්, බුද්ධිමත් නායකයෙක් තෝරා ගමු...

:       45       83

රොමේෂ් Sunday, 11 August 2019 11:09 AM

කොහොමත් දෙමළ, මුස්ලිම් මිනිස්සුන්ගේ චන්ද නැතුව දිනන්න බෑ. එහෙම ඕනේ නෑ කියලා හිතනවා නං ඒක ලොකු විහිළුවක්.

:       1062       1119

AmalSunday, 11 August 2019 11:39 AM

බයවෙන්න එපා. ඒ ගොල්ලන් කොහොමත් දිනන පැත්තට හේත්තු වෙනවා. එයාලා කවදත් දිනුම්...

:       0       67

ගල්කටස් Sunday, 11 August 2019 11:41 AM

මෙ පාර බලපල්ලා වෙනදේ ඔය කියන සුළුජාතීන් නැතිව දිනන හැටි..

:       215       585

රොමේෂ් Monday, 12 August 2019 09:32 AM

පේන විදියට ඔයා ලංකාවේ නෙමේ වගේ. සුළු ජාතීන්ගේ ඡන්ද නැතුව කොහොමත් ඡන්ද දිනන්න බෑ.

:       1       1

chandanaSunday, 11 August 2019 11:58 AM

ජාතිය වැදගත් නැහැ. රට ගැන හිතන හැමෝම ඡන්දෙ දිය යුත්තේ ‌ගෝඨාභය මැතිතුමාටමයි. ජාතිවාදී, ත්‍රස්තවාදී, ‌බෙදුම්වාදී අයගේ ඡන්දෙට ඉඩක් නැහැ කියලා ‌පෙන්නන්න ඕන නම් සියළුම සිංහලුන්, දෙමලුන් මුස්ලිම්වරුන් බය නැතිව ‌ගෝඨාභය මැතිතුමාට ඡන්දය ‌දෙන්න අධිෂ්ඨාන කර ගන්නවා නම් රටට යහපතක් ‌වෙයි...

:       260       540

BamunuarachchiSunday, 11 August 2019 01:35 PM

රටට යහපතක් වේවි... හැබැයි උතුරේ පන්සල් බැහැ කියන්න බැහැ.

:       119       120

සුනිලා - වත්තල Sunday, 11 August 2019 03:59 PM

ඔබ ගොඨාගේ බත් මුලට නැහුණාට.. මේ රටේ මිනිස්සු දැන් බොහොම දෙනෙක් රටට වෙලාතියෙන දෙය ගැන ඉන්නේ කේන්තියෙන්. ඒ අය තීරණය කරාවි නියම පුද්ගලයා කව්ද කියලා. නගානන්ද මහත්මයා, වෘතිකයින්ගේ සංගමයෙන් කෙනෙක්.. වැනි කෙනෙක් ආවොත් ගෝඨාට අායෙත් මොලේ අමාරුයි කියලා රටෙන් යන්න තමයි වෙන්නේ...

:       407       246

BamunuarachchiSunday, 11 August 2019 05:36 PM

නාගානන්ද ගැන ඔහොම කියන්නෙත් අර යහපාලානේ ගැන කියපු අයම තමයි.

:       45       167

AmilaSunday, 11 August 2019 12:52 PM

ඒ ඡන්ද වලින් විතරක්ම ජනාධිපතිවරණය දිනන්න බෑ යාලුවා. සිරිසේන 2015 ගත්තා වගේ සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් සිංහල ඡන්ද පදනමෙන් ගන්න වෙනවා.

:       159       51

BamunuarachchiMonday, 12 August 2019 02:10 AM

සිංහල පදනමෙන් ඡන්ද ගන්න වෙනවා නොවෙයි සිංහල පදනම සිංහලනම් ඝෝඨාභයට අනිවාර්යෙන්ම ඡන්දය දෙනවා.

:       145       61

athuraWednesday, 14 August 2019 05:32 AM

මම සුද්ද සිංහල බමුණෝ. ඔහේ වගේ ඉන්දියාවෙන් ආව බමුණෙක් නෙමෙයි. එහෙමයි කියලා මම ඡන්දෙ දෙන්නේ නම් නැහැ මෙයාට...

:       0       12

lion Sunday, 11 August 2019 11:13 AM

අයියා අගමැති, මල්ලි ජනපති, පුතා නෝනා ? අපේ රටට දෙවි පිහිටයි.

