IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


පොලිස් ඇමැති ලෙස ෆොන්සේකාගේ නම ජනපතිට යවයි

(අංජුල මහික වීරරත්න )
 
අගමැති යටතට පත්කර තිබෙන නීතිය හා සාමය කැබිනට් අමාත්‍ය ධූරය සඳහා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නම ජනපති වෙත යොමුකර ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

 
එක්සත් ජාතික පක්‍ෂය විසින් මෙම නම යෝජනා කර ඇත්තේ එජාපය සහ ශ්‍රීලනිපය අතර අවබෝධතා ගිවිසුමට අනුවයි.එම ගිවිසුමට අනුව නීතිය හා සාමය අමාත්‍යංශය එක්සත් ජාතික පක්ෂයට අයත් වෙයි.
 
සරත් ෆොන්සේකා මහතාගේ නම යෝජනා කලද එම පත් කිරීම කෙරෙන්නේ ජනපතිගේ ජපාන සංචාරයෙන් පසුව බව දැනගන්නට ඇත. ලබන 12 වැනි දා ජපානයට යන ජනපති නැවත ශ්‍රී ලංකාවට එන්නේ 15වැනිදාය.
 
පොලිස් දෙපාර්තමේන්තුව අයත් වන්නේ නීතිය හා සාමය අමාත්‍යංශයටය.



අදහස් (44)

පොලිස් ඇමැති ලෙස ෆොන්සේකාගේ නම ජනපතිට යවයි

Sujeewa sampath Monday, 05 March 2018 11:36 AM

හොඳයි එතුමාට දෙන්න ඒක

:       3953       6025

BamunuarachchiTuesday, 06 March 2018 11:12 AM

ඔන්න දැලි පිහිය දෙන්නයි හදන්නේ... වැරදි තැනට පිහිය තිබ්බොත් අලුත් විනාශයක් බලා ගන්න පුළුවන්...

:       531       53

Sampath kumara Monday, 05 March 2018 11:41 AM

හොඳ තීරණයක් ජය වේවා.!

:       2068       3070

Aluthgama A. Samathasena. Monday, 05 March 2018 11:47 AM

යුද්ධය වෙනත් හමුදාපති කෙනෙකුට නොදී තමන්ම ඉවරකරන බව කී ඔබතුමා එය අවසන් කොට පෙන්නුවා. සියලු හොරුන්වද අල්ලා ඔවුන්ගෙන්ද රට බේරා ගන්න. ජපන් සංචාරය වගේද මේ වැඩේ. මෙය ප්‍රමාද කිරීමෙන් යම් දෙයක් පැහැදිලි වෙනවා නේද?

:       1877       3083

SamanMonday, 05 March 2018 03:13 PM

සරත් ෆොන්සේකා හමුදාවට බැඳුනේ 2005 ද?

:       49       318

shan saudiMonday, 05 March 2018 04:08 PM

සමන් ගොන් කතා කියන එකේ සෙමාවක් තිය ගන්න ගොන් කම ප්‍රදර්ශනය කරන්න එපා

:       126       323

BamunuarachchiWednesday, 07 March 2018 12:18 AM

මෙතන සමන් ගේ තිබෙන ගොන්කම කුමක්ද? 2005 කලින් තුබුන ආණ්ඩුවලට සරත් පොන්සේකා හමුදාපති කොරලා යුද්දේ දිනන්න තිබුනානේ. ඇයි නොකළේ?

:       1       37

Ananda Monday, 05 March 2018 11:53 AM

ඇත්ත වශයෙන්ම මේ රටට අවශ්‍ය පුද්ගලයෙක්... සරත් ෆොන්සේකා මහත්තයා දේශපාලනයට හරියන්නේ නැහැ. හරි තැනට රට ගෙනියන්න නම් ඒ වගේ පුද්ගලයෙක් අවශ්‍යයි.

:       1723       1826

චමින්ද Monday, 05 March 2018 12:05 PM

නියම තීරණයක්

:       1336       1839

Prabath Monday, 05 March 2018 12:08 PM

එතුමාගෙන් වඩා හොඳ සේවයක් ගත හැකියි. යහපාලනයේ හොඳ තීරණයක්.

