IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


පොලිස්පතිවරයා - ආරක්‍ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගන්නැයි ජනපතිට ලිපියක්

(නාලක සංජීව දහනායක)

කොළඹ නගරය ඇතුළු දිවයිනේ ස්ථාන කිහිපයකට බෝම්බ ප‍්‍රහාර එල්ලවිය හැකි බවට බුද්ධි අංශ විසින් තොරතුරු ලබාදී තිබියදීත් ඒ සම්බන්දයෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා දැනුවත් නොකිරීම සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර හා ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු යන මහත්වරුන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින්  පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයාට අද (24) ලිපියක් යොමුකර ඇත.

මෙම ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය 4 වැනිදා සිට බුද්ධි අංශ විසින් තොරතුරු ලබාදී තිබුණද ඒ පිළිබඳව තැකීමක් නොකළ පොලිස්පතිවරයා හා ආරක්‍ෂක ලේකම්වරයා දණ්ඩනීති සංග‍්‍රහයේ 296 හා 297 වගන්ති අනුව අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 21 වැනි වගන්තිය යටතේ සාපරාධි අපරාධයක් සිදුකර ඇති බවද මන්ත‍්‍රීවරයා එම ලිපියේ සඳහන් කර තිබේ.

ඒ අනුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගෙන වහාම නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා අදාළ ලිපිය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

 

 



අදහස් (14)

පොලිස්පතිවරයා - ආරක්‍ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගන්නැයි ජනපතිට ලිපියක්

Raveendra Wednesday, 24 April 2019 03:18 PM

අපි නම් හිතුවේ මේ වෙනකොටත් අපේ බදු මුදල් වලින් වැටුප් ලබන මෙම මහජන සේවකයන් දෙදෙනාවම අත්අඩංගුවට අරගෙන ඇති කියලා.. බැලුවම තාම තෙපරබානවා... මොකද තමන්ගේ මව්බිමේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී නොසිටීම, මහජනතාවගේ ජීවිත විනාශ කිරීමට අන්‍යාකාරයෙන් උදව් කිරීම නොහොත් අනියම් මිනීමැරීම්වලට සම්බන්ධවීම සහ තමන් උපන් මව්බිමට ද්‍රෝහිවීම නොහොත් දේශද්‍රෝහීන්වීම යන වැරදි කිරීම හේතුවෙන් මේ වනවිටත් මේ ගොයියෝ දෙන්නා කල්දේරම් බත් වේලක් වත් භුක්ති විඳින්න ඕනේ..

:       44       641

කසුන්Wednesday, 24 April 2019 04:42 PM

ගනියි...ගනියි... මේක අර අඹ ගෙඩියක හැඩය ගත්තු ලංකාවනේ...!!

:       0       0

chathuri Wednesday, 24 April 2019 04:05 PM

දැන් යවපු ලිපිය. තම අතට නොලැබුන බව අනිවාර්යෙන් කියනවා ඊට වැඩිය නරකද මොවුන් දෙදෙනා පළමුව අත්අඩංගුවට ගෙන පසුව දැනුම්දෙනවා අවශ්‍ය නම් , මේ වෙලාවේ සිදු වෙන්න ඕන නීතියට පටහැනිව නැතිව කාටත් ඕනවිදියට නෙමෙයි , නැවක කපිතාන් වරයෙකු මගින් ගෙන යනකොට ගිලෙන්න යනකොට ඔහු පළමුවෙන් ගොඩට ආවා ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කෙරුවා , එහෙම බලනකොට එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න

:       0       0

Bamunuarachchi Wednesday, 24 April 2019 04:43 PM

හලෝ තනතුරු දෙද්දී ඊට නුසුදුසු පුද්ගලයින් පත්කර වැඩේ හරියට කරගන්න බැරි වුණාම ඔවුන්ට දඬුවම් කිරීම අසාධාරණයි නේද? එක්වරක් ආරක්ෂක ලේකම් වුනේ පන්තියේ යහළුවෙක්. එයා ජල සම්පාදන ජලප්‍රවාහන මණ්ඩලයේ හිටපු සභාපති... තනතුරු 2 අංශක 180 වෙනස්...