:       0       0

PATHOLA NEETHIPATHI Sunday, 11 August 2019 11:18 AM

ජයෙන් ජය බැංකු හොරු ඉවර කරනු.

:       0       0

Prase Sunday, 11 August 2019 11:20 AM

ජය වේවා.අපි අපේ රටට ආදරෙයි.

:       0       0

Perakum Sunday, 11 August 2019 11:21 AM

ඡන්දෙ ඉල්ලුවොත් දිනනවා නියතයි. ඒත් ඉතින් ඊට ඉස්සෙල්ලා ඇතුළට දාන්න ඉඩ තියනවා..

:       26       171

Thilina Sunday, 11 August 2019 11:32 AM

රට ගොඩනගන්න නිවැරදි නායකත්වය ලබාදෙන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා..!! සිංහල ජාතියේ බහුතරයෙන් ඔබ ජය ලබන බව අමතක කරන්න එපා..

:       195       239

sapuSunday, 11 August 2019 03:54 PM

මේවාට තමයි කියන්නේ "හීන" කියලා. ජීවිතයේ කවදාවක් වත් සැබෑ නොවන සිහිනයක්ම වේවා...!!! 

:       356       406

Bamunuarachchi 5Wednesday, 14 August 2019 10:00 AM

මෙයාට බැරි නම් සජිත්ටද පුළුවන් ?...

:       0       0

සෑම් Sunday, 11 August 2019 11:39 AM

සිංහල, දමිල, මුස්ලිම් සහ සියලු අන්‍යජාතී රට වැසියනි. අප සියලු දෙනා බලා සිටි මහඟු අවස්ථාව දැන් පැමිණ ඇත. නීතියේ ආධිපත්‍ය රජයන ලෝකයේ දියුණු සංවර්ධිත රටක් බවට ලංකාව පත් කිරීමට නාගානන්ද කොඩිතුවක්කු මහතා ජයග්‍රහණය කරවා මේ පාදඩ, තක්කඩි රටේ මහජන මුදල් මහදවාලේ කොල්ලකාපු පව්කාර නඩය මාතෘ භූමියෙන් අතුගා දැමීමට පක්ෂ, පාට, ජාති භේදයෙන් තොරව වහා එක්වන්න. මෙය ඔබට රට විනාශයෙන් බේරා ගැනීමට ඔබගේ ජීවිත කාලය තුළ ලැබෙන අවසාන අවස්ථාවයි.

:       439       446

නොකවුට් Sunday, 11 August 2019 11:39 AM

අපේ අනාගත ජනාධිපති. මඩ නෑ වැඩ විතරයි.

:       253       422

sugathSunday, 11 August 2019 03:51 PM

මොනවද එයා කරපු වැඩ...? යුද්දෙට බයේ මොලේ අමාරුවක් කියලා බොරු මෙඩිකල් එකක් දීලා පැනලා ගිය එකද...? ජර්මනියට යන්න තිබුණු එයාර් ලංකා ප්ලේන් එක හදිස්සියේම කැන්සල් කරලා යවපු එකද...,? ඇයි මිග් ගනුදෙනුව...!!!

:       340       426

යාපාMonday, 12 August 2019 05:31 AM

සුගත්, මේ ලෝකෙ බොරුවෙන් හැමදාම මිනිස්සු රවට්ටන්න බෑ. ආයෙත් මිනිසුන් රැවටෙන්නේනැත. ගෝටාභයට ජය නියතය!

:       37       24

indra Sunday, 11 August 2019 11:48 AM

පරණ වීනාව නම් වයන්න එපා. ඔබගේ දිනුමට උර දුන් අයට මුල් තැන එපා. පොදුවේ ලාංකික සැමට සාධාරණයත්, නීතියත් ක්‍රියාත්මක කරන්න. රජයේ කාර්යාලවලදී ජනතාවගේ අවශ්‍යතා කාගෙවත් අනුග්‍රහය යටතේ ක්‍රයාත්මක නොකරන්න. මෙය පුංචි සිහිගැන්වීමකි. කල් නොමරා ජනතාවගේ අවශ්‍යතා ඉටු කරන්න ඔබට රට බාරයි. ජය නියතයි.