:       1616       2010

ජගත් ලියනගේ Monday, 05 March 2018 12:15 PM

බලමු , දැන්වත් (යහපාලනය ගේන්න අපිට පොරොන්දු වූ ) රාජපක්ෂ රෙජිමය කාලේ කරපු නීති විරෝධී කටයුතු කරපු අයට තියෙන නඩු ඉක්මනින් අසා දඬුවම් කරාවිඳ කියලා.

:       1345       1549

Prasad Monday, 05 March 2018 12:17 PM

යුද්ධය ඉවර කල ලෙසම, අපේ රට මානුෂිය ලෙස නීතිගරුක රටක් බවට පරිවර්තනය කර ගැනීමට ඔබට සියලු ශක්තිය ධෙර්යය ලැබේවා!

:       790       1597

සතයපාල Monday, 05 March 2018 12:25 PM

මේ පත්වීම ජනාධිපතිවරයා නොකලොහොත් ඒක ඔහුට පාරාවළල්ලක් බවට පත්වෙන අතර නැවත කවරදාකවත් හොරු ඇල්ලුවේ නැහැ කියලා එ.ජා.ප. චෝදනා කරන්න බැහැ.

:       526       1018

පිටිගල මිලානෝ Monday, 05 March 2018 12:30 PM

සරත් ෆොන්සේකා මැතිතුමාගෙන් දේශපාලකයකු ලෙස වැඩ කරවා ගැනීමට නම් මෙම තනතුර ඔහුට ඉතාමත් ගැලපේ. මේ පුවත කියවන හොරුන්ට මිනීමරුවන්ට බයේ මළපහ පිටවනවා නොඅනුමානය.

:       953       1623

Priyantha Monday, 05 March 2018 12:33 PM

ඉස්සෙලාම අල්ලන්න මහා බැංකු හොරු...

:       300       725

MuhanMonday, 05 March 2018 01:06 PM

මොන හොරා අල්ලනත් ඇමතිකම දෙන්න එපැය.

:       3       281

palitha Monday, 05 March 2018 12:49 PM

ඔය හැමෝම ප්‍රතිචාර දාන්නේ මේක හරියටම කියවලද? පේන්නැද්ද කියල තියෙනවා "මෙම නම යෝජනා කර ඇත්තේ එජාපය සහ ශ්‍රීලනිපය අතර අවබෝධතා ගිවිසුමට අනුවයි". ඉතින් මොකක්ද මේ කියන අවබෝධ තාවය.

:       146       48

ranjith Monday, 05 March 2018 01:09 PM

මේ රටේ අපරාධ වැඩිවෙමින් පවතිනවා තැන තැන දරුවෝ මරනවා කවදාවත් අහල නැති අපරාධ සිදුවෙනවා මේ තීරණය හොදයි එතුමා ක්‍රියාවෙන් පෙන්නොවොත් ආදර්ශයක් රටට යහපතක් වෙනවා නම් එක අපි කාගේත් බලාපොරොත්තුව

:       30       206

Chandra Monday, 05 March 2018 01:19 PM

පොදු අපේක්ක්ෂකයා ජනතාව වෙනුවෙන් එලියට බැස්සේ රටම හුරා කාපු හොරු අල්ලන්න. නමුත් යම් කිසි බලපැමකට යටත් වෙලා ඒක විහුලුවක් වුනා . එකයි මේ රටේ වුනු පසු බැසීම . තවත් කල් තියෙනව මහජනතාව මුලාවේ නොදා යුතුකම් ඉස්ට කරන්න . රට ගැන හිතමු .

:       39       245

ravi Monday, 05 March 2018 01:30 PM

නියමයි ! ඕක මුලින්ම (2015 දී ) කලානම් යු එන පි එකට හෝ ශ්‍රී ල නි ප ට මේ මැතිවරණ ප්‍රතිපල අත්වෙන්නේ නැහැ. කමක් නැහැ දැන් හරි පත් කරලා යහපාලන පොරොන්දු ඉටු කරමු. නැත්නම් ඉතින් 2020 කොම උනත් ඊලග පළාත් සභා ඡන්දෙදිත් දෙගොල්ලන්ටම ඔයිට වඩා කන්න වෙනවා.

