IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පොලොන්නරුවෙන් ව්‍යාජ ඡන්ද පත‍්‍රිකා තොගයක්

ක.ග. කරුණාරත්න
 
පොලොන්නරුව කඳුරුවෙල ප‍්‍රධාන බස් නැවතුම්පල උඩුමහලේ පිහිටි වෙළඳ සංකීර්ණයෙහි පවත්වාගෙන ගිය මුද්‍රණාලයක නිල ඡන්ද පත‍්‍රිකා වලට සමාන ව්‍යාජ ඡන්ද පත‍්‍රිකා මුද්‍රණය කරමින් සිටියදි එම ව්‍යාජ ඡන්ද පත‍්‍රිකා තොගය සමඟ පුද්ගලයෙකු අද (09) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලීසිය කියයි.
 
වැටලීම සිදුකරන අවස්ථාවේ එම මුද්‍රණාලයේ  මුද්‍රණය කරමින් තිබී ඇත්තේ දිඹුලාගල ප‍්‍රාදේශිය සභාවේ නිල ඡන්ද පත‍්‍රිකා වලට සමාන ව්‍යාජ ඡන්ද පත‍්‍රිකා තොගයකි.එම ඡන්ද පත‍්‍රිකා වල අලියා ලකුණ ඉදිරයේ කතිරය සලකුණු කර තිබූ බවද පොලීසිය සඳහන් කරයි.
 
පොලොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ මැතිවරණ පැමිණිලි අංශයට ලැබුණු පැමිණිල්ලක් මත එහි විමර්ශණ නිලධාරීන් සමඟ පොළොන්නරුව පොලීසියේ  පොලිස් කණ්ඩායමක් එක්ව මෙම වැටලීම සිදුකර ඇත. ව්‍යාජ ඡන්ද පත‍්‍රිකා මුද්‍රණය කරමින් තිබූ මුද්‍රණ යන්ත‍්‍රය සහ පරිගණක යන්ත‍්‍රයද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
 
පොළොන්නරුව පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.



අදහස් (4)

පොලොන්නරුවෙන් ව්‍යාජ ඡන්ද පත‍්‍රිකා තොගයක්

Rasika Friday, 09 February 2018 12:45 PM

ඔන්න අායෙත් වැඩ පටන් අරන්. එජාප හැමදාම හොර ඡන්ද දාන එක ජයටම කළා. මේ සිරිසේන ජනදිපතිතුමාගේ බල ප්‍රදේශය නේද? මෙය බරපතල සිදුවීමක්... තව කොහෙන් හොරට දාලා ද දන්නේ නැහැ.

:       107       235

Darshana Friday, 09 February 2018 01:39 PM

ඔන්න ඉතින් යහපාලනයේ වැඩ..

:       23       175

SathyayaaSaturday, 10 February 2018 12:16 AM

මේක පුදුම කතාවක් නේ. යු එන් පී එක සොරුන්ට උදව් නොකලා නම් "යහපාලනය" කියන වචනය හරි රැක ගන්න තිබුනා.

:       0       0

Jayasinhe Friday, 09 February 2018 02:06 PM

ලොක්කාට පොළොන්නරුවත් නැතිවෙන සීන් එකක් තියෙන්නේ. මොනවා හරි කරන්නත් එපැයි.

:       334       306

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 842 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 298 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 360 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 313 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 492 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 4198 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site