:       101       421

Wije Sunday, 11 August 2019 11:52 AM

මම නම් කියන්නේ කාටවත් බහුතර බලයක් ලැබෙන්නේ නැහැ. බලකෑදරකම ඉහට උසට තියාගෙන ඒ කාලේ. ආයෙත් බලය ලැබුණොත් මොනවා කියයිද දන්නේ නැහැ. පුළුවන් නම් තමන්ගේ වත්කම් හෙළිකරලා අවංක චේතනාව පෙරදැරි කරගෙන ඡන්ද සටනට බහින්න. ලොකු දෙයක් එහෙම කළොත්...

:       180       84

sadis Sunday, 11 August 2019 11:53 AM

එහෙනම් ජනාධිපති මැදුරේත් තටාක හැදෙයි!

:       425       183

BamunuarachchiSunday, 11 August 2019 04:33 PM

ඉතින් ඕක මහ දෙයක්ද ලක්ෂ 20-30 වියදම් කොරන්න පුලුවන්නම් ඉඩමේ ඉඩ තිබෙනවානම් ඔයාටත් පුළුවන් තටාකයක් හදා ගන්න. මගේ මිත්‍රයෙකුත් තටාකයක් හදා ගත්තා ලක්ෂ 20 කට. හැබැයි ජනාධිපති මැදුරේ හැදුවොත් පසුකාලෙක හෝගාන පොකුණ දැක්කේ නැති අයත් නාන නිසා ආණ්ඩුවේ සල්ලිවලින්ම හැදුවොත් හොඳයි.

:       144       8

නාමල් කුමාර Sunday, 11 August 2019 12:30 PM

"කිසිම සුළු ජාතික ඡන්දයක් නැතිව ජයග්‍රහණය කළහැකි එකම ජාතික නායකයා ගොඨාභය මහතා පමණයි." මෙය සිහිනයක් පමණි. සුළු ජාතික ඡන්දයක් නැතිව 50% ලබා ගන්නට නම් සිංහල ඡන්ද වලින් 80%-90% ගත යුුතුයි. එය කිසිදා සිදුනොවන්නකි.

:       575       512

Parakrama Sunday, 11 August 2019 12:33 PM

අන්තිමට ජවිපය අපේක්ෂකයාට තමයි. එජාපෙ එකත් රනිල්ගේ.. අපි ගෝඨාත් එක්ක.

:       67       218

Rane Sunday, 11 August 2019 01:00 PM

මොනවා වුණත් මේ තියෙනවට වඩා හොඳ වෙන බව නම් සහතික විය හැකිය.

:       58       303

sakunthala Sunday, 11 August 2019 03:53 PM

ඔව් ඔව්.. ඇමෙරිකන් කාරයන් වැසි වසිවි. මෙයා තමයි ඇක්සා ගිවිසුම මුලින් අත්සන් කරලා තියෙන්නේ... කීයක් හම්බවුනාද දන්නේ නැහැ.

:       162       172

ලුම්බිණි Sunday, 11 August 2019 01:12 PM

ගෝඨාභය ජනාධිපති අපේක්ෂක වීම ප්‍රශ්නයක් කර ගන්නේ මොකටද? මේ රටේ වැඩි දෙනෙකුට ඕන ගෝඨාභය වගේ කෙනෙක් ජනාධිපති වීම නම් ඒක අපිට පිළිගන්න සිදු වෙනවා. ඡන්දය තියෙනකම් බලාගෙන ඉඳිමු.

:       81       211

sugathSunday, 11 August 2019 03:46 PM

ඡන්දෙදී එයාට බඩෙන් යන්න වෙන්නේ. බලාගෙන ඉන්න...

:       250       163

Gamarala Sunday, 11 August 2019 01:25 PM

ජයවේවා! දැයට කැමති සියලු ජනතාවගේ ආශීර්වාදය ඔබට ලැබේවා...!!!

:       62       397

yashodhaSunday, 11 August 2019 03:40 PM

ඔබ වැනි අය සිටිනාතක් කල් මේ රට පවුල් කිහිපයක් විසින් කරන මංකොල්ල කෑම දිගටම පවතීවි. ඇත්තටම ලැජ්ජා නැතිද?

:       102       103

Bishan Sunday, 11 August 2019 01:26 PM

රාජපක්ෂ සමාගමේ වත්කම් ප්‍රකාශය ඉදිරිපත් කරොත් ඡන්දය දෙනවා. නැත්තම් නාගානන්දට මගේ ඡන්දය...