:       58       562

Buddika Monday, 05 March 2018 01:50 PM

නියම සුදුස්සාට මෙය දීම ඉතාමත් කාලෝචිත පියවරක්.

:       66       305

කරුණාපාල Monday, 05 March 2018 01:52 PM

"අවබෝධතා ගිවිසුම අනුව නීතිය හා සාමය ඇමතිධුරය එක්සත් ජාතික පක්ෂයට හිමි හෙයින්" ඒ සඳහා සරත් ෆොන්සේකාගේ නම එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනාවී තිබීම ගැන මේ රටේ නීතිගරුක, යුක්ති ගරුක පුරවැසියන් සතුටු වෙනවා මෙන්ම හදවතින්ම ඒ යෝජනාව අනුමත කරන අතර, සමහර තක්කඩින් ගේ ඉහමොළ, දැනටමත් රත්වී, මොලේද, කොලොප්පන්වී, තිබෙන බව, "පාලිත" මහතා පල කල තිබෙන අදහසින්ම පැහැදිලියි.

:       634       1141

pavithra Monday, 05 March 2018 02:26 PM

මේ තීරණය ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි. එ්ත් ජනපතිට එතරම් හිතේ හයියක් තියෙනවද? කියන එක ප්‍රශ්නයක්... මට මතකයි බණ්ඩාරනායක අගමැතිතුමා අකුරටම ප්‍රජාතන්තවාදය ක්‍රියාත්මක කරන්න දඟලපු දැඟලිල්ල. එ්ක හරියට රිළවුන්ට දැලි පිහිය දුන්නා වගේ වුණා. අන්තිමටම පිලිප් උන්නැහේ සහ හාමුදුරුවරු කීපදෙනෙක් එතුමාට දස වද දුන්නා. හිතේ හැටියට කිසිම දෙයක් ක්‍රියාත්මක කරන්න ඉඩක් දුන්නේම නැහැ. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය එහෙමයි. දැනුත් වෙන්නේ එ්කම නේද?

:       3       104

Thilina Monday, 05 March 2018 02:28 PM

මෙතන ප්‍රතිචාර දක්වන උදවියට අමතක වෙලා ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් මෙතුමාට චෝදනා තිබෙන බවත් එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, මෙතුමාගේ නම සඳහන් කල ප්‍රකාශය හැන්සාඩ් ගත වෙලා තියෙන බවත්.. බෑණාගේ සමාගමෙන් ආයුධ ගෙන්වීම තවත් චෝදනාවක්..

:       769       459

SamanMonday, 05 March 2018 03:50 PM

මේ ප්‍රකාශය ගෝඨාගේ නිවේදනයේත් තිබුණා. රනිල් කියන්නේ තවත් පුද්ගලයෙක් විතරයි. ඒ අයට රනිල් කියපු හැම දෙයක්ම බොරු... නමුත් මේක ඇත්ත.

:       15       105

Palitha Monday, 05 March 2018 02:54 PM

කරුණාපාල මහත්තයෝ, මම කිව්වෙත් ඔය අවබෝධතා ගිවිසුම කියන්නේ තවත් හොරු බේරන සැලසුමක්.. දෙන්න ඕනෑනම් දුන්නම ඉවරයිනේ... මොකටද ගිවිසුම්.. ඒ නිසා ටිකක් හොයලා බලලා කතා කරන්න.

:       41       0

කරුණාපාලMonday, 05 March 2018 04:36 PM

පාලිත මහත්තයෝ, මෙතන අවබෝධතා ගිවිසුම කියන්නේ මේ ආණ්ඩු කරන ප්‍රධාන පක්ෂ දෙක අතර රජය කරගෙන යාමට ඇති කර ගත් ගිවිසුමයි. ඒ අනුව, විවිධ අමති ධුර බෙදීම පිලිබදව ඇතිකරගෙන තිබෙන එකඟ තාවයයි .එහෙම නැතිව මේ "නීතිය හා සාමය ඇමති ධුරය" පිළිබද ඇතිකර ගත් අමුතු ගිවිසුමක් නොවෙයි? ඔබ තුමා, කලබලේට මේ පටලවගෙනද? එහෙම නැත්නම්, සිංහල නොතෙරෙනකමට පටලවගෙනද කියලයි මම මේ කල්පනා කලේ?