:       0       0

rasika Wednesday, 24 April 2019 05:05 PM

ඔවුන් පමණක් නෙමේ, අගමැති සහ ජනපතිත් ඉල්ලා අස්වෙන්න ඕනේ.. මොකද හරීන් ප්‍රනාන්දු කියන විදියට ඔවුන් මේක කල් තියා දැනන් හිටිය.. අගමැති දැනන් හිටියේ නැහැ කියන්න බැහැනේ.. ලෙඩ ඇඳේ ඉන්න හරීන්ගේ තාත්තත් දන්නවා නම්.. ඒ වගේම මේ බෝම්බකරුවන් බුදු පිළිම කඩපු වෙලාවේ අත්අඩංගුවට අරන් තියෙනවා.. ඔවුන්ව නිදහස් කරන්න කියලා දේශපාලනික වශයෙන් බලපෑම් කරපු දේශපලකයාව අත්අඩංගුවට ගන්න වහාම.. ඒ වගේම මේ මුස්ලිම් අන්තවාදයට උදව් කරපු සියලුම දේශපාලකයින්ව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන්න..

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 24 April 2019 05:27 PM

මා වසන ඉතාලියේ නම් මේ දෙදෙනාට දැනටමත් මිනීමැරුම් චෝදනා මත අත්අඩංගුවට අරන්...

:       0       0

rohan Wednesday, 24 April 2019 08:24 PM

පොලිස්පති තුමා මේ කාරණාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති. බස්නාහිර පළාත් භාරව ඉන්න කෙනාට හා අදාළ අනිකුත් නිලධාරීන්ට නියෝග ලබාදී ඇති බව විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය තුළින් දුටුවා. එ්ක එහෙම නම් අැයි මේ හොඳ බෞද්ධ සිංහල මහත්තයෙක්යැ මෙහෙම ලියන්නේ ...?

:       0       0

ජයලත් Wednesday, 24 April 2019 09:35 PM

අනේ අපේ ලොක්කට කොන්දක් තියනවනම් මුන් දෙන්නා ඇත අඩංගුවට ගන්න ???

:       0       0

Jayayal dissanayaka Thursday, 25 April 2019 02:05 AM

හරියට රාජකාරිය කරන්න ඉඩදීලා දේශපාලකයෝ ටික පැත්තකටවෙලා ඉන්න........ සේරටම කලින් මේවා දැනගෙන නොදන්නවා වගේ හිටපු පිරිස හිරේ දාන්න...

:       11       27

Darshana Thursday, 25 April 2019 03:37 AM

කරනවානම් හොද වැඩක් ......

:       8       1

Chandima Thursday, 25 April 2019 05:44 AM

පොලිස්පතිටනම් තව වැරදීමක් වුණා කියලවත් කියන්න පුළුවන්. මොකද ඔහු පහළ නිලධාරීන්ට ලියුම් හරි යවල තිබුණ. එත් අර අනිත් හාදයනම් ගන්නම දෙයක් නැහැ.

:       0       11

indika Thursday, 25 April 2019 08:55 AM

කවදාවත් වෙයි කියල හිතාගන්න බෑ....

:       0       0

kamil Thursday, 25 April 2019 10:02 AM

පොලිස්පතිට රාජකාරි නිවැරදිව කරන්න කීප විටන් ඉඩ දුන්නේ නෑ...... අපි ඒ සියල්ල දුටුවා දේශපාලකයෝ තමයි මේ සියල්ලට වගකිව යුත්තේ රාජ්‍ය නිලධාරින් මේවට පාලි නැ..

:       0       0

kamil Friday, 26 April 2019 07:48 AM

පොලිස්පති එයාගේ රාජකාරිය ඉටුකරලා තියෙන්නේ .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 95 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 250 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 650 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 926 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 339 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 167 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site