:       221       237

sajithSunday, 11 August 2019 03:45 PM

ඇත්ත. දැන් අපිට තියෙන එළිය නාගානන්ද පමණයි.

:       192       206

BamunuarachchiSunday, 11 August 2019 04:43 PM

නාගානන්දටත් එයා පමණයි මොනවා කරන්නද? මිනිස්සු යහපාලනයට රැවටුනේ ඔහොම තමයි. ඉස්කෝලේ ගියා නම් ඉගෙනගෙන ඇතිනේ "දන්න යකා නොදන්නා සුරදූතියට වැඩිය හොඳයි" කියලා. 2015 සුරදූතියක් පස්සේ ගිහිල්ලානේ කෙලවාගත්තේ නේද හලෝ...?

:       135       211

Chandima Sunday, 11 August 2019 01:49 PM

බලය පවරාගන්න හිතාගෙන දුරදිග බලා අත්සන්කළ යටිකූට්ටු අවබෝධතා ගිවිසුම පොහොට්ටුවත් එක්කලා නැහැනේ. එ් නිසා කොන්ද පණ ඇතුව ආණ්ඩුව ගෙනියන්න පුළුවන්. අපි බයේ උන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන‍් ඡන්දෙ ඉල්ලයි කියලා. අනික දැන් චන්ද්‍රිකාට පරම්පරාගත අයිතිවාසිකමකුත් නැහැනේ ඇඟිලි ගහන්න. එ්ත් ඔය කුලීකාරයන් 225 අරගෙන නම් වැඩේ කරගෙන යන්න බැරිවෙනවා. මාසෙකට එක බැගින් කාර්මික විද්‍යාල නැතිනම් වෘත්තීය පුහුණු ආයතන හදන්න යන මුදල මේ 225 නඩත්තු කරන්න යනවා. එ් නිසා ඒකාධිපතියෙක් වෙලා හරි එලෙව්වොත් රට හැදෙයි.

:       1       172

savithriSunday, 11 August 2019 03:43 PM

මෙයා තමයි අක්ෂා ගිවිසුම අමෙරිකාවත් එක්ක කාටත් හොරෙන් රොබට් බ්ලේක් එක්ක අත්සන් කරලා තියෙන්නේ. එ්කට ලැබුණු සල්ලි කොහේ හරි හංගලා ඇති. මොනවා වුණත් ඔබගේ සිහිනය මේ පාර හරියන්නේ නැහැ. මේ රටට අලුත්ම නායකයෙක් තමයි පැමිණෙන්නේ. ඔහුත් එක්ක සෙල්ලම් කරන්න කිසිම දේශපාලුවෙකුට බැහැ. ඒ වගේම තමයි රට මංකොල්ලකාපු ඔක්කොටම ඒ සල්ලි වමාරන්න වෙනවාමයි...

:       326       379

225ම එපා Sunday, 11 August 2019 01:54 PM

ආයෙත් පරණ සෙට් එකට රැවටෙන්නේ නෑ. අපි එකෙන්ම නාගානන්දට විතරයි.

:       317       327

රවින් Sunday, 11 August 2019 03:34 PM

අපි ඔක්කොම ඔබ සමග එකඟයි. නාගානන්ද මහත්මයා රටේ නායකයා වුනොත්.. මේ මංකොල්ල කාරයින්ට හොරා කාපු සල්ලි වමාරන්න වෙනවා. පැන්ෂන් එකත් ඉවරයි. රටේ අග විනිසුරු ඇතුළු සියලුදෙනාවම තෝරා ගන්නේ මහා ජනතාවයි. ඒ දවස එනකම් අපි ඇඟිලි ගනිනවා..

:       132       192

SamanMonday, 12 August 2019 02:48 AM

නාගානන්ද එංගලන්ත පුරවැසිකම අත්හැරියද ?

:       0       57

අයි.ඕ.සිරිසේන Sunday, 11 August 2019 02:02 PM

දෙමව්පියන්ගේ සොහොනත් මහජනතාවගේ සල්ලිවලින් හදපු හොරෙකුට රට බාර දුන්නොත් රටම දවසකින් දෙකකින් සුද්ද කරලා සමහරට විට යුද්ධය කාලයේ හාමුදාවෙන් අස්වෙලා ඇමරිකාවට පැනලා ගියා වගේ පැනලා යන්න බැරි නැහැ..