:       4       84

suneth Monday, 05 March 2018 03:08 PM

ගැලවීමේ හමුදාවටත් සුදුසු නැහැයි කියපු කෙනා.. දැන් සමහරුන්ට වීරයෙක් වෙලා..

:       381       412

sisiraTuesday, 06 March 2018 08:27 AM

2020 ආණ්ඩුව පෙරලන බව දැනගෙන මෙයාව අයේ බිල්ලට දෙන්න හදන්නේ...... ලැබුණ වගේ ඇමතිකම හම්බවුනාම හිතන්නේ ජීවිත කාලෙටම ඇමතිකම තියෙයි කියලා පව්..................

:       112       53

Ajith Monday, 05 March 2018 03:11 PM

බයවෙන්න දෙයක් නැහැ. බෝම්බයක් දාලා හරි ඇතුළට දාලා දේවි...!!!

:       22       36

Ajith Nissanka Monday, 05 March 2018 03:11 PM

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් මෙතුමාට පමණක් නොව 2020 දී ජනාධිපතිවරණයට ඉල්ලන්න හදන ගොඨාභය මහතාටද තිබෙන චෝදනාවක්! එතුමාට එතරම් බරපතල චෝදනා තිබියදී රටේ ඉහළම තනතුරට ඉල්ලන්න පුලුවන් නම් මෙතුමාට මෙම තනතුර ගන්න බැරි ඇයි?

:       133       326

BamunuarachchiTuesday, 06 March 2018 11:15 AM

එයා නැතිනම් මෙයා කොහෙද? එයා නිසා තමයි ජනතාව මෙයාව දැනගත්තේ.

:       1       86

බුද්දික Monday, 05 March 2018 03:18 PM

ඔය පාලකයො දෙන්නා ඉතින් ඔය අන්තිම අවුරුදු 2 යහතින් පාලනය කරන්නකෝ... කොහොමත් ආයිත් නම් ඡන්දයක් ආවොත් ඉතින් සොරි තමයි. අල්ලපු හොරුත් නැහැ. බෙරේ පලුවකුත් නැහැ. ඔය ටයි කෝට් දාගෙන ඒසී කාමර වල හිටියට වැඩක් නැහැ. සාමාන්‍ය මිනිසුන්ගේ හද ගැස්ම අඳුරන්නේ නැත්නම්, වෙලා තිබුණොත් ඔන්ලයින් ගිහිල්ලා කමෙන්ට්ස් හරි කියවලා බලන්න. එතකොට තේරෙයි මිනිසුන්ගේ හද ගැස්ම... දැන්වත් දුන් පොරොන්දු ඉටු කරන්න.. නැත්නම් අතට දුන්නු දෙයක් කටට දාගන්න බැරිවේවි. අපි අපේ රටට ආදරෙයි.. අනාගතයට සුන්දර ශ්‍රී ලංකාවක් අපේ පරම්පරාවට උරුම කරමු. නැත්නම් අපි වගේ අවාසනාවන්ත රටක් මේ ලෝකේ කොහෙවත් නැතවෙයි. දූෂණය නැති කරන්න හොඳම කෙනා තම හිටපු හමුදාපති. ජය ශ්‍රී ලංකා මාතා !!!

:       165       133

channa Monday, 05 March 2018 03:22 PM

ඉතාමත් හොඳ තීරණයක්...

:       15       209

කනිෂ්ක Monday, 05 March 2018 03:38 PM

ෆොන්සේකා මහතා පොලිස් ඇමති කිරීම ඉතා කල්පනාකාරීව සහ හොඳ විමර්ශනයකින් පසුව අනුමත කළයුතු දෙයකි. කලින් සිටි විපක්ෂ නායකතුමා දැන් රටේ අගමැති වේ. එ්ත් එතුමා එකල ෆොන්සේකා මහතා ගැන කළ චෝදනාව පහසුවෙන් ඉවතලිය නොහැක. තවද තවමත් ඇමෙරිකාවට හෝ යුරෝපයට යාමට ෆොන්සේකා මහතාට ඇතැම් කාරණා මුල් කරගෙන වීසා ලබා නොදේ. ඉතින් පොලිස් ඇමති කෙනෙක්ව පත්කළ යුත්තේ ගැලරියට විසිල් ගැසීමට නොවේ.