:       515       531

samindaSunday, 11 August 2019 03:38 PM

යුද්දෙකාලේ හමුදාවෙන් අස්වුනේ මොලේ ගැටලුවක් කියලා. එතකොට පුලුවනිද රටක් පාලනය කරන්න...? හැබැයි...ලංකාවේ ඉන්න හිඟන්නාගේ ඡන්දයෙන් (බත් පැකට් එකට, අරක්කු භාගයට,...ඡන්දෙ දෙන අයගේ ඡන්දය) මිනිහා රටේ නායකයා වුණොත් මුළුරටම පිස්සු නටාවි...

:       132       119

Chanak los angeles Sunday, 11 August 2019 02:34 PM

මේ මවාපෑමක්... ඔය නම හෙට, අනිද්දාම වෙනස් කරගන්න වෙනවා. දූෂණ, වංචා නඩු තිබෙන කෙනෙකුට රාජ්‍ය සේවයේ කිනම් තනතුරකටවත් අයදුම් කිරීම, නම් කිරීම, පත්කිරීම සපුරා තහනම්.. පෙත්සමකට ඕනෑතරම් කරුණු තිබෙනවා. අබසරණ තමයි.

:       521       223

BamunuarachchiSunday, 11 August 2019 03:44 PM

මට මතක් වෙන්නේ එළුවාගේ අර මොකක්ද එක දැන් වැටෙයි, දැන් වැටෙයි කියකියා පස්සෙන් ගිය නරියාව තමයි.

:       106       44

BamunuarachchiSunday, 11 August 2019 04:49 PM

මම ලොස් අන්ජලිස්ට නරිය වගේ කීවේ නැහැ අනික් අය හිතුවට...

:       128       105

BamunuarachchiSunday, 11 August 2019 04:20 PM

හිතේ දුකට ඕවා කියලා හරියන්නේ නැහැ...

:       100       85

saman Sunday, 11 August 2019 03:23 PM

ආයෙත් එහෙනම් 20% යුගයට පා තබන්ටයි වෙන්නේ.

:       162       134

විජිත් Sunday, 11 August 2019 03:29 PM

එදා කොළඹ නිදාගෙන උන්නු හිඟන්නන්ව මැරුවේ ඔළුවට ගල් අතහැරලා... මෙයා රටේ නායකයා වුණොත් මුළු රටේම හිඟන්නන්ට දෙවියන්ගේම පිහිටයි. ශ්‍රී ලංකන් යානා ලෝකය වටාම පියාසර කරාවි ... ප්රූෆ් එක්කම ඡන්දෙ කිට්ටුවෙද්දී.. හැබැයි කවුරු ඡන්දෙ ඉල්ලුවත් නිල්, කොළ, රතු, පොහොට්ටු.. මේ එකෙක්වත් මේ පාර බලයට පත්වෙන්නේ නැහැ. අලුත්ම පක්ෂයක උගත්, බුද්ධිමත් රටට ආදරේ කරන, අවංක රට මංකොල්ල නොකන පුද්ගලයෙක් නියම වෙලාවට, නියම විදිහට, ඉදිරිපත් වේවි. අමතක කරන්න නම් එපා නිදහස ලැබිලා දැන් අවුරුදු 71ක් විතර වෙනවා. එදාමෙදා රට පාලනය කරපු ඔය ඔස්තාර්ලා එකෙකුටවත් බැරිවුණා.. " රුපියලේ අගය වැඩි කරගන්න - 1948 පසු දිගටම අද දක්වාම රුපියල වැටුණා. ඉතින් කොහොමද කියන්නේ රට ආර්ථිකයෙන් ශක්තිමත් වුණා කියලා..? අපේ වහල් මානසිකත්වය තියෙන කැපුවත් නිල්, කැපුවත් කොළ, කැපුවත් රතු, කැපුවත් පොහොට්ටු ..කියන අයට මේ සැරේ ඒ අයගෙන්ම නියම පිළිතුරක් ලැබේවි. මොකද ඒ නාකි මානසිකත්වය තියෙන පවුල්වල තරුණ තරුණියන් හට මේ රටට මේ දේශපාලුවන් කරලා තියෙන විනාශය දැන් වැටහිලා අවසන්...

:       1353       1144

BamunuarachchiSunday, 11 August 2019 04:47 PM

මොන අවුරුද්දේද ඉපදුනේ? 1948 ගැන කතා කරන්නේ සීයාගෙන් අහගෙන නේද?

:       354       317

Mifu Sunday, 11 August 2019 05:00 PM

පසු ගිය දවස් වල ඔය 225 එපා කියපු කට්ටිය එක්‌කෙනෙක්වත් නෑනේ. දැන් ඔක්කොම කියන්නේ ගෝටා

:       0       28

Sena Sunday, 11 August 2019 05:03 PM

හාර්ට් එකට බයි-පාස් කලාට ඇමෙරිකාවෙ නඩුවලට බයි-පාස් බැරිවෙයි. මොකද පුරවැසිකම අයින් කරගන්න දෙන දිවුරුමේ මෙහෙම තියෙනවා "මාගේ පුරවැසිභාවය ඉවත් කර ගැනීමෙන් මා මීට පෙර කළ හෝ මින් ඉදිරියේදී කරන ලද ඇමෙරිකානු නීතිය කඩකරන වරදක් සම්බන්ධයෙන් ඇමෙරිකානු නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ වගකීම්වලින් මා නිදහස් වන්නේ නැති බවට එකඟ වෙමි'

:       55       203

vidya Sunday, 11 August 2019 05:23 PM

ගෝටාට වැඩක් කරන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. නමුත් පොහොට්ටු විලේ මඩ යට ඉන්න සෙට් එක තමයි ප්‍රශ්නේ. විමල්, බන්දුල, වාසුදේව, එස්. බී. කියනවනම් සීයක් විතර ඉන්නවා .මේ සෙට් එක නේද කාලම පැරදිලා ගියේ 2015 දී . තරුණ තරුණියනි නුඹලාට තමයි වග කීම තියෙන්නේ හරි උගත් නායකයන් පත් කර ගැනීම.

:       31       130

BamunuarachchiMonday, 12 August 2019 08:27 AM

තරුණ තරුණියන් ඡන්දයෙන් අනුන්ගේ වගකීම් විසදන්න කලින් තමන්ගේ වගකීම් වලින් මිදෙන්න. තමාගේ කෑම බීම ඉඳුම් හිටුම් වියහියදම් තමන්ම උපයා ගත්කල රටපාලනය කරන අය තෝරන්න. අම්මා තාත්තාගේ වියදමින් ශ්‍රමයෙන් නම් ජීවත්වෙන්නේ රටේ පාලකයින් තේරීමට ඔයාලට අයිතියක් නැත.

:       1       0

San80Monday, 12 August 2019 08:57 AM

අයි මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්දන ? කොතරම් උගත් දක්ෂ මිනිස්සුද ?

:       0       13

Bamunuarachchi Sunday, 11 August 2019 05:57 PM

එයා කරපු වැඩේද?

:       129       0

Ranil Monday, 12 August 2019 04:24 AM

අයියෝ සිරිකොතේ අය කලබල වෙලා තියෙන තරමක්. බලපු ගානට වඩා තියෙනව ඩිස්ලයික් කරපු ගාන. මං හිතන්නෙ හාමු වෙනම ටීම් එකක් දාලද කොහෙද මේකෙ ඩිස්ලයික් ගාන වැඩි කර කර ඉන්න.

:       105       56

prakaash Monday, 12 August 2019 04:34 AM

ගෝඨාභය යනු රට වෙනුවෙන් මිනිසුන්ගේ ආරක්ෂාව සහ යහපත වෙනුවෙන් වැඩක් කල වීරයෙකි. එතුමාට විරුද්ධව කියවන්නේ නිවට ද්‍රෝහීන් බව කිව යුතුමය. එනිසා රටට ආදරයක් ඇති සෑම කෙනෙක්ම ඔහුට ආශීර්වාද කරනවා.

:       81       105

වීරසිංහ Monday, 12 August 2019 05:04 AM

තාම නම විතරයි කිව්වෙ.. පාට පක්ෂ බලන්නෙ නැතව කොන්දේ පණ තියෙන නායකයෙකුට ඔබ ඡන්දය දෙන්න මෙදා සැරෙ වැරදි කෙනෙකුට ගියොත් රට හදන ඒක විහිලුවක්.. මේක ඔබට මට ලැබෙන අවසාන අවස්ථාව විය හැක.