:       104       1

Sahan Monday, 05 March 2018 03:44 PM

අපිට නම් පේන්නෙ හෙට විශ්වාස භංගෙ ගැන තරු පෙනිලා වගේ..

:       107       24

kumara Monday, 05 March 2018 03:47 PM

බලමු මෙයාටවත් ආණ්ඩුව ගොඩගන්න පුළුවන්ද කියලා.

:       104       19

Saman Monday, 05 March 2018 03:53 PM

මේ සැරෙත් මෛත්‍රි, ෆොන්සේකාව පත් නොකළොත් රනිල්ට තියෙන්නේ එයාව උප ඇමති කරලා වගකීම එයාට බාර දෙනඑකනේ. එතකොට දෙන්නම ගොඩ....

:       18       107

Shan Tuesday, 06 March 2018 07:26 AM

ඉතාමත් කාලෝචිත තීරයනක්. ජනාධිපති මේක අනුමත කරන්න මාස කීයක් ගනීද දන්නේ නෑ? මහින්ද ගෙන් අහන්න ඕනෙද දන්නෙත් නෑනේ.

:       1       207

Liyanage Tuesday, 06 March 2018 08:25 AM

වඳුරට කඩුව දුන්න වගේ තමා. ජනවරමක් නැත.......පින් ඇමතිලා තියෙන ඡන්ද ටිකත් නැතිවෙන තැනක්.............

:       106       29

SARATH Tuesday, 06 March 2018 08:48 AM

ගරු ජනාධිපති තුමනි ඔබතුමා වේදිකාවල කිව්වා අපි දැක්කා අගමැති තුමාගෙන් වුදවූ ඉල්ලුවා නිතිය ක්‍රියාත්මක කරන්න .. ඔන්න අවස්ථාව සරත් පොන්සේකා මහතා නම්කර ඇත . ජපන් යන්න කලින් පත්කරන්න ...

:       1       210

DISSANAYAKA Tuesday, 06 March 2018 11:07 AM

වැරදි වැඩ කරන්න ඇති. නැත්නම් මොකටද බය වෙන්නේ..?

:       0       114

ROHAN DAYADARA PARIS Wednesday, 07 March 2018 03:24 AM

නිතිය හා සාමය ඇමති කමට එකම සුදුස්සා සරත් පොන්සේකා මහතා බව අද රටම පිළිගෙන හමාරයි වසර 30 ක යුද්ධය නිනාකල මේ රණවිරුවා ...අප පින්බිමේ පිතෘ බුමියේ සාමය මාස 6 කින් ඇතිකරන බව රටවැසියන් දැඩිව විස්වාස කරනවා ....ගරු ජනාධිපති තුමනි ..ගරු අගමැති තිමානි මේ සුවර්ණමර අවස්තාව මග නොහරින්න . දැන් මේ රටේ මිනිස්සු නිතිය අතට අරගෙන සමහර දේශ පාලුවෝ ජනතාව පොලොබවනවා නීතිවිරෝදී කලහා කාරකම් ගිනිතැබීම් විරෝධතා දේපල හානි මිනි මැරුම් වැනි ප්‍රචන්ඩ ක්‍රියා වලට ..මේ බයානකත්වය වැඩිවෙන්න ඉඩ දෙනවද ? පාලනය කරනවද ? විසදුම සරත් පොන්සේකා මහතා බව කරුණාවෙන් සලකන්න ...

:       30       999

Sanju Thursday, 08 March 2018 01:28 AM

මේ දේශපාලන හොරෙක් තමා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 86 0

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 137 1

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රිලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 959 4

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 668 3

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


ඉරානයට තව සමීප වෙනවා
2024 අප්‍රේල් මස 24 1292 4

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප


සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 283 4

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1663 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1524 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site