:       92       27

යාපා Monday, 12 August 2019 05:04 AM

ජයවේවා! මේ පොහොට්ටුවේවත් වෙන කාගෙවත් අපේක්ශකයා නෙමෙයි. රටේම අපේක්ශකයා. කොන්ද පන තියන එඩිතර ක්‍රියාවෙ න් වැඩ ඔප්පුකරන ඔබ වගේ නායකයෙක් අපිට ඕනා.

:       68       40

rohana Monday, 12 August 2019 05:18 AM

ප්‍රියන්ත, යුද්ධේ ඉවර කලේ ගෝඨාභය නෙවෙයි සරත් ෆොන්සේකා පමණයි. එක එකා ලකුණු දාගත්තාට. අනික මෙයාට තියෙන නඩු වලට මොකද වෙන්නේ කියාදන්නා කෙනෙක් කියන්න.

:       79       111

amali Monday, 12 August 2019 08:31 AM

සරත් ෆොන්සේකා විතරක් තනියම යුද්ධ කළා නම් මොන එකකටද අනිත් හමුදා දෙකටයි පොලිසියටයි පඩි ගෙව ගෙව තියාගන හිටියේ. මහින්ද එන්ඩ කලින්නුත් ෆොන්සේකා ඔය හමුදාවේම හිටියනේ ඇයි ගහල ඉවරයක් කරන්න බැරි වුනේ.

:       1       0

BamunuarachchiTuesday, 13 August 2019 01:02 PM

Amila, ෆොන්සේකා ඔය හමුදාවේම හිටියට රාජපක්ෂලා ආණ්ඩුවේ සිටියේ නැහැ. එ්කයි යුද්ධය දිනන්න බැරි වුනේ... අඩුගණනේ ෆොන්සේකා හමුදාපති කරලා යුද්ධය බාර දෙන්නවත් මේ ගොබ්බයින්ට බැරිවුණා.

:       1       0

San80 Monday, 12 August 2019 08:46 AM

ගොඩක් දෙනා කතාකරන්නේ විකාර. මෙතුමාට ලංකාවේ ඡන්දෙ ඉල්ලන්න නීත්‍යානුකුලව පුලුවන්ද ඇමරිකන් පුරවැසිභාවය තියෙද්දී ? දන්නා කෙනෙක් තේරුම් කරලා දෙනවද?

:       0       11

ponil Monday, 12 August 2019 09:42 AM

අප රටට ජනාධිපතිවරණයක් පැමිණෙන්නේ රට තීරණාත්මක අභියෝගයන් රැසකට මුහුණ දෙන අවස්ථාවක බව අමතක කළ යුතු නැත. එනිසා අප රටේ අනාගත නායකයා කොයි කඳවුරෙන් පත් වුවද අප රට ඉහළට උසවා ගැනීම සඳහා ඔවුන් හමුවේ සුවිශාල යුතුකමක් හා වගකීමක් තිබෙන බව මේ මොහොතේ සිහිපත් කළ යුතුව ඇත. මේ වසරේ (2019) ශ‍්‍රී ලංකා ආර්ථිකය කලින් අපේක්‍ෂා කළ අගයටත් වඩා පහළ යනු ඇතැයි විශ්වාස කෙරේ. මහ බැංකුව මේ වසර මුලදී ඇස්තමේන්තු කර තිබුණේ මේ වසරේ ආර්ථික වේගය 4% ක් වනු ඇති බවයි. එහෙත් පාස්කු ඉරිදා එල්ලවූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ආර්ථික කටයුතුවලට එල්ල වූ බලපෑම් නිසා එම ඉලක්කය පවා ළ`ගාකර ගත හැකි වේදැයි යන සැකය මතුවෙමින් පවතී. එනිසා අනාගතයේදී අප රටේ බිහිවන නායකයාගේ එක් ප‍්‍රමුඛ කාර්යයක් වනු ඇත්තේ වැටුණු ආර්ථිකය න`ගාසිටුවීම සඳහා ඉලක්ක සහගත වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමයි. ඒ සඳහා මේ රටේ මානව සම්පත් කළමනාකරණය කරමින් නිෂ්පාදන ආර්ථිකයක් දක්වා අප රට මෙහෙයවීම අනාගත නායකයා හමුවේ ඇති ප‍්‍රබල අභියෝගයක් වනු ඇත.

:       0       1

thilakasri Monday, 12 August 2019 10:50 AM

දැන් ජනාධිපතිට බලය නැහැනේ.. ඉස්සර වගේ ඔය කියන දේවල් කරන්න. ඉතිරිව තියන බලයත් අහෝසිකරලා ජන්ධිපතිවරණයත් නැතිකරලා අගමැති විසින් පත්කරන නාමික ජනාධිපති කෙනෙක්නේ මීට පස්සේ එන්නේ... ඉතින් මේක කරන්න කියලා බලය ගත්තු ජනපතිවරු කාටත් බැරිවූ වැඩේ කරන්න හපන් වෙලා තියෙන්නේ රනිල් නේද? කොච්චර හරි මෛත්‍රී, මහින්ද ඇතුළු රනිල් විරෝධීන් එකතුවෙලා රනිල්ව 2018 ඔක්තොබෙර් 26 දින අගමැති කමින් පැන්නුවට පස්සේ මහාධිකරණ තීන්දුව අනුව 2018 දෙසැම්බර් 16 වැනිදා නැවත රනිල්ව අගමැති තනතුරට පත්කරනතුරු එයාලා ව්‍යවස්ථාව තේරුම් අරගෙන තිබුනේ නැතිබව රටම දැනගත්තා‍ පමණක් නොවෙයි, එයාලා 2015ට පෙරත් ව්‍යවස්ථාව තේරුම් නොගෙන කැලේ නීතිය රජකරවූ බව එයාලම ඔප්පු කළා. රාජ්‍යතන්ත්‍ර ඥානය කියන්නේ අප රටට බලපාන ලෝක බලවතුන්ගේ බලපෑමෙන් වියහැකි අයහපත වළක්වා යහපත උදාකර ගැනීමට අවශ්‍ය ක්‍රම සහ විධි සියුම්ව වටහාගැනීමට හැකි පළපුරුද්ද හා විෂය ඥාණයයි. රටේ ව්‍යවස්ථා වටහාගන්න බැරි අය ගැන කියනුම කවරේද? රනිල් නම් හරියට වටහාගෙන යමක් කරන බව පෙනුණා. මම බලාගන ඉන්නේ රනිල් ජනධිපතිවරණයට ගහන ගැටේ මොකක්ද කියලයි..? බලයට එන්න යන්නේ බලය නැති ජනපති කෙනෙක්. කයිවාරු ගැහැව්වට වැඩක් නැහැ.

:       0       102

Chanak los angelesMonday, 12 August 2019 08:35 PM

ඔබ හරි

:       0       1

Chanak los angeles Monday, 12 August 2019 05:18 PM

බමුණා කොටනවා කොට්ටෝරුවෙක් වගේ ,

:       0       1

BamunuarachchiWednesday, 14 August 2019 01:39 AM

කොටන්න ගත්තම ඒ කාලේ හතර වටේටම කෙටුවා. දැන් හොට මොට්ටයි එ්ත් කොටනවා.

:       1       0

Chanak los angelesWednesday, 14 August 2019 08:37 PM

මෝඩ විධියට කෙටුවාමයි මොට වෙන්නේ. අපි වගේ කොටන්න ඉගෙන ගන්න ඕනේ. දැක්ක නේද පස්ස දොරෙන් අගමැති පුටුවට පැන්න කෙනාට පුටුව දාලා දුවන තැනට වැඩසිද්ධවෙන්න කොටපු හැටි.

:       0       0

Bamunuarachchi Tuesday, 13 August 2019 12:57 PM

කියවපු අය 9665 ප්‍රතිචාර 122 යි... නරක නැහැ නේද?

:       1       0

isurandi Wednesday, 14 August 2019 11:43 AM

ඝෝඨා, සජිත්, රනිල්, මහින්ද මේ වචන ඇර වෙන ලස්සන වචන නැද්ද මේ රටේ..? මමත් කාලයක් කඩේ ගියා මෙවුන්ට රට ගැන හිතලා. නමුත් දැන් එය වෙනස් වුණා... මොවුන්ගේ බලු වැඩ නිසා. කවුරුහරි අහයි දැන් කාටද කඩේ යන්නේ කියලා... යනවා! හොඳ ඔලුවක් තියෙන රටට වැඩක් ඇති සිහින කුමරුවෙක් නොවෙන කෙනෙකුට. හිඟාකෑවත් බඩට වහල්වෙන්නේ නැහැ මැරෙන තුරාවට...

:       0       13

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 45 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 328 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1063 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2492 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1681 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 988 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1447 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site